හිත් අග්ගිස්සට වෙලා
වරුවක් තිස්සෙ දඟ කරන
මගේ දඟ මල්ල
දන්නවද නුඹ
කිසිම කිසි දෙයක්
ශේෂ නොවුණු මගේ හිත
එකත්පස් කළ
පිරිත් පැන් පොද
නුඹ වග,
දන්නවද
ඇස් පුංචි කරගෙන
ඔහොම හිනාවෙන කොට
නුඹේ හිතේ හෙවනැල්ල ළඟ
දැවටෙන මගේ ජීවිතයම
නිවී සැනහෙන වග,
ආදරේ වැහි වස්සමින්
හිත ළඟින් හෙලවෙන්නෙ නැතුව
මේ හිතේ තනිකමට
තනි රකින ඔය මතකය
පන්සලක් තරමට
මාව සනසන වග
දන්නවද නුඹ.....
nice thinking i have Copy & past this part මේ හිතේ තනිකමට
ReplyDeleteතනි රකින ඔය මතකය
පන්සලක් තරමට
මාව සනසන වග
දන්නවද නුඹ.... for my hny f.b wall (All Rights received to you pinibidu thanx again)
පන්සලක් වගේ පින්බර ආදරයක් ලබන්න පිණිබිඳු ගොඩක් පින් කරලා තියෙනවා.
ReplyDelete