කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. කට්ටියගෙ බ්ලොග් පැත්තෙ යන්නත් බැරි උනා. අධ්‍යාපනික වැඩක් හින්දත් වගේම රාජකාරි අතිනුත් ඔලුව උස්සගන්න බැරි තරමට මේ දවස් වල වැඩ. ඒ අස්සෙ නිවාඩු දාලා ගෙදරත් ගියා.
මේ දවස් වල අපේ ගෙදර මංගල්ලෙකට ලක ලෑස්ති වෙනවා. හික්ස්. මගේ නෙමෙයි. අපෙ අක්කගෙ.
වෙනදට හොඳට ඇඳගෙන මේකප් දාගෙන මගුල් ගෙදරක ගිහින් පැය තුන හතරක් තිස්සෙ කාලා බීලා විනෝද වෙලා ආවට මොකෝ ඒ පැය තුන හතර වෙනුවෙන් කොයි තරම් මහන්සි වෙන්න වෙනවද කියලා තේරෙන්නෙ තමන්ගෙම කෙනෙක්ගෙ වෙඩින් එකක් ලෑස්ති කරද්දි තමා. අපේ බැඳපු සහෝදරවරු ඔය මහන්සිය ගැන දන්නව ඇතිනෙ ඉතින්.
අනේ දෙයියනේ මේ පැය ගාණට වියදම් කරන සල්ලි කන්දරාව. ඒත් ඉතින් කවුරු උනත් බඳින්නෙ එක පාරනෙ කියලා ඔය ටික ඔහොම්මම කරනවා.
මේ දවස් වල නම් වෙඩින් එකට ආරාධනා කරන වැඩ තමා කරන්නෙ. ඔහොම ආරාධනා කරන්න යනකොටත් හරි හරි වැඩ සිද්ද වෙනවා.
මම ගෙදර ගිය දවස් ටිකේ අම්මලා නෑදෑ ගෙවල් වල යද්දි මාවත් එල්ලගෙන ගියා. එක කට්ටියකට ආරාධනා කරපුවාම අත ඇරපු අය කෝල් කරල අහනවා අපිට ආරාධනා කරන්නෙ නැද්ද කියලා. තවත් සමහරුන්ට ආරාධනා කරපුවාම තව කට්ටියක් ගැන සඳහන් කරලා එයාලටත් මේ ගමන් කියාගෙන යන්න කියනවා.
නෑයෝ වනාහි වේයෝ වැනි ජාතියකි කියන එක ඔප්පු වෙන්නෙ මේ වගේ වෙලාවට තමා. හදිස්සියේවත් පුංචි හරි අතපසුවීමක් උනොත් නෑදෑකමුත් එතනින්ම ඉවරයි.
සමහර වැඩිහිටි නෑයො වෙඩින් කාඩ් එක දුන්නට ඒක ආරාධනාවක් කියලා පිළිගන්නෙ නෑ. අනිත් එක එයාලට වෙඩින් කාඩ් එක තැපැල් කරල හරි යන්නෙත් නෑ. දුරු කතර ගෙවාගෙන ඇවිත් බුලත් දෙන්න ඕනෙ. නැත්තන් වසලා හමාරයි.
පහුගිය දවස් වල අක්කගෙ අඩුපාඩු වලට එයත් එක්ක ඇවිදින්න උනා හරියට. එක පාරක් යනවා කොණ්ඩ සැරසිල්ල දාලා බලන්න. ආයෙ යනවා පෝරු සෙටිබැක් ආදී සැරසිලි තෝරන්න. ආයෙ යනවා මල් කුමාරියන්ට දෙවෙනි මනමාලියන්ට රෙදි සහ සපත්තු තෝරන්න. එහෙම නැත්තන් කේක් හදන්න දෙන්න.
මගෙ හොඳ පණ ගිහින් තිබ්බෙ මේකි එක්ක රට වටේ ඇවිදලා. වලි දාගෙන මරාගන්න හරි මට ඔච්චරනෙ ඉන්නෙ. ඒ හන්දා මේ දවස් ටිකේම නැට්ට වගේ මම අක්කගෙ පස්සෙන් ඇවිදිනවා.
කොච්චර කරත් හිතේ කොණක පුංචි දුකක් නැතුවම නෙමෙයි. තව ටික දවසකින් අක්කා අපේ ගෙදරින් වෙනම කැදැල්ලකට ඉගිලිලා ගියාම කොච්චර උනත් එයා අපේ විතරක්ම නෙමෙයිනෙ. මම ගෙදරින් පිට හිටියත් කාලෙක ඉඳන් අක්කා අම්මලා එක්කම හිටියෙ. එයා ගියාම අම්මලා ඒ පාලුව කොහොම දරාගනියිද දන්නෑ.
අම්මයි තාත්තයි හුඟක් දුකෙන් ඉන්නෙ පිටට නොපෙන්නුවාට. ඒත් අපේ අම්මා කියන්නෙ දුවෙක් හදනවා කියන්නෙ අනුන්ගෙ මල් ගහක් අපේ වත්තෙ හදනවා වගේලු. පුංචි කාලෙ ඉඳන් දුකක් නොදී ආදරෙන් රැකබලාගෙන හැදුවත් අයිතිකාරයා ආපුවාම අරන් යන්න දෙන්න වෙනවලු.
කෙල්ලො විතරක් ඉන්න අපේ වගේ පවුල් වල අම්මලා තාත්තලා පවු කියලා හිතෙන්නෙ එතකොට තමයි.
ප/ලි: කවුරු හරි Dry Ice ගන්න පුලුවන් තැනක් ගැන දන්නවද?
මේ දවස් වල අපේ ගෙදර මංගල්ලෙකට ලක ලෑස්ති වෙනවා. හික්ස්. මගේ නෙමෙයි. අපෙ අක්කගෙ.
වෙනදට හොඳට ඇඳගෙන මේකප් දාගෙන මගුල් ගෙදරක ගිහින් පැය තුන හතරක් තිස්සෙ කාලා බීලා විනෝද වෙලා ආවට මොකෝ ඒ පැය තුන හතර වෙනුවෙන් කොයි තරම් මහන්සි වෙන්න වෙනවද කියලා තේරෙන්නෙ තමන්ගෙම කෙනෙක්ගෙ වෙඩින් එකක් ලෑස්ති කරද්දි තමා. අපේ බැඳපු සහෝදරවරු ඔය මහන්සිය ගැන දන්නව ඇතිනෙ ඉතින්.
අනේ දෙයියනේ මේ පැය ගාණට වියදම් කරන සල්ලි කන්දරාව. ඒත් ඉතින් කවුරු උනත් බඳින්නෙ එක පාරනෙ කියලා ඔය ටික ඔහොම්මම කරනවා.
මේ දවස් වල නම් වෙඩින් එකට ආරාධනා කරන වැඩ තමා කරන්නෙ. ඔහොම ආරාධනා කරන්න යනකොටත් හරි හරි වැඩ සිද්ද වෙනවා.
මම ගෙදර ගිය දවස් ටිකේ අම්මලා නෑදෑ ගෙවල් වල යද්දි මාවත් එල්ලගෙන ගියා. එක කට්ටියකට ආරාධනා කරපුවාම අත ඇරපු අය කෝල් කරල අහනවා අපිට ආරාධනා කරන්නෙ නැද්ද කියලා. තවත් සමහරුන්ට ආරාධනා කරපුවාම තව කට්ටියක් ගැන සඳහන් කරලා එයාලටත් මේ ගමන් කියාගෙන යන්න කියනවා.
නෑයෝ වනාහි වේයෝ වැනි ජාතියකි කියන එක ඔප්පු වෙන්නෙ මේ වගේ වෙලාවට තමා. හදිස්සියේවත් පුංචි හරි අතපසුවීමක් උනොත් නෑදෑකමුත් එතනින්ම ඉවරයි.
සමහර වැඩිහිටි නෑයො වෙඩින් කාඩ් එක දුන්නට ඒක ආරාධනාවක් කියලා පිළිගන්නෙ නෑ. අනිත් එක එයාලට වෙඩින් කාඩ් එක තැපැල් කරල හරි යන්නෙත් නෑ. දුරු කතර ගෙවාගෙන ඇවිත් බුලත් දෙන්න ඕනෙ. නැත්තන් වසලා හමාරයි.
පහුගිය දවස් වල අක්කගෙ අඩුපාඩු වලට එයත් එක්ක ඇවිදින්න උනා හරියට. එක පාරක් යනවා කොණ්ඩ සැරසිල්ල දාලා බලන්න. ආයෙ යනවා පෝරු සෙටිබැක් ආදී සැරසිලි තෝරන්න. ආයෙ යනවා මල් කුමාරියන්ට දෙවෙනි මනමාලියන්ට රෙදි සහ සපත්තු තෝරන්න. එහෙම නැත්තන් කේක් හදන්න දෙන්න.
මගෙ හොඳ පණ ගිහින් තිබ්බෙ මේකි එක්ක රට වටේ ඇවිදලා. වලි දාගෙන මරාගන්න හරි මට ඔච්චරනෙ ඉන්නෙ. ඒ හන්දා මේ දවස් ටිකේම නැට්ට වගේ මම අක්කගෙ පස්සෙන් ඇවිදිනවා.
කොච්චර කරත් හිතේ කොණක පුංචි දුකක් නැතුවම නෙමෙයි. තව ටික දවසකින් අක්කා අපේ ගෙදරින් වෙනම කැදැල්ලකට ඉගිලිලා ගියාම කොච්චර උනත් එයා අපේ විතරක්ම නෙමෙයිනෙ. මම ගෙදරින් පිට හිටියත් කාලෙක ඉඳන් අක්කා අම්මලා එක්කම හිටියෙ. එයා ගියාම අම්මලා ඒ පාලුව කොහොම දරාගනියිද දන්නෑ.
අම්මයි තාත්තයි හුඟක් දුකෙන් ඉන්නෙ පිටට නොපෙන්නුවාට. ඒත් අපේ අම්මා කියන්නෙ දුවෙක් හදනවා කියන්නෙ අනුන්ගෙ මල් ගහක් අපේ වත්තෙ හදනවා වගේලු. පුංචි කාලෙ ඉඳන් දුකක් නොදී ආදරෙන් රැකබලාගෙන හැදුවත් අයිතිකාරයා ආපුවාම අරන් යන්න දෙන්න වෙනවලු.
කෙල්ලො විතරක් ඉන්න අපේ වගේ පවුල් වල අම්මලා තාත්තලා පවු කියලා හිතෙන්නෙ එතකොට තමයි.
ප/ලි: කවුරු හරි Dry Ice ගන්න පුලුවන් තැනක් ගැන දන්නවද?
මාත් බැලුවා පිණිබිඳුවට මොකෑ උනේ කියලා. ආහ්.... නොවැම්බර් මාසේ අක්කා කසාද බඳිනවා නොවෑ.
ReplyDeleteඔයාලෑ අක්කගේ මහත්තයාව නම් මම් කාලෙක ඉදලම දන්නවා. හික්ස් :) අපේ තර්ඩ් ඉයර් සීනියර් අයියා කෙනෙක් නේ.
මොනා උනත් අර මල් ගහේ කතාව නම් හරි. දුක තමයි. එදාට ඉතින් කට්ටියම එකා සීරුවට අඬයි.
@ මධුරංග - ආ මගේ වෙන්ඩ මස්සිනා ඔයා අඳුරනවනෙ නේද. අඬන එක ගැන නම් කතා කරන්න එපා. අපෙ අම්ම නම් කියන්න අම්මට එදාට නෑදෑයොන්ට කතා කරන්නවත් ඔලුව උස්සගන්න පුලුවන් වෙයිද දන්නෑලු. අම්මට ඒ දවස ගැන කතා කරද්දිත් කඳුළු පිරෙනවා ඇස් වල.
ReplyDeleteආහ්... අක්කටයි ඔස්තාර් අයියටයි සුබ පැතුවා කියන්න !!!
ReplyDeleteපටන් ගන්න යන ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා පතනවා.
ඔයාට හොදයි ඔයාගෙ වෙඩින් එකට කලින් හොද එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්.කොහොමත් කෙල්ලොන්ට ගෙදර දාල යන්න වෙනව කවදාහරි.මටත් මතක් වෙද්දී දුකයි.
ReplyDeleteහෆ්ෆා . . . මගුල් කෑම නං මහ එපාම කරපු වැඩක් ඈ . . . සිරාවටම ආයෙනං බඳින්නෙ නෑ
ReplyDeleteප.ලි.
ඩ්‍රයි අයිස් ගන්න තියෙන්නෙ ලංකාවෙ එකම තැනයි. මෝදර සිලෝන් ඔක්සිජන් එකේ විතරයි තියෙන්නෙ. එතනින් ඩ්‍රයි අයිස් අරං නුවරට ගෙනියන්න නං හෙනම ගේමක් දෙන්න වෙනව. මොකද ඔයා දන්නවනෙ ඩ්‍රයි අයිස් කොච්චර වේගෙන් වාශ්ප වෙලා යනවද කියල. ඩ්‍රයි අයිස් කිලෝ එකක් රුපියල් 500ක් විතර වෙනව. ගන්නවනං කියන්න මම කන්ටෑක්ට් කරන්න ඕනෙ කවුද කියල හොයල දෙන්නම්
හුටා . . . කලිං කොමෙන්ට් එකේ "නුවරට" නෙමේ . . . "පොලොන්නරුවට" කියල නිවැරදි වෙන්න ඕනෙ
ReplyDeleteමන් මේ දුවගෙන ආවේ පිනි බිඳු නගාගෙ මගුල් ගේ වත්ද කියල . අපේ දිහත් අනුන්ගේ මල්පැල දෙකක් තියෙනවනේ .
ReplyDeleteඅර කිව්වත් වගෙ කෙල්ලට හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක.... ඊලඟට ෆයිල් එක මෙයාගෙනෙ...
ReplyDeleteකොළඹ ඉඳන් අයිස් අරන් පොලොන්නරු යන එක නම් ලේසි නෑනෙ..ඊට වඩා නරකද පොළොන්නරුවෙන්ම හොයා ගත්ත නම්.....
අපිත් ඉතින් සුබපතනවා ඔයාගේ අක්කටයි වෙන්ඩ මස්සිනාටයි .. අපිට ලඟපතාකවත් හිටියනම් අපිත් එනවා වෙඩිමට බුලත් නැතත් හොරෙන් හරි එනවා .
ReplyDeleteපැනලා ගියා නම් ඔය වද මුකුත් නෑ !
මම නම් හිතන් ඉන්නේ ඔය ලොකුවට වෙඩින් එකක් ගන්න වෙලේ ලෝකේ වටේ ගිහිල්ලා ආවත් වාසියි කියලා.
ReplyDeleteකෙනෙක් ගෙදරින් ගියාම දුකයි තමයි. ඒ වුනාට ඉතින් නියම විදියට නම් දෙමව්පියන් සතුටු වෙන්න ඕනේ. මම නම් වයසට ගියාම සේෆ් එකේ හොඳ ෆිල්ම්/ ඩ්‍රාමා එකක් බලාගෙන ලෝකේ වටේ රවුමක් දාගෙන නිදහසේ ඉන්නයි කැමති. ඒක හින්දා මට නම් ඔයාගේ අම්මලා වගේ හිතෙන එකක් නෑ.
එකම ප්‍රශ්නේ තියෙන්නේ වයසට යනකොට මට ඕවා කරන්න ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක. කොහොමත් එරික් ලොකු උනාම මටයි එයාටයි රවුම් යන්න යොට් එකක් එයා අරන් දෙනවාලුනේ.
ඩ්‍රයි අයිස් ගන්න පුළුවන් කලින් කිව්වා පොත එකෙන් තමයි. රිජුෆෝම් පෙට්ටියක් තමයි වැඩේට නියම.. මම නම් දන්නවා ඩ්‍රයි අයිස් මොනාටද කියල.. එත් ඩ්‍රයි අයිස් එක්ක වැඩ කරන්නේ පරෙස්ස්සමින්,,, '
ReplyDeleteජය,,
ඒක නෙවෙයි පිණ්බිදු... ඔයා බදින්නේ කවදදැ...? අපිටත් කියාවියැ...
ReplyDeleteපොජ්ජේ...
ඔය කට්ටම මමත් අපේ අක්කගේ වෙඩින් එකට ගිය වෙලේ කෑවනේ... සැලුන් ගානෙයි, පොඩි එවුන්ගේ අඩුපාඩු හදන්නයි, තව අරකටයි මේකටයි කියලා නොගොය තැනක් නෑ.. ඒ උනත් එකම සහෝදරීනේ වගේම අපේ ගෙදර ඉතින් ළවෙනි මංගල්‍ය නිසා ඉතින් මමත් ඕන එකකට් අකියලා ගියා.. වෙන කාගෙවත් මගුල් ගෙදරක යනවා වගේ නෙමෙයි තමංගේ එකකදි.. එදාට ඉතින් දාහක් හිතේ ප්‍රශ්ණ.. හැමදේම හරියට කෙරේවිද අරකද මේකද.. කොහොම නමුත් අවසානයේ හිතට දැනෙන දුක වගේම සතුට ඒ හැම දෙයකටම වඩා වටිනවා...
ReplyDeleteමමයි අක්කයි නිබුල්ලු...මමත් හරියට ඇඩුවා අක්කා කසාද බැදලා ගිය දවසේ....
ReplyDeleteහපොයි ඔය මං කියලාතින්නේ ආදුරුසේට ගන්න ක්‍රමයක් මගේ සටහනක.!! බඳින දෙන්නත් නහිනවා වටේ ඉන්න අයත් නහිනවා.
ReplyDeleteඹය කතාව අහන කොටනම් මටත් දුකයි හොදටම.කරුමෙට මගේ පවුලට ඉන්න එකම දරුවා මම උනානේ ඉතිං. හැබැයි වාසනාවකට අම්මා තාත්තා පේනදුරින් ඉන්න තරමට මම වාසනාවන්තියක්. ඒත් මටත් කෙල්ලක් ඉන්න නිසා අනාගතේ ගැන මතක් වෙනකොට ඇත්තටම ඇහැට කදුලක් උනන එක නවත්වන්න බැහැ කෙල්ලේ!!
ReplyDeleteඑහෙනම් ජය සිරි මංගලම්...
ReplyDelete@ මධුරංග - ස්තූතියි මධුරංග මම කියන්නම්කො දෙන්නට
ReplyDeleteආපෝ බඳින දවසට මෙච්චර කට්ටක් කන්න ඕන නම් බැන්දහම කොහොම කට්ටක් කන්න ඕන ඇතිද?....
ReplyDeleteසාතනුත් අක්කට සුභ පැතුව කියන්නකො... :)
(මොනාටද බන් ඩ්‍රයි අයිස්?... සිරාවටම දන්නෙ නෑ...)
අපේ ගෙදරත් ඔය සෙතේමනෙ ලකියෝ..:(( මොනවා කරන්නද ඉතිං....
ReplyDeleteඅක්කස් සුභ පැතුවා කියන්න. අක්කාට මාව මතකද දන්නෙ නෑ.
Dry ice කියන්නෙ කම්ප්‍රෙස් කරපු කාබන් ඩයොක්සයිඩ් වලට. එලිෆන්ට් හවුස් එකේනම් හදනවා.ඒත් උඹලට ඕනෙ පොඩ්ඩයි නේද?ගෙනියන එකත් කොහොම වෙයිද දන්නෙ නෑ.
ඔන්න එහෙනම් අපිත් සුභ පැතුවා කියන්නකො වරද්දන්න එපා හොඳේ අපි පව්නෙ...:):)
ReplyDeleteඔන්න ඕකට විසදුමක් හැටියට තමයි අපි ඉන්නේ..... අපි ලඟට ආවා.. කතා කලා.... වෙන්න ඕන හැටි කීවා... එදාට ඇවිත් බැන්දා... අඩු ගානට වැඩි මහන්සියක් නැතිවම මඟුල කෙරෙනවා....
ReplyDeleteමාකටිං පාරක් දැම්ම ඔන්න.. :DDDDD
@ නදී - ඒ එක්ස්පීරියන්ස් එක ගැන නම් කියලා වැඩක් නෑ. බඳින එකත් එපා වෙන වැඩක්.
ReplyDelete@ ඕනයා - උදව්වට හුඟක් ස්තූතියි අයියෙ. අපේ අක්කා මැරෙන්න හදනවා ඩ්‍රයි අයිස් ඕනෙ කියලා අර ස්මෝක් එකක් එන විදිහට හදන්න. කොහෙද තියෙන්නෙ කියලා නොදැන හිටියේ. අරන් යන එක තමා කේස් එක නේද.
ReplyDelete@ Bindi - ඒකනෙ අක්කෙ කවදාහරි අයිතිකාරයා ආපුවාම දෙන්න එපායැ.
ReplyDelete@ දිල් - අයිස් නෙමෙයි දිල් මේක අර කාබන්ඩයොක්සයිඩ් වලින් හදන එක. එහෙ නෑ ඒවා. ඒත් අරන් යන එක ටිකක් අමාරු වැඩක් වගේ. අත ඇරලා දාන්නයි අක්කත් කියන්නෙ දැන්.
ReplyDelete@ හිස් අහස - ස්තූතියි සඳරුවෝ. පැනල යන්නෙ මොකෝ බන් කකුල් දෙකක් තියෙද්දි.
ReplyDelete@ Il mondo di una povera pazza - රංගි අක්කෙ එරික් කියන්නෙ අර කියුට් පැටියා නේද. අනේ ශෝක් එයා නම්. එක අතකින් මේ වියදම් කරන සල්ලි වලින් එහෙම දෙයක් වත් කරා නම් තේරුමක් හරි තියෙනවා නේ.
ReplyDelete@ Gayan Rupasinghe - ස්තූතියි සහෝ. ට්‍රයි එකක් දාලා බලන්න ඕනෙ.
ReplyDelete@ Anonymous - අප්පේ පොජ්ජෙ දැක්ක කල්. මොකෝ ඇනෝ වෙලා. අනේ අපි බඳිද්දි බැරියැ ඉතින්.
ReplyDelete@ Dinesh - ඔව් දිනේශ්. අපේ ගෙදරත් පලවෙනි වෙඩින් එක මේක. තමන්ගෙම කෙනෙක්ගෙ වෙඩින් එකකට මහන්සි වෙන එකත් අමුතුම අත්දැකීමක් නේද.
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්..... - අප්පේ මට නම් ඒ දවස ගැන හිතාගන්නවත් බෑ.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - ඒ කතාව නම් සීයට පන්සීයක් ඇත්ත.
ReplyDelete@ malmi - අපේ අක්කත් ටිකක් වාසනාවන්තයි එයත් බැඳලා ඉන්න යන්නෙ අපේ නගරයේමයි. හපොයි මම තමා බැන්දට පස්සෙත් බෝඩිමක ඉන්නවා වගේ ගෙදර යන්න වෙන්නෙත් මාසකට සැරයක් වෙයි.
ReplyDelete@ Kiri - හී හී එහෙම තමා.
ReplyDelete@ සාතන් - ඩ්‍රයි අයිස් මේකටයි ගන්නෙ. අර කිරි කළ උඩට උඩට තියලා කිරි වත් කරන සීන් එක දැකලා තියෙනව නේද. ඒ කළ ඇතුලට ඩ්‍රයි අයිස් දාපුවාම ලස්සනට දුමක් ඇතුලෙන් එනවා. ඔන්න ඔය විකාරෙට තමා අපේ එකී නහින්නෙ.
ReplyDelete@ නිසුපා - උඹලගෙත් උඹයි නංගියි නේද. එවන් දුකක් නම්... ඩ්‍රයි අයිස් ගෙනියන අදහස අත් ඇරගන්න හිතෙනව බං. ගෙනියන්න තියෙන අමාරුව නිසා.
ReplyDelete@ cjgayan - හරි හරි මම කියන්නම්කො හොඳේ..
ReplyDelete@ අභීත - මේවා මුදල් නොගෙවා කරපු ප්‍රචාරණයක්. මගේ වෙඩින් එක තමා ඉතින් එහෙම ගන්න වෙන්නෙ.
ReplyDeleteඅභීත අයියෙ... ඔයාට තව අවුරුදු 5කින් විතර වැඩක් දෙන්නම්.... ලස්සන පෝට් එක පිණිබිඳු...
ReplyDeleteto: පිණිබිදු
ReplyDeleteකවුරු හරි හොද පුතෙක් මාව හැක් කොරලා.මම ආදරෙන් ලිව්ව බ්ලොත් එක.ඉතින් තව මොනවටද ලියන්නේ කියලා හිතුනා.පොජ්ජෙට බ්ලොග් ලිවිම ගැන කලකිරුණි.කියවනවා පමණි. හුගක් කාලෙකට පස්සේ තමයි මේ බ්ලොග් කියවන්නත් ආවේ.
කියවන්න හිතුනාම මුලටම මගේ හිස්ට‍්‍රීයේ තිබුණ බ්ලොග් එකතමයි පිණි බිදු.ඉතින් කමෙන්ට් කරලාම යන්න හිතුණා
පොජ්ජෙ...
to පිණිබිදු:
ReplyDeleteමට අපේ පැන්ඩාගේ... සොදුරු සිත... බ්ලොග් ත් බලන්න ආසයි.ඒත් මතක නෑ. පුලුවන් නං ඒක කවුරු හරි කමෙන්ට් එකක් විදියට දානවද?
පොජ්ජේ..
අපොයි.. මං නම් දන්නවා කට්ට ලෙසටම. වෙඩින් එක ගත්තට පස්සේ මමයි මගේ හාමිනෙයි කතා උනේ අර යාළුවෙලා හිටිය කාලේ පැනල ගියානම් මෙච්චර වදයක් නෑ නේද කියල..
ReplyDelete@ නෙරංජි | Neranji - ස්තූතියි නෙරංජි. ඔන්න අභීත අයියගෙ මාකටින් පාර වැඩ කරනවා වගේ.
ReplyDelete@ පොජ්ජෙ... - හානේ මට මතකයි ඔය සිද්ධිය. මොනා උනත් මහ බලු වැඩක් ඒක. එහෙම දෙයක් උනාම නම් කලකිරෙනවා තමයි. ගනන් ගන්න එපා සහෝ. සුනඛ කුලයේ අයත් අපි අතර ඉන්නවනෙ.
ReplyDeleteමෙන්න පැන්ඩගෙ ලින්ක් එක.
http://pandaslif.blogspot.com/
මෙන්න සොඳුරු සිත ලින්ක් එක.
http://sodurusitha.blogspot.com/
@ ක්සැන්ඩර් | Xander - අන්න ඒකනෙ ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑනේ. ඒත් දෙයියනේ ආයෙත් හිතෙනවනෙ ජීවිතේට ඉතින් බඳින්නෙ එක පාරනෙ. ඒ හීනෙ හැබෑ කරගන්න ඕනනෙ කියලා.
ReplyDeleteහප්පච්චියේ බැඳිල්ල මහම එපා කරපු එකක් තමා. අර ඕනය කිව්ව වගේ ආයෙ නං අම්මෙ මුත්තෙ කිව්වත නොබඳිම් මම්. පුදුම දුකක් නෙව විඳින්නෙ ඒ වරුවට.
ReplyDeleteto: පිණිබිදු
ReplyDeleteතැන්කූ පිණිබිදු...
පොජ්ජේ
හහ් හහ් හා..! එහෙනම් මේ පාර white wine බෝතලයක් පන්නයි වාගෙ.
ReplyDeletehenryblogwalker the Dude
ඔවු ඔවු පිනිබිඳුවෝ.. ඔන්න අත්දැකීම් ලබා ගන්ට හොඳම සහ අවසාන අවස්ථාව. ඊලග චාන්ස් එක ඔයාගෙනෙ :D
ReplyDeleteමගුල් ගෙදර ඩ්‍රය් අයිස් සර්ව් කරන්නෙ බැදලද?
ReplyDelete"ෆ්‍රයිඩ් ඩ්‍රය් අයිස්" නැගල යය් බයිට් එකට......හික්Z
අෆොයි අක්කේ මමත් ඔය පරිප්පුව හොදටම කෑවා.අපේ අක්කගෙ වෙඩිම තිබ්බෙ ගිය මාසෙ.දෑන් නම් මාරම පාලුයි අක්ක නෑතුව.ඊලග වෙඩිම ඉතින් පිණිබිදු අක්කගෙනෙ.අපිටත් ඕන වෙඩින් කේක්.
ReplyDeleteඅපිත් බැලුවා පිණිබිඳු සහෝදරීට මොකද වුනේ කියලා... බැලින්නම් වැඩනේ...
ReplyDeleteමෙයා මේ මඟුලක් කථා කරනවා... මඟුල් ගැනනම් කථා කරන්න එපා... අපේ නෑදෑ ගෙවල් වල අවුරුද්දට 2 ගානේ මඟුල්... වෙලාවට මම මඟුලක් ගත්තේ නැත්තේ... නැත්තං ඉතින් වටේ ඉන්න අයියලා අක්කලට බඳින්න සප් කරලා මට බඳින්න වෙන්නේ #$%#$@#^#
මඟුලකට යන වියදම නම් එක අතකට අපරාධයක් තමා... ඒත් ඉතින් වියදම් කරන්න පුළුවන් නම් ඒක තමන්ගේ කැමැත්ත. පුළුවන් තරම් චාමෙට කරලා වියදම් කරන්න බලාපොරොත්තු වෙන මුදලින් භාගයක් වත් ඉතුරු කරගෙන ජෝඩුවට අළුත් ජීවිතේට බඩු ටිකක්... නැත්නම් කාමර කෑල්ලක් හරි හදා දෙනව නම්... !!!
කොහොමත් ඉතින් මඟුලක් කන්නට පටන් ගැනීමම දුකකී. මඟුලේ අවසානයද දුකකී. මඟුල් කා පවුල් කෑම ඔක්කොටෝම වඩා දුකකී...
මෙච්චර දුක් විඳගෙන මඟුල් කන්නේ මොන මඟුලකටද මන්දා...!!!:D
මං මේක දැක්කේ සෑහෙන පරක්කු වෙලා
ReplyDelete@ නවම් - හෙහ් හෙහ් මට මතකයි නවම් අයියා ඔය ගැන ලියපු පෝස්ට් එක.
ReplyDelete@ පොජ්ජේ - ලියන එක අත අරින්නෙ එපා පොජ්ජේ. ආයෙ බ්ලොග් එකකින් හම්බවෙමු.
ReplyDelete@ Dude - එච්චර වාසනාවක් කොහෙද. වයින් ගේන එකක් නෑ වගේ. මම සල්ලි වලටම පස්සෙ ගන්නවා.
ReplyDelete@ ..ChAnDiKa.. - අපොයි මට නම් මේ විඳින දුක දැක්කම බඳින එකත් එපා වෙනවා.
ReplyDelete@ Observer - ඔව් ඔව් ඩ්‍රයි අයිස් කාලා දුම් දාන හැටි බලන්න පුලුවන්.
ReplyDelete@ හිම හංසි - එයා ගෙදරින් ගියොත් නම් දැනෙන පාලුව ගැන හිතාගන්න බෑ. මටත් වඩා ඒක අම්මලා කොහොම දරාගනියිද දන්නෙ නෑ.
ReplyDelete@ චතුරංග පෙරේරා | chathuranga Perera - කාට උනත් ඔය ටික දැන් තේරුනත් තමන්ගෙ මගුල ගනිද්දි ඕක අමතක වෙන්නෙ මොන මගුලකටද මන්දා. මොනා උනත් මසුරන් කතාවක් ඔයා කියල තියෙන්නෙ.
ReplyDelete@ prasanna86k - ඉතින් කෝ එච්චරද. කෝ හිතිච්ච ටික.
ReplyDeleteතමන්ගේ සහෝදරියකගේ මගුල වෙනුවෙන් කොච්චර වෙහෙසුනත් පවු නෑ නංගි.
ReplyDeleteඒත් දෙවෙනි දවසේ ගිහින් ඉතින් එයාව භාරදීල එනකොට දැනෙන් දුක.... මටනම් දරා ගන්න බැරි උනා...
සුභ පැතුම්... !!!
මංගල උත්සවයක් වැනි අවස්ථාවක වියලි අයිස් භාවිතා කිරීම ඉතාම අනතුරුදායකයි. වියලි අයිස් මඟින් පිළිස්සුම් ඇතිවීම, වාශ්ප වන CO2 මඟින් හුස්ම හිරවීම, සිහි මූර්ජා වීම සහ මරණය පවා සිදුවිය හැකී. ඊට අමතරව නිවැරදි භාජන වල වියලි අයිස් අසුරා නොතැබීම මඟින් අනතුරු සිදුවිය හැකී.
ReplyDeleteඅර කිව්ව වගේ මඟුල් ගේකට වියදම් කරන සල්ලි වලින් කපල් එක ලෝකෙ වටේ ගිහින් ආවත් හොඳයි.... කොහෙද මම කිව්වට කෙල්ල අහන්නෙ නෑනේ මගේ.. හික් හික් වෙඩිමක් ඕනිමලුනේ... අනේ අප්පේ හිතෙනකොටත් හී ගඩු පිපෙනවා.
ReplyDeleteඅයියෝ මටත් ඉන්නෙ කෙල්ලොම දෙන්නෙක් .....
ReplyDeleteහිතට පොඩි දුකක් දැනුනා .......