මේවට එළවළු රොටී කියන්න පුලුවන්ද මන්දා. රසේ නම් වෙනසක් නෑ. අපි බොහොම දුක් මහන්සියෙන් හදා ගත්තු එළවළු රොටී. මෙන්න මෙහෙමයි හැදුවෙ.
මුලින් පාන් පිටි ග්‍රෑම් පන්සීයක් ඊස්ට් සහ වතුර එකතු කරලා පිටි මෝලිය අනාගෙන පැය හයක් විතර තියන්න ඕනෙ.
ඔය අතරෙ එළවළු රොටියෙ මැදට දාන්න කරියක් හදාගන්නත් ඕනෙ. මම නම් අල තම්බලා පොඩි කරලා, මාලු තම්බලා, ලූණු කොළ පොඩියට කපපු එකට ලුණු ගම්මිරිස් දාලා තෙම්පරාදු කරගත්තා.
අර පිටි මෝලියෙන් පොඩි පිටි ගුලි හදාගන්න.
දැන් සමතලා මතුපිටක තෙල් ටිකක් තවරලා පිටි ගුලිය තුනී කරන්න.
තුනී කරපු රොටිය උඩට හදාගත්තු කරි එකෙන් ටිකක් දාගන්න.
දැන් තමන් කැමති හැඩේකට නවාගන්න. ඔතන කැමති හැඩයක් කිව්වෙ මට නම් ත්‍රිකෝණ හැඩය ගන්න බැරි උනා. ඒක දිග ඇරෙනවා. ආයෙ මොකෝ කොටු හැඩයට හැදුවොත් එළවළු රොටී කැවෙන්නැද්ද.
දැන් පැතලි භාජනේකට තෙල් ටිකක් තවරලා හදාගත්තු එළවලු රොටී කරවෙන්න දෙන්න. එක එක පැත්තට හරවලා ලාවට කරවෙන්න දෙන්න.
ලිපෙන් බෑවට පස්සෙ දෙසා බාන එක තමා කරන්න තියෙන්නෙ.
ප.ලි. මේ දවස් වල මම මගේ සූප ශාස්ත්‍ර දැනුමේ නිම් වළලු පුළුල් කරමින් ඉන්නෙ. :P
හැදුවා වගෙ නෙමෙ කන්නත් පුලුවන් වෙයි නෙ :P
ReplyDeleteකන්න පුලුවන්. හදපු ගමන් බඩේ තමා
Deleteහෑස් හූස් ගාලා සැරට එළවළු දෙකක් කාලා ප්ලේන්ටී එකක් ගහන්ඩ තියෙනවනම්...
ReplyDeleteඅම්මෝ මට මේක කියවලා බඩගින්නකුත් ආවා.
යන්න යන්න ගිහින් කාල එන්න. නැත්තන් මටයි බඩේ අමාරුව හැදෙන්නෙ
Deleteසිරාවට මධුරංග මල්ලි.. මටත් ඔහොම්මම නේ හිතුනේ..
Deleteඑළවළු රොටි කන්න ඕන සැරට. ප්ලේටින් නම් දුං දාන උනුවෙන් තියෙන්ඩ ඕනා. :)
Delete@පිණි :
යන්ඩ හලෝ යන්ඩ. මම එහෙම පෙරේත නෑ. :)
අවුලක් නෑ ලෙසටම තියෙන්නේ..
ReplyDeleteරස නම් අවුලක් නෑ.
Delete"එළවලු රොටී වැනි යමක් සැදීමට ගත් උත්සාහයක්"
ReplyDeleteහික්ස්..... ඕක දැක්ක ගමන් මට හිනා ගියා.... එළවලු රොටියේ නම් වරදක් පේන්න නෑ වගේ.... රහත් ඒ වගේම ඇති මයේ හිතේ.... :)
හැඩය අවුල් ගියානෙ අප්පා.
Deleteඅසාධාරණ මිනිස්සු... කෝ අපිට?
ReplyDeleteමොකෝ කෑම උයන්න පුරුදු වෙනවා කියන්නේ දීගයක් වත් යන්නෙයි?
ඒකට තමා අක්කා. මේ දවස් වල ගෙදර ගියාම කුකරි කුප්පි අම්මගෙන්.
Deleteඅනේ අර අහිංසකයා....!!!! ලඟ පාත පැය 24 ඩිස්පැන්සරියක් එහෙම තියෙනවද අක්කේ බය නැතුව කෑම හදන්නේ..? :D
ReplyDeleteඔය ඉන්නෙ යසට මගෙ කෑම කාලා අලියා වගේ මහත් වෙවී.
Deleteහරි යන්නෙ නෑ.. මේ මොන එළෝළු රොටීද?
ReplyDeleteමේ මස් රොටීනෙ.. :)
ඔය හැඩේ වැදගත් වෙන්නෙ කඩේට.. මොකද එතකොට මස් රොටී එළොළු රොටී පැටලෙන්නෙ නෑනෙ..
ඒකනේ හරී..
Deleteඑලෝලු රොටි ඔතන්නේ බට්ට රතිඥ්ඥා ඔතන විදිහට නෙ.
මොනාද බන් බට්ට රතිඥ්ඥා කියන්නෙ..
Deleteබට්ටො නම් බට්ටො රතිඥ්ඥා නම් රතිඥ්ඥා..
බට්ට රත්ඤ්ඤා? මල් වෙඩි හරි කමක් නෑ බං කන්න පුලුවන් නම්
Delete@හරී :
Deleteසමාවෙන්න. මම පොතේ හැටියට කිව්වේ.
බට්ටෝ තමා !
මෙන්න කෑම
ReplyDeleteහදමු එහෙනම්.
Deleteඅපෝ බං අක්කේ මේක අමුයි නේද? පිටි ගුලි කාලා පහුවදා මොකෑ උනේ? :D
ReplyDeleteඅමු නෑ බං. ඔය පේන හැටි.
Deleteනියමයි නියමයි ...ගත්ත ජාතිවල ප්‍රමාණ එහෙම දැම්මනම් අපිටත් හදාගන්න පුළුවන්නේ....
ReplyDeleteප්‍රමාණත් එක්කම තමා දැම්මෙ. සමහර දේවල් නම් හිතේ මිම්මට දැම්මෙ.
Deleteරහට හිටීවි.....:P
ReplyDeleteරසයි රසයි
Deleteවෙඩිමට ලෑස්ති වෙනව වෙන්ටෑ සූප සාස්ත්ර දැනුම පුළුල් කරනව කිව්වෙ...
ReplyDeleteහොඳ කුක් කෙනෙක් වෙන්නෙ කැමතිනම් මේ උපදේසය පිළිපදින්න... හදන ඕන එකක් නම නොකියා කන්න දෙන්න.. කන මනුස්සය නමක් දාගනී... නම කිව්වොත් බොරුව කරල කියල මාට්ටු :)
ඒකවත් කරල බලමු
Deleteඔය රොටිය හදන්ඩ වෙන මොකුත්ම පිටි වලට කරන්ඩ ඒන නැද්ද.
ReplyDeleteදෙන්නං වැඩේ පෝය දවසට
අනද්දී තෙල් ටිකක් දාන්ඩ ඕනෑ..
Deleteවෙන මුකුත් කරන්න ඕනෙ නෑ.
Deleteඑලවලු රොටී වැනි යමක් කිව්වා? ? මට නම් පේන විදියට රසයි වගේ.:)
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
රස නම් අවුලක් නෑ.
Deleteඅහ් මේ තියෙන්නේ නියම ගානට , එළවලු රොටී තමයි .. හිකිස්
ReplyDeleteමාත් හිටපු ගමන් කොත්තු හදනවා , ගොධම්බ රොටි නම් හැබැයි
කඩෙන් අරන් එළවලු ටික කපල ,තෙල් මිරිස් දාල ඉතුරු ටිකත් කරලා අන්තිම ටිකත්
කරලා ගත්තම කඩෙන් ගේන එහෙකට වඩා රසයි අනික රු 300 යද්දී 3 දෙනෙක්ට වගේ
කන්න කොත්තු හදාගන්න පුළුවන් ඊටත් වඩා රසට ..
මගෙ ඊලඟ ස්ටෙප් එක තමා කොත්තු රොටිය
Deleteela ela! maath hadanne ohoma thama! habai man maalu danne na!! :)
ReplyDeleteඔව් හැබැයි මාලු දැම්මොත් මාලු රොටීනෙ.
Deleteහික්ස්............පෙනුමෙන් නම් එච්චරම අවුලක් වෙලා නෑ වගේ.......
ReplyDeleteඒක පෙනුමෙන් සාමාන්‍ය එලෝලු රොටියක් වගේ නෙමෙයිනෙ අප්පා.
Deleteරවුමට එන පිටි ටික එක තීරුවට එන්න හදා ගන්න.(සෘජුකෝණාස්‍ර)ඊට පස්සෙ කොනක ඉඳන් ත්රිකෝණාකාරව නවා ගන්න.ඔය විදිහත් හොඳා..............යි ඒ වුනාට හතරැස් හැඩයට හදන්නෙ මාලු නැත්නම් මස් රොටී.
ReplyDeleteඊලඟ පාර එහෙම කරලා බලමු
Deleteරවුමට එන පිටි ටික එක තීරුවට එන්න හදා ගන්න.(සෘජුකෝණාස්‍ර)ඊට පස්සෙ කොනක ඉඳන් ත්රිකෝණාකාරව නවා ගන්න.ඔය විදිහත් හොඳා..............යි ඒ වුනාට හතරැස් හැඩයට හදන්නෙ මාලු නැත්නම් මස් රොටී.
ReplyDeleteපෙනුම නං කන්න හිතෙනසුළුයි. හතරැස් උනත් අවුලක් නෑ. සාමාන්‍යයෙන් හතරැස්ව හදන්නෙ මස්රොටී.
ReplyDeleteඅමුයිද මන්දා. කොහොම උනත් මටත් හදලා බලන්න හිතුණා! ඔහොම යං!
Deleteරාජ්, එක අතකට මේක එලෝලු රොටීම නෙමෙයි. මාලු රොටී.
Deleteලකී, අමු නෑ හයියෝ. ඒ මේ පේන හැටි.
Deleteඔය හොඳයිනේ . යිස්ට් දානවද . මන් පරාට වගේ රොටිය අනන්නේ . යිස්ට් දාල බලන්න ඕනේ,.
ReplyDeleteඇත්තට ඊස්ට් දාපු නිසාද දන්නෙ නෑ අමුයි වගේ පේන්නෙ
Deleteනිම් වළලු අම්බානකත් තව පොඩ්ඩක් පුළුල් වේවායි පතමි :D
ReplyDeleteතැන්කූ තැන්කූ. මම මේ දවස් වල අප්‍රතිහත ධෛර්යයෙන් උයන්න පුරුදු වෙනවා.
Deleteමාත් හදන්න ඕනේ ලබන සෙනසුරාදා... :D
ReplyDeleteහදලා බලලා කියන්නකො
Deleteහරක් මස් ,කුකුල් මස් කැමති නෑ ත්‍රිකෝණාකාර කුඩුවල ඉන්න එකයි හතරස්වට හදන්නේ
ReplyDeleteහික්ස්. ඒකත් එහෙමද
Deleteබලමු බැඳපු දවසට මායියටවත් කියලා එක රොටියක් ඔතා නවා ගන්න ඇහැක් වෙයිද කියලා...කාලෙකින් අවේ ඕං ඈ
ReplyDeleteආයෙ මායියට කියන්නෙ මොකෝ. තමුන්ම හදලා බැලුව නම් ඉවරනෙ
Deleteමායියෝ ගත්තම ලෙඩ ගොඩයි යකෝ .. දෙයියනේ කියල බත් ටිකක් උයාගෙන
Deleteසම්බෝලයක් හදාගෙන කාල හිටපල්ලකො අපි වගේ ..
කාලෙකින් මේ පැත්තේ ආවා... ආපු ගමන් කෑමක්... හී හී
ReplyDeleteඔයා විතරක් නෙමෙයි මාත් මේ පෝස්ට් එකක් දැම්මෙ සෑහෙන කාලෙකින්
Delete@ Bindi ඔය හොඳයිනේ . යිස්ට් දානවද . මන් පරාට වගේ රොටිය අනන්නේ . යිස්ට් දාල බලන්න ඕනේ
ReplyDeleteනැහැ නැහැ ඊයිස්ට් දාන්න එපා . මේක හදන්නේ කබලෙනේ ඉතින් ඊයිස්ට් දාන්නේ නැහැ .
මාළු පාන් හදනවා නම් ඉයිස්ට් දාන්න . මේ විදිහම තමා ටිකක් මීට වඩා පිටි වැඩි පුර ගන්න
ඕනේ වටේට cover කරන්න .. ඉයිස්ට් දාන්නේ bake කරන ඒවට .. මෙහෙම තැටියේ
හදද්දී දැම්මොත් දෙල් වෙනවා වැඩේ ..
එළවලු රොටී කෑවට පස්සේ ගෙදර කට්ටිය තාම යහතින් ඉන්නවැයි කෙල්ලේ , කසාදෙත් ළග එකේ ඕවාත් පුරැදු වෙන එක හොදයි, එතකොට හස්බන්ඩට තේ වෙලාවට හදලා දෙත හැකි නේද ?
ReplyDelete