Pages

Friday, June 8, 2012

සියඹලා ජූස්

මේ සියඹලා වාරෙ. ඉදිලා බිම වැටිච්ච සියඹලා අහුලන්න මිනිස්සු ගෝනි අරන් එන්නෙ. අපේ වත්තෙ සියඹලා ගහෙත් කරල් පිරිලා. සුද්ද කරපු සියඹලා හොඳ මිලකට විකුණන්නත් පුලුවන්.

මෙච්චර සියඹලා තියෙන එකේ කට ඇඹුල් වෙලා යන සියඹලා ජූස් හැදුවෙ නැත්තන් අපරාදයක්. ලේසියෙන් හදාගන්න පුලුවන් වගේම සෑහෙන ගුණදායි පානයක්.

අවශ්‍ය දේවල් බොහොම ටිකයි.

ඉදිච්ච සියඹලා
සීනි
ලුණු
වතුර
අයිස් කැට

ඉස්සෙල්ලාම සියඹලා කරල් පොතු ඇරලා වතුර තියෙන භාජනේකට දාලා පැය දෙකක් තුනක් පෙඟෙන්න තියන්න. මතක තියාගන්න ඇලුමිනියම් භාජනයක් එහෙම ගන්න එපා.

ඊට පස්සෙ පෙඟුණු සියඹලා හොඳින් පොඩි කරලා ඇට ඉවත් කරලා පෙරණයකින් පෙරාගන්න. අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරන්න. ලුණුත් චුට්ටක් දාන්න.

ඇඹුල් ගතිය වැඩියි නම් තව වතුර දාන්න. අයිස් කැට කීපෙකුත් දාලා බීමට ගන්න.

හදලා බලන්නකො. ඇඟ නිවෙන පානයක්.

66 comments:

  1. ඇඟ නිවෙන පානයක් කිව්ව එක නම් වටිනවා අක්කේ. හුඟක් අය කැමති ඇඟ රත්වෙන පානයන්ටනේ :D

    ReplyDelete
    Replies
    1. රත් වෙන පාන නම් ඕනෙ තරම් තියෙනවනෙ

      Delete
  2. hadanna one :) eth siyabala kaden thamai ganna wenne.

    ReplyDelete
    Replies
    1. කඩේ තියෙන සියඹලා ලුණු දාලනෙ තියෙන්නෙ. අපේ ගෙවල් පැත්තෙ ආවොත් දෙන්න පුලුවන්.

      Delete
  3. පහුවදාට බඩ සුද්ද වෙනවා ඇති මරුවට නේ? :D

    ReplyDelete
    Replies
    1. පහුවදාට මොකෝ. බීලා පැය හතර පහකින්... :P

      Delete
  4. මගෙත් ප්‍රියතම කෑමක් සියඹලා.පොඩි කාලෙ කනවා දිව දිය වෙනකල්ම.කන්තලේ තිබුනා ඇඹුල් නැති ඒවා.දැන් එහේ යැවෙන්නෙ නෑ නෙ.

    ඇඟ නිවෙනවානම් හදාගෙන බොන්න වටිනවා.තව දේකටත් ඔය බීම හොදයි....:D

    ReplyDelete
    Replies
    1. අර මොකෑ .. නිසූගේ ඇඟ ගිනි ගන්නවැයි,,,,

      Delete
    2. මට හම්බවුන රසම සියබලා ලැබුනේ පුත්තලම ප්‍රදේශයෙන්... එ ප්‍රදෙශයෙ සියබලා වල ඇබුල් ගතිය ඇත්තෙම නැහැ.... ලුනු නැතිව කන්න පුලුවන්....

      Delete
    3. සියඹලා වර්ග කීපයක් තියෙනවා. පැණි සියඹලා කියන ජාතිය එච්චර ඇඹුල් නෑ.

      Delete
  5. ඇඹුල් නේ අක්කේ..

    නිකම් කන්න නම් මම ආසයි..

    ReplyDelete
  6. පෝස්ටුව ඉවර වෙනකල් කට ඇද වෙලා තිබ්බේ ඇඹුලට..

    ඉස්සර පොඩි කාලෙ නිකං කෑවට දැන් නම් විකාරයි..

    ReplyDelete
    Replies
    1. සෑමාගෙ ඇදවෙච්ච මූණ මැවිලා පේනවා. :P

      Delete
  7. මේ ටිකේ මට බඩේ ගායක් හැදිලා ගෙදර ඉන්න එකේ මේක බීලා බලන්ඩ ඕනා. සියඹලා කිව්වම කටට කෙලත් ඉනුවේ ය.

    මම එක ද ?

    ReplyDelete
    Replies
    1. බොල බඩේ ගායක් තියෙනවා නම් සියඹලා බොන්ඩ එපා. දෙගුණ වෙයි.

      Delete
  8. ආසයි හදන්න. නමුත් සියඹලා නැහැ. සීනි ගමකට ඕනැ ඇති නේ? කොච්චර දැම්මද වීදුරුවකට?

    ReplyDelete
    Replies
    1. වැඩිය සීනි දැම්මොත් සියබලා වල ගුනය නැතිවෙනව, මෙකට වැනිලා අයිස් ක්‍රිම් ටිකකුත් දැම්මම නියම රසයි.../ වැනිලා කිරි පැකට් එකක් මිශ්‍ර කරල ගත්තත් රසයි එත් අයිස්ක්‍රිම් දැම්මොත් තමයි වැඩිය රස...

      Delete
    2. සීනි නම් ටිකක් වැඩිපුර දාන්න උනා. කුශී කියලා තියෙනවා වගේ අයිස් ක්‍රීම් දැම්මා නම් රසට එයි කියලා මටත් හිතෙනවාඅ ආයෙ ගෙදර ගියාම ඒ වැඩේ කරලා බලන්න ඕනෙ.

      Delete
  9. හක්කෙ දතුත් එක්ක හිරිවැටිල ගියා...

    ReplyDelete
  10. සියබල වලට බඩ බුරුල් වෙනවා නෙව....

    ReplyDelete
  11. මම හිතුවේ ඇට අයින් කරලා සියඹලා බ්ලෙන් කරනවද කියලා.. මේක වෙනම සින් කෝන් එකක්නේ..

    ඒක නෙමේ අක්කේ.. කෝ අර හදපු තැබිලි වයින්.. මොකෝ උනේ... ;)

    ReplyDelete
    Replies
    1. තැඹිලි වයින් එක බීලා ඉවරයි බන්. හොඳට ආවා. ඊළඟ ප්ලෑන් එක මිදි වයින්.

      Delete
  12. අපිට කොහෙද ඔච්චර සියඹල බීම හදාගෙන බොන්න.නිකන් හිතින් මවා ගන්න පුලුවන් මේකේ රස.....:)

    ReplyDelete
    Replies
    1. සියබලා හම්බවෙච්ච වෙලාවක හදලා බලන්නකො. ආ CIC එකේ මේ ජූස් එක විකුණන්න තියෙනවා

      Delete
  13. මේක නම් හරිම සිම්පල් ප්ලෑන් එකන් නේ.. හිටින්නකෝ වෙලාවක හදලා බලලාම කියන්නම්....

    ReplyDelete
  14. ඒක නම් හදන්න ඕන . ඔයා හැමදාම අලුත් දෙයක් කියා දෙනවනේ .

    ReplyDelete
    Replies
    1. කෑම බීම හදනවා තරම් මම ආස වෙන දෙයක් නෑ අක්කා.පොඩි කාලෙ උනත් මගෙ හීනෙ තිබ්බෙ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න නෙමෙයි කොෆී ශොප් එකක් හරි රෙස්ටුරන්ට් එකක් හරි දාගෙන ඉන්න එක. කවදා හරි දවසක හැබෑ කරගන්න ඕනෙ හීන වලින් එකක් ඒක.

      Delete
  15. ඇබුල් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ටිකක් ඇඹුල්. ඒත් මාර ගති.

      Delete
  16. බඩබුරුල් වෙන්න හොදයි නේ:))

    ReplyDelete
  17. දෙන්නම් මේ පාරවත්. වයින් හදන්න ගිහින් ඒක බෝම්බයක් උනා. :-)

    ReplyDelete
    Replies
    1. අයියෝ සහෝදරයා මට කියන්න අමතක උනානෙ ඒ බෝතලේ මූඩිය චුට්ටක් බුරුල් කරලා තියන්න ඕනෙ. නැත්තන් වයින් බෝම්බ.

      Delete
  18. බඩට පට්ට ආතල් එකක් එන්නේ බීවාම....

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ එක්ස්පීරියන්ස් එක තියෙන අය.

      Delete
  19. බලමු ට්‍රයි එකක් දීලා ..

    ReplyDelete
  20. සියඹලා හොයන්න ඕනේ දැන්...!!!

    ReplyDelete
  21. හපොයි. බාගෙට කියවල දත් හිරිවැටුන.

    ReplyDelete
    Replies
    1. දැන් ආපස්සට කියවන්න එතකොට හරි යයි.

      Delete
  22. මරු ඈ...
    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  23. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් සියඹල. කියවද්දි මෙච්චර දත් හිරි වැටෙනවන්ම් බොද්දි කොහොමට ඇද්ද.

    ReplyDelete
    Replies
    1. හිතන තරම් මේක ඇඹුල් නෑ

      Delete
  24. හපොය් මට ඇඹුල් කන්න බෑ(බොන්නත් බෑ ) ඇස් ඔටෝ පියවෙනවා :ඩ
    හොඳ රෙසිපියක් හැබය්

    ReplyDelete
    Replies
    1. හිතන තරම් මේක ඇඹුල් නෑ

      Delete
  25. මොනා උනත් උදේට බොරොස් ගාලා පතිත වෙන්න පහසු කරයි

    ReplyDelete
  26. කොණ්ඩ කැවුම් හදන හැටිත් දාන්ඩෝ.................................
    බීලා ඉවර වෙලා කොණ්ඩ කැවුමක් ගිලින්න.

    ReplyDelete
  27. ඉතාමත් වටින ලිපියක්...... මම හිතාගෙන හිටියටත් වඩා සියබලා ඉතාමත්ම වටිනා බෙහෙතක්, සියබලා පානය ගැන මටත් මීට ටිකකාලයකට පෙර පැරණි වෙද පොතක තිබිල විස්තර ටිකක් ලැබුන, සියබලා වලින් උදරයේ බඩවැල් පිරිසිඳු වෙනව, ලේ පිරිසිඳු වෙනව, කුෂ්ඨ රෝග වලට ඉතා ගුනයි, මුහුන මතුපිට ඇතිවන කුරූලැ එම වලකයි, කාන්තාවන්ට මාසික ඔසප් වෙදනාව දුරුකිරිමට ඉතාමත්ම හොඳ ඔසුවකි, ලේ කැටිගැසිම වලකයි, ශරිරයේ මේදය දියකර දමයි, ශරීරයේ තරබොරු කම අඩුකරයි, සම සිනිඳු කරවයි, සිරුරේ දුර්වර්ණය නැතිකරයි, ආහාර රුචිය ඇතිකරයි,අර්ශස් රොගය සැදිම අඩුකරයි....තව තව ගොඩක් තිබ්බා මට දැන්නම් මතක නැහැ.... ආයෙත් අර වෙද පුස්කොල පොත කියවන්න ලැබුනොත් ඉතුරු ටිකත් දාන්නම්...

    ReplyDelete
  28. සීනි කන්දක් දාන්න ඇති.. දිවුල් වගේ ඇති හැදුවාම රස නම් ..

    ReplyDelete
    Replies
    1. තමන් කැමති ඇඹුලට නම් සීනි අඩුවෙන් දාන්න. ඒත් උඩින් එක්කෙනෙක් කියලා තියෙනවා අයිස්ක්‍රීම් ටිකක් දාන්න කියලා. ඒක නම් ට්‍රයි කරලා බලන්න ඔනෙ.

      Delete
  29. මට සියබලා ගැන අහම්බෙන් තව විස්තරයක් සම්බ වුනා මෙන්න ඒ කතාව .....සියබලා වලට පාලියෙන් කියන්නේ "චිංචි" කියලා...... ඔය බෞද්ධ කතාවක එන චිංචි මානවිකාව කියන්නේ බුදුහාමුදුරුවන් වැඩසිටි විහාරය අසල සියබලා වෙලඳාමේ සිටිය ගැහැනු කෙනෙක්ලු....

    ReplyDelete
    Replies
    1. නොදැන හිටි කරුණු ගොඩක් දැනගත්තා ඔයා නිසා. සියඹලා එක්ස්පර්ට් කෙනෙක් නේ.

      Delete
  30. පිණිබිඳු, ඕක වතුරෙ දාලා තියලා ඇට අයි කරලා බ්ලෙන්ඩර් එකේ දාලා බීට් කරලා ගත්තොත් මොකද? henryblogwalker the Dude

    ReplyDelete
  31. පොඩ් උදව්වක් කරන්නකො....
    ඔයාගෙ හාඩ් එක ෆෝමැට් වෙච්ච වෙලාවෙ ඩේටා ගන්න පාවිච්චි කරපු සොෆ්ට්වෙයා එක මොකක්ද කියන්නකො ඉක්මනට....

    ReplyDelete
    Replies
    1. http://thepiratebay.se/torrent/6137363/GetData_Recover_My_Files_Professional_Edition_v4.6.8.993

      Delete

Related Posts Plugin for WordPress, Blogger...