Pages

Monday, October 3, 2011

සොඳුරු අතීතයෙ රැග් සීසන් එක (දෙවෙනි කොටස)


කට්ටිය කලින් පෝස්ට් එක කියවන්න ඇති කියලා හිතනවා. නොකියවපු අය මෙතනින් ගිහින් කියවලා ආවනම්.

අපේ බැච් එකේ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මුළු කැම්පස් එකේම කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලො හුඟක් අඩුයි. මොරටු විලාපය කියලා කවියක් තියෙනවා අහල ඇති නේද.

හන්තානට පායන සඳ අපට නැතී
කොළඹ වගේ හොඳ පොෂ් බඩු අපට නැතී
ජපුර වගේ එකට හතක් අපට නැතී
බීලා ගත්තු ආතල් නම් එමට ඇතී

කොල්ලන්ගෙ අඳෝනා තමා. ඉතිං තත්වය එසේ තිබියදී රැග් සීසන් එක කාලෙ අපේ බැච් එකේ කොල්ලෙක් පිට කොල්ලෙක් එක්ක කියලා වැඩක් නෑ බං අපරාදෙ මෙහෙ ආවෙ. මෙහෙ කෙල්ලො නෑනෙ කියලා.

ඕක මොනයම් හරි මාර්ගෙකින් සින්නොන්ට ආරන්චි වෙලා. සින්නො ටික දැන් ඕක කියපු කොල්ලව අල්ලගෙන ඉස්සරහට ගෙනල්ලා චාටර් කරනවා.

සිද්දිය ඔහොම යද්දි අපේ බෝඩිමේ එකියක් ඉස්සරහට ගිහින් හයියෙන් කියපි "මේ ඉන්නෙ කෙල්ලෙක්" කියලා. අපි බොහොම අමාරුවෙන් හිනාව නවත්ත ගත්තෙ. ඒකිව සින්නො තමා යවල තියෙන්නෙ ඉස්සරහට ගිහින් කියපන් කියලා. අපි නම් තාමත් ඒකිව බයිට් කරනවා මේ ඉන්නෙ කෙල්ලෙක් කියලා.


අපේ බැච් එකේ කෙල්ලෙක් හිටියා සෑහෙන ෆෝවර්ඩ් කෙනෙක්. ඒ ෆෝවර්ඩ් කමම වෙලාවකට ඒකිව බයිට් වෙන්නත් හේතුවක් වෙනවා. ඉස්සර සින්නෙක් ඇවිත් කිව්වොත් සින්දුවක් කියපන් කියලා මේකිමයි නැගිටලා ගිහින් සින්දු කියන්නෙ. ඒ කියන්නෙත් එකම සින්දුවක්. "බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා..".

අන්තිමට සින්නොන්ට ඒ සිංදුව අහලා එපා වෙලා තිබ්බෙ. හදිස්සියේ වත් සිංදුවක් කියන්න කියලා මේකි නැගිට්ටොත් අනේ බුදු නංගියේ සිංදු නම් කියන්ඩ එපා කියලා වාඩි කරවනවා.

රැග් සීසන් එකේ විශේෂම අංගය තමා නමක් හෙවත් කාඩ් එකක් දැමීම. බැච් එකේ අල වෙච්ච උන්ට ඇරෙන්න අනිත් හැමෝටම විශේෂිත කාඩ් එකක් තියෙනවා. මේක කියෙව්වට පස්සෙ මගෙ කාඩ් එක මොකද්ද කියල නම් අහන්ඩ එපා මං මරාගෙන මැරෙනවා හරිය. ඒ තරම් සුන්දර නමක් මට දැම්මනෙ මුං.

කාඩ් හම්බවෙන දවසත් පලු යන්න බැනුම් අහන්න පුලුවන් දවසක්. ඔන්න මාව සින්නෙක් ගෙන්නුවා.

"උඹේ කාඩ් එක මොකද්ද?"

"තාම දාලා නෑ අයියෙ."

"ඇයි උඹේ ලොකු එකද. උඹට නමක් එපාද. පල ගිහින් අර අයියගෙන් නමක් ඉල්ලගෙන වරෙන්".


ඔහොම මෘදු කරුණාබර ස්වරයෙන් මාව අමතලා සීනියර් බැච් එකේ මරුමුස්ම සින්නෙක් ගාවට මාව යැවුවා. මූ මම එනවා දැකලත් නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්නවා. ජ්‍යේෂ්ඨ උත්තමයන්ට බාධා කරන්න බැරි නිසා මාත් සද්ද නැතුව හිටගෙන ඉන්නවා. කතා කරත් බැනුම් අහන්න වෙන එකනෙ. අන්තිමට මම මළ වාතයක් කියල හිතලා වෙන්න ඇති සුමධුර ස්වරයෙන් මට කතා කරා.

"උඹ මොකද මෙතන පැළ වෙලා ඉන්නෙ?"

"මට නමක් දාගන්න අයියෙ"

"උඹව කවුද මා ගාවට එව්වෙ?"

"කවුරුත් නෑ අයියෙ. මට හිතිල ආවෙ."

"ඇයි යකෝ උඹට පිස්සුද. මම රෙජිස්ටාර්ද? ඇයි උඹට අම්මා තාත්තා දීපු නම මදි වෙලාද?"

ඕකට තමා ඉතින් ආස්කින් ඇන්ඩ් ඊටින් කියන්නෙ. මම ඉතා අවිහිංසක මූණක් හදාගෙන හිටියා. මොකෝ නමක් නැතුව ආපහු ගියොත් අරුං මාව ඉතුරු කරයිද?

අන්තිමට මේ වගේම මරුමුස් තුන් හතර දෙනෙක් එකතු වෙලා සාකච්චා වට කීපෙකට පස්සෙ දැන් තියෙන මේ ලස්සන, අනගිභවනීය නාමය මට ලබාදුන්නා. මම ඉතින් ඒ ලැබුණු ශ්‍රී නාමය හැම කෙනා ගාවටම ගිහින් කියමින් ඉතාමත් ඉහළ අයුරින් සින්නන්ගෙන් අගය කිරීමට ලක් උනා. හික්ස්.


මෙහෙම බැච් එකේ අයට සින්නො නම් දැම්මට පස්සෙ තවත් නම් නැති අය ඉන්නවා නම් අපේ බැච් එකේ අයටම කියලා නම් දාගන්න ඕනෙ. අපේ හිටියා රණවීර කියලා වාසගමක් තියෙන කොල්ලෙක්. මූට නමක් දාගන්න ඕනෙ කියලා අපේ කෙල්ලෙක්ට කියලා. දැන් කොල්ලා නමක් දාගෙන සින්නෙක් ඉස්සරහට ගියා.

"අයියෙ මම කාඩ් එකක් දාගත්තා."

"මොකද්ද උඹේ කාඩ් එක?"

"රණේ."

"මොකක්?"

"රණේ."

බකස් ගා සිනා සෙමින්,
"කවුද යකෝ උඹට ඒ නම දැම්මෙ?"

"මෙයා දැම්මෙ." ඌ අර කෙල්ලව පෙන්නයි.

"මූ උඹේ මිනිහද යකෝ රණේ කියල කියන්න. පලයං ගිහින් වෙන නමක් දාගෙන වරෙන්."

ඔන්න ඔහොමයි නම් දැමීම කෙළවීම වෙන්නෙත්.

ඔය රැග් සීසන් එකේ සින්නො කරන තව වැඩක් තමයි එක එක ජාතියෙ රචනා ලියන්න දෙන එක. කිසිම ගැලපීමක් නැති දෙකක් අරගෙන ගලපලා ලියන්න ඕනෙ. උදාහරණ විදිහට "පොල් ගස සහ ක්‍රිකට් ක්‍රීඩාව", "ජෝන් සීනා සහ ඒබරං ආතා".

මට හම්බවුණු මාතෘකාව තමා "අයිශ්වර්යා රායි සහ පරාක්‍රම සමූද්‍රය". කාලා වරෙංකො ඉතින්. මේ දෙක කොහොම සමාන කරන්නද? අන්තිමට හිතලා හිතලා ලිව්වා රචනාව. මට ලියපුවායෙන් මතක ටිකයි.


"අයිශ්වර්යා රායිගේ කොණ්ඩයේ රැළි පරාක්‍රම සමූද්‍රයේ දිය රැළි මෙනි. ඇය සිනා නගන විට ඒ දිය රැළි බිඳී විසිරෙන සුදු පෙණ පිඬු වැනිය. පරාක්‍රම සමූද්‍රයේ මාළු සිටින අතර අයිශ්වර්යා රායි මාළු කෑමට ගනියි".

ඔන්න ඔය වගේ අහස පොළව නුහූලන ඒවා ලිව්වා ඉතින්. ඔක්කොමත් හරි සින්නො ඉස්සරහ රචනාව කියවනකොට ඔය එක වාක්‍යක් ගානෙ අහගන්න වෙන වචන ටික කොයි තරම් කරුණාබරද?


ඉතින් තව නම් කියන්න දේවල් එමටයි. දැනට මේක නවත්තන්නම්. තව මතක් උනොත් පස්සෙ කාලෙක ආයෙ ලියන්නම්කො.

මම ගියපාර පෝස්ට් එකෙනුත් කිව්වා වගේ මම නවක වධය සාධාරණීකරණය කරන්න කිසිම විටෙක උත්සාහ කරන්නෙ නෑ. අපිට කවදාවත් අමානුෂික රැග් එකක් ලැබුණෙ නෑ. අපි දුන්නෙත් නෑ.

කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක් කරලා හිනාවෙන්න හරි ඉතුරු වෙන්නෙ මේ කාලෙ තමයි. ඉතුරු මුළු කාලෙම ඒ එකක් බී එකක් පස්සෙ හති වැටෙනකල් දුවන්නයි වෙන්නෙ.

40 comments:

  1. අර කාඩ් එක නිකන් කොයි වගේ එකක් ද දන්නෑ?? නිකන් පොඩි හින්ට් එකක්වත් දුන්න නං........

    ReplyDelete
  2. මට හම්බ උනේ බත් පිඟානට පින් දෙන්න....... කුඹුරේ පස් පිඩේ ඉඳ කැන්ටින් එකෙ උයන අම්මා වෙනකම් පින් දෙන්න.....එක තැනක් වැරදුනොත්....අම්මො...සින්න අයියලගෙ තෙම්පරාදු වචන....

    අනිත් එක බක චක්කරය....

    ReplyDelete
  3. අනේ ඔයාගෙ කාඩ් එක කියන්නකො අක්කියො ;)

    ReplyDelete
  4. අර අක්කාට දාලා තියෙන කාඩ් එක මොකක්ද දන්නේ නෑ නේද

    ReplyDelete
  5. කොහොම හරි ඔයාගේ කාඩ් එක කිව්වෙ නැහැනේ.... මට හිතෙන්නේ නිකං වනමලී වගේ එකක් දාන්න ඇති කියලා...

    ReplyDelete
  6. හ්ම්ම්.. සමහරවිට මම කැම්පස් ගියපු නැති එක හොඳට ගියා මම හිතන්නේ. මට මල පනින විදියට සින්නො නෙවෙයි ඉතින් මුළු කැම්පස් එකම ආවත් මම සමහර දේවල් වලට පට්ටම විරුද්ධයි. මොකද අපේ අම්මල අප්පල අපිට කන්න බොන්න දීල මෙච්චර මහන්සි වෙලා හදල තියෙන්නේ එක එකාගෙන් බැනුම් අහන්නය කියල මට සාධාරණ කේන්තියක් එනවා. එත් ඉතින් එකත් මම කැම්පස් ගිය නැති නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. අනේ මන්දන්නේ නෑ, ඔන්න මගේ නඟා යනවා පේරාදෙණියේ අද ඉඳල.. අහන්න ඕනේ එකිගේන්වත්..

    ReplyDelete
  7. ඔය ටික විතරයි අක්කේ අන්තීමට මතක් කරන්න ඉතුරු වෙන්නේ. අපේ කාඩ් දාන්නේ ඔය ක්‍රමේට නෙමෙයි. එකම කාඩ් එක තියෙන අය බැච් හතරට හතරක් ඉන්නවා. එහෙම දාන්නේ එතකොට ජුන්නන්ට සින්නෙක්ගෙන් උදව් ගන්න ලේසි වෙන්න.

    ReplyDelete
  8. ඔයාගෙ කාඩ් එක ....?

    ReplyDelete
  9. හපොයි, ඔය කාඩ් ගැන නම් කථා නොකරන තරමට හොඳයි.. මගේ කාඩ් එක දාපු අයියලම දැන් කියනවා ඒක හොඳ නෑ , ඒක නිසා නම කියලම කථා කරන්නම් කියලා.. හිකිස්...

    ReplyDelete
  10. හික් . . . මම වතාවක් සෙට් එකකට දුන්න "ජැක් ගසන්නන්ගේ ඊරිසියාව" කියල ඇසයින්මන්ට් එකක්. අම්බලංගොඩ පැත්තෙ මල්ලි කෙනෙක් පට්ට විදියට ලියල තිබුන උගෙ ඇසයින්මන්ට් එක. ඉස්පැසල් ටැංකිවු එක W.M.P.O. මැන්ටල් අයියා තුමාට කියල දාල.

    ReplyDelete
  11. අර රචනාව ගැනනම් කියන්න වචන නෑ.. ළකුණු 10න් 10යි.. කාඩ් එක ගැන පොඩිවත් ඉගියක් දෙන්න බෑනේ????

    ReplyDelete
  12. හික්ස්...අපේ බැච් එකෙත් කොල්ලෝ 500 ට කෙල්ලෝ 60 යි....

    ඇත්තටම ඔයාගේ කාර්ඩ් එක මොකක්ද? :)

    ReplyDelete
  13. පිනිබින්දු අක්කාගේ කාඩ් එක මම හොයලා බැලුවා ඔය කියන විස්ස විද්‍යාලේ මගේ හොඳම මිතුරෙක් තමා මට ඔයාගේ කාඩ් එක කීවේ ..මම කියන්නද අක්කේ ?

    දැන් මාසෙකට කලින් ඔයාගේ රූපේ මූනු පොතෙන් පෙන්නූ ගමන්ම මගේ මිත්‍රයා කීවා අප්පෝ මේ ............නේ කියලා

    හිස්තැන් පුරුවන්නද ?

    අඩේ මට මාර සතුටුයි මම අද පටන් ඔයාව බ්ලැක් මේල් කරනවා

    ReplyDelete
  14. මේ කතා කරන්නේ ඉංජිනේරු පීඨය ගැන වෙන්න බෑ. මොකද ඒකෙ ඔහොම සංස්කෘතියක් නෑ.

    ReplyDelete
  15. පිණිබිදු,

    මේක ලියන මම මීට අවුරුදු 20 කට විතර ඉස්සර විශ්වවිද්‍යාල ජීවිතය ගතකරපු කෙනෙක්. හැබැයි මම අදත් විශ්වාස කරනවා යම් පාලනයක් සහිතව සිදුකෙරෙන නවක වදය ඉතා සාධනීය ලක්ෂණ සහිත, වි/වි පරිසරයට අත්‍යවශ්‍ය අංගයක්ය කියලා.(ඒ නිසාම තමයි එස් බී මහතා දැන් රජයේ ගිණුමින් ඒ දේම කරන්නේ)

    කිව්වත් වාගේ අන්තිමට මතක් කරන්න තියෙන්නෙත් ඔය කාලේ තමයි

    ReplyDelete
  16. සරසවි කුරුටු ගී... :)

    ReplyDelete
  17. අනේ බං මට විතරක්වත් කාඩ් එක කියපන් කෝ.
    අපිට ඉතිං ඕවා තිබුනේ නෑ නෙ.හැබැයි අප්‍රසිද්දියේ අපේම කොල්ලො කෙල්ලන්ට නම් දාලා තිබුනාලු.සමහර ඒවා ආරංචි වුනේ අවුට් වුනාටත් පස්සෙ.කොල්ලන්ට නම් අපිම නම් දාපුවා තිබුනා.

    @සයුරි - ඔයා ඉන්ජ් ෆැක් එකකද?

    ReplyDelete
  18. ලංකාවෙ කෙල්ලෙකුට යන්ඩ පුලුවන් වාසනාවන්තම කැම්පස් එක තමයි මොරටුව. එක කෙල්ලෙක් වටේ කොල්ලො 10ක් විතර. මාර ඉල්ලුමක් තියෙන්නෙ....

    ReplyDelete
  19. @ඕනයා :
    ඔය කියන්නේ කන්ද උඩ විස්ස විද්‍යාලයේ කට්ටියගේ රැග් එක වෙන්ටෑ. මාත් ඔහොම ඇසයිමන්ට් ලියලා තියේ. මරු හැබැයි ඒ කාලේ.

    ReplyDelete
  20. @නිසුපා : ඔව්, මම 04. ඔයා 06 ද? පිණිබිදු ඉන්ජ් කියලා මම හිතුවේ...මාත් බැලුවා අපි අවුට් උනාට පස්සේ rag එක දරුණු වෙලාද කියලා... :))

    ReplyDelete
  21. මට දිගටම ලියන්න කියලා උපදෙස් ලැබුනෙත් ඔහොම ඇසයින්මන්ට් එකකින්...

    ReplyDelete
  22. @සයුරි - ඔව් ඔව් මං 06 තමා.අපි එනකට අක්කත් ඉන්න ඇති නේද? අක්කා මොන ඩිපාර්ට්මන්ට්ද?පිණිබිදු අ.ටී.ෆැක් එකේ.

    ReplyDelete
  23. ඇ ... අ.ටී.ෆැක් එකේ ?....

    ReplyDelete
  24. ඒ කාලෙ සිද්ධ වෙච්ච දේවල්.... හි..හි..

    ReplyDelete
  25. මහසෝනාOctober 7, 2011 at 12:17 AM

    අහිංසක රැග් එකක නම් මම වරදක් දකින්නේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රැග් එක අනිවාර්ය වෙන ඒකයි.

    ඕන කට්ටියට රැග් වෙන්නත්, එපා අයට රැග් නොවී ඉන්නත් පුළුවන් වෙන්න ඕනේ.

    එහෙම කියල රැග් නොවෙන උන් අලයෝ කියල කොන් කරන එක හරිම වැරදි දෙයක් කියල තමා මම නම් දක්කිනේ.

    ReplyDelete
    Replies
    1. හරියට ම හරි තමයි ඒ කතාව නම්.

      Delete
  26. මට මතකය් අපේ මල්ලි කියනව, එයාලගෙ බැච් එකම යැව්වලු බය්සිකල් රේස් එකක් කටුබැද්දෙ හන්දියට. එකෙක්ගෙ බය්සිකලේ චේන් එක පැන්න පාර්ට් එක දැම්මලු මගදි ශේප් වෙන්න. ඌට බය්සිකලේ කරේ තියන් දුවන්න අණ ලැබුනලු ජ්‍යෙෂ්ට උත්තමයන්ගෙන්. හැබය් අණ දීම් ඇරෙන්න වැඩකිඩ ඔක්කොම අභිනයෙන්.

    ReplyDelete
  27. ඒ දවස් වල මට නම් මාර චාන්ස් එකක් සෙට් වෙලා තිබුනේ... සිංහල අය හිතන්නේ මම දෙමල කියල, එයාල මට කතා කරන්නේ නෑ. දෙමල අය හිතන්නේ මම සිංහල කියල මාව චාටර් කරන්නේ නෑ. අන්තිමට මම බේරිලා....

    ReplyDelete
  28. මම කැම්පස් ගිය දා ඉස්සෙල්ලම මට ලැබුනේ බර ඉසිලීම. ගේට්ටුවෙන් ඇතුලට යනකොටම අපි හත් අට දෙනෙකුට එතන තිබුන දිග ලී කොටයක් උස්සන් යන්න එන ලැබුනා. එහෙම යනකොට කොටේ මැදට ආවේ කොට උන් දෙපැත්තේ හිටියේ උස දෙන්නා. එකෙක් මම. සින්නන්ට ආව අදහසක්.. උන් කිවුව ඔය දිගනෝ දෙන්නා උස්සන් පලයවූ අනිත් උන් එල්ලිලා පලයවූ කියල.. එදා නම් බෝඩිමට ඇවිත් උරහිසේ තෙල් ගාන්න උනා.

    ReplyDelete
  29. ශාරීරිකව නැතිව මේ වගේ නවක වදයක් නම් එක්තරා දුරකට සාධාරනී කරනය කරන්න පුළුවන්. ඒත් මේ වගේ දේවලින් නවතිනවද ඔය නවක වදය ??? රුහුණ.. සබරගමුව වගේ කැම්පස් එකක ගත්තොත්.....

    ලිපි 2 කම කියෙව්වෙමි. හිනා යනවා දෙවැනි එකටනම්....

    ReplyDelete
  30. "හන්තානට පායන සඳ අපට නැතී
    කොළඹ වගේ හොඳ පොෂ් බඩු අපට නැතී
    ජපුර වගේ එකට හතක් අපට නැතී
    බීලා ගත්තු ආතල් නම් එමට ඇතී"

    මා දන්නා තරමින් මේ කවිය ලියල තියෙන්නෙ මිලින්ද එල්ලාවල(university of Moratuwa-Batch-07-FIT) කියන හිතවතාඔහුට ගෞරවය පිණිස එය මෙහි සඳහන් කරනු කැමැත්තෙමි..

    ReplyDelete
  31. ඔය මුලින් කියපු කවිය බොහෝම ප්‍රසිද්ද කවියක්‌ උනත් ඒකට තාම වැඩි වයසක්‌ නෑ. ඕක ඔය කියන මිලී සහෝදරය ගිය අවුරුද්දෙ තමා ලිව්වෙ. දැනටම ඒක ඔය කියන කැම්පස්‌ එකේ ජාතික ගීය වගේ වෙලා.. හම්ම්ම්... අපිටත් ආඩම්බරයි...

    ReplyDelete
  32. "කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක් කරලා හිනාවෙන්න හරි ඉතුරු වෙන්නෙ මේ කාලෙ තමයි. ඉතුරු මුළු කාලෙම ඒ එකක් බී එකක් පස්සෙ හති වැටෙනකල් දුවන්නයි වෙන්නෙ."

    මේ කතාව නම සීයට සීයක්ම ඇත්ත අක්කේ....

    ReplyDelete
  33. අදමයි මම මේ පැත්තට ගොඩ උනේ...
    නියම කතා ටික..
    ආයෙත් පොළොන්නරුවෙ එල කෙල්ලෙක්ගෙ කතා අහන්න මම ගොහින් එඤ්ඤං

    ReplyDelete
  34. කතාවක් කියෙව්වාම ඒකෙන් අපි අරගත්තේ මොකද්ද කියලා කල්පනා කරලා බලන එක මට තියෙන අමුතු පුරුද්දක්ද දන්නේ නැහැ. කොහොම උනත් ලංකාවේ සමාජ වසංගතයක්, පිළිලයක් වෙලා තියෙන නවක වදය ගැන ඔයා කියලා තියෙන විදිහ වැරදි නිසා මම හිතුවා අඩු ගණනේ එකේ මුලික ලක්ෂණ දෙක තුනක් වත් ලියන්න.

    මම ගියේ රුහුණට, 2001-2005 කාලේ...
    (මම කොල්ලෙක්)

    අපිට ඔය කුණුහරප අතොරක් නැතිව වස්සවන එක, හරියට බත් කන්න දෙන්නේ නැතිව ඔක්කොම එකට අනලා අප්පිරියාවේ බැරි වෙනකම් ඉඳුල් අත ගාවලා, කෑම එපා කරවන එක, අනෙක් අය ඉස්සරහා විලි ලජ්ජා නැති කතා වලින් තමන් තමන්වම පහත කර ගන්න එක, කුණු බැනුම් අහන එක, තිරිසන්නු ලිංගිකව එක් වෙන විදිහට තමන්ගේ බැච් එකේ වෙනත් කෙනෙක් එක්ක අභිරුපන රංගන ඉදිරිපත් කරලා විකෘති ලිංගික ක්‍රියා නිරුපනය කරලා පෙන්නන එක, අමු කුණුහරුප වලින් තමන්ගේ සොයුරු සොයුරියන්ගේ ශරීර අවයව විස්තර කරන එක වගේ සුළු සුළු නවක වධදීම් මෙන්ම,

    සියලු ඇඳුම් ගලවලා නිරුවතින් වැලි අතුරපු පොළොවේ ඇගෙන් ලේ ගලද්දී ඇද්දී ඇද්දී (පස්ස පැත්තෙන්, බඩගාගෙන ආදී වශයෙන්) යාම, තමන්ගේ ගුද මාර්ගයට ඉටි පන්දම් ඇතුල් කරලා එහෙම කරපු තමන්ගේ තවත් සොයුරන්ගේ ඉටි පන්දම් පස්සෙන් පස්සට ගිහින් පත්තු කරලා දීම (නිතර පිළිස්සෙයි), අනෙක් සොයුරන්ගේ ලිංගික අවයව හා ගුදය ස්පර්ශ කරමින් විකෘති ක්‍රියා සිදු කිරීම, ප්‍රසිද්දියේ තමන්ගේ ලිංගය පිරිමැද ශුක්‍රානු පිටකිරීම වගේ දේවල් කරන්න බල කළා..

    නවක වාදයේ දේශපාලනය ගැන අයෙ හිතුනොත් මම ලියන්නම්.

    ReplyDelete
  35. "කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක් කරලා හිනාවෙන්න හරි ඉතුරු වෙන්නෙ මේ කාලෙ තමයි." . මේ දේ පස්සේ මෙහෙම දැනුනට, ඒ වෙලාවේ මෙහෙම දැනුනේ නැහැනෙ නේද? ඒ වගේම තමන් රැග් එකට මුහුණපාන වෙලාවේ තමන්ට දැනුන හැගීම්, තමන් හරි තමන්ගේ බැජ් ‍එකේ කවුරුහරි නවක අයෙක්ට දෙනකොට දැනුනේ නැහැ නේද? සහෝදරී රැග් එක කොහෙන්ද සුන්දර කමක්?

    ReplyDelete
  36. මම මේ උඹේ පෝස්ට් මුල ඉදන් කියව ගෙන යනගමන්, අන්තිමට කමෙන්ට් 1ක් දාන්නම් කියලා හිටියේ. ඒ ත් මේක් කියවපුවම මෙතන ටිකක් කොටලා යන්න හිතුවා.
    රැග් එක කියන්නෙත් මගේ ජීවිතේ අමතක නොවනම දෙයක්.
    මට හම්බවුනා කතාවක් කරන්න,
    "රාජසින්හ රජතුමා සහ කොපුව", කුණුහරුප කියන්න දෙන්නෙත් නෑ, ඒ මදිවට හිනා යනවා, හිනා කප කපා කිව්ව රජ්ජුරුවන්ගේ මගුල් කඩුවේ කොපුව ගැන

    "කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක් කරලා හිනාවෙන්න හරි ඉතුරු වෙන්නෙ මේ කාලෙ තමයි." 100% true

    ReplyDelete
  37. Apitat ane tawa tika dawasakin rag wadie

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...