Pages

Friday, July 9, 2010

නුඹ කවුද ?

ගිම්හානය අග
ගස අතැර යන මල් දැක
නුඹ මලක් කියා
නුඹට නිගා දෙනු කෙලෙසද..
රැස් විහිදෙන සඳ මඩලම
අමාවකට අහස අතැර
යන බව දැක දැක
නුඹ සඳක් කියා
නුඹට නිගා දෙනු කෙලෙසද..
මගේ කඳුළු නුඹ අරගෙන
මා මුව හසරැළි නංවන
නුඹ කවුද කියා
කවදාවත් නොකියනු මැන....

2 comments:

  1. හිතට දැනෙන කවි පදවැල් වැඩි වැඩියෙන් අමුණන්නට
    දිරි දෙන්නම් මමත් ඔබට

    සුබ පැතුම් සහෝදරී .....!

    ReplyDelete
  2. ගොඩක් දේවල් නොකියන තරමට හොදයි අක්කා. කිව්වම හිතට මදි. ඒ නිසා නොකියා හිත තුලම හිර කරගෙන ඉන්න එක හොදයි.

    ReplyDelete