Pages

Wednesday, July 25, 2012

විලිලැජ්ජා සහගත සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණයක් සමත් වෙන්න කාරණා කීපයක් බලපානවා. තමන්ගේ සුදුසුකම්, දක්ෂකම්, අවස්ථානුකූල හැසිරීම, වාසනාව වගේම පරීක්ෂක මණ්ඩලයේ ඉන්න අයට තමන් ගැන ඇති වන පළමු හැඟීමත් ඉතාම වැදගත් වෙනවා. 

ළඟදි දවසක එක්තරා විශ්ව විද්‍යාලයක එක්තරා රැකියාවකට මම අයදුම් කළා. ටික කාලෙකින් සම්මුඛ පරීක්ෂණේකට කැඳවීම් ලිපියත් ලැබුණා. යනවද නොයනවද කියලා හිතින් එහෙට මෙහෙට ඇද ඇද ඉඳලා ඔන්න ඔහෙ යනවා කියලා හිතා ගත්තා. 

යන්න සූදානම් වෙද්දිත් බාධා ගොඩයි. සේවා සහතිකයක් ගන්න වින්ද දුකක්. ඉන්ටර්විව් එකට කලින් දවසෙ පහත් පහුවෙලයි ඒක හම්බවෙනකොට. උපාධි සහතිකේ ෆොටෝ කොපි ගහන්න ගියපු කඩේ දාලා ඇවිත් හවස ආයෙත් ගිහින් අරන් ආවෙ. කඩේ මිනිස්සුන්ට සිහිය තිබ්බ නිසා හොඳයි මට වගේ නොවී. 

උදේ ඇහැරෙන්නත් පරක්කු උනා. සාරිය අඳින්න ගිහිනුත් පරක්කු උනා. අදාල විශ්ව විද්‍යාලයට ගියාට අදාල කාර්යාලය හොයාගන්නත් පරක්කු උනා. ඔහොම බාධා වෙවී ඉහින් කණින් දාඩිය පෙරාගෙන ඉන්ටර්විව් එක තියෙන තැනට ගියා. 

මම යනකොටත් ඉන්ටර්විව් පටන් අරගෙන. මගේ නම කතා කරන්න තව වෙලා තිබ්බ නිසා ෆෝන් එකේ ගේම් එකක් ගගහ හිටියා. 

ටික වෙලාවකින් නම කතා කරා. සහතික තියෙන ෆයිල් එකයි පර්යේෂණ පත්‍රිකා ඇතුළත් පොතුයි අරගෙන ඇතුළට යන්න ලෑස්ති උනාට ෆෝන් එක බෑග් එක ඇතුළට දාගන්න අමතක උනා. ෆෝන් එක අතේ කියලා මතක් උනේ දොර අරිද්දියි. ඉක්මනට බෑග් එකට දාගන්නත් බෑ අතේ බඩු වැඩියි. සාරියක් ඇඳලා නිසා සාක්කුවකට දාගන්නත් නෑ. 

මේ ඔක්කොම කල්පනා එක්ක ඇතුල් වෙද්දි තමයි නොවිය යුතු දේ සිද්ධ වුණේ. දොර ගාව තිබිච්ච පාපිස්සෙ කකුල පැටලුණා. අතේ තිබුණු ෆෝන් එක බිම වැටුණා. කෑලි හතර පැත්තට විසි වුණා. ඉක්මනට බිම වැටිච්ච ෆෝන් කෑලි ටික අහුල ගන්නයි හැදුවෙ මම. 

ඒත් අවාසනාව වළක්වන්න පුළුවන්ද. ඉස්සරහට එක කකුලයි හිබ්බෙ කකුලෙ වැදිලා ෆෝන් එකේ බැට්රිය සුරුස් ගාලා ගිහින් නතර වුණේ උප කුලපතිගෙ කකුල් දෙක ළඟ. ඒසී එකේ මට දාඩියත් දැම්මා. ඉන්ටවිව් බෝඩ් එකේ ඔක්කොම අයගෙ ඇස් මා ගාව. රස්සාව ගැන තිබිච්ච අන්තිම බලාපොරොත්තුවත් ඉස්සරහින් තියෙන සමච්චල් සහගත, වික්ෂිප්ත, කරදරකාර ඇස් ඉස්සරහ බොඳ වෙලා ගියා. 

ෆෝන් එකේ කෑලි ටික අහුලලා අවඥා සහගත බැල්මෙන් හිටි උපකුලපතිගෙ අතින් බැට්රියත් අරගෙන එතන මේසයක් උඩින් තියලා අදාල පුටුවෙ වාඩි උනත් හිත හොඳටම කලබල වෙලයි තිබ්බෙ.  මට උවමනාව තිබ්බෙ අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වැඩිය එතනින් පිට වෙලා යන්න. අහපු දේවල් වලට මම මොනවා කිව්වද දන්නෑ. 

කෑලි වෙලා ගියපු ෆෝන් එකයි බලාපොරොත්තුයි එක්ක දොර පිටිපස්සෙන් වැහෙද්දි නම් පුදුම සැනසීමක් දැනුණා. මගෙ ජීවිතේ මම මූණ දීපු විලිලැජ්ජා සහගතම සම්මුඛ පරීක්ෂණය මේක තමයි.

මොනවා වුණත් මම සෑහෙන පාඩමක් මේ අත්දැකීමත් එක්ක ඉගෙන ගත්තා. මම කියන්නෙ කවදාවත් ඉන්ටවිව් එකකට යද්දි කලබලෙන් යන්න එපා. කලින් වෙලාව තියලා ලෑස්තිවෙලා යන්න. අනිත් එක තමන්ගෙ නම කතා කරනකල් ඉවසීමෙන් ඉන්න ගේම් ගහන්නෙ නැතුව. වෙලාව ආවම ෆෝන් පර්ස් අතේ රඳව ගන්න එපා. සේරටම වැඩිය වැදගත් දේ දොර ගාව තියෙන පාපිස්සෙ කකුල පටලවගන්න එපා..

Making a great first impression is the most important thing. Because you never get a second chance to create it.


94 comments:

  1. සැලෙන්ඩ එපා අලෝ ඔය අද්දැකීම් එක්ක අපි ආයෙත් හොද යුනි එකක ඉන්ටවිව් එකක් ගොඩ දාමු.

    ReplyDelete
  2. අපිට ඉතින් අරන් යනන් දෙයක් නැහැ මන් අන්තිමට ගිය ඉන්ටවිව් හැම එකටම ගියේ අත් දෙක වනවනා :-D

    ReplyDelete
    Replies
    1. සහතික අරන් ගියා කියලා ගොඩක් ඒවගෙ බලන්නෙත් නෑ බං

      Delete
  3. කෙනෙකුට කරදරයක් වෙච්ච වෙලේ හිනා වෙන්න හොඳ නැති හින්දා හොදයි...

    හරිම වැදගත් උපදේස ටිකක් අන්තිමට දීලා තියෙන්නේ..ඒත් නංගි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...

    දැන් ඔයා කියන දේවල් ඔක්කෝම හරියට කරගෙන යද්දී...

    "සේරටම වැඩිය වැදගත් දේ දොර ගාව තියෙන පාපිස්සෙ කකුල පටලවගන්න එපා.."

    හොඳයි දොරකඩ පාපිස්සක් නොතිබුනොත් අපි මොකද කරන්නේ ඊ ළගට..සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් මට මේක...?

    ReplyDelete
    Replies
    1. සිරාවට අයියේ මටත්..ඔය ප්‍රශ්නෙ ආවා...
      ඇත්තටම අක්කෙ..මක්කයි කොරන්නේ....?

      Delete
    2. පාපිස්සක් නැත්තන් ඒ අවවාද ස්කිප් කරහන් අයියෙ.

      පිසාචයා උඹත් හොඳයි මාරයියටම

      Delete
  4. උඹටත් වෙන වැඩ.. :)

    ReplyDelete
    Replies
    1. හයියෝ විලිලැජ්ජාවයි බං

      Delete
  5. මාත් මුල් දවස්වල ඔහොම ගිහින් දවසක් සහතික ඔක්කොම බිම වැටුනා.හැබැයි හිටපු පොර මට උදව් කරා අහුලගන්න.ඒ ඉන්ටවීව් එක පාසුත් වුනා හැබැයි.

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්විව් එක පාස් නම් වොරි වෙන්න දෙයක් නෑ

      Delete
  6. හිහ් සොරි අනේ හිනා වුනාට . මැවිලා පේනවා...ගෙදරින් එලියට යද්දී හුන් අඬපු නැති එක විතරයි අඩු ..

    ReplyDelete
    Replies
    1. හූනෙකුත් ෂුවර් එකටම අඬන්න ඇති අක්කා මේ වෙච්ච දේවල් වල හැටියට

      Delete
  7. අනාගතේ අපි වගේ අයට ඕනේ කරන වටිනා අවවාද කීපයක්. ස්තුතියි අක්කේ :)

    ReplyDelete
    Replies
    1. මේවා ප්‍රින්ට් කරලා උදේ හවා පාඩම් කරගන්න ඒ කාලෙට

      Delete
  8. හ්ම්ම් හ්ම්ම්.. නදී අක්කට මාත් එකඟයි!

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ නම් පුදුම ලැජ්ජාවක් දැනුණෙ

      Delete
  9. සාක්කු නැතිනිසානෙ අපේ ආච්චි හැඹිලිය කුක්කු එක අස්සෙ ගහන්නෙ

    ReplyDelete
  10. දැන් ඉතින් පසුතැවිලි නොවන්න.. වෙනත් විශ්ව විද්‍යාලයකට අයදුම් කර බලන්න අක්කෙ..

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් ට්‍රයි කරලා බලනවා

      Delete
  11. කමක් නැහැ ඒකෙන් ඔයා පාඩමක් ඉගෙන ගත්තනේ. ඉන්ටර්වීව් එකක් කියන්නේ තමන් තමන්වම මාර්කට් කර ගැනීමක්. First impression කියන දේ ගැන නම් සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හැමදේකටම වඩා වටින්නෙ

      Delete
  12. හැමදේම වෙන්නේ හොදට ලූ නේ.. ඒවයින් පාඩමක් ඉගෙන ගත්තා නෙ.

    ඕවා නම් මොනාද අක්කේ....
    ඔය කිසිම දෙයක් වෙන්නේ නැතුව යස අගේට ඉන්ටර්විවු ඇනගෙන ගෙදර එන්නේ..
    ඕන් කියන්ඩ බලන්ඩ ඒවට මොකද කරන්නේ කියලා....

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතින් ජස්ට් මයි ලක් කියලා හිත හදාගනින් බං

      Delete
  13. පාපිස්ස තමා වැඩේ කාල තියෙන්නේ.

    ReplyDelete
  14. හිතාගන්න පුළුවන් ඔයාට දැනුන විදිය. මමත් ඔය වගේ මුළ ඉඳන්ම අනාගත්ත අවස්ථාවක් මතක් වුණා එකකදි.
    වුණ වැරදි තේරුම් අරන් ඉස්සරහට වැඩ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද. වෙල්කම් ටු ද ක්ලබ්

      Delete
  15. // සාරිය අඳින්න ගිහිනුත් පරක්කු උනා.// මේක හැමදාම හැම කෙල්ලටම එකයි නොවැ..

    ඉන්ටර්විව් මාර ආතල්. මම කොච්චරනම් ඒවට ගියාද කාලයක්.. අනේ අප්පේ..

    ReplyDelete
    Replies
    1. ඔය යාර හයේ ආශ්චර්යය විඳින්න පුලුවන් හොඳටම පරක්කු වෙච්ච දවසට.

      Delete
  16. මේක ලියපු එක හොදයි ඇනගන්න ඉන්න අයට දැනගන්න.....

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාව පසෙකලා ලිව්වෙ කාට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ කියලා

      Delete
  17. වෙන්න ඕනේ හොඳම එක වෙලා. කාලා හමාරයි.

    (මට දැන් ගේම් එකක් නැත්නම් විනාඩි පහක් ඉන්න බෑ එක තැනක. මට දැන් රෑට නිදාගන්නත් උදේට බාත් රූම් යන්නත් ගේම් එකක් ඕනෙ. එක එක කාලෙට එන ලෙඩ නරක ළමයින්ට කියලා මම හිත හදා ගන්නවා.)
    මට මතකයි වෙනියාත් කාලෙකට කලින් මේ වගේ පෝස්ට් එකක් ලියලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහිය තමයි. මටත් එසේමයි

      Delete
  18. ඉන්ටවීව් හතර පහකින් ඉගෙනගන්න තියෙන පාඩම් ටිකක් එක ඉන්ටවීව් එකකින්ම ඉගෙනගෙන තියෙන්නේ... තව ඕනිනම් ෆෝන් එක සයිලන්ට් දාගන්න ඒකත් මේකටම එකතුකරගත්තම හරි :)

    ReplyDelete
    Replies
    1. සයිලන්ට් නෙමේ. ඕෆ්. :)

      Delete
    2. ඔව් ඔව් සයිලන්ට් නෙමෙයි ඕෆ්

      Delete
  19. මම ඉන්ටර්වීවි ගිහින්ම නෑනේ... :)

    ReplyDelete
    Replies
    1. හයියෝ හරිම අපරාදයක්නෙ.

      Delete
  20. සැලෙන්න එපා.මගෙත් මුල් ඉන්ටර්විව් එකේදී ෆෝන් ඒක සයිලන්ස් කරන්න අමතක වෙලා.හරියටම ඉන්ටර්විව් එක පටන අරන් ටික වෙලාවකින් රින්ග් උනේ නැද්ද ෆෝන් එක. ලැජ්ජාව කෝටියයි. ඒ උනාට මට නම් ජොබ සෙට් උනා.
    ඒත් බොසාට මතක් වෙන වෙන සැරේට "නෝටි ගර්ල් කතා කලේ නැද්ද" කියලා අහනවා.

    ReplyDelete
    Replies
    1. සමහරු ඔය වගේ දේවල් එච්චර ගණන් ගන්නෙ නෑ. සුදුසුකම් තියෙනව නම් එච්චරයි

      Delete
  21. Replies
    1. නැට්ටෙ ඉඳන් ගොම නේ. හයියූ..

      Delete
  22. මම දිගම කාලයක් කල මගේ ආසාම රස්සාව ලැබුනේ ඔහොම සම්මුක පරීක්ෂණයකට පස්සේ. ඒකට ආපු ලියුම මට ලැබුනේ එදා උදේ. එතකොට ඒක සහතිකයක්වත් අතේ නැහැ. කැම්පස් දුවලා එවුවා අරගෙන හතිදාගෙන ගිහින් අර කාර්යාලෙට අතුල්වෙනකොටම කියෙවුවෙ මගේ නම. මම ඒ විදිහටම ගියා. මගේ හිතේ ඔය රස්සාව ගැන කිසිම අදහසක් නොතිබුන නිසා මම එදා ඇත්තම කිවුවා. ඊට පස්සේ දෙවෙනි සම්මුක පරීක්ෂනෙට ආපු ලියුම මට හම්බ උනේ නැහැ. එත් මගේ ඒ ආයතනේ වැඩ කල මිතුරෙක් ආරංචිය ගෙනාවා .. එතකොටත් උදේ වරුව ගතවෙලා. මම එතෙන්ට ගියේ මගේ නම තියෙනවාද කියා නොදැනයි.. නමුත් එදා මට හති අරින්න කල් තිබුනා. පියන්ගේ ලැයිස්තුවේ මගේ නම තිබුනේ අවසානයට කිට්ටුව. මට ඒ රස්සාව ලැබුනා .. මම එතන දෙවැනි තැන දක්වා ගියා ලංකාවෙන් පිටවෙන්න පෙර.. .
    ඒ පියන් පස්සේ කාලෙක මගේ ළඟ වැඩ කරලා විශ්‍රාම ගියා. එයාගේ නම මගේ කතාවක ඇති..
    මොන දේ උනත් හිත සැහැල්ලුවෙන් ඉන්න .. වරදින්නේ නැහැ.. ඔයාට වෙලා තියෙන්නේ මිනිස්සුන්ට නොවෙන දේ නෙවෙයි දරුවෝ !!

    ReplyDelete
    Replies
    1. ආස කරන රස්සාවක් ලැබිච්ච එක කොයි තරම් වාසනාවක්ද.

      Delete
  23. අපෙ අප්පෝ...කොහොමද බං ඉන්ටවීව් එකේ ප්‍රශ්න වලට උත්තර දුන්නෙ? මට නම් බය වෙලාම මොනවා හරි වෙනවා.

    ReplyDelete
    Replies
    1. සිරාවටම මට මතක නෑ බං මොනාද ඇහුවෙ කියලවත්. ඩිග් ඩිග් ගාලා ගැහි ගැහී හිටියා මිසක්.

      Delete
  24. වැදගත් පාඩමක්. අපි ඉතිං පාපිසි වල කුකල් පැටලෙන්න තුඩ උල් කරපු සපත්තු දාන්නේ නෑනේ. අනිත් එක ​මම නම් මොබයිල් කලින්ම සයිලන්ට් දාගන්නවා...

    ReplyDelete
    Replies
    1. අන්න හරි මාලුවෝ! මං නම් කම්පැණිය අස්සට යද්දිම සයිලන්ට් දාගෙන යන්නෙ.

      Delete
    2. උල් සපත්තුව තමා පරහට හිටියෙ.

      Delete
  25. වැදගත් උපදෙස් පොඩ්ඩ...

    ReplyDelete
    Replies
    1. ඇන ගැනීමට පෙර දැනගන්න

      Delete
  26. මේ කතාව කියෙව්වාම මට මතක් වුනේ කාලෙකට කලින් ගිය වැඩමුළුවක කීව කතාවක්..

    ඔන්න පිණිබිඳුවාට වගේම සිද්දියක් වෙලා ගෑනු ළමයෙක් ඔහොමම පාපිස්සෙ පැටලිලා වැටිලා..ඒ ගෑනු ළමයාගෙන් බෝඩ් එකේ කට්ටිය අහලා මොකද වුනේ කියලා..අනේ ඒ ළමයා ගත්කටටම කියලා
    I have fallen for a wonderful company කියලා..

    ReplyDelete
    Replies
    1. ස්ථානෝචිත ප්‍රඥාව නේ

      Delete
  27. ඔය වගේ අපේ office එකට ඉන්ටර්විව් ආපු කෙනෙක් කරපු ‍වැඩක් මම බොල්ග් එකේ දාන්නම් ඒකෙනුත් ගන්ඩ ගොඩක් තියනවා

    ReplyDelete
    Replies
    1. දාන්නකො බලන්න කාට උනත් ප්‍රයෝජනයක් වෙන දෙයක්නෙ

      Delete
  28. උදේම හෝටලේකිං පරණ වෙච්ච මාළු පාං එකක් කාල කිරි තේ එකක් බීල ඉන්ටවිව් ගිහිං බලන්නකො. පාපිසි මොනාද කියල හිතෙයි.

    ReplyDelete
    Replies
    1. හපොයි මට හිතාගන්නවත් බෑ. ඇත්තටම වෙච්ච දෙයක්ද

      Delete
  29. හම්! ඇත්ත! පුලුවන් තරම් රිලැක්ස් එකේ යන්න ඕනි! මං එක කම්පැණීයත ඉන්ටවීව් ගියා.එදා මං කළබල උනා. ඉතිං එයාල මාව ගත්තෙ නෑ. මං කොච්චර කලබල උනාද කිව්වොත් මට කඩුවෙන් අහපුවට සිංහලෙනුයි, සිංහලෙන් අහපුවට කඩුවෙනුයි උත්තර දුන්නා කියලා මතක් උනේ එළියට ආපුවම. එදා මං නා ගත්තා.

    ඒත් මාස දෙකකට කලින් මං ආයෙම ඒ කම්පැනියෙම වෙන පෝස්ඒ එකකටට ඉන්ටවීව් ගියා. එදා මං චාන්ස් එක ගත්තා. වැරදුන සේරම එදා ගොඩ දාගත්තා. සතියකින් කෝල් එක ආවා වැඩට එන්න කියලා!

    එදා මං ඉගෙන ගත්තේ ඉන්ටවීව් එකේදි මොනා ඇහැව්වත් කෙලින් ඉය නැතුව කතා කරන්න ඕනි. බය වෙලා ගියාම නාගන්නවා කියලා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මීට පස්සෙ ඉන්ටවිව් බෝඩ් එක ඉස්සරහා හතරගාතෙන් වැටුණත් මම සැලෙන්නෙ නෑ

      Delete
  30. Replies
    1. හැමදාම හිතාගෙන ඉන්නවා ගන්න ඕනෙ කියලා තාම බැරි උනා

      Delete
  31. ඉන්ටර්වීව් එකේදි තියන බයට, කලබලය නිසා අල්ලට දාන දාඩිය මතක ඇතුව පිහිදාගන්න ඉන්ටර්වීව් බෝඩ් එකේ අයට නොපෙනෙන්න. නැත්නම් දාඩියත් එක්ක අතට අවසානයේ අත දෙන එක අනිත් පාර්ශවයට ගේන්නෙ එච්චර ප්‍රසන්න අත්දැකීමක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් වටිනා අදහසක් නවම් අයියෙ

      Delete
  32. අර අන්තිමට දාලා තියෙන කෑල්ල මම අහලා තියෙන්නෙ ඔයිට වඩා තරමක් සරල වන් ලයිනර් එකකින්. You never get a second chance to make the first impression.
    මම දවල්ට කෑවෙ බින්දිගෙ බ්ලොග් පොස්ට් එක කියව කියවා. එතකොට දැක්කා බ්ලොග් රෝලෙ පිණිබිඳුගෙ මේ පෝස්ට් එක. ඒක ඇරලා ගියැ නැප් එකක් දාන්න. ආපහු ඇවිත් බලන කොට මෙන්න පිණිබිඳු මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකකුත් දාලා ගිහින්.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ කාලෙ කතාවක් කිව්වොත් අපි ඉතින් පැනගෙන ඇවිත් බලන්නෙ.

      Delete
  33. මම එක පාරක් ගියා පිණිබිඳු, ලේක් හවුස් එකේ ඉන්ටව්‍යූ එකකට. එතනම තිබ්බා ලිඛිත ඉංග්‍රීසි විභාගයකුත්. එවෙලෙම ඒකෙ ලකුණු දුන්නා. 100%. ඉන්ටව්‍යූ එක ඉවරවෙලා පැනල් එකේ කට්ටිය මට අතට අත දීලා කිව්වා වැඩට ආවාම කරන්න තියෙන දේවල් පවා.

    මමත් ගෙදර ගිහින් බලා හිටියා රස්සාවට කතා කරනකල්. පස්සෙ ගමේ ඒ කාලෙ බලයෙ හිටපු දේශපාලන පක්ෂ කාර්යාලෙ ලේකම් මාත් එක්ක කියනවා. "මල්ලි, ඔයාගෙ සාමාජික අංකෙ මොකක්ද කියලා අහන්න මෝට සයිකල් කාරයෙක් ආවනෙ දවසක්. ඔයා ගැන සහතිකයකුත් ඉල්ලුවා. ඉතින් ඔයා අපේ සමිතියෙ නෑනෙ. ඉතින් මිනිහා යන්න ගියා."

    ඉතින් මට ඒ රස්සාව ලැබුනෙ නෑ. කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයො නොවුනු අපේ පවුලට දේශපාලනය අරහන් වෙන්න එක ප්‍රබල හේතුවක් ඕක.

    ඉතින් එදා මා වෙනුවට ලේක් හවුස් එකට ගත්ත එකාටත් ලකුණු 100% ක්ම තියෙන්නම ඇතිනේ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඔහෙම තමා.කියල වැඩක් නෑ

      Delete
    2. සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නෙ හරිම කලාතුරකින්

      Delete
  34. මම අහල තියෙන දෙයක් කියන්නම්..එක ගැණු ලමයෙක් හදිස්සියේ ඔහොම රස්සාවකට ගියා ඒ ලමයත් ඔහොම දොර ලග මොකක්ද තිබ්බ එකක පැටලිලා පොඩ්ඩක් වැටිලා..ෆොන් එක නෙවෙ ලමය වැටිල..
    බොහොම සීරුවෙන් නැගිටපු ලමය හිනා වෙලා කිව්වලු i believe i have fallen in to correct place කියල..

    එතනින් ඒ ස්තානොචිත වැකියෙන් ආපු ඉම්ප්‍රෙශන් එකෙන්ම ලමය ගොඩ යැම සැහෙන්ට ස්තීර වුනා ලු..

    මේක මේ සීන් එකට අදාල නොවුනත් කලබල නොවී කල්පනාවෙන් ගේම දුන්නොත් අවසාන මොහෙතෙත් ගොඩ යැමක් තියේ ලු

    ReplyDelete
    Replies
    1. තැනට සුදුසු නුවණත් තියෙන්නම ඕනෙ

      Delete
  35. අපරාදේ සමහර විට ඔයා එතන හිටපු හොඳම කෙනා වෙන්නත් ඉඩ තිබුනා..

    ReplyDelete
    Replies
    1. වෙලාව තමයි. වැඩි දෙනෙක් ඉන්ටර්විව් හිටියෙත් නෑ.

      Delete
  36. ඔය දේ මට වුනා නම්, ඒ ඉන්ටවිව් එක මට දිනන්න ඕනේ නම් මම ඒක වාසියකට හරවාගන්නවා. :) කවදාවත් සැලෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මම ඒ වෙලාවෙ නොසෑහෙන්න කලබල උනා.

      Delete
  37. මම කියන්න හිටිදෙ අවවාදයක් හැටියටම දාපු නිසා හොදා

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් වැරදීම් වලින් පාඩම් ඉගෙන ගන්න කට්ටිය නොවැ

      Delete
  38. මෙහෙමයි මමත් කලින් හිතන් හිටියේ මට විතරයි මේවා වෙන්නේ කියලා ඒත් මම අනිත් අයටත් වඩා ටිකක් හරි හරියට කරලා තිබ්බා !! ඔයාත් එහෙම වෙන්න ඇති අක්කී! මුලින්මද කොහෙද මේ පැත්තේ ආවේ ක්සැන්ඩර් | Xander දාලා තිබුණු ලින්කුවක් දැකලා. ජය!!!!

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  39. ගනන් ගන්න එපා. ඕවද මිනිස්සුන්ට වෙන්නේ. ඊළඟ පාර ඉන්ටර්වීව් යනකොට කරන්න ඕනේ ටික දන්නවනේ දැන්..

    ReplyDelete
  40. ඉන්ටර්විව් එකකට මුණ දීල නැති වුනාට ඕකේ තියන බැරෑරුම්කම හොඳට දන්නවා. සේහ්....සමහර විට ෆෝන් එක වැටුනේ නැත්තම් ගොඩ යන්නත් තිබුන නේද ?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් වෙලාව තමා සහෝ.

      Delete
  41. සුදා මල්ලි කිරි ගහට ඇන්නා වගේ කියන්ටද ..?
    ලෝකේ මිනිස්සුන්ට කවද හරි හෙනෙකට හිටින්නේ ඔය "පොන්" ඒක තමා..
    මටත් තියෙනවා සුට්ටි එකක්

    ReplyDelete
    Replies
    1. ඕක තමා ගොඩක් අවුල් වලට මුල

      Delete
  42. හිකිෂ්
    මතක් උනේ නම් මිස්ටර් බීන් සෝ එකක සීන් එකකි ,(බොරු කියන්නෙ මොකටද )

    ReplyDelete
    Replies
    1. මම කෙලින්ම කොමඩි ෂෝ එකක් දුන්න නේද උඹලට

      Delete
  43. හොද වෙලාවට ෆෝන් එක විතරක් වැටුනෙ. ඒකත් එක්ක අයිතිකාරයවත් වැටුනනං තමයි කෙලිය

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙම උනා නම් ආපහු හැරිලා එන එකම තමා හොඳ ඇතුලට යන්නෙ නැතුව

      Delete
  44. හපොයි මඳැයි ඔයින් ගියා.
    මම නම් ඔන්න අදමයි ආවෙ. ඒත් මම කල්පනාකලේ කොහොමද මීට කලින් මේක දැක්කෙ නැත්තෙ කියල.
    මම ලියපු ලිපියක් දැකපු කෙනෙක් තමා මේ පැත්තට පාර කිව්වෙ. ඒ ලිපියත් බලලම එන්නකො ගිහින් :)

    http://gimanhalablog.blogspot.com/2012/08/blog-post.html

    මම නම්දි ගටම මේ පැත්තෙ එන්නයි කල්පනාව. හමුවීම සතුටක්!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට. ගිමන් නිවන්න ඇවිත් යන්නකො.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...