අලුත් අවුරුද්දෙ පලවෙනි පෝස්ට් එක. පහුගිය අවුරුද්ද බලද්දි ලියපු පෝස්ට් ගාන නම් හොඳටම මදි. මාසෙකට දෙකයි නැත්තම් තුනයි. වෙලාව නෑ කිව්වොත් ඒක නම් බොරු. හේතුව තමා කම්මැලිකම.
අපේ ආච්චි, ඒ කියන්නෙ තාත්තගෙ අම්මගෙන් මට අපූරු තෑග්ගක් හම්බුනා ගිය සතියෙ. ආච්චි ඒක අවුරුදු ගානක් තිස්සෙ එයා ළඟ තියාගෙන ඉඳලා. මෙන්න මේකයි තෑග්ග.
සුප ශාස්ත්‍ර පොතක්. මේක මුද්‍රණය කරලා තියෙන්නෙ 1947. ඒ කියන්නෙ අවුරුදු හැට හයක් පරණ පොතක්.
පොඩ්ඩක් කාවො කාලා විනාස වෙන්න ගිහින් තියෙන්නෙ. ඒත් මට ඒක හුඟක් වටිනවා. කියන්න බැරි තරම් සතුටක් දැනුනා ආච්චි මට මේ පොත දුන්නම. ඒකෙ කෑම වට්ටෝරු 1000ක් විතර තියෙනවා. බලමු 10ක් වත් හදන්න උත්සාහ කරන්න ඕනෙ. හරි ගියොත් බ්ලොග් එකෙත් දාන්නම්කො.
මේ පොතේ නව මුද්‍රණ තාමත් තියනවා මම හිතන්නේ..ඒත් ඔය කියන තරම් රසවත් වෙන්නැතිවේවි..
ReplyDeleteඅප්පෙ කොල්ලට බඩේ අමාරු එහෙම හදන්නෙ එහෙම නෑ නුහුරු කෑම කවලා. :D
ReplyDeleteහදලා විතරක් නෙමෙයි කාලා බලලා අපිට රෙසපි හොද ඒවා තිබුනොත් දාන්න...
ReplyDeleteමම නම් කියන්නේ ඕක පරිස්සම් කරලා තියාගන්න, කෑම හදන්න ට්‍රයි කරන්න එපා.. පිටු ගැලවිලා, අකුරු මැකිලා, කාවෝ කාලා නිසා අමුතු කෑම ජාති හැදෙයි
ReplyDeleteරසට ඇති නෙහ් ...කාම වට්ටෝරු 1000 කියන්නේ සෙල්ලන්ද ..
ReplyDeleteකමක් නැහැ ඔක්කොම හදන්න මහන්සි නොබලා...
ගොඩක් වටීවි අපේ ගෑල්ලමයින්ට ...
අහ්හ්... නියම තෑග්ගක්නේ ලැබිල තියෙන්නේ....
ReplyDeleteහදලම බලන්නකෝ....
හප්පේ දැක්කාමයි මතක් උනේ මේ පොත අපේ ලොකු අම්මත් මට පෙන්නුවා දවසක්
ReplyDeleteඅපේ අම්මේ... කෑම හදලා එවන්නකෝ බලන්න අපිටත් කන්න.
ReplyDeleteහදන කෑම වැරදිලා බඩ අප්සට් වුනාම බෙහෙත් ගන්න අවුරුදු 66 කට කලින් බෙහෙත් වට්ටෝරු හොයන්න වෙයිද නෑ. හෙහ් හෙහ් විහිළුවක් කලේ. හදලා කිව්වනම් අපිටත් දැනගන්න
ReplyDeleteහද්ද පරණ පොතක් නේ. මේ පොතේ කෑම නම් රහ ඇති. ඇයි ඉතින් දැන් තියෙන විච්චූරණ නෑ නෙව.
ReplyDeleteහෆ්ෆේ වෙන්න මහත්තයා ගැන මං මේ කල්පනා කලේ.. මේවා හැදුවම ටෙස් කරන්න වෙන්නේ අයියටනේ ඉතින්.... :)
ReplyDeleteහප්පට සිරි බොල. නෝනා මහත්තයෙක් නේද ලියලා තියෙන්නෙ.
ReplyDeleteඇත්තෙන්ම ඒ කාලෙ භාෂාවත් එක්ක බලනකොට අපි අද කොච්චර දුර ඇවිල්ලද කියලා හිතෙනවා බැනුම් අහ අහ හරි.
ඉතින් ඔය නෝනා මහත්තයත් දාන්නකො බලන්න ඕකෙන් රෙසිපියක්.
ඒ පොතේ මහ අමුතු හැඩයක් තියෙන්නෙ නේද? අර ඉස්සරහ පිටුවෙ නිල් පාටට තියෙන්නෙ මොකක්ද?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හපෝ.. මේක අපේ අම්ම දැක්කොත් ඉවරයි... :D
ReplyDeleteඅපේ අම්ම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ඩයරිවල ඔය කෑම වට්ටෝරු ලියනවා... තාමත් ලියනවා.. එකක්වත් හදල තියෙනව කියල නම් මට මතකයක් නෑ..
:D :D :P
කෑම හදල කාල අපිටත් කියන්නකො කොහොමද කියල..
ReplyDeleteඅපේ රජවරු බයියන් කාපු ගැන මම ලියපු පෝස්ට් එකේදී වර්ෂා නංගී කියලා රජ ගෙදර සූප ශාස්ත්‍ර පොත හොයන්න ගියාම පුස්තකාලේ ඒ පොත ගාවම තිබිලා මේ පොතත් හම්බුණා. කියවන්න නම් වුණේ නැහැ. ඒත් කෑම වට්ටෝරු නම් කීපයක්ම තිබුණු බව මතකයි
ReplyDeleteඒකෙ තියෙන කෑම හරි රස ඇති..! ඒකනේ කාවොත් ඒක කාලා තියෙන්නෙ...!
ReplyDeleteකල්කාදුරු පුස්තකාලං....(හුගාක් පරණ පොතක්)
ReplyDeleteඔය පොත්වල පොඩි අවුලකට තියෙන්නෙ කිලෝ ග්‍රෑම් වෙනුවට රාත්තල්-අවුන්ස ට්‍රාන්ස්ලේට් කරගන්න වෙන එකයි..
මේකේ අළුත් මුද්‍රණය මන් ළඟත් තියෙනවා..සමහර කෑම හදන හැටි එච්චරම පැහැදිලිව ලියලා නම් නෑ මයෙ හිතේ..
ReplyDeleteමට චංගුමී මතක් වෙනවා...))
ReplyDeleteඒ කාලේ තිබුන කුලුබඩු දැන් තියෙනවද දන්නෙත් නෑ
ReplyDeleteසුභ පැතුම්!
ReplyDeleteහරිද මන්දා?)
scan karala dannako post ekaka apith ekka bedaganna
ReplyDeleteබලහං නඟේ ඕකෙ තියනවද කියල බිබික්කං හදන හැටි.
ReplyDeleteප.ලි : මතක ඇතුව අසමෝදගං බෝතලයක් සජියට අරං දෙනව හොඳා. නැත්න පව් ඒ අසරණය. :D
හොද පොතක් වගේ පේන්නේ... පුලු පුලුවන්වෙලාවට රෙසිපිය බෑගින් දාන්නකෝ එහෙනම්... ජය වේවා.....
ReplyDelete