Monday, January 3, 2011
වැස්සට හේදුණු හීන
මුරුගසන් මහ වැස්ස දෙපත් කපාගෙන ඇද හැලෙද්දි ගොයම ගැබ්බර වෙලා අස්වනු නෙළන්න ඔන්න මෙන්න තිබුණෙ. මාස ගාණක් තිස්සෙ ගොඩ ගැහුව බලාපොරොත්තු සුණු විසුණු උනේ එක තත්පරේකින්.
කිරි වැදුණු ගොයම එක පිට එක මඩේ වැටිල තියෙනව දකිද්දි මට දැනුණෙ පුංචි පැටව් ටිකක් සමූල ඝාතනය කරල තියෙනව දකිනවටත් වඩා කාලකණ්නි හැඟීමක්.
ජීවිතය දෝතටම ගත්තත් ඇඟිලි අතරින් රූරා ගිහින් තිබුණා.
මහ මෙරක් උසට ගොඩ ගැහුවත් බැත, පෙරලෙන්නෙ එක තඹේකට. ඒ තඹෙත් උරුම ටවුමෙ මුදලාලිට. ගිය කන්නෙ පොහොර ණය මතක් වෙනකොට, සා ගින්දරේ ඉන්න බඩවල් ගාණ මතක් වෙනකොට හිත දුවන්නෙ වහ බෝතලේට.
දරු පැටවුන්ගෙ කඳුළු ගුළිවුණු පුංචි දෑස් මතක් වෙලා හීල්ලුණේ දුකට නෙමේ අසරණකමට.
Subscribe to:
Post Comments (Atom)
පුදුම දුකක් තමයි දැනෙන්නේ. තමන් මහන්සියෙන් වගා කරපු දේවල් එක වැස්සකින් නැතිවෙලා යනකොට. දවසක් ඔහොම වැඩක් අපේ පැත්තේ කෙනෙක්ට උනා. මහ වැස්සක් ඇවිත් කඩාඩුව කැඩිලා වතුර හෝ ගෑවිල්ලේ කුඹුරට ඇවිත් තිබුනා.
ReplyDelete@ මධුරංග,
ReplyDeleteමේක මම දන්න කෙනෙක්ට වෙච්ච සිද්දියක්. හුඟක් ගොවියො කරන්නෙ කන්නෙ පටන් ගන්න මුලදිම පොහොර ණයට ගන්නව අස්වැන්නෙන් බේරන්න පොරොන්දුව පිට. ඒත් මේ වගේ අනපේක්ෂිත දෙයක් උනාම පුදුම අසරණ වීමක් දැනෙන්නෙ.