"මගේ නිවස මම පිරිසිදු කරලයි තිබෙන්නේ, ඒකයි මා කරල තිබෙන්නෙ. මගේ පවුලේ කුණුවී ගිය කොටස කපා ඉවත් කර නිවසට නැවත ගෞරවය රැගෙන විත් තිබෙනවා."
මේ වහසි බස් දොඩන්නේ වෙනත් ආගමක තරුණයෙකු හා පෙමින් බැඳි වරදට, තම දියණියට පිහියෙන් ඇන මරා දමා, තම පවුලේ 'නම්බුව' බේරා ගත් 'වීර' පියෙකුයි. ඔව්. ජෝර්දානයේ 'බෙඩුඉන්' නීතියට අනුව ඔහු කර ඇත්තේ වරදක් නොවේ. තම පවුලේ නම්බුව වෙනුවෙන් කැපවුණු වීරයෙකු ලෙස උසාවියෙන් ඔහුට ප්‍රශංසා හිමිවේ.
මා ජාතිවාදියෙකු නොවේ. ආගම්වාදියෙකුද නොවේ. එහෙත් Norma Khouri විසින් රචිත 'Forbidden Love' නම් කෘතිය කියවාගෙන යද්දී මනුෂ්‍යත්වය වෙනුවෙන් මගේ ලේ රත්වෙනු වලක්වා ගත නොහැකි විය. මෙම කෘතිය එල්.එස්.එස්. පතිරත්න විසින් 'කාන්තාරයේ අහිංසකාවිය' ලෙස සිංහලයට පරිවර්තනය කර ඇත.
මෙම කෘතියට පදනම් වී ඇත්තේ කතුවරිය මුහුණ පෑ සත්‍ය සිදුවීමකි. එය ශතවර්ෂ ගණනාවකට පෙර දුරබැහැර ගෝත්‍රික ගම්මානයක නොවේ. විසි එක්වැනි සියවසේ අධිතාක්ෂණික නවීකරණයට යටත්ව ඇති ජෝර්දානයේ අම්මාන් අග නගරයේ සිදුවීමකි. මෙය එක් හුදකලා සිදුවීමක්ද නොවේ. වසර සිය ගණනක් පුරා අරාබි රටවල දිනපතා සිදුවෙමින් පවතින බිහිසුණු ක්‍රියාවලියක එක් සිදුවීමක් පමණි.
කතුවරිය වූ නෝමාගේ හොඳම යෙහෙළිය වූ 'ඩාලියා' අති සුන්දර මුස්ලිම් යුවතියකි. ඈ අහම්බයෙන් ප්‍රේමයේ බැඳෙන්නේ කතෝලික තරුණයෙකු වූ 'මයිකල්' සමඟය. අන්‍යාගමික ප්‍රේමයක් එවැනි රටක මුස්ලිම් ජීවිතයකට ඇතුළු වීම යනු මරණයට අත වැනීමක් බව දැන දැනත් නෝමා ඩාලියාගේ ප්‍රේමයට උදව් කරයි.
ඩාලියා හා මයිකල් තම ප්‍රේමයට ජෝර්දානය තුළ පැවැත්මක් නැති බව දැන නෝමාද සමඟ රටින් පිටවීමට උත්සාහ දරති. එහෙත් දඩ බල්ලන් සේ සිය සොයුරියගේ ජීවිතයට ඉව අල්ලමින් සිටි ඩාලියාගේ සොහොයුරන් මෙය දැන ගනියි. කෝපාවිෂ්ඨ වූ ඩාලියාගේ පියා සිය දියණියගේ 'නොහොබිනා' හැසිරීම නිසා නැතිවී ගිය පවුලේ ගෞරවය ආරක්ෂා කරගනු වස් ඈට පිහියෙන් ඇන මරා දමයි. එය එපමණකටම සරලය. මනුෂ්‍ය ජීවිතයක් ඔවුනට එපමණටම නොවටින්නේය.
කතුවරියට අනුව ජෝර්දානය බහුතරයක් ගැහැණුන්ට කලහකාරී සිර මැදිරියකි. තමාගේ ආදරණීයන්ගේ දෑතින්ම මරණයට පත්වීමේ අවිනිශ්චිත අවදානමට ඔවුහු සැමවිටම මුහුණ දෙමින් සිටිති. ඔවුහු නිශ්ශබ්ද සිහින දකින්නියන් වන තරමට ජීවිතය ආරක්ෂිතය.
රැකගැනීමට උත්සාහ කළ නම්බුව ඉක්මවා ගිය ආදිකල්පික කෲරත්වය පිළිබිඹු කරමින් ඩාලියාගේ සිරුර තුළට දොලොස් වතාවක් පිහියෙන් ඇන තිබිණි. පිහියෙන් ඇනීමෙන් පසු ඇයගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි වග ස්ථීර කරගන්නා තුරු ගිලන් රිය කැඳවීමට ඔවුහු කල්මරමින් පසුවී තිබිණ. තත්වය මෙසේ තිබියදී පැය කිහිපයක් ෂාරියා උසාවියේ ගත කිරීමේ අපහසුව හැරුණු විට මිනීමරුවා කිසිදු දඬුවමකට යටත් නොවේ. එපමණක් නොව, පවුලේ නම්බුව උසස්කොට සලකා ක්‍රියාකිරීමට ඔහු තුළ තිබූ ධෛර්යය සම්බන්ධයෙන් උසාවිය ඔහුට ගෞරවය පුදකර සිටියි.
කතුවරිය සතු සංඛ්‍යාලේඛණ වලට අදාලව ලොව පුරා නම්බුව උදෙසා මරාදමන ගැහැණුන්ගේ සංඛ්‍යාව වසරකට 5000 ඉක්මවයි. එයින් බහුතරය ජෝර්දානයෙන්ය. අනාචාරයේ හැසිරෙන හෝ අනාචාරයට යොමුවිය හැකි ලෙස කටයුතුකරන ස්ත්‍රී ඥාතීන් මරා දැමීමට ඔවුන්ට නීතියෙන්ම ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ. මෙහි අනාචාරයට යොමුවිය හැකි ක්‍රියාවක් ලෙස ආගන්තුකයෙකු සමඟ කතාකිරීම වුවද ප්‍රමාණවත්ය. දුරාචාරවත් ලෙස හැසිරී ඇතැයි යන හුදු කටකතාවක් හෝ සැක කිරීමක් වුවද මීට අදාලය.
තවත් ලියන්නට දේ ඇතුවා නොවේ. මගේ කලහකාරී සිත තවම නිවී නැත. එහෙත් යම් ආගමකට ඇඟිල්ල දිගුකිරීමට මට අයිතියක් නැත. මිනිසෙකුට කිනම් හෝ ආගමක් ඇදහීමේ අයිතිය ඇත. එක් එක් ආගමෙන් ලැබෙන නිදහසද වෙනස් විය හැක. ආගමක් සංසන්දනය කිරීමට මට අවශ්‍ය නැත. මන්දයත් ආගම ජාතිය අතහැරිය විට අප සියල්ලෝම ඇට මස් ලේ වලින් සැදි මනුෂ්‍යයෝ වන බැවිනි. ඒ මනුෂ්‍යත්වයට ගෞරව කිරීමට මෙන්ම ගෞරවය පෙරලා ලැබීමටද අපට අයිතියක් ඇත. පොත කියවා බලා ඒ මනුස්සකමට ලැබිය යුතු වටිනාකම තක්සේරු කල හැක්කේ කෙසේදැයි තීරණය කිරීම ඔබට බාරය.
කියවලා නෑ...
ReplyDeleteමෙදාපාර සෑහෙන්ඩ ලොකු ලිස්ට් එකක් තියෙනවා පොත් ගන්ඩ !
අනේ මෙයා කියවන පොත්.
Deleteමාත් ලිස්ට් එකක් හදාගෙන යනවා. මධුරංග උඹලා යන දවසක් අපිටත් කියපල්ලා..
Deleteනදී, එයා පොත් පෙරලනවා විතරලු
DeleteOh religion ! how many crimes are committed in thy name ?
ReplyDeleteපොතේ තියෙන විදිහට කුරාණයේ කියල තියෙන්නෙ අනාචාරයේ හැසිරෙන ගැහැණුන් 'දඬුවමට යටත් කළ යුතුය' කියලලු. ඒත් මෙයාලා ඒක පරිවර්තනය කරගෙන තියෙන්නෙ 'මරාදැමිය යුතුය' කියල.
Deleteමාත් හරිම සංවේදී වුණු කතාවක් මේක...
ReplyDeleteමටත් එහෙමයි
Deleteමම කියවලා තියෙනවා.. ලස්සන පොතක්..
ReplyDeleteඔයිට සමාන කතා තමා..ගිනි දියණි.. ජොආනා..
ලස්සන පොතක් කියන්න මට බෑ. ඒක ඇත්තම අත්දැකීමක් නිසා. ගිනි දියනි මම අහල තියෙනවා. ගන්න ඕනෙ
Deleteතවත් තියෙනවා මේ වගේ කතා - "මුහුණ පෙන්වීම තහනම්"(පරි- අනුර කේ එදිරිසූරිය)
ReplyDeleteප්‍රෙෂර් එක වැඩි වන නිසා වැඩිදුරට කිසිවක් නොකියමි.
ඇත්තමයි මේ පොත් කියවලා ප්‍රෙෂර් එක වැඩි වෙන එක විතරයි.
Deleteමාත් පොත කියවල තියෙනව......
ReplyDeleteහරිම දුකයි මේව අහනකොට....සමහර රටවල ගල්ගහල මරනව.....මනුස්ස ජීවිතයක් බලු වටින් නෑ උන්ට...
අපේ රටවල් වල තාත්තලා දරුවො ජීවත් කරවන්න දුක් විඳින හැටි ගෙනත් පෙන්නන්න තියෙන්නෙ.
Deleteමේ තරම් මගේ හිත සසල කල තවත් පොතක් නෑ.. ඇත්තටම පොත කියවලා අවසන් කළ වහාම හිතට දැනෙන කලහකාරී බවත් එක්කම මේවට විරුද්ධව නැගී හිටින්න කළ හැකි ඕනෑම දෙයකට සහය දක්වන්න තරම් කොකු හයියක් දැනෙනවා. නෝමා කූරිගේ පවුද්ගලික e mail ලිපිනයෙන් පවා මං ඒ පිළිබදව සොයා බලා යමක් කරන්නට උත්සාහ කලා..
ReplyDeleteMayada- the daughter of iraq කියවලා තියෙනවද? ඒත් මී වගේම මුස්ලිම් ලෝකයේ සිද්ධ වෙන කුරිරු අසාධාරණකම් ගැන කියවෙන පොතක්.. ඇත්තටම මේ තරම් දියුණු ලෝකයකත් අපායට ලං වුණු මෝහයෙන් පිරී ඉතිරීගිය අදහස් ගහන කුහක ලෝකයකින් එලියට එන්න මුස්ලිමුන්ට බැරිවුණේ ඇයි කියලා මුලු මහත් මුස්ලිම් සමාජය එක්කම වයිරයක් පිළිකුලක් කලකිරීමක් ඇති වෙන එක වලක්වන්න හරි අමාරුයි..
සමහරක් මුස්ලිමුන් මෙහෙම නෙමෙයි වෙන්න ඇති.. ඒත් දන්න තරමින් බහුතරයක් එහෙමයි.. එක් එක් ආගම් වල අන්තර්ගතය, ඇදහිලි, විස්වාසයන් වෙනස්..ඒත් හැම ආගමකම මූලික න්‍යාය මානුෂීයත්වය නෙවෙයි ද කියලත් වෙලාවකට හිතෙනවා. මම මුස්ලිම් ආගම ගැන දන්නෙ නෑ. ඒත් රටේ තොටේ වෙන දේවල් වලින් නම් හිතෙන්නෙ ආගමේ අඩංගු කරුණු පුහු මානයෙන් ඔලුව උදුම්මා ගත්තු මෝඩ රැළක් විසින් තමන්ගේ වාසියට විකෘති කරගෙන.
මයාඩා, කූඩු කිරිල්ලී, ටෙහෙරානයේ සිරකාරිය, මනරම් හිරු දහසක් ඔය හැම පොතකින්ම කියවෙන්නෙ අරාබි රටවල් වල කෲරත්වය නෙමෙයිද.
Deleteතව දෙයක්.. මේ වගේ පොත් වලට මම නම් "ලස්සන පොතක්" කියන්න කැමති නෑ. ඒක හේතුවක් මේ හැම කතාවක් ම මේ ලොකේ ඇත්තටම සිදු වුණු සිදුවීම් ආශ්‍රයෙන් ලියැවුණු ඒවා.. සමහර විට ඒ සිදුවීම් වලට මුහුණ දුන් අය (හෝ ඇසින් දුටු සාක්ෂි ) තවමත් ජීවතුන් අතර සිටිනවා.. අනික මේ හැම කතාවක් ම හද කම්පා කරවන කතාවන්, ශෝකාන්තයන්, සාමන්‍ය ප්‍රේම කතාවක ශෝකාන්තයට එහා ගියපු හිතට අමතර බරක් එකතු කරන ශ්හෝකාන්තයන්.. ඒ නිසා පෞද්ගලිකව මං නම් මේ වගේ පොත් වලට ලස්සන පොතක් කියන්නෙ නෑ
ReplyDeleteඔව්. නවකතාවක් හැටියට ලස්සනයි ඒක ප්‍රබන්ධයක් නම්. ඒත් ඇස් පනාපිටම සිදුවෙච්ච පිලිකුල් අත්දැකීමක් නම් ඒක ලස්සන වෙන්නෙ කොහොමද
Deleteමං මේ පොත කියෙව්වෙ දැනට අවුරුදු 5කට විතර කලින්.. "දයාබර ඩාලියා" කියලා මතක විදියට චිත්‍රා අයි පෙරේරා ගෙ විදර්ශන පොතක් එහෙමත් නැත්නම් සරත් විජෙසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ පොතක් විදියට එළිදැක්වුණු පරිවර්තනයක්.. ඒත් අදටත් මට ඒ කතාව මතක් වෙද්දි හුස්ම ගන්න අපහසුතාවයක් එක්ක හිතට මොකක්දෝ ලොකු බරක් දැනෙනවා..
ReplyDeleteසමාවෙන්න, තුන් පාරක්ම කමෙන්ට් කලේ හිතට දැනෙන කලහකාරී බව ටිකක් හරි සංසිදුවා ගන්න
එකම පොත කිහිප දෙනෙකු අතින් පරිවර්තනය වෙන වෙලාවල් තියෙනවනෙ. මම කියෙව්වෙ වෙනත් පරිවර්තනයක්. ඒත් මුල් පොත එකමයි.
Deleteසංවේදී කතාවක්..
ReplyDeleteඉතාමත් සංවේදීයි.
Deleteමේකමද මන්දා දායබර ඩාලියා කියලා පරිවර්තනයක් තියෙන්නේ
ReplyDeleteමම හිතන්නෙ මේකම තමයි.
Deleteමේකම තමයි
Deleteඇත්ත!!! මේ වගේ දේවල් අහනකොට දකිනකොට ලේ කෝප වෙනවා තමයි. අර කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ කියන පොතුත් ඒ වගේම තමයි. ඒත් මේ පොතත් හොයාගෙන කියවන්න ඕන. ආගමට මුවාවෙලා මේ මිනිස්සු හුගාක් නින්දිත දේ කරනවා. අහන්න බලන්න හිරිකිතයි.
ReplyDeleteකාන්තාරයේ කුසුම පොත ගැනත් කාලෙකට කලින් මම ලිවුවා.
DeleteI know there could be millions of similar incidents happened in this world, and even may be in this movement, but not for lowering the value of the novel but the actual things are little bit different, http://en.wikipedia.org/wiki/Forbidden_Love_(novel)
ReplyDeleteBut I respect your wordings in this post on behalf of all women’s and children’s who are continuously suffering from these kind of stupid religious believes.
-Prasaa
Not only this novel, but I have read some other articles on this honor killing. Sometimes the author published that the tale was fabricated for her own safety.
Delete@#$%^&*()$@#^
ReplyDeleteභාෂා මාධ්‍යය වෙනස් උනාද
Deleteපුදුම මිනිස්සු. මනුෂ්‍යත්වයට පවා නිගරු කරන මිනිස්සු. තමගනේ පාරම්පරික විස්වාස ඇදහිලි නිසා ජීවිත බිල්ලට ගන්න නුගත් මිනිස්සු. පොත කියවල බලන්න ඕනේ. මේ විස්තරය කියෙව්වමත් ඇඟේ ලේ රත් වේගෙන එන එක ස්වභාවයෙන් වුනා.
ReplyDeleteපොත කියවලා බලන්න. උන්ට මනුස්ස ජීවිතය තුට්ටුවකට වටින්නෙ නෑ.
Deleteආගමක් තියෙන්න ඕන මිනිස්සු සුවපත් කරන්න මිසක් මරණයට පොළඹවන්න නෙවේ. ඒ අර්ථයෙන් මුස්ලිම් කියන්නේ ම්ලේච්ඡ ආගමක් කියන්න මම නං පසුබට වෙන්නෙ නෑ. ඔයවගේ තවත් කතාවක් මම කියවල තියනව. පරිවර්ථනය අනුල ද සිල්වා මහත්මිය. නම නං මතක නෑ.
ReplyDeleteටෙහෙරානයේ සිරකාරියද?
Deleteඒ වගේ. ඉරාණ ජාතික දොස්තර කෙනෙක් එක්ක විවාහ වෙලා ඉරාණයට එන ඇමෙරිකන් කාන්තාව ගැන කියවෙන කතාව.
Deleteදෙවියන්ගේ අඩවවිය.. බෙටී සහ මහමූද්
DeleteNot Without My Daughter
Deleteකියවලා තියෙන එකක් නම් නෙමේ. මේ පාර පොත් ලිස්ට් එකට ඔන්න මේ පොතත් එකතු කර ගත්තා
ReplyDeleteමමත් ගිය පාර පොත් ප්‍රදර්ශනෙන් ගත්තෙ.
Deleteසංවේදි කතවක්...
ReplyDeleteඔව් දිනේශ්. කියවලා බලන්න.
Deleteඅසාධාරණයි නේද....
ReplyDeleteහරිම අසාධාරණයි.
Deleteඔය පොත කියවල නම් නැහැ . එහෙත් ඔයිට සමාන කතන්දර හුඟක් කියවල තියෙනවා . මිනිස්සු අඟහරු ඇල්ලුවත් වැඩක් නැහැ . ලෝකෙන් බාගයක්ම තවම ම්ලේච්ඡ යුගයේ . ඔය වගේ අන්තවාදී මුස්ලිම් අය අතරේ ලිබරල් මුස්ලිම් සමාජත් තියෙනවා . හැබැයි ඔය වගේ ගෝත්‍රික අන්තවාදීන් ඉන්න රටවල අසරණ ගැහැණුන් ට කාගේ පිහිටද . අම්ම තාත්තම දුවට පිහියෙන් අනිද්දී අනෙක් අයගෙන් කවරක් බලාපොරොත්තු වෙන්නද .
ReplyDeleteඇත්ත අක්කා. පොත කියවලා බලන්න. තමන්ගෙම සහෝදරයින් ගැලවෙන්න බැරි ලෙස අල්ලගෙන ඉද්දි තමන්ගෙම අම්මා මුකුත් කරගන්න බැරුව බලාගෙන ඉද්දි තමන්ගෙම තාත්තා පිහියෙන් අනින්න එනකොට ඈට මොනවා හිතෙන්න ඇත්ද.
Deleteකියවල බලන්න ඕන මේ පොත ,ස්තුතියි දැනුවත් කලාට ...
ReplyDeleteලැබුණොත් අරගෙන කියවන්න.
Deleteආගම් උන්මාදය ගැන තවත් කතාවක් පමණයි.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ම්ලේච්ච ආගමක්.
Deleteඅහල ඇතිද මේ ගීතය..
ReplyDeleteස්ලාම් කියාගෙන ගෙට එන
ලසෝ ගිනි මැදින් සුජනන
සේලයෙන් හදට වඩින තාරුකාවියේ...
ෆර්දාවක සැගව සිටින තාරුකාවියේ...
කුරානයේ අක්ෂර පද
ඔබේ නෙතට හමු නොවීද
දුක්ඛතාපයේ සරනා තාරුකාවියේ...
පහන්තරුව සොයා යමුද තාරුකාවියේ..
සින්දුව නම් ලස්සනයි
Deleteඔය වගේ පොත් සෑහෙන ප්‍රමානයක් තියෙනවා. දැන් ටික ටික ලෝකය ඒ ගැන දන්නවා වගේ.ඒත් මුකුත් ක්‍රියාමාර්ගයක් ගන්නවද දන්නෙ නෑ.එහෙම ගන්න පුලුවන්ද දන්නෙත් නෑ.
ReplyDeleteමොන ක්‍රියාමාර්ගද. ඒ රටවල් වල කොයි තරම් නම් තවමත් ඔය වගේ දේවල් සිද්ධ වෙනවද
Deleteහ්ම්ම්..මමත් කියවල බලන්නම් යාලු!ස්තුතියි කිව්වට ඒ ගැන!:)
ReplyDeleteකියවලා බලන්නකො
Deletehttp://www.gossiplankanews.com/2012/08/father-charged-for-abuse-his-baby.html#more
ReplyDeleteතිරිසන් මිනිස්සු
Deleteආගමක නාමයෙන් මේ අය මිනීමරුවන් වෙලා කියලා ඒගොල්ලන්ටම තේරෙන්නේ නැතිහැටි....!!!
ReplyDeleteපිටින් බලන් ඉන්න අපිට විතරද මේවා අහස පොලව නුහූලන අපරාධ කියලා පේන්නෙ.
Deleteමේ පොත නම් කියවලා නෑ. ඒත් මීට සමාන පොත් කියවලා තියෙනවා කූඩු කිරිල්ලී, මයාඩා වගේ. මිනිසුන්ට මෙපමණ කුරිරු විය හැකිද කියලා හිතන්නවත් බෑ.
ReplyDeleteඅවුරුදු ගාණකට පෙර කියෙව්වත් මේ පොතේ අන්තර්ගත සමහර දේවල් තාමත් හිතේ දෝංකාර දෙනවා..
ReplyDeleteපොත කියවලා මට හිතුනෙ ලංකාවෙ ඉපදීම වාසනාවක් කියලා විතරයි..
ගොඩක් සිංහල බ්ලොග් පෝස්ටු කියවනකොට තාත්තලා අම්මලා පුතාලා වගේම දුවලත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනකොට මේ පොතේ තියන භයානක හොල්මන් වල හෙවනැල්ලවත් එයාලට වැටෙන්න එපා කියලයි හිතෙන්නෙ..
පකිස්තානයේ අදටත් සිද්ධවෙන මිනීමැරුම් වලදී කුඩා ගැහැණු දරුවන් පවා මිය යන බව (මරා දැමෙන බව ) දන්නවාද? ඒ වෙනත් කිසිවකට නොව ගෝත්‍රය පවුල සහ රැහේ නම්බුව වෙනුවෙන්..
ReplyDelete