මේ දවස් වල හැම තැනම තක්කාලි පලදාව හොඳයි. පහුගිය දවස් වල තක්කාලි මිල අඩු වෙලා කිලෝ ගණන් විනාස කරලත් තිබුණනෙ. අපේ ගෙදර එළවළු කොටුවෙත් බල්බ් දැම්මා වගේ තක්කාලි හැදිලා.
ගෙදර ගියපු දවස් වල හැම වෑංජනේකටම තක්කාලි. පොල් සම්බෝලෙටත් තක්කාලි. තක්කාලි සම්බෝල, තක්කාලි හොදි විතරක් නෙමෙයි තක්කාලි තෙල් දාලත් කන්න ලැබුණා. අම්මපා මට ඒ දවස් ටිකේ තක්කාලි එක්ක තිබ්බ තරහක් නම්..
තක්කාලි වලින් හදන්න පුලුවන් හැම කෑමක්ම හැදුවට පස්සෙ තමයි අපෙ අම්මට මතක් උනේ තක්කාලි ජෑම් හැදුවෙ නෑනෙ කියලා. ඔයාලට උනත් ප්‍රයෝජන වෙන්න පුලුවන් මේ රෙසිපි එක මේ කාලෙ. හදලා බලමුද තක්කාලි ජෑම්.
අවශ්‍ය දේවල් නම් ඉතාම සීමිතයි. හොඳින් ඉදුණු තක්කාලි, සීනි සහ වැනිලා චුට්ටක් විතරයි ඕනෙ වෙන්නෙ.
මුලින්ම හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි ටිකක් අරගෙන (අපි නම් කිලෝ එක හමාරක් විතර ගත්තා) හොඳට සෝදගන්න. දැන් පැහෙන උණු වතුර තක්කාලි මතට වත් කරලා විනාඩි පහලවක් විතර තියන්න. ඊට පස්සෙ තක්කාලි ගෙඩි වල පොත්ත අයින් කරගන්න. යන්තමට තැම්බිලා නිසා පොතු අයින් කරගන්න ලේසියි.
ඊට පස්සෙ තක්කාලි ටික බ්ලෙන්ඩර් කරගන්න. ඕනෙ නම් ඊට පස්සෙ තක්කාලි ඇට ටික අයින් කරගන්නත් පුලුවන්. ඒත් අපි නම් එහෙම්මම තියෙන්න ඇරියා. කන වෙලාවට තක්කාලි ඇට තිබ්බා කියලා වෙනසක් දැනෙන්නෙ නෑ.
ඊට පස්සෙ බ්ලෙන්ඩර් කර ගත්තු තක්කාලි පේස්ට් එක භාජනේකට දාලා සීනි ග්‍රෑම් 500ක් විතර දාලා ලිපේ තියලා රත් කරන්න. මතක තියාගන්න මේ එක වෙලාවකදිවත් වතුර පොඩ්ඩක්වත් දාන්න එපා. එහෙම උනොත් කල් තියාගන්න බැරි වෙයි.
ලිපේ තියෙන මිශ්‍රණය නිතරම හැඳි ගාමින් ඉන්න. විනාඩි දහයකින් පහළොවකින් උකු ගතියට එනකොට වැනිලා බිංදු කීපයක් දාලා ලිපෙන් බාගන්න. දැන් නිවුණට පස්සෙ බෝතල් වල අසුරගන්න.
රස ගැන කියනවා නම් තක්කාලි රසක් නම් එන්නෙ නෑ අමුතුවෙන්. මට නම් සාමාන්‍ය ජෑම් රසම තමා එන්නෙ. තක්කාලි කිලෝ එක හමාරකින් මධ්‍යම ප්‍රමාණයේ ජෑම් බෝතල් තුනක් පුරවගන්න පුලුවන් ප්‍රමාණෙට ජෑම් හදාගන්න පුලුවන්.
මේ දවස් වල සුපුරුදු තක්කාලි සහිත කෑම වලට අමතරව තක්කාලි ජෑම් සමඟ පාන්, තක්කාලි ජෑම් සමඟ රොටී, තක්කාලි ජෑම් සමඟ ක්‍රීම් ක්‍රැකර් විතරක් නෙමෙයි තක්කාලි ජෑම් සමඟ බටර් කේකුත් කැවෙනවා. දැන් ඉතින් තක්කාලි වාරෙ ඉවර වෙනකල් තක්කාලි වලින් නම් ගැලවීමක් නෑ.

තක්කාලි වලින් පාන් හදන්න බැරි වෙයිද දන්නේ නෑ ජෑම් ගාගන කන්න
ReplyDeleteමෙහෙම තක්කාලි විසි කරන්න ගත්තොත් කට්ටිය ඒකත් කරයි
Deleteමං පොඩි කාලේ අම්මා දවසක් තක්කාලි සෝස් හැදුවා...ඒ කාලේ දැං වගේ සෝස් බෝතල් තිබුනද දන්නෑ..අම්මලට ට්‍රේනින් කොලේජ් එකේදි හදන්න උගන්නපු එකක් කිව්වා..ඒක මතක් උනා..ඒ රස දැනුත් දැනෙනවා...දිවත් පිච්චුනා උනුවෙන් කන්න ගිහිල්ලා...මතකය අවුරුදු 25ක් විතර ඈතට ගියා මේ පෝස්ට් එක නිසා...
ReplyDeleteකඩෙන් නොගෙන ගෙදරම හදන්න තියෙනවා නම් කොච්චර හොඳද
Deleteඅනේ උඹත් පටන්ගත්තද කෑම හදන්න... හොඳයි හොඳයි දැම්ම තියා පටන්ගත්තු එක... අර කොළුවට රහට කෑම ටිකක් ලැබෙයිනෙ...
ReplyDeleteඒ කොළුවා කොච්චර වාසනාවන්තද බලන්ඩ.. :P
Deleteමං කැමති ජාතියේ ලිපියක් ඈ...
ReplyDeleteමේ ඒක නෙවෙයි පිණී බිංදුවෝ..පුළුවන්නං තාත්තගෙන් අහලා කරලා ඔය තක්කාලි වගා කර ගන්න හැටිත් ටිකක් ලියකෝ නිවාඩු පාඩුවේ... පොත පතේ විස්තර තිබුනට හිටවන මනුස්සයොම තමා ඕවයේ හුගක් ක්‍රම සහ විදි දන්නේ... ඒ හින්දා ටිකක් ඒ ගැන දන්න කියන කරුණු කාරණා එක්ක ලිව්වනං ඒක හුග දෙනෙකුට පොච්චිවල හරි තක්කාලි හිටවන්න උදව් වෙයි...
තක්කාලි විතරක් නෙවෙයි අනිකුත් ගෙදර දොරේ වගා කරන දේවල් උනත් අතරින් පතර දැම්මනං හොදයි...
ගෙදර දොරේ නං ඉතිං හැදෙන්නෙ පුස් තාමා. ඒකත් ඉතිං තෙමුනොත් තමයි
Deleteකේන්දර ඔෆිස් එකේ පෝච්චි වලද තක්කාලි හිටවන්න හිතා ඉන්නෙ ?
Deleteමාරයියෙ, මම ඒක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම් ආයෙ ගෙදර ගියාම ෆොටෝ ටිකකුත් එක්ක.
Deleteඅම්මපා නවම් අයියටත් හිතෙන එවුවා
Deleteසරල , ලෙහෙසි ක්‍රමයක් වගේ. මිරිස්, ලුණු, ටිකක් දැම්මෝ තව රස වෙයි මගෙ හිතේ
ReplyDeleteඑහෙනම් සීනි නොදා හදන්න වෙයි
Deleteජූස් එකක් විදිහට හදල ,දෙහි ටිකක් සීනි ටිකක් දාල බොන්නත් පුළුවන්....මේකත් ලියල තියාගන්න. ලබන තක්කාලි වාරෙදි පරෝයෝජනයට...
ReplyDeleteජූස් එක නම් බීලා නෑ
Deleteඅර වගේ උණු වතුර දාල තම්බන එකට කියන්නෙ බ්ලාන්ච් කරනවා කියලා. සෝස් හදන හැටිත් කියන්නකෝ.
ReplyDeleteඅපිට නම් වවලා බේරෙන්න බෑ වදුරන්ගෙන්. ඔහේ දැන් නැද්ද??
අහල පහල කොල්ලන්ට වදුරෝ කියන එක හරි නෑ නේද අක්කේ?
Delete@ නිසුපා - වඳුරො තමා පරම හතුරො. උන් තක්කාලි වලින් බෝල ගහන්නැති ටික විතරයි
Delete@ කනියා - හික්ස්
Deleteඅයියෝ තක්කාලි මට සැරයි... කන්න විදියක් නෑ...
ReplyDeleteඅපෙත් මල්ලි කෙනෙක් ඉන්නවා පොර තක්කාලි කෑවොත් පහුවදා ඉස්පිරිතාලෙ ඉන්නෙ.
Deleteඋෂ්ණයි නේ
Deleteඅක්ක කෑම ගැන දාන ඒව එකක් නෑර බලනව....මගේ බණ්ඩිය චණ්ඩි නිසා........
ReplyDeleteඑහෙනම් ඉස්සරහටත් බලන්නකො. තව පෙන්ඩින් පෝස්ට් තියෙනවා
Deleteහනේ ඉතිං කවදහරි මේ අත්හදාබැලීම් වල සාම්පල් ටෙස්ට් කරන්න වෙන්නෙ අර අහිංසකයට නෙ . . .පවු
ReplyDeleteබලන්ඩ ඉතින් කොච්චර වාසනාවක්ද නේ
Deleteතක්කාලි නෙමෙයි පරිප්පුවත් එකදිගට කන්න පුලුවන්ද පිණිබිඳුවෝ
ReplyDeleteඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නැත කියන්නෙ ඒකනෙ
Deleteඅදමයි මේ පැත්තේ ආවේ "BLog ගඩොල්" එකේදි දැක්කා තක්කාලි සෝස් හදන හැටි කියනවා කියලා ඇවිත් පරන ලිපිත් කිහිපයක් බැලුවා( රැග් එක ගැන හෙම )සොස් හදල බලන්න ඕන
ReplyDeleteඑහෙනම් දිගටම එන්නකො මේ පැත්තෙ
Deleteමේක දැක්කම මට හෙන දුකයි අප්පා.. ඔයාට තක්කලි වැඩි වෙලා මේ දවස් වල අපිට තක්කලි කිලෝවක් යූරෝ හතරක් වගේ.
ReplyDeleteමගේ හැම කෑම වේලක් එක්කම තක්කලි ඉන්නවා. කොටින්ම තක්කලි මගේ ජීවිතය වගේ.
ඔච්චර ම තියෙනවා නම් ඇපටයිසර් එකක් විදියට ජූස් කරලා බොන්නකෝ. මට නම් ඊට පස්සේ අලියෙක් කන්න වගේ බඩගිනි වෙනවා.
තව ඉතින් අමුවෙන් ඔලිව් ඔයිල් ටිකක් දාලා ලුනු පොඩ්ඩක් දාලා කන එකත් ඉතින් මගේ ප්‍රියතම ස්ටයිල් එකක්. රශ්නේ කාලෙට හමට කියාපු බෙහෙත. ඔයාල ලංකාවෙ රශ්නෙන් ඉන්න නිසා මේක නියම ප්‍රථිකාරයක් වෙයි.
අනික තමයි තක්කලි සෝස්. මේ සෝස් කියන්නේ අර ඔයාල හදන කෙච් අප් නෙමෙයි. මෙන්න මෙතනත් ඔය කෙචප් නම් ලියලා තියෙනවා.(http://living.hartstuff.com/search/label/food) ඒත් ඉටෑලියන් කෑම කන්න කැමති නම් ඉතින් මම තව ක්‍රමයක් කියන්නම්. ඔය කඩේ තියෙන තක්කලි ටින් වලට වඩා මේක පට්ට රසයි. කොටින්ම වෙලා තියෙන හැම වෙලාකම මම නම් කඩෙන් ටින් අර ගන්නේ නැතිව මේ වගේ කරගන්න උත්සාහ කරනවා.
මේක දිග වැඩියි ඉන්න මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නම්.
යූරො හතරක්. අනෙ අම්මෝ එච්චර ගණන්ද අප්පා.
Deletehttp://burubabe.blogspot.it/2012/03/blog-post.html
ReplyDeleteඔන්න මම ඒ පැත්තෙ ගිහින් ආවෙ
Deleteතක්කාලි ජෑම්! වැඩි මහන්සියක් නැතිව කරගන්න පුළුවන් නේද... මුලින්ම ටිකක් අරගෙන කරල බැලුවනම් හොඳයි වගේ... තැංකිව් මචං මේ ගැන ලිව්වට!
ReplyDeleteඔව් සාම්පල් එකක් හදල බලන්න මුලින්
Deleteඔය විදිහටම සීනි වැනිලා නොදා හදාගන්නවා ඉතාලියේ අය පාස්තා කන්න.. ඒ විදිහටනම් අපිත් හදලා තියේ...
ReplyDeleteම්ම් මම දැකලා තියේ
Deleteමම් සෝස් එකක් හැදුවා තක්කලි වලින්.මේකත් හදල බලන්නම්කො.
ReplyDeleteහදල බලන්නකො
Deleteආහ් කියන්ඩ සතුටුයි. අක්කා කියපු ගෝවා මල් වෑංජනය අපේ අම්මට කියලා හදව ගත්තා. මේකත් අපේ අම්මට කියලා හදෝගන්ඩ ඕනා.
ReplyDeleteඅහන්ඩත් සන්තෝසයි. මල්ගෝවා එක හොඳට ආවද
Deleteපෙනුමට නම් රසයි වගේ හදලම බලන්නෝනැ..
ReplyDeleteරසත් මරු කියල වැඩක් නෑ
Deleteමෙහෙත් මේ දවස් වල තක්කාලි ගණන් අඩු වෙලා.
ReplyDeleteඑහෙනම් ඔබීට කියලා හදවගන්නකො
Deleteඅයියෝ පහුගිය කාලේ දඹුල්ලේ ජෑම් ෆැක්ටරියක් දාන්න තිබ්බානේ ..
ReplyDeleteකියලා වැඩක් නෑ විසි කරපු තක්කාලි කන්දරාව.
Deleteඊලග සැරේවත් හදන්න බලන්න ඕන ........ ස්තුතියි විස්තරේට
ReplyDeleteලේසිම ලේසියි හදන්න
Deleteලංකාවට එන්නම්කෝ.. අවාම දෙන්නම් තක්කාලි..
ReplyDeleteඅනේ අපිට නම් තක්කාලි එපා. මේ වැඩි වෙලා ඉන්නෙ
Deleteඅම්මේ.. රසට ඇති
ReplyDeleteහ්ම්ම් හරිම රසයි.
Deleteඔයාගේ පෝස්ට් එක බලාගෙන මාත් අද හැදුවා.. නියමෙට ආවා.. තැන්ක් යූ...!!!!
ReplyDeletehttp://www.facebook.com/media/set/?set=a.393992247295377.104324.100000538167670&type=3