Pages

Monday, May 31, 2010

අහස් ගැබ

නිදි වරව රෑ මැදියමේ නුඹ
තරු පොකුරු මල් පොපියවන්නී
සඳ කැළුම් මේඝයන් සැම හට
නවාතැන් පොළ සදා දෙන්නී
සිතින් නුඹ කප්පරක් දුක් විඳ
නෙතු කෙවෙනි අග බොඳ කරන්නී
මගේ මව මෙන් සියලු දුක් ගිනි
සදා කල්හිම ඉවසගන්නී......

1 comment:

  1. අහසක් කියන්නේ කොච්චර නම් දුකක් උහුලන කෙනෙක් ද !!!! ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete