මේ
සියඹලා වාරෙ. ඉදිලා බිම වැටිච්ච සියඹලා අහුලන්න මිනිස්සු ගෝනි අරන් එන්නෙ.
අපේ වත්තෙ සියඹලා ගහෙත් කරල් පිරිලා. සුද්ද කරපු සියඹලා හොඳ මිලකට
විකුණන්නත් පුලුවන්.
මෙච්චර
සියඹලා තියෙන එකේ කට ඇඹුල් වෙලා යන සියඹලා ජූස් හැදුවෙ නැත්තන් අපරාදයක්.
ලේසියෙන් හදාගන්න පුලුවන් වගේම සෑහෙන ගුණදායි පානයක්.
අවශ්‍ය දේවල් බොහොම ටිකයි.
ඉදිච්ච සියඹලා
සීනි
ලුණු
වතුර
අයිස් කැට
ඉස්සෙල්ලාම
සියඹලා කරල් පොතු ඇරලා වතුර තියෙන භාජනේකට දාලා පැය දෙකක් තුනක් පෙඟෙන්න
තියන්න. මතක තියාගන්න ඇලුමිනියම් භාජනයක් එහෙම ගන්න එපා.
ඊට
පස්සෙ පෙඟුණු සියඹලා හොඳින් පොඩි කරලා ඇට ඉවත් කරලා පෙරණයකින් පෙරාගන්න.
අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරන්න. ලුණුත් චුට්ටක් දාන්න.
ඇඹුල් ගතිය වැඩියි නම් තව වතුර දාන්න. අයිස් කැට කීපෙකුත් දාලා බීමට ගන්න.
හදලා බලන්නකො. ඇඟ නිවෙන පානයක්.
ඇඟ නිවෙන පානයක් කිව්ව එක නම් වටිනවා අක්කේ. හුඟක් අය කැමති ඇඟ රත්වෙන පානයන්ටනේ :D
ReplyDeleteරත් වෙන පාන නම් ඕනෙ තරම් තියෙනවනෙ
Deletehadanna one :) eth siyabala kaden thamai ganna wenne.
ReplyDeleteකඩේ තියෙන සියඹලා ලුණු දාලනෙ තියෙන්නෙ. අපේ ගෙවල් පැත්තෙ ආවොත් දෙන්න පුලුවන්.
Deleteපහුවදාට බඩ සුද්ද වෙනවා ඇති මරුවට නේ? :D
ReplyDeleteපහුවදාට මොකෝ. බීලා පැය හතර පහකින්... :P
Deleteමගෙත් ප්‍රියතම කෑමක් සියඹලා.පොඩි කාලෙ කනවා දිව දිය වෙනකල්ම.කන්තලේ තිබුනා ඇඹුල් නැති ඒවා.දැන් එහේ යැවෙන්නෙ නෑ නෙ.
ReplyDeleteඇඟ නිවෙනවානම් හදාගෙන බොන්න වටිනවා.තව දේකටත් ඔය බීම හොදයි....:D
අර මොකෑ .. නිසූගේ ඇඟ ගිනි ගන්නවැයි,,,,
Deleteමට හම්බවුන රසම සියබලා ලැබුනේ පුත්තලම ප්‍රදේශයෙන්... එ ප්‍රදෙශයෙ සියබලා වල ඇබුල් ගතිය ඇත්තෙම නැහැ.... ලුනු නැතිව කන්න පුලුවන්....
Deleteසියඹලා වර්ග කීපයක් තියෙනවා. පැණි සියඹලා කියන ජාතිය එච්චර ඇඹුල් නෑ.
Deleteඇඹුල් නේ අක්කේ..
ReplyDeleteනිකම් කන්න නම් මම ආසයි..
ඇයි සීනි සියඹලා.
Deleteපෝස්ටුව ඉවර වෙනකල් කට ඇද වෙලා තිබ්බේ ඇඹුලට..
ReplyDeleteඉස්සර පොඩි කාලෙ නිකං කෑවට දැන් නම් විකාරයි..
සෑමාගෙ ඇදවෙච්ච මූණ මැවිලා පේනවා. :P
Deleteමේ ටිකේ මට බඩේ ගායක් හැදිලා ගෙදර ඉන්න එකේ මේක බීලා බලන්ඩ ඕනා. සියඹලා කිව්වම කටට කෙලත් ඉනුවේ ය.
ReplyDeleteමම එක ද ?
බොල බඩේ ගායක් තියෙනවා නම් සියඹලා බොන්ඩ එපා. දෙගුණ වෙයි.
Deleteආසයි හදන්න. නමුත් සියඹලා නැහැ. සීනි ගමකට ඕනැ ඇති නේ? කොච්චර දැම්මද වීදුරුවකට?
ReplyDeleteවැඩිය සීනි දැම්මොත් සියබලා වල ගුනය නැතිවෙනව, මෙකට වැනිලා අයිස් ක්‍රිම් ටිකකුත් දැම්මම නියම රසයි.../ වැනිලා කිරි පැකට් එකක් මිශ්‍ර කරල ගත්තත් රසයි එත් අයිස්ක්‍රිම් දැම්මොත් තමයි වැඩිය රස...
Deleteසීනි නම් ටිකක් වැඩිපුර දාන්න උනා. කුශී කියලා තියෙනවා වගේ අයිස් ක්‍රීම් දැම්මා නම් රසට එයි කියලා මටත් හිතෙනවාඅ ආයෙ ගෙදර ගියාම ඒ වැඩේ කරලා බලන්න ඕනෙ.
Deleteහක්කෙ දතුත් එක්ක හිරිවැටිල ගියා...
ReplyDeleteහපොයි. :P
Deleteසියබල වලට බඩ බුරුල් වෙනවා නෙව....
ReplyDeleteයා යා
Deleteමම හිතුවේ ඇට අයින් කරලා සියඹලා බ්ලෙන් කරනවද කියලා.. මේක වෙනම සින් කෝන් එකක්නේ..
ReplyDeleteඒක නෙමේ අක්කේ.. කෝ අර හදපු තැබිලි වයින්.. මොකෝ උනේ... ;)
තැඹිලි වයින් එක බීලා ඉවරයි බන්. හොඳට ආවා. ඊළඟ ප්ලෑන් එක මිදි වයින්.
Deleteඅපිට කොහෙද ඔච්චර සියඹල බීම හදාගෙන බොන්න.නිකන් හිතින් මවා ගන්න පුලුවන් මේකේ රස.....:)
ReplyDeleteසියබලා හම්බවෙච්ච වෙලාවක හදලා බලන්නකො. ආ CIC එකේ මේ ජූස් එක විකුණන්න තියෙනවා
Deleteමේක නම් හරිම සිම්පල් ප්ලෑන් එකන් නේ.. හිටින්නකෝ වෙලාවක හදලා බලලාම කියන්නම්....
ReplyDeleteවෙරි සිම්පල්
Deleteඒක නම් හදන්න ඕන . ඔයා හැමදාම අලුත් දෙයක් කියා දෙනවනේ .
ReplyDeleteකෑම බීම හදනවා තරම් මම ආස වෙන දෙයක් නෑ අක්කා.පොඩි කාලෙ උනත් මගෙ හීනෙ තිබ්බෙ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න නෙමෙයි කොෆී ශොප් එකක් හරි රෙස්ටුරන්ට් එකක් හරි දාගෙන ඉන්න එක. කවදා හරි දවසක හැබෑ කරගන්න ඕනෙ හීන වලින් එකක් ඒක.
Deleteඇබුල් නැද්ද?
ReplyDeleteටිකක් ඇඹුල්. ඒත් මාර ගති.
Deleteබඩබුරුල් වෙන්න හොදයි නේ:))
ReplyDeleteයා යා
Deleteදෙන්නම් මේ පාරවත්. වයින් හදන්න ගිහින් ඒක බෝම්බයක් උනා. :-)
ReplyDeleteඅයියෝ සහෝදරයා මට කියන්න අමතක උනානෙ ඒ බෝතලේ මූඩිය චුට්ටක් බුරුල් කරලා තියන්න ඕනෙ. නැත්තන් වයින් බෝම්බ.
Deleteබඩට පට්ට ආතල් එකක් එන්නේ බීවාම....
ReplyDeleteමේ ඉන්නෙ එක්ස්පීරියන්ස් එක තියෙන අය.
Deleteබලමු ට්‍රයි එකක් දීලා ..
ReplyDeleteහදලා බලන්නකො
Deleteසියඹලා හොයන්න ඕනේ දැන්...!!!
ReplyDeleteහදලා බලන්නකො
Deleteහපොයි. බාගෙට කියවල දත් හිරිවැටුන.
ReplyDeleteදැන් ආපස්සට කියවන්න එතකොට හරි යයි.
Deleteමරු ඈ...
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එසේම එසේම
Deleteම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් සියඹල. කියවද්දි මෙච්චර දත් හිරි වැටෙනවන්ම් බොද්දි කොහොමට ඇද්ද.
ReplyDeleteහිතන තරම් මේක ඇඹුල් නෑ
Deleteහපොය් මට ඇඹුල් කන්න බෑ(බොන්නත් බෑ ) ඇස් ඔටෝ පියවෙනවා :ඩ
ReplyDeleteහොඳ රෙසිපියක් හැබය්
හිතන තරම් මේක ඇඹුල් නෑ
Deleteමොනා උනත් උදේට බොරොස් ගාලා පතිත වෙන්න පහසු කරයි
ReplyDeleteහෙහ් හෙහ්. හරියට හරි.
Deleteකොණ්ඩ කැවුම් හදන හැටිත් දාන්ඩෝ.................................
ReplyDeleteබීලා ඉවර වෙලා කොණ්ඩ කැවුමක් ගිලින්න.
:D
Deleteඉතාමත් වටින ලිපියක්...... මම හිතාගෙන හිටියටත් වඩා සියබලා ඉතාමත්ම වටිනා බෙහෙතක්, සියබලා පානය ගැන මටත් මීට ටිකකාලයකට පෙර පැරණි වෙද පොතක තිබිල විස්තර ටිකක් ලැබුන, සියබලා වලින් උදරයේ බඩවැල් පිරිසිඳු වෙනව, ලේ පිරිසිඳු වෙනව, කුෂ්ඨ රෝග වලට ඉතා ගුනයි, මුහුන මතුපිට ඇතිවන කුරූලැ එම වලකයි, කාන්තාවන්ට මාසික ඔසප් වෙදනාව දුරුකිරිමට ඉතාමත්ම හොඳ ඔසුවකි, ලේ කැටිගැසිම වලකයි, ශරිරයේ මේදය දියකර දමයි, ශරීරයේ තරබොරු කම අඩුකරයි, සම සිනිඳු කරවයි, සිරුරේ දුර්වර්ණය නැතිකරයි, ආහාර රුචිය ඇතිකරයි,අර්ශස් රොගය සැදිම අඩුකරයි....තව තව ගොඩක් තිබ්බා මට දැන්නම් මතක නැහැ.... ආයෙත් අර වෙද පුස්කොල පොත කියවන්න ලැබුනොත් ඉතුරු ටිකත් දාන්නම්...
ReplyDeleteස්තූතියි විස්තරේට.
Deleteසීනි කන්දක් දාන්න ඇති.. දිවුල් වගේ ඇති හැදුවාම රස නම් ..
ReplyDeleteතමන් කැමති ඇඹුලට නම් සීනි අඩුවෙන් දාන්න. ඒත් උඩින් එක්කෙනෙක් කියලා තියෙනවා අයිස්ක්‍රීම් ටිකක් දාන්න කියලා. ඒක නම් ට්‍රයි කරලා බලන්න ඔනෙ.
Deleteමට සියබලා ගැන අහම්බෙන් තව විස්තරයක් සම්බ වුනා මෙන්න ඒ කතාව .....සියබලා වලට පාලියෙන් කියන්නේ "චිංචි" කියලා...... ඔය බෞද්ධ කතාවක එන චිංචි මානවිකාව කියන්නේ බුදුහාමුදුරුවන් වැඩසිටි විහාරය අසල සියබලා වෙලඳාමේ සිටිය ගැහැනු කෙනෙක්ලු....
ReplyDeleteනොදැන හිටි කරුණු ගොඩක් දැනගත්තා ඔයා නිසා. සියඹලා එක්ස්පර්ට් කෙනෙක් නේ.
Deleteපිණිබිඳු, ඕක වතුරෙ දාලා තියලා ඇට අයි කරලා බ්ලෙන්ඩර් එකේ දාලා බීට් කරලා ගත්තොත් මොකද? henryblogwalker the Dude
ReplyDeleteඑහෙම කරත් අවුලක් නෑ
Deleteපොඩ් උදව්වක් කරන්නකො....
ReplyDeleteඔයාගෙ හාඩ් එක ෆෝමැට් වෙච්ච වෙලාවෙ ඩේටා ගන්න පාවිච්චි කරපු සොෆ්ට්වෙයා එක මොකක්ද කියන්නකො ඉක්මනට....
http://thepiratebay.se/torrent/6137363/GetData_Recover_My_Files_Professional_Edition_v4.6.8.993
Deleteස්ඩ්ෆ්ඩ්ස්
ReplyDelete