Pages

Thursday, March 14, 2013

මිස් මිසිස් වීම



සෑහෙන කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ. මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාන්න බැරි උනා.

ගිය ජනවාරි 17 මගෙයි සජිත්ගෙයි විවාහ මංගල්‍යයය තිබුණා. අවුරුදු  යකටත් වැඩි කාලයක් තිස්සෙ ආදරේ කරලා ගෙවල් එක්ක යුද්ධ ප්‍රකාශ කරලා තුන්වෙනි ලෝක මහා සංග්‍රාමෙට පොඩ්ඩක් මෙහායින් යන යුද්ධෙකුත් කරලා අපි කසාද බැන්දා.

මිශ්‍ර විවාහයකදි අත් විඳින්න වෙන අපහසුතා හැමදෙයක්ම පවුල් පිටින් අපි එදා නම් වින්දා. එදා ඒ අතපසුවීම් වලට කලබල උනාට, පස්සෙ හිතලා බලද්දි ඒවා මතක් කර කර හිනාවෙන්න පුලුවන් සොඳුරු සිහිවටනයන්.   

මුලින්ම සජිත්ලගෙ ආගමේ විදිහට චාරිත්‍ර කරන්න පල්ලියට ගියා. පල්ලියෙදි අපේ පැත්තෙ අයගෙ නුහුරුකම නිසා පොඩි පොඩි සිද්ධි වුණත් මම මුල ඉඳන්ම බයවෙලා හිටියා වගේ අපේ තාත්තා දමල ගහල එලියට ආවෙ නෑ. මගෙ අම්මේ ඒකම මදෑ.

පල්ලිය ඇතුලට හැමෝම ගියාට පස්සෙ අන්තිමට මම තාත්තා එක්ක ඇතුල් වෙන්න තිබුනෙ. දොර ගාවදිම සජිත්ලගෙ පැත්තෙ නෑයො අතපය විසිකර කර මොකද්ද කියනවා. එතකොට තමයි මතක් උනේ මම මූණ වැහෙන්න වේල් එක දාලා නෑ කියලා. අතරමැද නැවතිලා වේල් එක මූණට දාගෙන ඉස්සරහට එනකොට හැමෝම හක හක ගාලා හිනාවෙනවා මම කලබල වෙච්ච විදිහට. කවදා කාපු ටකරන්ද. අනිත් අය නම් කමක් නෑ කියමුකො සජිතුත් හිකි හිකි ගගා හිනාවෙච්ච එකනෙ වැඩේ. මනමාලයා කියලා බලන්නැතුව හොඳවැයින් රවලා බලලා මම එයාගෙ එහා පැත්තෙන් හිටගත්තා. මම ඉස්සරහට අඩියක් තිබ්බා විතරයි මගෙ ඔලුව පස්සට ඇදෙනවා දැනුනා. බලද්දි අපෙ තාත්තා මගෙ වේල් එක උඩ හිටගෙන. වටේ පිටේ අයට පින්සිද්ද වෙන්න කොණ්ඩෙට කිසි හානියක් නොවෙන විදිහට වේල් එක හදා ගත්තා ආයෙත්. පල්ලිය දිගේ ලස්සනට ඇදීගෙන යන විදිහට මීටර් හයක වේල් එකක් තෝරගත්තු මෝඩයා මම. ඒ වේල් එක මට දීපු වදයක් එදා දවසෙම.

පල්ලියෙදි වෙච්ච ලොකුම අප්සට් එක තමයි ෆොටෝ ගහන කෙනා ෆාදර්ගෙන් බැනුම් අහපු එක. ඒ පූජාව අතරෙදි එහෙට මෙහෙට වෙවී ෆොටෝ ගහන්න ගිහින්. පල්ලිය ස්ටූඩියෝ එකක් කරගන්න එපා කියලයි ෆාදර් බැන්නෙ. මොනා උනත් ඒ මනුස්සයා අපි හන්දනෙ බැනුම් ඇහුවෙ කියන පසුතැවීම නම් තාමත් තියෙනවා.

කතෝලික චාරිත්‍ර අපේ අයට නුහුරුයි වගේම බෞද්ධ චාරිත්‍ර සජිත්ලගෙ අයටත් නුහුරුයි. ඒ නිසා පොඩි පොඩි දේවල් නොවුණාම නෙමෙයි. වෙඩින් වලදි මිනිස්සු පිස්සු කෙලින විදිහට ඒවා මොනාද.

සජිත් අපෙ තාත්තා එක්ක කතා කර කර ඉන්නකොට අපේ සීයා කෙනෙක් එතනට ඇවිත් තියෙනවා. ටිකක් සජිත් දිහා බලලා සීයා අහලා "මේ පුතා කවුද හොඳට දැකලා පුරුදුයිනෙ" කියලා. සජිත් හිනාවෙලා "සීයෙ මම තමයි මනමාලයා" කියලා. සීයටත් හිනහයිලු. "අප්පටසිරි. නිච්චි නැති උනානෙ" කියලා සීයා හෙමින් ගිහින් .

පෝරුවෙදි දෙවනි දවසෙ සාරිය අන්දවනවනෙ. ඒක දැන් අන්දවන්න කිවුවම ඉණ වටේ ගැටගහන්න සජිත්ට තේරෙන්නෙ නෑ. ඒ පාර කිව්වා එහෙනම් සාරිය කරට දාන්න කියලා. මේකා ඒක එක පැත්තකට දාලා සල්වාර් එකේ ෂෝල් එක වගේ අනිත් කරටත් දාන්න හදනවා. ඒ පාර අෂ්ඨක කියන කෙනා කිව්වා එක්කො සාරිය නවලා මෙයාගෙ අතට දෙන්නකො කියලා. අපි නිකන් පෝරුව උඩ කොමඩි ෂෝ එකක් පෙන්නනවා වගේ අනිත් කට්ටිය හිනා උනේ.

පෝරුවේ චාරිත්‍ර හරියටම විනාඩි හතලිහක් තිබ්බා. අනෙ අම්මේ විඳපු දුකක්. ඒ වෙලාව ගෙවිලා ඉවර වෙන්නෙම නෑ. කකුල් රිදෙනවා මදිවට ෆ්ලෑෂර් නිසා දාඩිය බේරෙනවා. අපි දෙන්න හෙමින් පටන් ගත්ත කයිය අපිටත් නොදැනීම සෑහෙන සංවාදයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ජයමංගල ගාථා වෙලෙත් අපි දෙන්නගෙ කයිය. අම්මා රවාගෙන ඉන්නව දැක්කමයි මගෙ කට වැහුණෙ.

අපේ පොඩිම මල් කුමාරයට හිටපු කොලු පැටිය නම් පුදුම අණ්ඩපාලයෙක්. මූට කරන්න කියන්නෙ මොකද්ද ඒකෙ අනිත් පැත්තමයි කරන්නෙ. ෆෝටෝ වලට ඉඳලා එපාම උනාම ෆෝටෝ ගහන අයියට මූ කිව්වෙ නැද්ද "අනේ මේ ගහන පොටෝ එකක් එක පාර ගහලා ඉවරයක් කරනවද" කියලා. ඒ මනුස්සයත් හොල්මන් මුගෙ කටට. අන්තිමට කොල්ලට එපාම වෙලා එතනින් දුවලා ගියා. ඒ පාර කට්ටිය පෝලිමට මේකව අල්ලන්න පස්සෙන් දුවනවා. සජිත්, දෙවනි මනමාලයා, අනිත් මල් කුමාරයා, ෆොටෝ අයියා ඔක්කොම පෝලිමේ. මේකා දුවගෙන ගියේ ඒ මදිවට වැව පැත්තට. අන්තිමට කොල්ලගෙ තාත්තා දුවල ඇවිත් තමා අල්ලගත්තෙ. ඒකා එදා අපිට දීපු රැග් එකක්.

මල් කුමාරිට මල් පොකුර දීලා කිස් එකක් දෙන්න කිව්වම මේකා ඇඹරිච්ච ඇඹරිල්ලක්. කොල්ලගෙ මනමාල හිනාව තමයි ඔය තියෙන්නෙ.

කොහොමද හිනාව කොල්ලගෙ
දෙවනි දවසෙ වෙච්ච ලොකුම අවුල තමයි ෆොටෝ ගහන්න ගිහින් පරක්කු වෙලා හෝම් කමින් එක තිබ්බ හෝටලේට යන්න පැයක්ම පරක්කු වෙච්ච එක. මගේ නෑදෑයො අපිත් එක්කම යන්න ඕනෙ නිසා එයාලට අපි එනකල් මීගමු ටවුන් එකට වෙලා ඉන්න කියලයි කියලා තිබ්බෙ. පැයක්ම පරක්කු වෙලා යනකොට නෑයොන්ගෙ මූණු ටික බලන්න ලස්සනයි.

හැමදෙයක්ම හිනා වෙලා දරාගත්තා උනත් ඒ දරාගැනීම පුපුරලා ගියේ අම්මලා මාව සජිත්ලගෙ ගෙදරට ඇරලලා ආපහු යන්න හදද්දි. මම දන්න හැමෝම යනව නේද කියන හැඟීමත් නුපුරුදු පිරිසක් අතරෙ තනිවීම කියන හැඟීමත් හරිම දුකක්. මගෙ ආදරණීය තාත්තා. තාත්තා ඇවිත් මාව බදාගෙන අඬද්දි නම් කසාදය පැත්තක තියලා තාත්තගෙ අතේ එල්ලිලා ගෙදර යන්නම හිතුණා. නෑදෑයො ආපහු යන හැටි නොපෙනෙනකල්ම බලාගෙන ඉඳලා ආපහු හැරෙද්දි නම් දැනුනෙ පුදුම පාලුවක්. මේක කියවන කසාද බැඳපු සහෝදරියො වැඩි දෙනෙක් ඒ හැඟීම විඳලා ඇති.

ඒත් සජිත්ලගෙ ගෙදර අය පුදුම විදිහට මට ලෙංගතු උනා. දුවෙක් නැතුව හිටපු ඒ ගෙදර අය උණුසුම් විදිහට මාව පිළිගත්තා. සජිත්ගෙ අම්මා කිසිම වෙනසක් කරන්නෙ නැතුව මගෙ දෙවෙනි අම්මා උනා.

අපි දෙන්නටම රැකියාවට යන්න පහසු දුරකින් ගෙයක් අරගෙන දැන් ජීවත් වුනත් හැම සති අන්තෙකම අපේ දෙමවුපියන්ගෙ ගෙවල් දෙකෙන් එකකට යනවා. ඉස්සර සැහැල්ලුවෙන් ගතකරපු ජීවිතේට වගකීම් වල බර එකතු වෙලා. උයන්න ගෙවල් අස් කරන්න රෙදි හෝදන්න වැඩ කන්දරාවක් දවසට එකතු වෙලා. ඒත් අලුත් ජීවිතේ ඉතාමත්ම සුන්දරයි.

ප.ලි.:- මූණු පොතෙනුත් නිසූපගෙ පෝස්ට් එකෙනුත් සුභ පතපු හැමෝටම ස්තූතියි.

ඩූඩ් අයියා බලවත් විරෝධය දක්වලා තිබ්බනෙ වෙඩින් ෆොටෝ එක නොදැම්ම එකට. එහෙනම් මෙන්න එකට දෙකක්ම.



76 comments:

  1. සුභ පැතුම් පිණිබිඳුවො !... (සුභ පැතුම සජිත් ලොක්කාටත් එක්ක ඈ.. )

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ සාතන්. හිටපන් සජිත් ලොක්කටත් මම කියන්නම් :D

      Delete
  2. දැන් තමා ජීවිතේ පටන් ගන්නේ අක්කේ. ප්‍රීතිමත් නීරෝගිමත් විවාහ දිවියකට ආසිරි :)

    ReplyDelete
  3. මුලින්ම මගේ උණුසුම් සුබ පැතුම් මිසිස් පිණීස්.....

    / බලද්දි අපෙ තාත්තා මගෙ වේල් එක උඩ හිටගෙන. /

    අඩේ පව් බං..තාත්ත දන්නෙ නෑනෙ, හිතන්න ඇති ඒක පාවඩයක්ය කියල..හෙහ්, හෙහ්, මිස්ට බීන් ගෙ ෆිල්ම් එකක එහෙම වගේනම් ඔන්න මෙහෙමයි වෙන්නෙ. උඹ දත්මිටිකාගෙන දෑත බදල වේල් එක අදිනව. තාත්ත හතරගාතෙ දාල වැටෙනව. අර ෆාදර්ගෙ ඇඟ උඩට. ඒ පාර ඒ ෆාදරුයි මේ ෆාදරුයි දෙන්නම දඩෝං ගාල එක පොදියට බිම වැටෙනව අල්තාරෙත් පෙරලගෙන. උඹයි සජිතයයි දෙන්න බදාගෙන හිනාවෙනව නවත්ත ගන්ට බැරුව..කොහොමද සීන් එක? මල් හතයි නෙවද?

    / පෝරුවේ චාරිත්‍ර හරියටම විනාඩි හතලිහක් තිබ්බා. අනෙ අම්මේ විඳපු දුකක්. ඒ වෙලාව ගෙවිලා ඉවර වෙන්නෙම නෑ. කකුල් රිදෙනවා මදිවට ෆ්ලෑෂර් නිසා දාඩිය බේරෙනවා. /

    ඒ ගැන නං කියන්ට එපා බං...හපොයි එහෙම වදයක්...උඹ දන්නවද ඔය බොහොමයක් ජෝඩු දීගෙ එපාම උනත් කොහොමහරි මොන දුකහරි විඳගෙන එකට ඉන්නෙ මොකද කියල?....නෑදෑයංගෙං එන අපවාද, රට්ටු මොනවකියයි කියලද... එහෙමනෙ අපි හිතාගෙන ඉන්නෙ. කෙහෙල්මල, ඒ හින්ද නෙවෙයි බොලේ, ඩිවෝස් වෙල ආයෙ බඳිනකොට ඔය පෝරුවෙ සුමේ ආයෙම මුල ඉඳල කොරන්ට එපාය. අන්න ඒ නිසයි...

    මමත් එක පාරක් ලිව්වනෙ මයෙ වෙඩිම ගැන.ඒකෙ උඹේ කමෙන්ට් කරල තිබ්බෙ මෙහෙමයි,

    / අනේ රවි අයියගෙ සිරියාව මූණේ. හික්ස්. ඔන්න විවාහ සංවත්සරේට මගෙන් සුභපැතුම් /

    මගෙ උත්තරේ මෙහෙමයි.

    / උඹ මේ සිරියාවක් ගැන කියනවා. ඔන්න අහපංකො විස්තරේ. ඒ වෙලාවෙ මගෙ කරුමෙට ලයිටුත් ගිහිල්ල ඒ පලාතෙම. ස්ටුඩියෝ එකේ තිබ්බ ජෙනරේටර් එක මම හිතන්නෙ සිරි වික්කරම රාජසිංහ කාලෙ එකක්. ඒක විනාඩි පහෙන් පහට හුටස් ගාල හිටිනව. ඉතිං දාඩිය දෙකංසෙං පෙරෙද්දි ආයෙම මුල ඉඳලම ඔක්කොම පටන් ගන්න ඕනෙ. මට ඔය වෙලාවෙ මළ පැනල, බැඳිල්ලත් අපෝ වෙලයි හිටියෙ. හෙහ්........හෙහ්, උඹ මේ සිරියාවක් ගැන කියනව. ඔහොම වත් හිටිය ඇති, හෙහ්....හෙහ්, /

    එහෙනං ඔන්න ආයෙම පාරක් සජියටයි උඹටයි දෙන්නටම ප්‍රීතිමත් විවාහ දිවියක් සහ සුබ අනාගතයක් !!!!

    ප.ලි. - පොඩි එවුන් දෙන්නනම් කියල වැඩක් නෑ බං..හරිම ලස්සනයි,

    ReplyDelete
    Replies
    1. මම වේල් එක ඇද්දානම් ඒක තමා වෙන්නෙ. මම කරේ වේල් එක අල්ලගෙන කෑ ගහපු එක. වටේ පිටේ කට්ටිය වහාම ක්‍රියාත්මක උනා.

      අම්මපා අයියෙ මාත් ආයෙ මැරුවත් පෝරුවට නම් නගින්නෙ නෑ. අනෙ අම්මේ ඒක නම් පුදුම රැග් එකක්.

      සුභ පැතුමට හුඟක් ස්තූතියි රවී අයියෙ

      Delete
  4. හහහා... මේක කියෝලා මට හිනා ^_^

    දෙන්නටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. සුභ පැතුම් පිණිබිඳු !!! ඇත්තටම ඔයා වාසනාවන්තයි. කැමති කෙනාවම ඔයාගේ ජිවිතේට එකතු කරගත්තනේ. ගොඩාක් සතුටුයි. :)

    ReplyDelete
    Replies
    1. පෙරුම් පුරල පෙරුම් පුරල පෙරුම් පුරල යන්තම්...

      Delete
  6. උඹලගෙ වෙඩිං ෆෝටෝ එක නොදැම්මට මගේ විරෝධය!

    මගේ එකම පැතුම:

    නැන්දම්මත් සමග දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම,

    සමාදානයෙන් ඉන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. සමාවුව මැනව ඩූඩ් උතුමාණෙනි පොටෝ දැම්මා ඔන්න. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.

      Delete
  7. සුබ පැතුම් දෙන්නටම!

    ReplyDelete
  8. අලුත් ආරම්භයට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිහිනි

      Delete
    2. ලවද්ද ඔබ තුමි බඳින්නේ ? දැන් 40ටත් කිට්ටුයි නේ ?

      Delete
  9. මිසිස් පිණිබිඳු පළවෙනි දවසටත් වඩා ලස්සනයි දෙවෙනි දවසෙ පින්තූරෙ....
    හයියෝ... මං ඔය තරම් දිග නැති වේල් එකක් දාලත් ඒක නිසා මං වින්ද වදේ මතක් වෙනකොට මීටර් හයක් එල්ලගෙන ඔයා කොහොම හිටියද මන්දා... අර තාත්තා වේල් එක උඩ හිටගත්තු කතාවට හොඳටම හිනා ගියා... උඩින් රවි කියල තියෙන කතාවත් එක්ක බැලුවම තවත් හිනා....

    නව දිවියට සුභ පැතුම් මගෙනුත්...!!

    ReplyDelete
    Replies
    1. මාත් කැමතිම දෙවෙනි දවසෙ ෆොටෝ වලට.... :)

      Delete
  10. Don't tell me කියල තමයි කියන්න තියෙන්නේ . කියල වැඩක් නැහැ . කිව්වට මොකෝ අදට අපි ඔය කට්ට කාලා අවුරුදු දහතුනක් බොලේ . ඔය දෙන්නටත් අපිට ඒවගේ සංවත්සර ගොඩාක් ගොඩාක් තියෙන ..ලස්සනම ලස්සන ජිවිතයක් පතනවා .

    අපිත් ඔය පෝරුවේ හුටපට ටික ඉවරයක් වෙලා කන්න දෙන්නේ කොයි වේලාවේද කියල උන්නේ . උදේට කාලත් නැහැ හරියකට . අර ලිප්ස්ටික් තලියත් එක්ක මොන කෑමද උදේ. ඒ මදිවට පාන්දර දෙකේ ඉඳන් ඇහැරලා ..

    ආයේ නම් බඳින එක බොරු .


    ReplyDelete
    Replies
    1. උදේට කන්න බැරි වෙච්ච එකටත් එක්ක දවල් කෑවා කෑමක්. පොටෝ ගහන අයිය අන්තිමට කිව්වා පොඩ්ඩක් කන එක නවත්තලා පොටෝ එකට හිනා වෙලා ඉන්න කියලා.

      Delete
  11. සුභ මන්ගලම්..සුභ පෑතුම්...

    ReplyDelete
  12. හෘදයාංගම සුබ පැතුම්.

    පිණි බිඳු ලියන්නෙ ඔයා කියල ම්ගුල් පින්තූරෙ දකිනකම් දන්නෙ නෑ නෙව. මගෙ මූණු පොතේ ඉන්නව නෙවැ.

    ReplyDelete
    Replies
    1. මටත් මෙයාව හොඳට දැකලා පුරුදුයි..

      Delete
    2. අලුත් කොල්ලා:- එතකොට රික්වෙස්ට් එකක් එව්වෙ දැනගෙන නෙමෙයිද :P

      Delete
    3. හරී:- ජ්‍යේෂ්ඨ උත්තමයන්ට ඔහොමද සලකන්නෙ?

      Delete
    4. නෑනෙ. මං හිතන්නෙ ෆ්‍රෙන්ඩ් සජෙෂන්ස් වලිං වෙන්ඩ ඔනෙ

      Delete
    5. මම මේ ගැන මොකුත්ම නොකියා ඉන්නං නේද ?

      Delete
    6. උඹ මොනව කියන්ඩද ඕනයෝ?? :p

      Delete
  13. මිස් ද හොඳ මිසිස් ද? :-D

    ජීවන අරගලය හොඳට කරගෙන යන්න ලැබේවා කියලා සුභ පතනවා!!!

    ReplyDelete
    Replies
    1. මිස් තමා ඉතින් හොඳ. ඉස්සර සැහැල්ලු ජීවිතේ ආයෙ නෑ ඉතින්. ඒත් දෙන්නා වගකීම් බෙදාගෙන එකට වැඩකරලා ගෙවන ජීවිතෙත් නරක නෑ.

      Delete
  14. ජය මංඟලම් වේවා කිව්වා එහෙනම්....

    මරු කපල් එක අෆ්ෆා... ඇත්තටම ලස්සනයි, මැචිං...

    ReplyDelete
  15. පරක්කු වුනත් ඇරඹූ යුග දිවියට සුභම සුභ පැතුම්..!!

    ReplyDelete
  16. ඔයා ගොඩක් ලස්සනයි එදා.සුබ පැතුම් දෙන්නාටම

    ReplyDelete
  17. දෙන්නටම උණුසුම් සුබ පැතුම්...!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රමුදි..

      Delete
  18. දෙන්නටම නව ජීවිත‍යට උණුසුම් සුභ පැතුම්!

    මේක කියවද්දි හිනා යනවනෙ..

    ReplyDelete
    Replies
    1. මෙයාලත් බඳිද්දි බලමුකො..

      Delete
  19. "අපි දෙන්නටම රැකියාවට යන්න පහසු දුරකින් ගෙයක් අරගෙන දැන් ජීවත් වුනත් "

    මෙන්න මේක තමයි හොඳම දේ නන්ගී . . .කොයි තරම් ආදරෙන් සැලකුවත් කාගේ මහගේක උනත් ඉන්න හොඳ නෑ බැන්දට පස්සේ . .

    උඹලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා . . .

    වෙඩින් එකට සුභ පැතුවනේ මෙන්න මගේ සුභ පැතුම් ඉදිරි ජීවිතේට . .

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ දෙපැත්තෙම දෙමවුපියන්ගෙත් කැමැත්ත ඇතුව තමයි අපි වෙන ගේකට ගියේ. එහෙම වෙනම ජීවත් වෙනකොට කොච්චර උනත් එකිනෙකාට උදව් වෙලා වැඩ කරනකොට හිත් වලින් උනත් කිට්ටු වෙනව වැඩියි. ගෙදරදි පිඟාන හෝදන්නෙ නැති මනුස්සයා මෙහෙදි උයන්නත් උදව් වෙනවා. ස්තූතියි දුකා අයියෙ.

      Delete
  20. මේවා මේව කියෙව්වම බඳින්නත් බය හිතෙනවනෙ. හඳ පානෙ යන එක තමා ලේසි මම හිතන්නෙ :D :D

    දෙන්නාටම සාර්ථක විවාහ දිවියකට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හඳපානෙ ගියොත් මේ ඔක්කොම එක්ස්පීරියන්ස් මිස් වෙනවා. ජීවිතේටම එක පාරයි මේ අත්දැකීම් හම්බෙන්නෙ. ඔන්න ඔහෙ මෙහෙම බඳින්න. (අපි කාපු කට්ට අනිත් උනුත් කන්න එපායැ.)

      Delete
  21. සුභ පැතුම් වාසන්වන්ත දරු දැරියන් (ක්‍රිකට් ටීම් එකකට හරියන්න විතර) ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මේ.. එච්චර නම් එපා..

      Delete
  22. දැන් ඉතිං කඹ ඇදලා හමාරයි..

    මතකැති ගියපාර සයිබර් උලෙල :)

    සුභම සුභ වේවා !

    ReplyDelete
    Replies
    1. මේ පාරත් අවුරුදු උත්සවේට එන්න උපරිම උත්සාහ කරනවා. කොහෙද මේ පාර තියෙන්නෙ?

      Delete
  23. සුභ පැතුම් පිනිබිදු

    ReplyDelete
  24. උඹටත් මරු වැඩනෙ එදා වෙලා තියෙන්නෙ. ඔයින් ගියා මදෑ.කොහොමද අප්පෙ අඩු උසත් දාගෙන විනාඩි 40ක් පෝරුව උඩ හිටගෙන හිටියෙ. හෙන අඩියක් දාන්න ඇති නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ පලවෙනි දවසෙ සපත්තු ගැන නම් කතා කරන්න එපා. අපි දෙන්න අතරෙ අඩියකටත් වැඩි උස පරතරයක් තියෙන නිසා මට කිව්වෙ අඟල් හයක හීල් එක දාන්න කියලා. මම අඟල් හතරක එකක් හදව ගත්තෙ. ඒකත් හරිම අමාරුයි දාගෙන ඉන්න. හවස් වෙද්දි හිටගෙන ඉන්නකොට ඇඬෙනවා.

      Delete
  25. සුභ පැතුම් අක්කේ. දෙවනි දවසේ ෆොටෝ එක හරිම ලස්සනයි.

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා!

    ReplyDelete
  26. සුභම සුභ පැතුං කිව්ව.

    ඔය කතන්දරේට බඳිනව කියන්නෙ ආයි ඉතින් නිකන්යැ බං.

    අර දුකා කිව්ව වගේ උඹල මුල ඉඳම්ම පටන් ගත්ත විදිය හරි. මොනා උනත් නැද්දම්මල අම්මල ඈතින් තියන් තම්න්ගෙ තම්මැට්ටම තමන් ගැහුම අහවරයි.

    තව එක අවවාදයක් දෙන්නම්. මේ කාලෙ කඩෙන් කාල, ෆිල්ම් බලල, ට්‍රිප් ගිහිල්ල හොඳ ජොලියෙ ඉඳහල්ල. මොකද ආයි ඒ කවදාවත් ඒ කාලෙ එන්නෙ නෑ. පොඩි උන් එකතු උනාම උන්ගෙ වැඩ. උන් ලොකුවෙනකල් ගමන් යන්න අපහසුයි. ලොකු උනාම නිදහස අඩුයි.

    එහෙනං ජොලිය පිරුණ ජීවිතේකට සුභ පැතුම් ආයි වංගියක්.

    ReplyDelete
    Replies
    1. ඒ අවවාදය අපි හිස් මුදුනින්ම පිළිපදිනවා අයියණ්ඩි..

      Delete
  27. ඔය මගුල් දවසේ කන්න තියන කට්ටෙන් පෙන්නන්නේ ඉස්සරහට මීට වඩා ඒවා කන්න තියනවා කියල.

    වාසනාවන්ත අනාගතයකට සුබපැතුම් !!!!

    ReplyDelete
  28. සුබ අනාගතයක් වේවා !!!!!!!!!!!!1

    ReplyDelete
  29. මගේ සුභ පැතුම් සහෝදරී..ඒත් අප්පා මට සෑහෙන්න දුකයි තවත් කොල්ලෙක් අමාරුවේ වැටුණු එක ගැන..United No Marriages සංවිධානේ ජාතික සංවිධායක විදියට මම සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා..ඒ වුණාට ඉතිං එකෙක් දෙන්නෙක්..තුනක් හතරක්..පහක් හයක් හදලා..දෙකක් තුනක් විතර බ්ලොග් ලියන්නත් දාන්න කියලා ඉල්ලා හිටිනවා

    ReplyDelete
    Replies
    1. එහෙම සංවිධානයකුත් තියෙනවද. ඒකෙන් මට නඩු දායිද දන්නෑ නේද :P

      Delete
  30. උල්පත් හැදුනේ සිහිල උනන්නයි
    මල් කෙමි මැවුනේ රොන් වෑහෙන්නයි
    මීවද බැඳුනෙ පැණි සුරකින්නයි
    හද මැවුනේ ආදරය කරන්නයි

    මල් බර තුරු අතු සෙවන සදනවා
    කුරුළු ගීත ආසිරි ගී වෙනවා
    තනියම ගිය මග ඔබ හා යනවා
    පෙමට ඇරුනු හද ඔබට පුදනවා

    ReplyDelete
  31. ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!!
    මේ ලිපිය කියෝලා මට හිනත් එක්ක... ඔයාට වෙලා තියෙන වැඩ වලට..... :)

    ReplyDelete
  32. hemadama comment nokara kiyevvata ada ehema yanna bene.... subha pethum pini akkio.....vasanavantha anagathayak!

    ReplyDelete
  33. අඩේ මම සැහෙන ලේට්...! සුභම සුභ විවා දිවියක් වේවායි පතමි...! මිස් මිසිස් විය .. අපි බලා උනිමු.. තවත් පොස්ට් කිහිපයක් ඇති.. ඉතින් වාසනාවන් ... ! සුභ පතන්නෙමු..!



    (හූනා)

    ReplyDelete
  34. මේ බ්ලොග් එක දැන් මැරිලද? අනිත් අය හැමෝම වගේ ඕගොල්ලොත් ඔස්ට්‍රේලියාවේ හරි ඇමරිකාවේ හරි යනවද දැනටමත් ගිහින්ද? විවාහයේ අවුරුද්දක අත්දැකීම් කොහොමද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...