පිණිබිඳු...
විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
Pages
(Move to ...)
Home
▼
Tuesday, October 26, 2010
සෙනෙහස
සමන් මලක සුවඳ අරන්
ඒ සුවඳින් පාට අරන්
පිණි බිඳුවෙන් සිසිල අරන්
ගෙත්තම් කරනට ඔය සිත
මම එන්නම් අරුණ මැදින්
සාපය
වියැකෙමින්
මතුවෙමින්
දුකම මා
වැනසූ කල
මරණයට හඬ ගසා
දෙනෙත් පියා ගන්නවා හැර
මන්දස්මිත් වැගිරෙන
දෑසකට
කුමට නම් තව
කවි ගොතන්නද.....
Wednesday, October 20, 2010
කඳුළ සහ නුඹ
නෙතු කෙමි
බොඳ කරන
උණු කඳුළ නොවී
ඒ කඳුළ
නිවාදමන
ඇහිපියක් වෙයන්
සබඳ...
Wednesday, October 6, 2010
තහංචි
කාසි කටු
මල් පඳුරු වල
හිරවුණු
අපේ ප්‍රේමයට
නිදහසේ
ඉගිලෙන්න
කොයින්ද ඉතින්
අත්තටු..
‹
›
Home
View web version