ඒ ලෙවල් කරන කාලෙ මම බයෝ වලට ගෲප් ක්ලාස් එකකට ගියා. ඒක කලේ අපේ ඉස්කෝලෙම මිස් කෙනෙක්. ළමයිනුත් දහයක් විතර හිටියා. ඉස්කෝලෙ යාලුවොම තමයි ක්ලාස් එකේ හිටියෙත්.
අපේ ඉස්කෝලෙ මිශ්‍ර ඉස්කෝලයක් නිසා මම හැමදාම කියනවා වගේ ගැහැණු යාලුවො වගේම පිරිමි යාලුවොත් අපේ සෙට් එකේ හිටියා. කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නැතුව එක වගේම පිස්සො ටිකක් හිටියෙ. ඒ යාලුවො සෙට් එකේ පස්සෙ කාලෙක ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කෙ පළවෙනියා වෙච්ච කෙනා වගේම, ඉස්කෝලෙ වෙලාවෙ බීලා විනය පාලක සර්ට අහුවෙලා පන්ති තහනම් කරපු උනුත් හිටියා. ඒත් ඒ කවුරු එක්ක උනත් මට තිබුණෙ මගේම සහෝදරයො වගේ බැඳීමක්.
මුන් ඉතින් අපේ ගෙවල් වලට හිටපු ගමන් කඩන් වැටිලා අපේ අම්මලා තත්තලා උනත් මුන්ව අඳුරනවා. අපෙ අම්මා කෙසේ වෙතත් අපේ තාත්තට නම් මගෙ යාලුවො සෙට් එකේ දිරවන්නැති උන් හිටියා. උන්ගෙ මූණට කිව්වෙ නැති උනාට මට නම් අඟවලයි තිබුණෙ ඔය රස්තියාදුකාර කොල්ලොන්ව ආශ්‍රය කරන්න එපා කියලා. ගෙදරින් කිව්ව පලියට අපි ඔය කාලෙ යාලුවො අත අරිනවද.
ඉතිං කලින් කිව්ව බයෝ ක්ලාස් එකට ඔය අපේ තාත්තට පෙන්නන්න බැරි ජාතියෙ කොල්ලො දෙතුන් දෙනෙකුත් ආවා. ක්ලාස් එක ඇරෙන වෙලාවට තාත්තා එනවා මාව එක්කන් යන්න.
එක දවසක් ක්ලාස් එක ඇරුනට පස්සෙ අර යාලුවන්ගෙන් කෙනෙක් මට කතා කරා. අපි ඒ යාලුවට හෙෂාන් කියමුකො.
"මට ඉස්පිරිතාල හන්දියට ලිෆ්ට් එකක් දෙන්න පුලුවන්ද බං. උඹලත් යන්නෙ ඒ පැත්තටනෙ."
මටත් ඒක ප්‍රශ්නයක් නැති නිසා මම හෙෂාන්ට කමක් නෑ එන්න කිව්වා.
මම දැන් හෙෂාන් එක්ක වාහනේ ගාවට යනවා. අපි අඟලෙන් අඟල තාත්තා ගාවට ළං වෙද්දි තාත්තගෙ මූණ සංසුන්ව තිබිලා, කුතුහලයට ලක්වෙලා, වික්ෂිප්ත වෙලා, තරහා ආරෝපණය වෙලා, වාහනේ දොර අරිනකොට අබ පුපුරන ගාණට පරිවර්තනය වෙලා තිබුණෙ. තාත්තා මේ වගේ යාලුවොන්ට අක්මැතියි කියලා දන්නවා වුණත් මට යාලුවා ඉස්සරහ බෑ කියලා අපහසුතාවයට පත් වෙන්න අකමැත්තක් තිබුණා. ඒත් තාත්තගෙ මූණ දකිනකොට පපුව ඇතුලෙ ඩිග් ඩිග් ගාලා ගැහුණා. යක්ෂයා ආරූඪ වෙලා ඉන්න මූණ දිහා ඇස් කොණෙන් බලලා මම වාඩි උනා.
"තාත්තෙ, හෙෂාන්ව ඉස්පිරිතාල හන්දියෙන් දාගෙන යමු."
තාත්තා නෙමෙයි හ්ම් කියලවත් කිව්වෙ. මම වචනයක් බලාපොරොත්තු උනෙත් නෑ. හෙෂානුත් පිටිපස්සෙ දොර ඇරගෙන වාඩි උනා. ඌ දොර වහගත්තද දන්නෙත් නෑ. බෲම් බෲම් ගාලා රේස් කරපු වාහනේ විද්දෙ නැතෑ වෙඩිල්ල වගේ.
මම අපේ තාත්තගෙ මේ ඇක්ෂන් එක හොඳටම අඳුරනවා. තාත්තා වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නෙ උපරිමේටම තරහ ගිහින් ඉන්නෙ කියන එක.
වාහනේ පියාඹනවා වගේ. සිං සිං සිං ගාලා අනිත් වාහන පහුවෙනවා. වංගු ගන්නකොට අපේ ගිහින් දොරේ ඇලවෙනවා. විනාඩි දෙකක් ගියේ නෑ අපි අදාල හන්දියට ආවා. ක්‍රෑ..ස් ගාලා ගැහුවා බ්‍රේක් එකක්. තව පොඩ්ඩෙන් අරූගෙ මූණෙන් ඉස්සරහ වීදුරුවෙ මෝස්තරයක් අඳින්න තිබ්බා.
හෙෂාන් දඩ බඩ ගාලා බැහැලා "තැන්ක් යූ අංකල්" කියන්නද කොහෙද ගියේ. ඌ අත උස්සලා "තැන්ක්.." කියද්දිත් වාහනෙන් පිට වෙච්ච දුං ටික විතරයි එතන තියෙන්න ඇත්තෙ. යනකනුත් තාත්තා වචනයක් කිව්වෙ නෑ. ගෙදර නැවැත්තුවට පස්සෙ දඩාං ගාලා දොරත් වහලා ගේ ඇතුලට ගියා. මම ආයෙ ඕවා හාර අවුස්සන්න ගියේ නෑ. ඉල්ලං කන්නෙ මොකටද.
ඒ මොනා උනත් ඊළඟ දවසෙ මම ඉස්කෝලෙ ගියේ හරි අප්සට් එකේ. හෙෂාන්ට අපෙ තාත්තගෙ තරහ දැනිලා තිබ්බොත් ඌ අනිත් යාලුවන්ටත් කිව්වොත් ඒක මට හරිම ලැජ්ජාවක් වෙයි.
එදා පන්තියට යනකොට හෙෂාන් අනිත් යාලුවන්වත් වට කරගෙන අත පය විසි කර කර මොනාද විස්තර කරනවා. මට තේරුණා එදා සිද්ධිය තමයි මේ කියන්නෙ කියලා. ලැජ්ජාවට කණෙන් දුං දානවා වගේ මට දැනුනා. මම ඒ හරියට යනකොට උන් මාව දැක්කා. හෙෂාන් මට කතාකරා.
"ආ වරෙන් වරෙන් උඹලගෙ තාත්තා ගැන කිය කිය හිටියෙ."
මූ ඊළඟට මොනවා කියයිද කියලා හිතාගන්න බැරුව මම ලොප් උනා.
"අඩෝ බං, උඹලගෙ තාත්තගෙ ඩ්‍රයිවිං නම් පට්ට බං. සිරාම සිරා. ශෙහ්. සිං ගාලා ගියා. විනාඩි දෙකක් වත් ගියේ නෑ අච්චර දුරක් එන්න. අඩෝ මරු බං. මම හෙන ආසාවෙන් බලන් හිටියෙ උඹලගෙ තාත්තා ඩ්‍රයිව් කරන හැටි."
උගෙ කියවිල්ල ඉවර වෙද්දි මගෙ කටත් ඇරිලා දන්නෙම නැතුව.
"හෑ.. ආ.. ඔව් ඔව්.. තාත්තගෙ ඩ්‍රයිවිං එහෙම තමයි."
යංතං ඒ වචන ටික ගොණුකර ගන්න මට පුලුවන් උනා. නැතුව තාත්තගෙ යක්ෂාරූඪයෙන් වාහන එළවීම ගැන කියලා මොකට කට වරද්ද ගන්නවද.
ඒක නේන්නම්...
ReplyDeleteහ්ම්ම්.. හ්ම්ම්
Deleteවේගය අනතුරු වලට අත වනයි... තාත්තට තරහ කාරයො ඉන්නව නම් උන්ට ඕක දැනගන්න තියන්න එපා... :)
ReplyDeleteඒක ඇත්ත
Deleteපට්ට ඩ්‍රයිවින් නේන්නම්... :)
ReplyDeleteඑහෙමලු හිතාගෙන ඉන්නෙ
Deleteතරහ පිරිමහගන්න හයියෙන් ඩ්‍රයිව් කලාවගේ නෙමෙයි තාප්පයකට හෙම ලිස්සල ගියානම්. මොන තරහක් තිබුනත් වාහන එක්ක සෙල්ලම් කරන්න යන එක නම් භයානකයි.
ReplyDeleteඅපෝ ඒක නම් ඇත්ත
Deleteඌට එහෙන්ම හිතාගන්න දීලා ඉන්න එක තමා හොද
ReplyDeleteඕවා කියන්න ගිහින් මොකට නාගන්නවද.
Deleteඅපේ අප්පච්චිටත් ඉස්සර පේන්න බෑ මම යන ක්ලාසස් වල කොල්ලන්ව. හේතුවකුත් නෑ. ඒත් පේන්න බෑ. දැන් නම් මගෙ යාළුවො එක්ක හරි ෆිට්.
ReplyDeleteඔය කාලෙට කෙල්ලො නොමග යන්න තියෙන ඉඩ වැඩියිනෙ. ඒ නිසා වෙන්න ඇති.
Deleteමාත් ආසයි ඒ කාර් එකේ රවුමක් යන්න තාත්තා එලවනකොට. ඔයාගෙ ස්තානෝචිත අහවල් එක නම් මරු ඈ!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
නැතුව ඇත්ත කියලා අරුන්ගෙන් කන්නද මං
Deleteඅම්මෝ බයානකයි..
ReplyDeleteදැන් නම් එහෙම නෑ
Deleteහපොයි..පිණිබිඳු කොහොම හරි අප්පච්චිගෙ ජාම බේරගත්තා නේ..
ReplyDeleteනැතුව බෑනෙ
Deleteඑහෙනම් ලොකු අවුලක් නෑ.
ReplyDeleteජාම බේර ගත්තා
Deleteහී හී.......එහෙම කියල ශේප් උන එක හොඳයි :)
ReplyDeleteනැත්තම් මට ඉන්න හම්බෙන්නෙ නෑ
Deleteschl time eke bila kyana katawa kyaddi mata matak une..mama 8 iddi ape cls 1 htya 'lella' kyala ekek. Mu august niwadu dna dawase kasippu aran awa..mulu clz1ma gadai.mu ta hodata wedila kasippu halagena.. Hitapallako e weddi 8 wasare.u ge gewal wala bcgrnd1 tamai balapanna ette
ReplyDeleteමාර කොල්ලෙක්නෙ. හපොයි.
Deleteතාත්ත එසේ මෙසේ පොරක් නෙමේනේ.. මරා ගෙන මැරන කොල්ලෙක් නේ.
ReplyDeleteඅපේ තාත්තට නම් ඕන එකෙක්.. අම්ම එක්ක නම් බෑ
අපේ ඒකෙ අනිත් පැත්ත.
Deleteවේගය පිනවයි :D
ReplyDeleteමරුවා කැඳවයි
Deleteහප්පා... ඇති යාන්තම්... පොර කොහොමට ත්‍රිල් එකේ ඉන්නැද්ද වාහනේ පිඹගෙන යද්දි, ඔයා පපුවෙ බිත්තර තැම්බුවට.... මිනිහ ආපහු එන්න ඇහුවෙ නැද්ද..? :D
ReplyDeleteආයෙ එන්න සෙට් උනේ නෑ
Deleteආනන්ද මේ සර්පයෙක්ද?
ReplyDeleteනැත ස්වාමීනී. නැත
Deleteහප්පට සිරි... මරේ මරු.. ඩ්‍රයිව්න්, වේගය, ඉස්සර කිරිල්ල, ඊටීසී කාලයක් ජීවිතේට සෑහෙන්න කිට්ටු වෙලා තිබ්බ.. හිකිස්!!
ReplyDeleteඒ මොකෝ ඒවා නැවතුනාද
Deleteකට පියන් හිට් නිසා බේරුනා කාර්ඩ් එක
ReplyDeleteහම්මේ කියල වැඩක් නෑ
Deleteලයිසන් දුන්නේ කව්ද...
ReplyDeleteආණ්ඩුවෙන් තමා
DeleteNO COMMENTS.
ReplyDeleteනම වෙනස් කරාද?
Deleteලියලා තියන විදිහට මැවිලා පේනවා
ReplyDeleteතැන්කූ තැන්කූ
Delete