දුර පළාත් වලින් ඉගෙන ගන්න ආපු අය වගේම රැකියා කරන්න ආපු අයත් තමන්ට පහසු තැනකින් බෝඩිං වෙන්නනෙ බලන්නෙ. මම හිතන විදිහට මෙතන ඉන්න හුඟක් අය බෝඩිං ජීවිතය විඳලා හෝ විඳිමින් ඉන්න අය.
මාත් තවමත් දෙයියනේ කියලා අවුරුදු ගානක් තිස්සෙ බෝඩිං ජීවිතේ තමා. ඒකත් එක බෝඩිමක නෙමේ. එක එක හේතු නිසා මෙහෙට ආපු දවසෙ ඉඳන් බෝඩිං හතකම හිටියා.
හුඟක් වෙලාවට බෝඩිමක් හොයාගනිද්දි බලන්නෙ කරදරයක් නැතුව ජීවත් වෙන්න පහසුකම් තිබීම සහ ඉගෙන ගන්න හෝ රැකියාව කරන තැනට අඩු දුරකින් තිබීම තමයි. බෝඩිං හොයන එක නම් අන්තෙටම පණ යන වැඩක්.
ලොකු ගේට්ටුවක්, කිසිම පිලිවෙලක් නැතුව ඔහේ උඩට උඩට හදපු ගෙයක් කියන්නෙ බෝඩිමක මූලික ස්වරූපය. එහෙම තැනකට ගිහින් ගෙදර කවුද කියල පණ යනකල් කෑ ගහනවා.
ඊට පස්සෙ චූටි ජනේලෙකින් ගෙදර මනුස්සයා ඔලුව දැම්මට පස්සෙ සුපුරුදු වාක්‍ය ඛණ්ඩය අහනවා. "බෝඩර්ස්ලා ගන්නවද?".
හික්ස්. අපේ උන් ඉස්සර බෝඩින් හොයන්න යද්දි කියන කතාවක් තමයි බෝඩිං බලල ඇවිදලා ඇවිදලා අන්තිමට පාරෙ තියෙන ගලක කකුල පැටලිලා වැටෙන්න ගියත් කියවෙන්නෙ "බෝඩර්ස්ලා ගන්නවද" කියලලු.
කොහොම හරි ඔය අහන ප්‍රශ්නෙට නෑ කියන උත්තරේ හම්බුනොත් අකුලගෙන ආපහු යෑම තමා කරන්න තියෙන්නෙ. ඔව් කිව්වොත් ඒ එක්කම අපිට තව ප්‍රශ්න පත්තරේකුත් හම්බෙනවා ගෙහිමියාගෙන්.
"මොන ෆීල්ඩ් එකෙන්ද ඉගෙන ගන්නෙ?"
"කොහෙද ගෙවල්?"
"කී දෙනෙක්ටද බලන්නෙ?"
බොහෝ විට ඉගෙන ගන්න ෆීල්ඩ් එක මත බෝඩිම ලැබීමේ හෝ නොලැබීමේ සම්භාවිතාව තියෙනවා. ඒ කියන්නෙ ආකි හෝ ටෙක්ස්ටයිල් ඩිසයිනින් නම් එයාලගෙ කඩදාසි කාඩ්බෝඩ් වැඩියි කියලා ඉඩ ඇහිරෙනවා කියලා බෝඩිං දෙන්නෙ නෑ. IT කිව්වොත් කම්පියුටර් හයිකරගන්නව නේද කියල අහලා කරන්ට් බිල යනවා කියලා බෝඩිම දෙන්නෙ නෑ. තව කට්ටියකට උන් හැමතිස්සෙම කැම්පස් එකේ ගහගන්නවා කියලා බෝඩිං දෙන්නෙ නෑ.
ඔය විසිපැන වලට උත්තර දුන්නට පස්සෙ අපෙන් ගෙහිමියට තව ප්‍රශ්න පත්තරයක්.
"ගෙදර වෙන කවුද ඉන්නෙ?"
"බෝඩ් වෙලා ඉන්නෙ වෙන කවුද?"
"ලයිට් වතුර බිල් අපි ගෙවන්න ඕනෙද?"
"මාසෙට ගාන කීයද?"
"ඇඩ්වාන්ස් දෙන්න ඕනෙද?"
"බාත් රූම් ඇටෑච් බාත් රූම්ද්?"
"තට්ටු ඇඳන් දාල දෙනවද?"
මේ ප්‍රශ්න වලින් ගෙහිමියා සහ අපි සෑහීමකට පත් වුනාම තමයි ඔන්න බෝඩිමට එන්න පුලුවන්.
කොහොම කොහොම හරි බෝඩිං වට වන්දනාව කරලා දැන් මම ඉන්නෙ හත් වෙනි බෝඩිමේ. මේ වගේ බෝඩිමක නම් ඇත්තමයි මම මීට කලින් ඉඳලම නෑ.
ගෙදරට පිටින් තියෙන කාමරේක තම අපි නැවතිලා ඉන්නෙ. මාත් එක්ක තව යාලුවො දෙන්නෙකුත් ඉන්නවා. ඒ ගෙදර ඉන්නෙ පොඩි දරුවො දෙන්නෙක් ඉන්න අයිය කෙනෙකුයි, අක්ක කෙනෙකුයි, ඒ අක්කගෙ අම්මයි විතරයි.
බෝඩිමට ඇවිත් ටික දවසක් යනකොට තමා තේරුණේ මේ අයියයි අක්කයි හොඳටම රණ්ඩු වෙනවා කියලා. රෑ වෙද්දි කණ මදයා වගේ බීගෙන ඇවිත් ඒ අයියගෙ වැඩේ අක්කත් එක්ක රණ්ඩු කරන එක.
බෝඩිමට ආපු මුල් කාලෙ මේවා අහගෙන ඉන්න එක හරිම අප්සට්. අපිට කිසිම කරදරයක් නෑ එයාලගෙන්. ඒත් හැමදාම මෙහෙම රණ්ඩු කරන එක අහගෙන ඉන්න බැරි නිසා වෙන බෝඩිමකට යන්න කියලා ආයෙත් බෝඩිං හොයන්න අපි පටන් ගත්තා.
කකුල් රිදිච්ච එක විතරයි ඇවිදලා ඇවිදලා. මේ දවස් වල බෝඩිමක් බෙහෙතකටවත් හොයාගන්න නෑ. තිබිච්ච බෝඩිනුත් එක්කො ගාණ වැඩියි. එහෙම නැත්තන් දුර වැඩියි. එහෙමත් නැත්තන් මොකක් හරි එපා වෙන හේතුවක්.
කකුල් ගෙවෙනකල් ඇවිදලා ඇවිදලා බෝඩිමට එනකොට මෙන්න ඊයෙ මරාගත්ත උන් හරි ලස්සනට හිනා වෙවී කතා කර කර ඉන්නවා. උන්ට ගානක් වත් නෑ අපි බය වෙලා දැඟළුවට.
ආයෙමත් ටික දවසක් ගියාට පස්සෙ මේ ගෙදර අයියා මොකක් හරි රණ්ඩුවක් දුර දිග ගිහිල්ලා ඒ අක්කවයි, දරුවො දෙන්නවයි ගෙදරින් එලියට දැම්මා. අපි හොඳටම බය වෙලා හිටියෙ මේ මිනිස්සු මහ රෑ කොහෙ යන්නද කියලා.
සද්දයක් බද්දයක් නැති වෙනකොට හිමීට අපි දොර ඇරලා බලනකොටයි දැක්කෙ ගෙයි ඉස්සරහ පඩිය උඩ කට්ටියම වාඩි වෙලා ඉන්නවා.
මම අක්කට කිව්වා මුළු රෑ තිස්සෙම ඔතෙන්ට වෙලා ඉන්න බැරි හින්දා අපේ කාමරේට ඇවිත් ඉන්න කියලා. මොනව උනත් අර දරු පැටවු මොනව දැනගෙනද. පව් දෙයියනේ.
ඒත් අක්ක ගානක් නැතුව කියනවා කමක් නෑ නංගි තව ටිකකින් අරයට නින්ද ගියාට පස්සෙ ජනේලෙ ගලවලා ඇතුලට යනවා කියලා. ඒ කිව්ව වගේම ඒ අක්කා ජනේලෙ ගලවලා ඇතුලට ගිහින් සාලෙ දොර ඇරලා කට්ටියව ඇතුලට ගත්තා.
මේ සිද්ධිය වෙච්ච දවසට පහු වෙනිදත් අපි ආයෙ කකුත් ගෙවෙනකල් බෝඩිං හෙව්වා. අපේ තියෙන අවාසනාවට ඒ දවස් බෝඩර්ස්ලා ගන්න දවස් නෙමේ. සාමාන්‍යයෙන් එක බැච් එකක් අවුට් වෙන කොට තමයි බෝඩිං හිස් වෙන්නෙ.
ඉතින් අපි හිස් අතින් ආපහු බෝඩිමට එනකොට මෙන්න බොලේ එදත් නෝනලා මහත්තයලා විනෝද චාරිකාවක් ගිහින් හිනා වෙවී ආපහු එනවා. මුන්ට නැති අමාරුවක්නෙ අපිට තියෙන්නෙ කියලා අපිටම බැන බැන අපි ඇතුලට ගියා.
මොනව උනත් ඒ අක්කා පවුල රැකගන්න ඕනෙ නිසා හැමදෙම ඉවසගෙන ඉන්නවා වෙන්න පුලුවන්. අනේ මන්දා පවුලක් උනාටම පස්සෙ මේවා අපිට තේරෙයි.
කොහොම හරි අපිත් දැන් කම්මලේ බල්ලන්ගෙ තත්වෙට පත්වෙලා ඉන්නෙ. කොච්චර රණ්ඩු උනත් ඇහුන්නෑ වගේ ඉන්නවා. උන් කොච්චර මරා ගත්තත් උදේට හිනා වෙවී ඉන්නවා කියල දන්න හින්දා අපි කාලෙකට වෙන බෝඩිමක් හොයන එක නැවැත්තුවා.
කොච්චරද කියනවානම් මේ පාර වර්ල්ඩ් කප් මැච් එක පැරදුන දවසෙ ගෙදර මනුස්සයා පිඟන් පොළොවෙ ගහන සද්දෙ ඇහුනා පරාජය දරාගන්න බැරුව. ඔන්න උදේ අක්කා සද්ද නැතුව පිඟන් කටු එකතු කරන සද්දෙ ඇහෙනවා.
ආදරය කරලා දෙන්නෙක් බැන්දට පස්සෙ අන්තිමට ඒ බැඳීම නොකඩා අරන් යෑමේ එකම හේතුව දරුවොද කියන එක නම් මේ පවුල දැක්කාම හැමදාම මට හිතෙනවා. හැම පවුලක්ම එහෙම නෑ කියලත් මම අවිවාදයෙන්ම දන්නවා.
මොනා උනත් අනේ අප්පේ මට නං කාලෙකට බෑ ආයෙ බෝඩිං වන්දනාව කරන්න.

හපොයි..........
ReplyDeletemaru couple ekak ne...e kiyanne badapu kalekata apith ohoma karaida danne na neda??
ReplyDeleteane duke baruwa..lol :P :P
හි හි,,, දැන්නම් මටත් බෝඩිමක ඉන්න හිතයි. ;)
ReplyDeleteහපොයි ඒ කියන්නේ ලගදිම මේ විනාසය අපිටත් වෙනවා නේ...?
ReplyDeleteදුකේ බෑ
ප.ලි. - විනාසය කිවුවේ බෝඩිං ජීවිතයට හොදේ
බෝඩිං කාලෙ තමයි ජීවිතේ වැඩිපුරම අත්දැකීම් ලබාගන්න පුළුවන් කාලෙ. හොඳ වගේම නරකත්. ඒත් මම හොඳටම දන්නව ඒ අත්දැකීම් ගොඩක් වැදගත්. මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඕන කොහොමද කියල මම හොඳම පාඩම් ඉගෙන ගත්තෙ ඔය බෝඩිං කාලෙ තමයි.
ReplyDeleteමැදෑ...මට ඉස්සරහට ඉන්න වෙන්නේ බෝඩින් තමා...දැන්ම හිත හදා ගන්න ඕනා
ReplyDeleteමම නම් බෝඩිමක ඉදලා නෑ. අවුරුදු හතරක්ම හිටියේ හොස්ටල් තමා. ඒනිසා එච්චර දැනෙන්නේ නෑ. නමුත් යාලුවන්ගේ බෝඩිම් වලට ගියාම තමයි තේරෙන්නේ ඒවා මහ අමුම අමු අපායවල් කියලා.
ReplyDeleteඒ අක්කට කොච්චර ගැහුවත් බැන්නත් කරබාගෙන ඉන්නේ දරුවෝ හින්දා වෙන්න ඇති. මොන කරන්නද ඕකුන්ගේ බේබදුකම හින්දයි ඔක්කොම !!!!!!
ඒ අතින් ඒ අක්කට පින් දෙන්න ඕනේ ඒ දේවල් ඉවසගෙන ඉන්නවට. ඒ විතරක් යෑ අපේ පිණිබිදුවා සහ පිරිවරටත් පින් දෙන්න ඕනේ කොහොමහරි කාගෙන බෝඩිමේ ඉන්නවට.
හික්... බැඳින්න කලින් ලබාගන්න තියෙන අත්දැකීම් තමා ඔය... නැත්තං ඉතිං වලං පිඟන් ඔළුව වටේ කැරකිලා යන්නේ... අර නිකං පියඹන පීරිසි වගේ....
ReplyDelete@ හා පැටික්කි (MS) - හපොයි තමා. ඔන්න කූඩු වෙන්න නේද ඉන්නෙ ලඟදි. මෙව්වා පාඩමකට ගත්තොත් හොඳා.
ReplyDelete@ Dileepa - මේවා ආදර්ශෙට නොගන්න තරමට තමා හොඳ ඉතින්.
ReplyDelete@ හිරණ්‍ය - හා හා ඉඳලා බලන්නකෝ
ReplyDelete@ MaRLaN - අපෝ හැම බෝඩිමක්ම මෙහෙම නෑ. තමන්ගෙ ගෙදර වගේම බෝඩිනුත් තියෙනවා.
ReplyDelete@ nawammawatha - ඒක නම් ඇත්ත. එක එක ජාතියෙ මිනිස්සු ආස්‍රය කරන්න හම්බවෙන හින්දා පුදුම තරම් අත්දැකීම් ගන්න පුලුවන්.
ReplyDelete@ රත්ගමයා - නෑ මලේ හැම තැනම මෙහෙම නෑ. හොස්ටල් හම්බුනොත් හුඟක් ලේසියි.
ReplyDelete@ මධුරංග - හොස්ටල් මාත් හිටියා. ඒ කාලෙ නම් මරු. උයාගෙනත් කෑවා. කට්ටියම එකට ඉන්නකොට මාර ජොලි.
ReplyDelete@ prasanna86k - හික්ස් කාට කාටත් ඉගෙන ගන්න දේවල් මෙතන තියෙනවා.
ReplyDeleteමටත් හිතෙනවා බෝඩෙමක ඉදලා බලන්න ඛොමද ආතල් එක කියලා...සිස් පට්ට ඈ.....
ReplyDeleteබෝඩිමේ ජීවිතය විටෙක දුක් බරයි.. විටෙක සොදුරුයි..
ReplyDeleteමමත් කැම්පස් එකේ ඉන්න කාලේ බෝඩිං 5ක හිටියා..අවුට් වෙලා ජොබ් එක කරද්දී බෝඩිං 5ක හිටියා...ඒ බෝඩිං 10යෙම හිටපු කාලවල් බලද්දි සන්තෝසයක් ඇතිවෙන්නේ. අන්තිමට හිටපු බෝඩිමේ අංකල් මුලු ලෝකෙටම පෙන්නගන ඉන්නේ හෙන ලොකු විදිහට ජීවත් වෙනවා කියලා. ඒත් මාත් එක්ක ඇවිල්ලා ඇත්ත කියනවා. මොකද ඒ අංකලුයි ඒ ඇන්ටියි දෙන්නම ඒ ඉඩම අරන් ගේ හදලා තියෙන්නේ ලෝන් අරන්. ඒ නිසා ලෝන් වලට කැපිලා දෙන්නගෙම අතර එනෙන සොච්චමක්. ලෝකටම පේන්න කාර් එකක් ගෙනාවා. ඒත් පෙට්‍රල් ගනන් නිසා කාර් එකෙන් ගමනක් යන්නේ මාස 2 කට විතර සැරයක්. මට ඒ බෝඩිම හොයලා දුන්න ත්‍රී වීල් කාරයා අංකල් හොයාගන මාස 2ක් විතර එහාට ආව බෝඩිම හොයලා දුන්න කොමිස් එක ඉල්ලගන්න. අන්තිමට අංකල් ඒක ගෙවන්නේ නැති පාර මෙන්න මූ මගෙන් ඉල්ලනවා කොමිස් එක. ඔය වගේ වැඩ තමයි දැක්කේ
ReplyDeleteමමනම් බෝඩිමක ඉඳලම නැහැ. මේක කියෙව්වහම නම් අනේ අපොයි කියලා හිතෙනවා...
ReplyDeleteඅෆ්ෆා බෝඩින් ගෑන නම් කියල වෑඩක් නෑ.වෙනම බ්ලොග් පෝස්ට් තොගයක් ලියතෑහෑකි බෝඩින් ගෑන.එක අතකින් බෝඩිමකට යන්නම ඕනෙ ගෙදර මිනිස්සුන්ගෙ අගේ තේරෙන්න.
ReplyDeleteමමත් 2002 ඉඳල තාම බෝඩින් ජීවිතේ.. ලබන අවුරුද්දට හරියටම දසවන සංවස්තරය සමරන්න පුලුවන්.. හිටපු බෝඩිං ගාන මටවත් මතක නෑ.. අපි හින්ද වැහුන බෝඩින්, බොඩිමේ අයිතිකාරයින්ට ජීවිතේ තිත්ත කරපු බෝඩින් එහෙමත් තිබුනා.. එව්වා ගැන පොතක් නෙවෙයි පොත් පනහක් විත්‍ර ලියන්න පුලුවන්.. අන්තිමට මගෙම ගෙදර මම බෝඩින් කාරයෙක් වගෙ වෙලා.. මොකද ගොඩ කාලෙක ඉඳල ගෙදර නෑ නෙ.. බෝඩින් ජීවිතේ ආතල් වගේම කුප්ප චාටර්.. තව කොච්චර කාලයක් මේක ගත කරන්න වෙයිද දන්නෙ නෑ..
ReplyDeleteමාර බෝඩිමක තමයි පිණි ඉන්නේ . මමත් බෝඩිං වෙලා උන්නා කාලයක් . ගෙදර ඉන්න කොල්ලෝ දෙන්න මගේ ඇඳ පාගනවා හැමදාම දවසක් ඉවසුවා දෙකක් ඉවසුව . තුන් වෙනි දවසේ දුන්නා කන ලෙලදෙන්න ....
ReplyDeleteහතර වෙනි දවසක් නෑ දවස් තුන හමාරෙන් මම එලියේ ! මල්ලත් කරේ තියන් ගෙදර ආවා . ගෙදර එනකොට අම්මා මගේ කාමරේ නංගිට දීලා ...
මමත් පහක විතර ඉන්න ඇති. හොඳම වැඩේ කට්ටිය සෙට් වෙලා ගෙයක් ගන්න එක. තමන්ගේ නිදහසේ තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන් තැනක..
ReplyDeleteමම කැම්පස් යන කාලෙ බෝඩිං තුනක හිටිය . . .
ReplyDeleteඉස්සෙල්ලම ලලිත අක්කගෙ බෝඩිමේ
ඊට පස්සෙ නංගි අක්කගෙ බෝඩිමේ
අන්තිමටම කට්ටිය එකතු වෙලා ගෙයල්ක් කුලියට ගත්ත . . . (ඒ ගෙදර උන දේවල් ගැන කතා හෙනම සෙට් එකක් තියනව . .)
@ බීටා - හා හා ඉඳලම බලන්නකො
ReplyDelete@ Dinesh - ඒක ඇත්ත. හැබැයි තනියෙන් ඉන්නවට වඩා යාලුවො සෙට් එකක් එක්ක ඉන්නකොට තමා ජොලි.
ReplyDelete@ Saman - හුඟක් බෝඩිං වල ඔය කතාව තමා. හප්පා ඔයා මගෙ බෝඩිං රෙකෝඩ් එක කඩලනෙ. Way to go..
ReplyDelete@ කොට ජීවිතේ - බෝඩිමක නොහිටපු එකම කොච්චර වාසනාවක්ද
ReplyDelete@ නදී... - අම්මෝ ඒ කතාව නම් ඇත්ත. අපිට ගෙදර අගේ විතරක් නෙමෙයි ගෙදර අයට අපේ අගෙත් වැඩියි බෝඩිමක ඉන්න කොට.
ReplyDelete@ සුදර්ශන බංඩාර හේරත් - හික්ස් අපි හින්දත් එක බෝඩිමක් ආයෙ ළමයි ගත්තෙම නෑ.
ReplyDelete@ හිස් අහස - අයියෝ ඉතින් අන්තිමට තමන්ගෙම ගෙදර බෝඩ් වෙන්න උනාද?
ReplyDelete@ ආගන්තුකයා | Stranger - පිරිමි ළමයින්ට නම් එහෙම වෙනම ගෙයක් අරන් ඉන්න පුලුවන්. ඒත් ආරක්ශාව ගැන ගත්තම ගෙදරින් කැමති නෑ අප්පා එහෙම නවතිනවට.
ReplyDelete@ ඕනයා - කෝ ඉතින් ඒ කතාත් ලියන්න පටන් ගන්නකො.
ReplyDeleteතාම බදුල්ලෙ පැත්තෙ නම් එහෙම තද බල බොඩිම් සංස්කෘතියක් ඇති වෙලා නැ..බොඩිම් වල හිමි කරුවො තාමත් බොහොම සුහදයි..එයාල කැමති එයාලගෙ පැත්තට කැම්පස් එකක් ආවට..ඒ මිනිස්සු පුලුවන් තරමින් ව්‍යාපාරය හා මනුස්ස කම බැලන්ස් කරනව..ඒත් තව ටික කාලෙකින් මේ පලාතුත් එහෙම වෙයි
ReplyDelete@ පැන්ඩා - ඒකට මොරටුවෙ. කැම්පස් එක අවට ජීවත් වෙන මිනිස්සුන්ගෙ ප්‍රධාන ආදායම බෝඩිං. කිසිම පිලිවෙලක් නැතුව තැනින් තැනින් උඩට උඩට කපරාරු නොකළ ගෙවල් හැමතැනම.
ReplyDeleteඒ කතාවට නම් මාත් සම්පුර්නෙන්ම එකඟයි. බෝඩින් වන්දනාව තරම් එපා වෙන දෙයක් තවත් නෑ...
ReplyDeleteමාත් ඉතිං දන්න කියන කාලේ ඉඳලා ගෙදරට වඩා පිට හිටිය එකා..
ReplyDeleteපන්සලෙන් ආව දවස්වල මාත් හිටියේ බෝඩිමක...ටොප් පොරවල් තමයි ඉන්නේ..ඒත් ඉතිං ඊට කලින් පංගුකාර ජීවිතේ ගැන අත්දැකීම් තිබුණු හින්දා යන්තං අතපය බේරගන ජීවත් උනා...
දැන්නං මං වෙනම ගෙයක් කැලියට අරගෙන ජීවත් වෙනවා ඇර මොන දේ උනත් බොඩිමකටනං යන්නේ නැහැ...
@ StArry aNgeL - ආ මේ ඉන්නෙ තව බෝඩිං වන්දනාවෙ ගියපු කට්ටිය.
ReplyDelete@ මාරයාගේ හෝරාව - බෝඩිං ජීවිතේ කියන්නෙ අත්දැකීම් ගොඩක් එකතු කරන තැනක්. ඇත්තටම අතපය හතර බේරගෙන ජීවත් වෙන එකත් අමාරු වැඩක් බෝඩිමක.
ReplyDeleteබයත් හිතෙනවනේ?අක්ක දැන් ගොඩක් උස ඇති නේද බෝඩින් වන්දනාවේ ගිහිල්ල?
ReplyDelete:පී
@ කුරුං ගුරුං - හික්ස්.
ReplyDeleteෂැහ් ... මෙහෙ ආව නම් හරිනේ .. මීයට පිම්බා වගේ ප්ලේස් එක ... ගානත් සධාරණයි..
ReplyDeleteසාතන්ට නම් ඉතිං බෝඩිං ජීවිතේ තියෙන එකම පුරස්නෙ කෑම තමයි... වෙන කිසිම ප්‍රශ්නයක් නෑ...
ReplyDeleteසමහර විට අක්කෙ ඔයාල බෝඩිමෙන් එලවගන්න කරන උප්පරවැට්ටියක්ද දන්නෙ නෑ.
ReplyDeleteමට නම් එහෙම අත්දැකීමක් තාම නැහැ. තාමත් ගෙදර ඉදන් තමා කැම්පස් වුණත් යන්නේ. බලමුකෝ ඉස්සරහට බෝඩිම් දිවියට හුරුවෙන්න වෙයිද දන්නෑ ඉතින්.........
ReplyDeleteමට දුක මේ වයසේදිම පිණිබිඳුලට විවාහ ජීවිතය එපා වෙයිද කියලයි.
ReplyDeleteමේ දෙන්නා නිකං ටෙලියක ඇක්ට්කරනවා වගේනේ!
:D
ReplyDeleteaaa
මාර ලයිෆ් එකක්නෙ ඔයාලට සෙට් වෙලා තියෙන්නෙ ......
ReplyDeleteඇත්තටම දරුවො නිසා කැඩෙන්නෙ නැතිව ඉතිරි වෙන නමට විතරක් තියන පවුල් ජීවත ඕන තරම් තියනවා, හැබැයි ඉතිං මෙහෙම කතාවකුත් තියනවනේ, දෙන්න දෙමාල්ලන්ගේ රණ්ඩු බත් හැලිය ඉදෙනකං විතරයි කියලා .........
බෝඩිමක් ඕනේ නම් කියන්න පුළුවන් විදිහකට හොයල දෙන්නම් ඕක කලින් කිව්වනම් සාගරය වගේ ගෙකින් කාමරයක් දෙනවනේ
ReplyDeleteඕගොල්ලො එතනම ඉන්න එක හොඳයි, නැත්තම් උන්ටත් හැමතිස්සෙම බෝඩිං කාරයො හොයන්න වෙනවනෙ, කටුබද්දෙ ජීවිතේ මාත් අත්විඳලා තියනවා, ඔයිට වඩා ඒ කාලේ විශ්ව විද්යාලයක ගතියක් තිබුනෙම නෑ, ඒ නිසාමද කොහෙද වෙන කැම්පස් වල එවුන්ට තියන උන අපේ කොල්ලන්ට නැත්තේ. කොහොම වුනත් මොටරුවෙ එවුන්ගේ මොකක්ද අමුහු මනුස්සකමක් තියනවා කියලා පස්සෙ කාලෙක රස්සාව කරද්දි හම්බ්බවුන විවිද කැම්පස් වලින් අවුට් වුන අය තුලින් දැක්කා. ඒත් මේ සදාතනික එන් ඩී ටී වලියන නම් කෙලවා වෙන පාරක් නෑ, දියගම ඉඩමක් වෙන් කරල තියනව ඒ අයට කැම්පස් එකකට ඒක ටෙක්නිකල් යුනිවර්සිටු කියලා වර්ධනය කලොත් හොඳයි, එතක්කොට ඩිප්ලොමාව අවුරුදු 2 නුයි ඩිග්‍රිය අවුරුදු 3 ඉ කරන්න බැරිඇ.
ReplyDelete