Pages

Wednesday, August 7, 2013

වණ්ඩු බිත්තර


සෑහෙන කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. බ්ලොග් එක අත ඇරලා දාලත් බෑනෙ.

ලඟදි දවසක අලුත් කෑමක් අත්හදා බැලුවා. මට හම්බවෙච්ච අර පරණ සුප ශාස්ත්‍ර පොතේ තියෙන රෙසිපියක් බලාගෙනයි හැදුවෙ. එදා මම පොරොන්දු උනානෙ ඒකෙන් කෑම වර්ග කීපයක් හරි හදන හැටි දානවා කියලා. මේ වෙච්ච පොරොන්දුව ඉටු කිරීමක්.

වණ්ඩුවේ තැම්බූ බිත්තර වලින් හදන කෑමක්. අමාරු නෑ හදාගන්න. හැබැයි ටිකක් වෙලා යනවා. පොඩ්ඩක් වාත උනාට හරියට හදාගත්තොත් ඉතාම රස වෑංජනයක්.

මුලින්ම බලමු අවශ්‍ය දේවල්:

  • බිත්තර 3ක්
  • පාන් පිටි මේස හැන්දක් විතර
  • රතු ලූණු ගෙඩි 10 15ක්
  • අමු මිරිස් කරල් 3ක් 4ක්
  • කෑලි මිරිස්
  • කරපිංචා කොළ ටිකක්
  • කහ තේ හැඳි 1/2ක් විතර
  • ලුණු රස අනුව


ඉස්සෙලාම බිත්තර ටික හොඳට බීට් කරගන්න. ආයෙ ඕකට බීටරයක් ඕනෙ නෑ. ගෑරුප්පුවකින් වැඩේ කරගන්න පුලුවන්. මේකට පාන් පිටි ටික දාගෙන ආයෙත් හොඳට ගසා ගන්න. රතු ලූණු කපලා කෑලි මිරිස්,  හීනියට ලියාගත්තු අමු මිරිස් දාලා ලුණු මිරිසක් වෙන්න හොඳින් අනන්න.

ඊට පස්සෙ ඒක බිත්තර මිශ්‍රණයට දාන්න. ඒ වගේම ඒකටම  පොඩියට කැපූ කරපිංචා, කෑලි මිරිස් ටිකක්, ලුණු ටිකක්, කහ පොඩ්ඩක් දාලා ආයෙත් ගසා ගන්න. 

දැන් බිත්තර මිශ්‍රනය හරි. ඊලඟට භාජනයක් අරගෙන ඒක උඩින් ලන්ච් ශීට් එකක් එලලා අර බිත්තර මිශ්‍රනය ඒකට වත් කරගන්න. දැන් වණ්ඩුවේ තම්බා ගන්නයි තියෙන්නෙ. වණ්ඩුව කියන්නෙ මොකද්ද දන්නෙ නැත්තම් ස්ටීමර් එක දන්නවනෙ. අන්න ඒකම තමා ඈ. මම රයිස් කුකර් එකේ ස්ටීමර් එක ගත්තෙ. පහල කෑල්ලට වතුර දාල හොදින් වතුර පැහෙනකොට ස්ටීමර් එක තියලා බිත්තර මිශ්‍රනය තියෙන භාජනේ ඒක ඇතුලින් තියලා තම්බගන්න ඔනෙ. ලන්ච් ශීට් එකෙන් භාජනේ උඩ වහන්න එපා. විනාඩි 45ක් විතර තම්බගන්න ඕනෙ. 

තැම්බුණාට පස්සෙ භාජනෙන් එලියට අරගෙන කෑලි වලට කපාගන්න. 


දැන් වණ්ඩු බිත්තර ලෑස්තියි. ඕනෙ නම් මෙහෙමම කන්න පුලුවන්. එහෙම නැත්තන් කරවල තෙල් දානවා වගේ තෙල් දාලා ගන්න පුලුවන්. 

මම නම් හොද්දකට හැදුවා. හොඳට පොල් කිරි දාලා කිරි හොද්දක් හදලා පැහෙනකොට අර බිත්තර කෑලි ටික දාගන්න. පස්සෙ තෙම්පරාදු කරලා ලිපෙන් බාන්න.

බත් එක්ක කන්නත් පුලුවන්. පාන් එක්ක කන්නත් පුලුවන්. අපි නම් කෑවෙ ඉඳි ආප්ප එක්ක. වෙලාවක එහෙනම් හදලා බලන්නකො.

30 comments:

  1. ඔකේ නම දැනන් හිටියේ නැ එත් අපේ ඇන්ටි කෙනෙක් ඔක නිතරම හදනවා එයා නම් ෂොපින් බැග් එහෙකට බිත්තර ටික දලා කට තද කරලා තම්බලා කිරි හොදි හදනවා. මම නම් ආසම නැ

    ReplyDelete
    Replies
    1. මේ විදිහට හදල බලන්නකො ඔයා

      Delete
  2. නරක නෑ වගේ. මම නං අන්තිම ටික අත්හැරල ස්ටීමර් එකෙන් බාගෙන කනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් හොද්දට දාන්න කෑලි කීපයයි ඉතුරු උනේ ඊට කලින් කාලා.

      Delete
  3. ඔය ආවේ කාලෙකින්. මට නම් කන්න හම්බෙලා නෑ. කොහෙද ඉතින් මේ බෝඩිං වල ඔව්වා. ගෙදර ගිය වෙලාවක අම්මට කියලා මේ විසතරේ හදාගෙන කෑවොත් මිසක.පින්තූරවල හියිට නම් කටට කෙලත් උනනවා. ලෝකල් පීසා එකක් වගේ තමයි නේද ඉතින්.

    ReplyDelete
    Replies
    1. අපේ ලෝකල් පීසා වලට ඉතින් චීස් වෙනුවට බිත්තරනෙ දාන්නෙ ඉතින්. අපි නම් ඒවට කියන්නෙ ලැජ්ජා පීසා.

      Delete
  4. බඩේ අමාරුව හැදෙන එකක් නෑනෙ? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ කාලා දාන්න රජා. බඩ වගේද කෑම

      Delete
  5. බිත්තරෙත් එක්ක මට ඉන්න පුලුවං උපරිම වෙලාව ඒක කඩල තාච්චියට දාගන්නකං විතරයි. අඩුම ගානෙ බුල්ස්අයි එක බැදිල ඉවරවෙනකංවත් බන්න බෑ. එහෙවු මම කොහොමද අප්පා මෙහෙවු කෑමක් හදන්නෙ ?

    ReplyDelete
    Replies
    1. තෙල් බේරෙන බෝල මුණ දැක්ක ගමන් අපිට තේරුම් යනව කෑම/බීම ප්‍රවේශමෙන් පාරිභෝජනය කරන කොලු පැට්ටෙක් කියල.

      Delete
    2. ඕනයා - එහෙනම් මේ කෑම එක ඔයාට හරියන්නෙ නෑ අයියෙ

      Delete
  6. ඕක නියම විදිහට හදන්නේ කොට්ට බිත්තර වලින්....
    දැන් ඉතිං කට්ටිය අහවි කොට්ට බිත්තර කියන්නේ මොනවද කියලා.

    ඉස්සර දැන් වගේ පාම් කුකුල්ලු නැහැ නොවැ. ගමේ කිකිලියන්ගෙන් පැටවු ගන්න බිත්තර රකින්න තිබ්බහම සමහරක් බිත්තර වලින් පැටවු හැදෙන්නේ නැහැ. ඒවා තමයි කොට්ට බිත්තර කියන්නේ.
    මේ බිත්තර එකින් එක වෙන වෙනම භාජනයකට කඩල දාලා (මොකද ඔය අතරේ නරක්වෙච්ච බිත්තර තියෙන්න පුඑවන් නිසා) කලින් ඔය කියලා තියෙන මිශ්‍රණය යොදාගෙන, කෙසෙල් කොල ගොටුවකින් හදාගත්ත වන්ඩුවක තම්බනවා. තැම්බුන මිශුණය කිව්වා වගේ කිරිහොද්දකට දාලා බත් එක්ක කනවා.
    දැන් කොහෙද කොට්ට බිත්තර.
    හැබැයි බිත්තර මිශුණයට අජිනොමොටෝ ටිකක් එකතු කරලා ඒ විදිහට හදාගන්න පුළුවන්(අජිනොමොටෝ හැමදාම කන්න එපා)

    ReplyDelete
    Replies
    1. දැන් කොට්ට බිත්තර තියා ගම් බිත්තරවත් දකින්න තියෙනවද

      Delete
  7. අපේ අම්මා හදපු කෑමක් මේක. මේක කිරි හොද්දකට දාලා උයලා ගත්තාම තමයි නියම රස. ඉඳිආප්ප මරුවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හෙන්රි කියනව වාගෙ ඔම්ලට් එක කෑලි කපල දාපු කිරි හොද්ද ඉදි ආප්ප විතරක් නෙමේ රෝස්/තැටි පාන් මරන්න පුලුවන්.

      Delete
    2. ඉස්මුරුත්තාව හැදෙනකල් කන්න පුලුවන්

      Delete
  8. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හදන්න ඕනේ මේක

    ReplyDelete
    Replies
    1. හදල බලල අපිටත් කියන්නකො

      Delete
  9. හදලා බලන්න ආසයි . ඒ අනාට මේක වෙලාව කන කෑමක්

    ReplyDelete
    Replies
    1. ටිකක් වාත වෙන්න නම් වෙනවා. ඒත් රස...

      Delete
  10. අන්තිම 4ටො එක නම් ටිකක් අව්ල් වගෙ එට කලින් කැවා නම් එල ..:P

    ReplyDelete
    Replies
    1. ඒක ඇවිල්ල ෆොටෝග්‍රැෆර්ගෙ වැරැද්දක්

      Delete
  11. මම නම් එළවලුවෙක්... මස් මාලු එව්ව මෙව්ව කන්නෙම නැ.. පස්සෙ අපේ අම්මගෙ තර්ජන ගර්ජන වලින් බෙරෙන්න ඔම්ලට් එකක් ඉදල හිටල කනව.. හැබැයි එකත් බිත්ත‍ර කියල රහක් ගදක් දැනෙන්නෙ නැති වෙන්න ගොඩාක් මිරිස් කැලි ලූනු දාල හොදට කරවෙන්න අම්ම හැදුවොත් විතරයි..

    එක නෙවෙ මම කියන්න ආවෙ.. ඔය රත් කරන වැඩේට කෙහෙල් කොලයක් යොදා ගත්තනම් වැඩෙ හොද වෙයි... ලන්ච් සීට් කියන එව්ව භාවිතය පුලුවන් තරන් අතරින්න.. විශේෂයෙන් රස්නි කැම වර්ග දාල ගන්න එක

    ReplyDelete
    Replies
    1. ඔව් පැන්ඩා එහෙම හැදුව නම් හොඳයි තමයි. කෙසෙල් කොළ ඇත්තටම තිබුණෙ නෑ. ලේසියට මෙහෙමයි හැදුව

      Delete
  12. මෙක හරිම රස කැමක් ස්තූතියි....මේ විදියටම හදන වන්ඩු පරිප්පුත් හරිම රසයි... පරිප්පු වතුරේ පොඟවලා වතුර පෙරලා අරගෙන මිරිස්ගලේ හරි බ්‍රෙන්ඩර් එකේ හරි අබරලා අරගෙන ඉන්පසු එකට මිරිස් කෑලි, අමුමිරිස්, ගම් මිරිස්, කරපිංචා, ලුනු සහ දෙහි අවශ්‍ය ලෙස මිශ්‍ර කර තලපයක් වගෙ සාදාගෙන භාජනයක තබා වන්ඩුවේ තම්බා ගැනිමෙන් ඉතා රසවත් ආහාරයක් සදාගත හැක....

    ReplyDelete
    Replies
    1. රසයි වගේ. වෙලාවක හදලා බලන්නම්

      Delete
  13. රස පාටයි. අහවලාට රෙසිපිය පෙන්නම්කෝ...:D

    ReplyDelete
    Replies
    1. මෙහෙව් ගෑනු මිනිහට වාසනාවකැයි :)

      Delete
  14. මම ඕක හදල තියෙනව. නමුත් ස්ටීම් කරල නෙමේ. බිත්තර් ඔය විදියට ඔම්ලට් එකක් වගේ හදල කෑලි කපල තමයි හැදුවෙ. ස්ටීම් කරල ඊට වඩා රහ ඇති.වෙලා යන කැම හදන්න මම ටිකක් හොරයි. බිත්තර කිරි හොදි තමා මගෙ ෆේවරිට්.කිරි හොද්දට බිත්තර කඩල දානව. එච්චරයි.

    ReplyDelete
  15. හ්ම්ම්.. රස ඇති නේද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...