නෙතු කෙවෙණි අද්දර
බොඳ වෙනකල්ම නුඹ
එපා මගෙ දෙස බලන්නට
යාලුවේ මගේ දයාබර..
බොඳ වෙනකල්ම නුඹ
එපා මගෙ දෙස බලන්නට
යාලුවේ මගේ දයාබර..
නිහඬ සිතකින් නැගෙන
නුඹේ ආයාචනය
නොදැනෙන්නේ නොවෙයි මට
නොදැනෙන සේ සිටිමි මම..
නුඹේ ආයාචනය
නොදැනෙන්නේ නොවෙයි මට
නොදැනෙන සේ සිටිමි මම..
නුහුරු ප්‍රේමයක් නොව
නුඹේ ඔය දඟකාර
දඩබ්බර මිතුරුදම
වටී මට සැමදාම..
හැමදාම රණ්ඩු වෙමු
හැමදාම තරහ වී
ආයෙමත් යාලු වෙමු..
එපා නුඹ අයදින්න
ප්‍රේමයේ සඳ කැළුම
මගෙන් නම් කිසිදාක
මිතුර, නුඹ වටී මට
සොහොයුරෙකු විලසින්ම..
නුඹේ ඔය දඟකාර
දඩබ්බර මිතුරුදම
වටී මට සැමදාම..
හැමදාම රණ්ඩු වෙමු
හැමදාම තරහ වී
ආයෙමත් යාලු වෙමු..
එපා නුඹ අයදින්න
ප්‍රේමයේ සඳ කැළුම
මගෙන් නම් කිසිදාක
මිතුර, නුඹ වටී මට
සොහොයුරෙකු විලසින්ම..
ලස්ස්න කවියක් අක්කේ...
ReplyDeleteස්තූතියි දිනේශ්
Deleteජය !
ReplyDeleteඑසේම
Deleteලස්සන කවි මුතු ටිකක් පිණිබිදුවෝ.
ReplyDeleteස්තූතියි..
Deleteලස්සනයි පිණිබිදුවෝ.
ReplyDeleteස්තූතියි..
Deleteපිණි බිංදුව කා ගැනද මේ කියන්නේ? ලස්සනයි. වටිනා අදහසක්!!!!
ReplyDeleteඉස්කෝලෙ කාලෙ ලියවිච්ච එකක් ඇත්තටම
Deleteඔය කතාව මම අනන්ත අහලා තියෙනවා පිණිබිඳු, හෙහ් හෙහ්, ඔන්නම් මෙතන ඔබලා මයි ෆස්ට් ලව්ස් කියවන්නකො. නමුත් මෙච්චර ලස්සනට විස්තරකරලා දුන්නෙ නෑ කවුරුවත්. ඒ නිසාම තිබිච්ච ආශ්‍රයත් නැතුව ගිය එකයි!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) the Dude (HeyDude)
ආ.. ඩූඩ්ට අත්දැකීම් තියෙනවනෙ
Deleteසංසාරේ පුරාවටම ආත්මීය කදුළු නිරුවත් කරලා අපි හොයපු යථාර්තය මිරිගුවක් වගේ
ReplyDeleteසිසිලක් නැති වාලුකා කතරේ ඇතින් ඇතට ගියේ අහසින් පොලවට වැටෙන දිය දෝතක්
නමැති හුදු බලාපොරොත්තුව විතරක් අපේ හිත් වල ඉතුරු කරලා කියලා තේරුම් ගියේ
පාසල් යන කලේ නොතේරුණු බහු බුත ටිකක් හදවතම වෙලා ගන්නකොට ........
ජීවිතය ගැන කිසිත් නොදැන අතරමන් වුනු හීන ගොඩක් අතරේ ,
රෝබෝරෝසියා මල් පොකුරක් වගේ වගේ හිනැහෙමින් සුළගේ තාලයට නටපු
ජීවිතේ නැවුම්ම පරිච්චේදයක මුළු ජීවිතේටම අඩි තාලම වැටුනා කියලා තේරුම් ගත්තේ ,
රෝබෝරෝසියා මල් වසන්තය නිම වෙලා එක දෙන්නා බිම වැටෙන කොට ...
එතකොට වසන්තය නිමා වෙලා.. උදේ වැටුණු පිනි බින්දුවක සිසිල අපේ හිත් වලින් ඇත්
වුනේ ලෝකය හරි වේගෙන් දුවන හින්දා.. වසන්තය නිමා වුනේ හරියට අවරුදු 13 ක්
මොහොතකින් ගෙවී ගියා වගේ ..........
හ්ම්ම්. ලස්සන අදහසක්
Deleteමටත් වටී මිතුරුදම !
ReplyDeleteකවි සිතුවිල්ල ලස්සනයි !
ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට
Deleteමිතුරෝ වටී.ඒත් අපිට උන් කෙළවා යන්කම් දන්නේම නැත.
ReplyDeleteහයියෝ
Deleteඕක කෙනෙක්ට පෙන්නන්න හිතෙනවා... පෙන්නපු ගමන් කියාවි.. "ඔන්න අයෙත් පටන් ගත්ත.. අපි හොඳ යාළුවොනේ.. "
ReplyDeleteමෙන්න තවත් අත්දැකීම් සහිත පුද්ගලයෙක්
DeleteHmm..Lssanai..:)
ReplyDelete"මට ඔයා ගැන එහෙම හිතෙන්නේ නෑ අනේ. අපි හැමදාම යාලුවෝ විදිහට ඉමු. ඔයා මට සහෝදරයෙක් වගේ" එහෙම කතාවක්ද මේ කියන්නෙ..
ReplyDeleteඑහෙම කතාවක් තමා
Deleteබඩුම තමා වගේ... මොකක්දෝ හංගලා ගහනවා.... හික්ස්...
ReplyDeleteමොනා හංගන්නද බං
Deleteඅනේ මන්දා.. මටත් මෙහෙම්මම කෙනෙක් කිව්වා නේ..
ReplyDeleteහයියෝ ඔයාටත් කිව්වද
Deleteමටත් කාලයක් තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා ඕක ...
ReplyDeleteඒකත් එහෙමද
Delete