මම කාලයක් කුරුණෑගල බෝඩිමක නැවතිලා හිටියා දෙවෙනි පාර උසස් පෙළ කරන්න ක්ලාස් යන්න. ඒ අවුරුද්දක විතර කාලය මගේ ජීවිතයට හුඟක් අත්දැකීම් එක් කලා. ඉස් ඉස්සෙල්ලම ගෙදරින් පිට බෝඩිමක කියල මම හිටියෙ එහෙ. මාත් එක්ක බෝඩිං කාමරේ හිටියෙ දුලා කියල මාත් එක්ක එක පන්තියෙ හිටපු යාලුවෙක්.
මුලින්ම බෝඩිම නුහුරු උනාට ටික කාලයක් යද්දි අපි බෝඩිමට, ඒ ගෙදර අයට කිට්ටු උනා. ඒ ගෙදර එච්චර ලොකු වත්තක තිබුණු එකක් නෙමෙයි. දන්නවනෙ ඉතින් නගරබද එකිනෙකට ලංවූ පුංචි ඉඩම්. මේ ගෙදරට එහා ගෙදර ජීවත් උනේ මුස්ලිම් පවුලක්. ඇත්තටම පවුලක් කිව්වට එහෙ පරම්පරාවක්ම හිටියා. පුංචි පුංචි ඇච්චො බැච්චො ගොඩකුයි, කොල්ලො දෙන්නෙකුයි, කෙල්ලො ටිකකුයි, වැඩිහිටි ගැහැණු සහ පිරිමි කිහිප දෙනෙක් ඒ ගෙදර හිටියා. මේ අය අතරින් අපේ අවධානය යොමු උනේ කොල්ලො දෙන්නට කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?
හිටපු ගමන් ඒ ගෙදර වලිත් යනවා ඇහෙනවා. මායි දුලයි කරන්නෙ අපේ කාමරේ ඇඳට නැගල ලැටිස් අස්සෙන් එහා ගෙදර වෙන වලි එහෙම බලාගෙන ඉන්න එක තමයි. දන්නව දන්නව. වැරදියි තමා අනුන්ගෙ දේවල් හොයන එක. මොනා කරන්නද අප්පා. උපතින් ගෙනාපු හැකියාවනේ.
ඉතින් අපේ කාමරේ තිබුනෙ එයාලගෙ වත්තයි, බෝඩිමේ වත්තයි වෙන් කරපු තාප්පෙ ලඟමයි. ඒ තාප්පෙ අයිනෙන් කොහිල වවපු කාණුවක් තිබුනා. එක දවසක් එලිය බලද්දි මේ කොහිල ගස් අස්සෙ කඩදාසි කොල වගයක් තියෙනවා දැක්කා.
ඉතින් අපේ කාමරේ තිබුනෙ එයාලගෙ වත්තයි, බෝඩිමේ වත්තයි වෙන් කරපු තාප්පෙ ලඟමයි. ඒ තාප්පෙ අයිනෙන් කොහිල වවපු කාණුවක් තිබුනා. එක දවසක් එලිය බලද්දි මේ කොහිල ගස් අස්සෙ කඩදාසි කොල වගයක් තියෙනවා දැක්කා.
අපිටත් නිකන් ඉන්න බෑනෙ. ගෙදර වැඩට හිටපු අක්කවත් අඬගහගෙන අතෙන්ට ගිහින් කොල ටික ඇහිලුවා. අප්පේ කොහිල ගාල අස්සෙ කොල අහුලන්න දීපු ගේමක්. ඒවා බැලූ බැල්මට ලියුම් වගේ තමා දැක්කේ. බාගෙට පිච්චිලත් තිබුනා. එදා බෝඩිමේ ඇන්ටිත් ගෙදර නැති දවසක්. අපි කරපු වැඩේ ඒවා එකින් එක දිග ඇරලා සිමෙන්ති පඩිය උඩ වේලෙන්න තිබ්බා. ඔන්න ඉතින් ඊට පස්සෙ තමා ලියුම් එක එක කියවන්න ගත්තෙ. මේ පැත්තට විසිකරන්න හොඳ නම් කියෙව්වම මොකද.
ඒවා එහා ගෙදර මුස්ලිම් කොල්ලෙක්ට අයිති ලියුම් වගයක්. ඌ ලියපුවා සහ එක එක කෙල්ලො ඌට ලියපුවා. අපි එදා උදේ වරුවම කරේ ඒ ලියුම් කියවපු එක. ලැජ්ජාවෙ පණ යනවා සමහර ලියුම් කියවද්දි. සිංහලෙන් ඉංග්‍රීසියෙන් වගේම දෙමලෙනුත් ලියපු ලියුම් තිබ්බා. අනිත් සමහර ලියුම් කියවල අපි බඩ පැලෙන්න හිනා උනා. කෙල්ලන්ගෙ හීන බලාපොරොත්තු ගැන කියවද්දි නම් පව් කියලත් හිතුනා.
කොහොම හරි ලියුම් ටික වීරයො වගේ කියෙව්ව වගේ නෙමෙයි පස්සෙ හරි බය හිතුනා මේව ලඟ තියාගන්න. දන්නවනෙ ඒ වයසෙදි කොල්ලෙක්ගෙ ලියුමක් ලඟ තියෙනව කියන්නෙ මරණීය දණ්ඩනය පවා ලැබිය හැකි වැරැද්දක් නෙව. එහා ගෙදර මුස්ලිම් කොල්ලත් ඒ හන්ද වෙන්න ඇති ඒවා ලඟ තියගන්න බයට පුච්චල මේ පැත්තට දාන්න ඇත්තෙ.
ඌ දන්නෙ නැතුව ඇති මේ පැත්තෙ වතුර පිරිච්ච කොහිල වලක් තියෙන්නෙ කියලා. පිච්චෙන ලියුම් මේ පැත්තට දැම්මට වතුර හින්ද ඒවා බාගෙට පිච්චිලා නිවිලා තිබුණා.
ඉතිං දුලාවත්, ගෙදර වැඩට හිටපු අක්කවත්, මං වත් කැමති උනේ නෑ මේ ලියුම් ටික ලඟ තියාගන්න. නැති ලෙඩ මොකට දා ගන්නවද. ලියුම් ටික බෝඩිමේ ඇන්ටිට දෙන්නත් බෑ අපි කියෙව්වා කියලා අහු වෙනවා. ඉතිං අපි මොකද දන්නවද කලේ. අර කොල්ල ලියුම් දාල තිබ්බ තැනින්ම තාප්පෙන් එහා පැත්තට අපි ලියුම් ටික ආපහු විසි කරා. පව් තමා ඉතිං.
හවස් වරුවෙම අපි එහා පැත්තට කණ දාගෙන හිටියා. සද්දයක් නෑ. හුඟ වෙලාවක් ගියාට පස්සෙ ඒ පැත්තෙන් බෝම්බ පුපුරනව වගේ ගෑණු කෙනෙක් බනින සද්දයක් ඇහෙනවා. මායි දුලයි දුවගෙන ගිහින් ඇඳට නැගලා ලැටිස් අස්සෙන් එහා පැත්ත බැලුවා. මුළු පරම්පරාවම එලියට බැහැලා. අර කොල්ලො දෙන්නගෙන් එකෙක්ව වට කරගෙන පලු යන්න බනිනවා. අපි දාපු ලියුම් ටිකද කොහෙද කීප දෙනෙක්ගෙ අත් වල තියෙනවා පේනවා. කොල්ලට ඇඬෙන්න වගේ. මූණ කජු ලෙල්ලක් වෙලා. ඌ කල්පනා කරනවා ඇති එහා පැත්තට දාපු ලියුම් ටික අහු උනේ කොහොමද කියලා.
ඌ කීයටවත් හිතන්න නැතුව ඇති මේක අපි කරපු වැඩක් කියලා. දන්නවනම් කුරුණෑගල ඉඳිල්ලත් හමාරයි. සිද්දිය වෙලා අවුරුදු 5කටත් වඩා උනාට අදටත් දුලා හම්බුනාම ඕක මතක් කරලා හිනා වෙනවා.
මොනා උනත්, අමතක නොවෙන මතක ගොඩාරියක් කුරුණෑගලින් පටන් ගත්තු බෝඩිං ජීවිතේ එක්ක තියෙනවා.
මොනා උනත්, අමතක නොවෙන මතක ගොඩාරියක් කුරුණෑගලින් පටන් ගත්තු බෝඩිං ජීවිතේ එක්ක තියෙනවා.
අනේ මන්ද මේ කෙල්ලො දෙන්න
ReplyDeleteබුදු අම්මෝ. උඹේ අසල්වැසියොන්ට නං දෙයියන්ගෙම පිහිටයි නඟේ. මොනවා උනත් පට්ට කතාව. හෙහ්..හෙහ්..
ReplyDeleteඅර කොලුවා මුස්ලිම් හින්දා " කිඹුලා කනවා ඉවසියෑකි, කොහිල කටු ඇනෙන එක තමා ඉවසන්න බැරි" කතාව අහලා නැතිව ඇති, මයෙ හිතේ.
මේ කෙල්ලන්ටත් ඕනෙ නැති ඉලව්වක් නෑනෙ. බොහොම අමාරුවෙන් කොහිල ගාලක් අස්සෙ රිංගල අරූට තඩි ගිණිගෙඩියක් දීපි. පව් දෙයියිනේ මේකිගෙ අසල් වාසී කොල්ලො. අනේ දෙයියනේ මේ පෝස්ට් එක අර කොල්ල වැරදිලාහරි කියවපිනං. :) :)
ReplyDeleteමේකෙ වර්ඩ් වෙරිෆිකේෂන් නැති උනානම් වර්ඩ්ප්‍රෙස් වලින් කොටන අපිටත් ලේසි වෙයි කමෙන්ට් එකක් දාල යන්න.
ReplyDelete@ Hishan Melanga,
ReplyDeleteකෙල්ලො කිව්වට කොල්ලොත් ඔහොම තමා නේද
@ Siribiris,
අපි එහෙන් යනකල්ම බයේ හිටියෙ ඒ කොල්ල ඒක දැනගෙන ඇති කියලා
@ nawammawatha,
ඒ කාලෙ ජොලියට කරාට පස්සෙ හිතුන ඉතින් වැරැද්දක් තමා කරේ කියලා. ඔන්න වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරා.
අපොයි අසරන කොල්ලෙක්ට කල හදිහක් ...කෙල්ලෝ කියන නමටත් දැං මට බය හිතෙනවා ..
ReplyDeleteහැබැයි වැඩේ එල ....ඒ කොල්ල කනාවටවත් බ්ලොග් කියවනවද දන්නේනෑ ...නෑ පොරට සිංහල බැරුව ඇති
තව නැද්ද මේවගේ ෆන් වැඩ ගැන මතක සටහන් ..
ජය වේවා !!
අනේ ඇත්තට මේ වගේ කෙල්ලන්ව කොල්ලෝ ඉන්න මායිමකවත් තියන්න නරකයි... :D මොනවා උනත් නියම කතාව...
ReplyDeleteමචං ඒක නම් කැත වැඩක් බංත මොන රෙද්දටද බං එහෙම කලේ? පව් අර කොනකපාලල දෙන්නා...
ReplyDeleteකුරුණෑගල කොයි හරියෙද ඔයාගෙ බෝඩිම තිබුනේ.....???.මුස්ලිම් එකා සිංහලෙන්ද ලියුම් ලියල තිබුනෙ.
ReplyDeleteකිව්වත් වාගෙ උපන් ගතිය අරින්න පුළුවන්යැ ;)
@ dinesh,
ReplyDeleteඅපි මල්කඩුවාවෙ හිටියෙ.
ශිහ්....මෙහෙමත් ජරා එවුන්....අනුන්ගේ ඒවා හොයනවා මදිවට උන්ට පෝරියලුත් සෙට් කරනවා...
ReplyDeleteපව් අර අසරනයා. ලියුම් ටික දැම්මේ අක්ක කියලා දන්නවානම් තාමත් අරූ බනිනවා..
ReplyDeleteඔය අකුසල් නිසා තමා තාමත් බෝඩිම් හොයන්න කට්ට කන්නේ
ReplyDelete:පී
පට්ට ආතල් කතාව......මරු මෝංගල් ජෝඩුව.............පව් අනේ අර කොනක පාල.
ReplyDeleteඅම්මෝ පිණිබිඳු ඉන්න බෝඩිමක් පැත්තේ ඉන්නවා තියා පැත්තෙන් යන්නවත් හොඳ නැහැ :))
ReplyDeleteඅනුන්ගේ ලියුම් කියවන එකනම් එච්චර හොද වැඩක් නෙවෙයි
ReplyDeleteඅලුත් මල්කඩුවාවෙද පරණ මල්කඩුවාවෙද බෝඩින් වෙලා හිටියෙ ?
ReplyDeleteඔන්න අනුන්ගේ ලියුම් කියවන එක නම් හොද නෑ හලෝ !!!