ආයෙමත් ගල් සියඹලා වාරෙ ඇවිත්. පාරවල් අයිනෙ ගල් සියඹලා කඳු ගහගෙන විකුණනවා. සීයක් රුපියක් අසූවයි. මොකට මෙච්චර ගණන්ද මන්දා.
මොනා උනත් මම ආසම කෑමක් ගල් සියඹලා. ගල් සියඹලා වල මම ආසම දේ තමා ඒකෙ පිට පොත්තෙ ලස්සන. හරියට වෙල්වට් එකක් වගේ. ඔව් මම පිට පොත්තෙ ලස්සනට වෙලාවකට රැවටෙන්නෙ නැතුව නෙමෙයි.
ඕවයින් මදේ හොඳ එකක් අහු වෙන්නෙ කලාතුරකින්. වැඩි හරියක් තියෙන්නෙ ඇඹුල්ම ඇඹුල් මදේ කරකුට්ටන් වෙලා ගියපු ඒවා හරි පණුවො පිරිච්ච ඒවා හරි තමා. ඒත් රසම රස ගල් සියඹලාවක් කන්න ලැබුණාම ඒකෙ රස වැඩිපුර දැනෙන්නෙ දිවට නෙමෙයි හිතට.
මම නම් කරන්නෙ ගල් සියඹලා අහුරක් අරගෙන පොතක් එක්ක දැහැන් ගත වෙන එක. පොත රසවත් උනොත් නම් අමතක වෙලා පණුවොත් කැවෙනවද මන්දා. කමක් නෑ මම වෙජිටේරියන් නෙමෙයි වෙලාවට. අන්තිමට ඉතුරු වෙන්නෙ කියවලා ඉවර වෙච්ච පොතයි, ගල් සියඹලා පොතුයි ඇටයි හිත ඇතුලෙ පිරිච්ච මහා තෘප්තිමත් හැඟීමකුයි විතරයි.
කලුපාට විල්ලුද වගේ ලස්සන පිට පොත්ත ඇතුලෙ තියෙන මදේ කොහොම එකක්ද කියල කන්නෙ නැතුව අපිට හිතාගන්න බෑ. වෙලාවකට හිතෙනවා මිනිස්සුත් ගල් සියඹලා වගේද කියලා. විල්ලුද පිට පොත්ත විතරයි අපිට පේන්නෙ. ආශ්‍රය කරලා නොබලන තාක් කල් අපි හිතන්නෙ රසම රස මනුස්සකමුයි ඇතුලෙ ඇත්තෙ කියලා.
සමහරවිට ඒ පූර්ව නිගමනය හරි වෙන්න පුලුවන්. ඒත් හුඟක් කලාතුරකින් තමයි. එක්කො තෙතමනයක් නැති වියලි ඇතුලාන්තයක් වෙන්න පුලුවන්. එහෙම නැත්තන් අමනුස්සකම් වලින් නරක් වෙලා පණුවො පිරිච්ච මදයක් වෙන්න පුලුවන්.
ඒ යථාර්ථය දැන දැනත් අපි ගල් සියඹලා කන එක නවත්තනවද. අපිට හැමදාමත් ඉතුරු වෙන්නෙ මිනිස්සු ළඟ සුන්දර මනුස්සකම් ඇතියි කියල හිතන බලාපොරොත්තුව විතරයි.
මම කොහෙන්ද පටන් ගත්තෙ . කොහෙන්ද ඉවර කරේ. අඩේ ගල් සියඹලා කාලා මම දාර්ශනිකයෙක් වෙලාද. නැත්තන් පිස්සෙක් වෙලාද. අනේ මන්දා. තවත් ගල් සියඹලා ඉතුරුයි. ඉතුරු ටික කන්න යන්න ඕනෙ.
මොනා උනත් මම ආසම කෑමක් ගල් සියඹලා. ගල් සියඹලා වල මම ආසම දේ තමා ඒකෙ පිට පොත්තෙ ලස්සන. හරියට වෙල්වට් එකක් වගේ. ඔව් මම පිට පොත්තෙ ලස්සනට වෙලාවකට රැවටෙන්නෙ නැතුව නෙමෙයි.
ඕවයින් මදේ හොඳ එකක් අහු වෙන්නෙ කලාතුරකින්. වැඩි හරියක් තියෙන්නෙ ඇඹුල්ම ඇඹුල් මදේ කරකුට්ටන් වෙලා ගියපු ඒවා හරි පණුවො පිරිච්ච ඒවා හරි තමා. ඒත් රසම රස ගල් සියඹලාවක් කන්න ලැබුණාම ඒකෙ රස වැඩිපුර දැනෙන්නෙ දිවට නෙමෙයි හිතට.
මම නම් කරන්නෙ ගල් සියඹලා අහුරක් අරගෙන පොතක් එක්ක දැහැන් ගත වෙන එක. පොත රසවත් උනොත් නම් අමතක වෙලා පණුවොත් කැවෙනවද මන්දා. කමක් නෑ මම වෙජිටේරියන් නෙමෙයි වෙලාවට. අන්තිමට ඉතුරු වෙන්නෙ කියවලා ඉවර වෙච්ච පොතයි, ගල් සියඹලා පොතුයි ඇටයි හිත ඇතුලෙ පිරිච්ච මහා තෘප්තිමත් හැඟීමකුයි විතරයි.
කලුපාට විල්ලුද වගේ ලස්සන පිට පොත්ත ඇතුලෙ තියෙන මදේ කොහොම එකක්ද කියල කන්නෙ නැතුව අපිට හිතාගන්න බෑ. වෙලාවකට හිතෙනවා මිනිස්සුත් ගල් සියඹලා වගේද කියලා. විල්ලුද පිට පොත්ත විතරයි අපිට පේන්නෙ. ආශ්‍රය කරලා නොබලන තාක් කල් අපි හිතන්නෙ රසම රස මනුස්සකමුයි ඇතුලෙ ඇත්තෙ කියලා.
සමහරවිට ඒ පූර්ව නිගමනය හරි වෙන්න පුලුවන්. ඒත් හුඟක් කලාතුරකින් තමයි. එක්කො තෙතමනයක් නැති වියලි ඇතුලාන්තයක් වෙන්න පුලුවන්. එහෙම නැත්තන් අමනුස්සකම් වලින් නරක් වෙලා පණුවො පිරිච්ච මදයක් වෙන්න පුලුවන්.
ඒ යථාර්ථය දැන දැනත් අපි ගල් සියඹලා කන එක නවත්තනවද. අපිට හැමදාමත් ඉතුරු වෙන්නෙ මිනිස්සු ළඟ සුන්දර මනුස්සකම් ඇතියි කියල හිතන බලාපොරොත්තුව විතරයි.
මම කොහෙන්ද පටන් ගත්තෙ . කොහෙන්ද ඉවර කරේ. අඩේ ගල් සියඹලා කාලා මම දාර්ශනිකයෙක් වෙලාද. නැත්තන් පිස්සෙක් වෙලාද. අනේ මන්දා. තවත් ගල් සියඹලා ඉතුරුයි. ඉතුරු ටික කන්න යන්න ඕනෙ.
අනේ මම අන්තිමට ගල් සියඹලා කෑවේ මෙයිට අවුරුදු 30කට විතර එහා කාලේනේ. දැන් නම් රස මතක නෑත් එක්ක. මම ගමේ ස්කෝලෙ යන කාලේ ඈත ගමකින් ආව ළමෙක් තමයි ගෙනත් දුන්නේ. ඒ කාලේ මම එයාට ගෙදර වැඩ කරපු පොත දීලා තමයි ගල් සියඹලා ලබා ගන්නේ. මේ ඔක්කොම ස්කෝලෙදි විතරයි. ගෙදර නම් කවදාවත් කන්න දුන්නේ නෑ වෙන්න ඕනේ. ඒක හින්දාමද කොහෙද මේ තරම් කාලෙකට මට ගල් සියඹලා අමතක වෙලානේ තිබ්බේ.
ReplyDeleteචූටි කාලේ මාත් අම්මගෙන් ගල් සියඹලා ඉල්ලලා අඩනවා. දැන් නම් කාලෙකින් කාලා නැහැ.
ReplyDeleteහැබැයි අක්ක නිසා අද හවස මම පොලට යනවා. ගිහිං ගන්නවා ගල් සියඹලා. මේ පෝස්ට් එක කියෝපු බඩෝ පනු පැටව් උද්ගෝෂනයක්... අපිට කෑම එපා... ගල් සියඹලා ඕනේ කියලා...
ස්තූතියි අක්කේ මේ කෑම මතක් කරලා දුන්නට. කාලා තියෙනවද උගුරැස්ස? බෝවිටියා? මොර? අන්න ඒවත් මේ ලයින් එකේම එව්වා තමා...
මට නම් කවදාවත් කන්න ගත්තු ගල් සියඹල වල පණුවො ඉන්නව මාට්ටු වෙලා නෑ... මොකද මම ඕව කන්නෙ ඔය වෙල්වට් වගේ කියන පොත්තත් එක්කමයි... ඇට ටික විතරයි ඉතුරු වෙන්නෙ... ට්‍රයි කරල බලන්න... ඒකෙත් අමුතු රහක් තියෙනව... පොතු ඇර ඇර කන්න ගියහම මල වදේ...
ReplyDelete@ Il mondo di una povera pazza - එහෙනම් ලංකාවට ආපු කාලෙක කොහොමහරි ආයෙත් හොයාගෙන කන්න අක්කෙ. මම නම් මාර ආසයි.
ReplyDelete@ prasanna86k - උගුරැස්ස? බෝවිටියා? මොර? හෙහ් හෙහ් මලේ මම පොලොන්නරුවෙ කෙල්ලෙක් මිසක් ඕවා දැකල අහල නැති පොෂ් කෙල්ලෙක් නෙමෙයි. ඒත් මොර එහෙම නම් දැන් අපේ පැත්තෙත් අඩුයිලු.
ReplyDeleteඕකට තමයි කියන්නේ පිට පොත්තට රවටෙන්න එපා කියලා.කොයි... !!! අහන එකක් යෑ. අපි ඉතින් කට කඩෙනකන් කියනවා මේයැයි අහනවායෑ. හික්ස් :)
ReplyDeleteමාත් හරිම ආසයි ගල් සියබලා කන්න. අර ටිකක් විතර අමුවා ලැබුනොත් නම් මරු !!!
@ සාතන්- එහෙනම් අසරණ පණු පැටවුන්ට අජරාමර නිවන් සුව.
ReplyDeleteඇත්තටම ඕවගෙ පනුවො ඉන්නවද බන්?...
ReplyDelete@ මධුරංග - අර ලාවට ඉදීගෙන එන අමු ඒවා වල අමුතුම රහක් තියෙන්නෙ.
ReplyDelete//කලුපාට විල්ලුද වගේ ලස්සන පිට පොත්ත ඇතුලෙ තියෙන මදේ කොහොම එකක්ද කියල කන්නෙ නැතුව අපිට හිතාගන්න බෑ. වෙලාවකට හිතෙනවා මිනිස්සුත් ගල් සියඹලා වගේද කියලා. විල්ලුද පිට පොත්ත විතරයි අපිට පේන්නෙ. ආශ්‍රය කරලා නොබලන තාක් කල් අපි හිතන්නෙ රසම රස මනුස්සකමුයි ඇතුලෙ ඇත්තෙ කියලා.//
ReplyDeleteපණුවෝ දකින්නත් පොත්ත බිඳින්නම වෙනවා සහෝදරී... අපි හැමෝම ගල් සියඹලා තමා... පිටින් එක වගේ.... සිනිඳුයි... ඇතුල රස නැතිවෙන්නත් පුළුවන්
ඇතුලක් නැති වෙන්නත් පුළුවන්....
ඒ වගේ ඒවා අඳුනගන්න පුළුවන් හොල්ලලා බැලුවම...!
@ සාතන් - හික්ස්. පොත්ත පිටින් කනකොට කොහෙද පණුවො දකින්නෙ. පොත්ත ගලවලා බලන්න. සුදු පාටට වකුටු වෙලා කවුද ඉන්නෙ කියලා.
ReplyDelete//පොත රසවත් උනොත් නම් අමතක වෙලා පණුවොත් කැවෙනවද මන්දා.//
ReplyDeleteඔයා හිහන්නෙ ගල් සියබලේකට පනුවො නැතුව රෝස් කුකුල්ලු එනව කියලද . . . . ඔන්න ඔහෙ කාල දාන්න නගේ . . . ඇට හැපෙනව කියලයෑ
ඒ... මාත් ආසම කෑමක් ගල් සියඹලා.මේ Comment 1 ඒ ආසාව වෙනුවෙන්.
ReplyDeleteඅපි ස්කුල් බස් එකේ දී ගල් සියඹලා කාල ඇට විසිකරනවා . දවසක් කර එකක් ඇතුලට ගිහින් ඩ්‍රයිවර් අන්කල්ගේ තට්ටේටම වැදුන . අපොයි රවපු රැවිල්ලක්. අපි නම් ඕන තරම් කල තියෙනවා .ඉස්සර කොළඹ ඉස්කෝල ගාවත් වික්ක . එච්චර ගණන් නැහැ . නැත්නම් අපිට කොයින්ද සල්ලි . අපිත් බෝවිටිය , දන් කාල ඇති ඇති වෙනකම් . බෝවිටිය රස නැහැ . දන් නම් මාර රසයි . හිඹුටු වැඩිය තිබ්බේ නැහැ අපේ පැත්තේ . මෙහෙ තියෙනව මොර වගේ ජාතියක් . ලෝන්ගන් කියල . පහුගිය දවස් වල හරියට තිබුනා . හොඳට මාකට් වෙන පළතුරක් .
ReplyDeleteමමත් ආසම කෑමක්.බාගෙට ඉදුන ඒවා අමුතුම රහක් අම්මේ කෙල උනනවා.
ReplyDelete@ චතුරංග පෙරේරා | chathuranga Perera - ඔව් බලාගෙන යද්දි අපි හැමෝම ගල් සියඹලා තමා.
ReplyDelete@ ඕනයා - අනේ ඔව් අයියෙ. පණුවෙක් දෙන්නෙක් හිටිය කියල අපි නම් විසිකරයි කෑමක්.
ReplyDelete@ KC - එහෙනම් ඉතින් ඉක්මනට ගල් සියඹලා කන්න ලැබෙන්න කියල පතනව මම.
ReplyDelete@ Bindi - ඇයි අක්කෙ එරමිණියා, කරඹ. අම්මෝ දැන් කොහෙද ඒවා. ආයෙ කැකිල්ල කියල ජාතියකුත් කෑවා. මෙලෝ රසක් නෑ. ඒත් ඔහෙ හප හප ඉන්නවා.
ReplyDelete@ නදී - ඔව් නදී අර ඉදීගෙන එන ඒවා හරි රහයි තමා.
ReplyDeleteගල් සියඹලා වලට ඉන්ගිරිසියෙන් කියන්නෙ Velvet Tamarind කියලා.
ReplyDeleteබින්දි අක්කෙ Dimocarpus longan කියන්නෙ මොර, ඒ නිසා ඔය කාල තියන්නෙත් මොර වෙන්න පුළුවන් .
http://myideasgordoniaceylanica.blogspot.com/2011/09/shopping.html
ඔයා අපේ දිහා අවොත් දෙන්නම් ගල් සිය්‍යඹලා ගෝනියක් වුණත් .. හැබැයි අක්කා ඔවුවා දහයකට එකක් විතර පනිවෝ ඉන්නවා හරී පොත්ත සුද්ද කරලා කනවා හොඳයි !
ReplyDeleteඅපිටනම් අතින් කඩාගෙන කෑවහැකි
කාපු කාලයක් මතක නෑ
ReplyDeleteහොඳ ගල් සියඹලා ටිකක් හොයා ගන්න සෑගෙන අමාරුයි..පිටින් හොඳට වගේ තිබුනට හුඟාක් ඒවා ඇතුලතින් නරකයි...අර කිව්වත් වගේ මිනිස්සු වගේමයි....
මම ගල් සියඹලා ගත්තොත් කාගෙන කාගෙන යනවා තල්ල හම යනකම්ම... පණුවෝ ගැනනම් බොහොම සෝදිසියෙන් තමයි වැඩේ කරන්නේ. මොකද සමහර තැන්වල ගල්සියඹලා වලට වඩා විකුණන්නේ පණුවෝ!
ReplyDeleteම්ම්ම්... මාත් කැමතිම පළතුරක්... අර කථාවත් ඇත්ත තමයි බලං යද්දි.. හ්ම් හ්ම්..
ReplyDelete@ Gordonia ceylanica - ඒ කියන්නෙ විල්ලුද සියඹලා නේද. ආ ඒ නමත් හරි යනවා මේකෙ හැටියට.
ReplyDelete@ හිස් අහස - මම නම් පොත්ත අයින් කරලා තමා කන්නෙ. මට අහු වෙන ඒවගෙත් වැඩි හරියක් පණුවො ඉන්න ඒවා තමා. අපේ පැති වලත් කැලේ තියෙනවා මේවා. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
ReplyDelete@ දිල් - මාත් හොඳ ඒවා කියලා හිතලා අනන්ත අමු ඒවා ගෙනත් තියෙනවා.
ReplyDelete@ පූසා - මටත් කාලා කාලා අන්තිමට තල්ල හම ගිහින් මුකුත් සැර දේවල් කන්න බෑ. කට දනවා.
ReplyDelete@ සීතල අයියා - බලන් යද්දි මම හිතුවට වඩා සෑහෙන කට්ටිය කැමති පලතුරක් නෙ.
ReplyDeleteකොච්චර කාලෙකින්ද පිංතුරයක් හරි දැක්කේ..ආසයි කන්න ආයිත්..සමහර ඒවා පොත්ත හොදට තිබ්බට ඇතුල තිත්තයි.....
ReplyDeleteමමත් ගල් සියඹලා කන්න හරිම පෙරේතයි. මේක කියවලා පෙරේත කම වැඩි උනා. හද හෙටම ගෙනත් කන්න ඕනා... :)
ReplyDeleteහප්පා. ගල් සියඹලා මතක් වෙනකොටත් කටට කෙළ උනනවා.
ReplyDeleteඅලේ මගෙත් ආසම කෑමක් බං. ඉස්සෙල්ලාම කෑවෙ දිඹුලාගල ගිහිල්ලා. කැම්පස් කාලෙදි ගල් සියඹලා කන ෆොටෝ එකක් බුකියෙත් ඇති.
ReplyDeleteකාලෙකින් හොද ගල් සියඹලා ටිකක් කෑවෙ නෑ...:((
මේවා ලියන්න එපා නංගී . . ..
ReplyDeleteමගේ කී බෝඩ් එක අප්සට් යනවා බේරෙන කෙල නිසා . . .
කාපු කාලයක් මතක නෑ හලෝ . .
බැරිද තැපෑලෙන් වත් එවන්න එක ගල් සියඹලා ගොට්ටක් වත් . . .
මිනිස්සුයි ගල් සියඹලයි සංසන්දනය කරපු හැටි නම් අපූරුයි . .
අනේ අක්කේ ඔවා මතක් කරන්න එපා.. මතක් වෙද්දිත් දුක හිතෙනවා...
ReplyDeleteශිහ්.. මේවා ලියන්න ලියන්න ලංකාවට එන්න හිතෙනවා.. අම්මෝ.. දැන් සීයක් අසුවද? පික්ෂු හැදෙනවා.. මං ලංකාවෙන් යනකොට අන්තිමට ගල් සියඹලා කෑවේ සීයක් විස්ස ගානේද කොහෙද..
ReplyDeleteසෑහෙන කාලෙකින් ගල් සියඹලා කාවෙ නෑ. කටට කෙළත් ඉනුව
ReplyDeleteකතාව නම් අමූලික ඇත්ත පිණිබිදු.මිනිස්සුයි ගල් සියඹලායි සමානයි කියලා තමයි මටත් වෙලාවකට හිතෙන්වේ...
ReplyDeleteඅඬේ පිණිබිදු.. ගල් සියඹලා නම් නියමයි අප්පා... මමත් 50 ගොට්ට්ක් කෑවා.
පොජ්ජේ
ආහ්.. මයි ෆේවරිට් ! ගල් සියඹලා ගැන මුල්ම මතකය තියෙන්නෙ මාතර පරණ බස් ස්ටැන්ඩ් එක අයිනෙ පේමන්ට් එකේ එලපු ගෝණියක ගහපු ගල්සියඹලා කන්දකින් රුපියල් දහයක නැත්නං විස්සක මහ විසාල ගොට්ටක් අම්ම අරන් දෙනව. තව විශේෂයක් තියෙන්නෙ මාතරින් දුන්න ඒ ගල් සියඹල ගොට්ටෙ වහපු මුදුනටත් තව ගල් සියඹල අහුරක් තියනව. හරියට "මේ ටික නිකං දෙන්නෙ" කියනව වගේ. ඒ මීට ඇවුරුදු විස්සකට විතර උඩින් වෙන්න ඕන.
ReplyDeleteතවමත් ඒ ගොට්ටට උඩින් දාල දෙන සිරිත මාතර බස් ස්ටෑන්ඩ් එකේ රටකජු, ගල්සියඹ්ලා වෙලෙන්දන්ගෙ තියනවද දන්නෙ නෑ.
එදා ඉඳල හැම වාරෙකටම ගල්සියඹල කන්න නම් මම අමතක කරන්නෙ නෑ. ඒත් කොච්චර පෙරේත් උනත් මුලින්ම එන ගල්සියඹල කන්න නරකයි. වාරෙ ඇවිල්ල මාසයක් විතර ගියම තමයි හරියටම පැහිච්ච ඒව කඩවල් වලට එන්නෙ. කලබලේට ඉස්සෙල්ලම කන්න ගියොත් කන්න වෙන්නෙ අමු ඒව තමා.
හ්ම්....ඩ්‍රය් අයිස් වලින් ගල් සියඹලා වලට......
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්..... - ඒකනෙ පිට පොත්තෙන් මදේ ගැන හිතාගන්න බෑ.
ReplyDelete@ කින්නරාවි - මේ දවස් වල නම් හැමතැනම ගල් සියබලා. හොයාගන්න අමාරු වෙන එකක් නෑ.
ReplyDelete@ cjgayan - තාම කන්න බැරි උනාද.
ReplyDelete@ නිසුපා - ඔය දිඹුලාගල නම් ගල්සියඹලා ගස් වලින්ම කඩලා කන්න පුලුවන්.එහෙ හරියට තියෙනවා.
ReplyDelete@ දුකා - දැන් එකම කෙළ විලක් වෙලා ඇති නේ. හී හී.
ReplyDelete@ Dinesh - මීට පස්සෙ ලංකාවට එද්දි ගල්සියඹලා වාරයක් එනකල් ඉන්න
ReplyDelete@ ක්සැන්ඩර් | Xander - ගිය අවුරුද්දෙත් මීට වඩා සෑහෙන අඩුවට කෑවෙ. මේ පාර මාර ගනන්.
ReplyDelete@ හරී - පිණිපළස - ලංකාවෙන් පිට ඉන්න අයට නම් සොරි තමා.
ReplyDelete@ පොජ්ජේ - බලාගෙන යද්දි අපි ඔක්කොමලා ගල්සියඹලා තමා නේ.
ReplyDelete@ nawammawatha - මම පෙරේතකමට ආපු ගමන් ගන්න ගිහින් අමු ඒවට අහු උනා. දැන් නම් හොඳ ඒවා තියෙනවා.
ReplyDelete@ Observer - කෑම කොහෙද අපි එතන
ReplyDeleteඇත්ත.......
ReplyDelete"අතු කඩා මොර කන්නවුන් සේ..."
ReplyDeleteඅනේ ඇයි මෙහෙම කරන්නෙ අහ්... මේව ලියන්න එපා දෙයියනේ... දැන් මම ගල් සියඹල කොහෙන්ද හොයන්නේ... සික්....
ReplyDeleteපණුවො ගානක් නෑ... ප්‍රෝටීන් කියල හිතන් කන්න හික් හික්
මිනිස්සු ගල් සියඹලා නෙවෙය් නිකම් අමු සියඹලා වගේ තමයි වැඩිය කෑවොත් කට හිරි වැටෙනවා .. නොකැවා නම් හොඳයි කියල හිතෙනවා..
ReplyDelete@ ටී.බී. හේරත් - අපිට නම් මොරත් එකයි ගල් සියඹලත් එකයි.
ReplyDelete@ පිස්සා පලාමල්ල - හයියෝ පණුවෙක් නිසා ගල් සියඹලයක් විසික් කරයිද අපි.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - ඒක නම් ඇත්ත.
ReplyDelete@ තරිඳු - ස්තූතියි සහෝ.
ReplyDeleteගල් සියඹලා නිසා පිනිබිඳු විචාරකයෙක් වෙලාලු.... හිකිස්.. ඒ උනාට ඔය පිට පොත්තේ ලස්සන නැත්නම් රුපියල් 80 ක් දීල ගයිද අපේ පිනිබිඳු.. ? :පී
ReplyDeleteමම ඒ දවස්වල නං හෙන කැමතියි, දැන් නං එච්චර ලයික් එකක් නැහැ ........
ReplyDeleteමිනිස්සුත් ගල් සියඹලා වගේ මුලින්ම කාලා බලලා ආශ්‍රය කරන්න පුලුවන්නම් .......
ඔන්න දැන් වාරය එනවා මේ අවුරුද්දේ
ReplyDelete