ආත්මාර්ථකාමී මිනිසුන් අභියස
වදනක් නොනැගුවොත්
ඒ අපේ නිවටකමැයි සිතා
උන් අප පාගා දමති..
වදනක් නැගුවත්
උන් අප පාගා දමා
හඬ යටපත් කරති..
උන්ගේ ගල් හිත් සහ
විස කටු වදන් වලින්
අප පමණක්
තුවාල ලැබිය යුතුද?
ඇස් කන් පියාගෙන
උන් කරන්නක් කරවැයි
නිහඬව සිටීම
මගේ ආත්මාර්ථකාමීත්වයද..
වදනක් නොනැගුවොත්
ඒ අපේ නිවටකමැයි සිතා
උන් අප පාගා දමති..
වදනක් නැගුවත්
උන් අප පාගා දමා
හඬ යටපත් කරති..
උන්ගේ ගල් හිත් සහ
විස කටු වදන් වලින්
අප පමණක්
තුවාල ලැබිය යුතුද?
ඇස් කන් පියාගෙන
උන් කරන්නක් කරවැයි
නිහඬව සිටීම
මගේ ආත්මාර්ථකාමීත්වයද..
අද මම 1
ReplyDeleteහ්ම්ම් නැගී සිටින්න ආත්මර්තකමිත්වයට එරෙහිව..
ReplyDeleteමාතෘකාව දැකලා මේ පැත්තට ආවේ බයෙන්..
ReplyDeleteකතා කලත් නොකලත්
අවසානයේ උන්ම රජයන
විශම සමාජයක
අන්ත අසරණ වූ අපි...
ඒත් අක්කේ වෙලාවකට අපිටත් ආත්මාර්ථකාමි වෙන්න වෙනවා නේද...
ReplyDeleteඅපෝ නෑ. ඔලුවට අත හෝදන්න ඉඩ දීලා බත් බෙදලා දෙන එක කරන්න ඕන නෑ. ඒ ඉස්සර. එහෙම හිටියොත් කවදාවත් සැනසීමක් නෑ.
ReplyDeleteමට නම් තේරෙන්නෙ නෑ මොකක් ගැනද කියන්නෙ කියල
ReplyDeleteකතා කරන්න නිදහස තිබුනත් කතා කලාට පස්සේ නිදහස නැතිවෙන බව අමතක වුණාද ?
ReplyDeleteඅහල තියෙනවනෙ.. අර පෙනේ පුප්පන්නෙ නැතුව හිටි නාගයට කියපු දේ...
ReplyDeleteආත්මාර්ථකාමී කමෙන් මත් වුනු අය නිසා මාත් මේ කාලේ හොඳට බැට කනවා.. මොන දේ කලත් තමන් හරි කියලා හිතන මිනිස්සු ඉන්න සමාජෙක අපි කතා කලත් නොකලත් වැරදියි තමයි යාළුවේ!! අපි කතා නොකලොත් උඩ පැන පැන අපිට ගරහනවා.. කතාකරන තරමට අපිව අසරන කරලා කතා කරලා ඔයා ඔයාටම කර ගත්තේ හානියක් කියලා හිනා වෙනවා.. ඉතින් කාට නම් කියන්නද හොඳම දේ සයිලන්ස් ඊස් ගෝල්ඩන් කියලා වෙන දෙයක් දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න එක තමයි
ReplyDeleteවිකල්පය?
ReplyDeleteපෝස්ට් එක මගෙ සයිට් එකේ අප්ඩේට් වෙලා තිබුන් නෑ,'පැණි දොඩන්' එකේ දැකලයි ආවෙ.
ReplyDeleteඅයුක්තියට එරෙහි වෙන එක හොඳයි. ඒත් අද වගේ සමාජයක ඒකෙන් ලැබෙන අතුරු ප්‍රතිපල කොහෙත් ම යහපත් නෑ.....
ReplyDeleteමේක ගැන මොන විදියට හිතන්නද මන්දා, කොහොම උනත් නියමෙට ලියලා තියනවා .......
ReplyDeleteඅහල තියෙනවද කතාවක් තියෙනවා "මොනාහරි දෙයක් ගැන නොදනන්න අයයි, හොඳට දනන්න අයයි එක්ක වැඩ කරන්න ලේසියි, ඒත් බාගෙට දන්න අයත් එක්ක වැඩ කරන්න අමාරුයි" කියල. ආත්මාර්ථකාමී අයත් ඔය තුන්වෙනි ගොඩේ.
ReplyDeleteමමත් ඔහොම හිතපු කාලයක් තිබුන . . පස්සෙ කාලෙක තේරුං ගත්ත අපිටත් ආත්මාර්ථකාමී වෙන්න කාලයක් එනව කියල
ReplyDeleteඅහල තියනවද being agrssive is da best way to defend කියලා!
ReplyDeleteආත්මාර්ථකාමී වෙන්න හොඳ නැති වුනත් ජීවිතේ සමහර අවස්ථා වලදී අපිටත් එහෙම වෙන්න වෙනවා......
ReplyDeleteආත්මාර්ථකාමී නොවන්නා භෞතිකව බංකොලොත්ය, වන්නා අධ්‍යාත්මිකව බංකොලොත්ය.
ReplyDeleteඔබ තරුණ වයසෙන් මැදිවියට එළඹෙන විට අධ්‍යාත්මිකව බංකොලොත්වීමට සිතෙනු ඇත!
උදා - ඕනයා
මොකද ප්‍රශ්නෙ?
ReplyDeleteඔක්කොටම - මම මේක ලිව්වෙ රාජකාරීමය අතින් මහා කලකිරෙන වැඩක් උන නිසා. ඒ වෙලාවෙ ආපු තරහට මම මේක ලිව්වෙ. දැන් නම් ඒ තරහ නිවිලා. උන්ගෙ පමණ දැනගෙන ඉන්න එක හොඳා කියලා මම හිතන්නෙ. ඔයාලගෙ අදහස් වලට හුඟක් ස්තූතියි.
ReplyDeleteඉන්දික අයියෙ මොකෑ බං මේ අහක ඉන්න ඕනයියම ඕවට අල්ල ගන්නෙ. හික්ස්. පව් අප්පා.
ReplyDelete@ පිණිබිඳු...,
ReplyDeleteඒ වෙලාවෙ ආපු තරහට වෙන මොකුත් නොකර බ්ලොග් ලියපු හින්ද හොඳයි, නැත්නම් ඉතිං... :)
මටත් රස්සාව කරන තැන ඔහොම වැඩක් උනා. දුන්න මමත් ඇට්ටි හැලෙන්නම. අත පය අකුලන් හිටියොත් ගෝනි නැතුව කරෙත් යයි,
ReplyDelete