Pages

Friday, December 16, 2011

ආත්මාර්ථකාමී අමන යක්කු


ආත්මාර්ථකාමී මිනිසුන් අභියස
වදනක් නොනැගුවොත්
ඒ අපේ නිවටකමැයි සිතා
උන් අප පාගා දමති..

වදනක් නැගුවත්
උන් අප පාගා දමා
හඬ යටපත් කරති..

උන්ගේ ගල් හිත් සහ
විස කටු වදන් වලින්
අප පමණක්
තුවාල ලැබිය යුතුද?

ඇස් කන් පියාගෙන
උන් කරන්නක් කරවැයි
නිහඬව සිටීම
මගේ ආත්මාර්ථකාමීත්වයද..

23 comments:

  1. හ්ම්ම් නැගී සිටින්න ආත්මර්තකමිත්වයට එරෙහිව..

    ReplyDelete
  2. මාතෘකාව දැකලා මේ පැත්තට ආවේ බයෙන්..

    කතා කලත් නොකලත්
    අවසානයේ උන්ම රජයන
    විශම සමාජයක
    අන්ත අසරණ වූ අපි...

    ReplyDelete
  3. ඒත් අක්කේ වෙලාවකට අපිටත් ආත්මාර්ථකාමි වෙන්න වෙනවා නේද...

    ReplyDelete
  4. අපෝ නෑ. ඔලුවට අත හෝදන්න ඉඩ දීලා බත් බෙදලා දෙන එක කරන්න ඕන නෑ. ඒ ඉස්සර. එහෙම හිටියොත් කවදාවත් සැනසීමක් නෑ.

    ReplyDelete
  5. මට නම් තේරෙන්නෙ නෑ මොකක් ගැනද කියන්නෙ කියල

    ReplyDelete
  6. කතා කරන්න නිදහස තිබුනත් කතා කලාට පස්සේ නිදහස නැතිවෙන බව අමතක වුණාද ?

    ReplyDelete
  7. අහල තියෙනවනෙ.. අර පෙනේ පුප්පන්නෙ නැතුව හිටි නාගයට කියපු දේ...

    ReplyDelete
  8. ආත්මාර්ථකාමී කමෙන් මත් වුනු අය නිසා මාත් මේ කාලේ හොඳට බැට කනවා.. මොන දේ කලත් තමන් හරි කියලා හිතන මිනිස්සු ඉන්න සමාජෙක අපි කතා කලත් නොකලත් වැරදියි තමයි යාළුවේ!! අපි කතා නොකලොත් උඩ පැන පැන අපිට ගරහනවා.. කතාකරන තරමට අපිව අසරන කරලා කතා කරලා ඔයා ඔයාටම කර ගත්තේ හානියක් කියලා හිනා වෙනවා.. ඉතින් කාට නම් කියන්නද හොඳම දේ සයිලන්ස් ඊස් ගෝල්ඩන් කියලා වෙන දෙයක් දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න එක තමයි

    ReplyDelete
  9. පෝස්ට් එක මගෙ සයිට් එකේ අප්ඩේට් වෙලා තිබුන් නෑ,'පැණි දොඩන්' එකේ දැකලයි ආවෙ.

    ReplyDelete
  10. අයුක්තියට එරෙහි වෙන එක හොඳයි. ඒත් අද වගේ සමාජයක ඒකෙන් ලැබෙන අතුරු ප්‍රතිපල කොහෙත් ම යහපත් නෑ.....

    ReplyDelete
  11. මේක ගැන මොන විදියට හිතන්නද මන්දා, කොහොම උනත් නියමෙට ලියලා තියනවා .......

    ReplyDelete
  12. අහල තියෙනවද කතාවක් තියෙනවා "මොනාහරි දෙයක් ගැන නොදනන්න අයයි, හොඳට දනන්න අයයි එක්ක වැඩ කරන්න ලේසියි, ඒත් බාගෙට දන්න අයත් එක්ක වැඩ කරන්න අමාරුයි" කියල. ආත්මාර්ථකාමී අයත් ඔය තුන්වෙනි ගොඩේ.

    ReplyDelete
  13. මමත් ඔහොම හිතපු කාලයක් තිබුන . . පස්සෙ කාලෙක තේරුං ගත්ත අපිටත් ආත්මාර්ථකාමී වෙන්න කාලයක් එනව කියල

    ReplyDelete
  14. අහල තියනවද being agrssive is da best way to defend කියලා!

    ReplyDelete
  15. ආත්මාර්ථකාමී වෙන්න හොඳ නැති වුනත් ජීවිතේ සමහර අවස්ථා වලදී අපිටත් එහෙම වෙන්න වෙනවා......

    ReplyDelete
  16. ආත්මාර්ථකාමී නොවන්නා භෞතිකව බංකොලොත්ය, වන්නා අධ්‍යාත්මිකව බංකොලොත්ය.
    ඔබ තරුණ වයසෙන් මැදිවියට එළඹෙන විට අධ්‍යාත්මිකව බංකොලොත්වීමට සිතෙනු ඇත!
    උදා - ඕනයා

    ReplyDelete
  17. ඔක්කොටම - මම මේක ලිව්වෙ රාජකාරීමය අතින් මහා කලකිරෙන වැඩක් උන නිසා. ඒ වෙලාවෙ ආපු තරහට මම මේක ලිව්වෙ. දැන් නම් ඒ තරහ නිවිලා. උන්ගෙ පමණ දැනගෙන ඉන්න එක හොඳා කියලා මම හිතන්නෙ. ඔයාලගෙ අදහස් වලට හුඟක් ස්තූතියි.

    ReplyDelete
  18. ඉන්දික අයියෙ මොකෑ බං මේ අහක ඉන්න ඕනයියම ඕවට අල්ල ගන්නෙ. හික්ස්. පව් අප්පා.

    ReplyDelete
  19. @ පිණිබිඳු...,
    ඒ වෙලාවෙ ආපු තරහට වෙන මොකුත් නොකර බ්ලොග් ලියපු හින්ද හොඳයි, නැත්නම් ඉතිං... :)

    ReplyDelete
  20. මටත් රස්සාව කරන තැන ඔහොම වැඩක් උනා. දුන්න මමත් ඇට්ටි හැලෙන්නම. අත පය අකුලන් හිටියොත් ගෝනි නැතුව කරෙත් යයි,

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...