Pages

Wednesday, December 29, 2010

අකේලේ හම් (තනියම මම)


මගේ තනියට
ළඟින් ඉන්නට
නුඹට නොහැකිව
පලා යන සඳ
නෙතු කෙවෙණි අග
බොඳ කරන් සිටි
කඳුළු බිඳු
මගෙ තනිය මැකුවේ..

හුදකලාවම ස්වර්ගයක් කර
මගේ සිහිනය
තනිව තැනුවෙමි

නුඹම ඇවිදින්
මසිත් අහසේ
තරු පළඳතැයි
බලා සිටියෙමි..

2 comments:

  1. ම්..........ලස්සනට පද එකතු කරල තියනවා.

    ReplyDelete
  2. "හුදකලාවම ස්වර්ගයක් කර
    මගේ සිහිනය
    තනිව තැනුවෙමි"

    මේකනම් මාරම විදිහට දැනෙනවා....

    ReplyDelete