ජැටි ද්වාරය අසල රැකවල්ලා සිටින නාඹර සොල්දාදුවන් දෙදෙනාගෙන් අයෙකු සුරතින් අවියකට වාරු වී සිටිනා අතර අනෙකා තේජාන්විත දෑසින් හැඳුනුම්පත් පිරික්සයි. මගේ වාරය එළැඹෙයි.
"කොහාටද" ඔහු අසයි.
"බත්තලංගුණ්ඩුවට"
"මොකටද?"
"චේන්ජ් එකකට"
ඔහුගේ මුවග ළපටි මදහසක් නැග එයි. මුහුණ, නාඳුනන සහෝදරත්වයකින් තෙරපෙයි.
ඇන්ටන්ගේ බත්තලංගුණ්ඩුවට පලා යෑම සිදුවන්නේ සමාජයෙන්, සුජාත උන්ගෙන් එල්ල වූ අවජාතක චෝදනාවෙන් නිදොස් වීමටද? ඔහුව අතැර ගිය පීතෘත්වය සොයා යාම බත්තලංගුණ්ඩුවේ ප්‍රවේශයයි.
"ජීවිතය වෙනස් කර ගන්නට මට සිදුව තිබේ. එහෙත් ඒ සඳහා මා ඇමීබාවකු නොවන වග ඔප්පු කළ යුතුය. තව හෝරා කීපයකින් මා ඕපපාතිකයකු නොවන වග තහවුරු කළ හැකි ශුක්‍රාණුවේ අයිතිකරුවා මට මුණ ගැසේ. ඔහු අල්ලාගෙන නගරයට රැගෙන යා යුතුය."
එහෙත් අතැර ගිය පීතෘත්වය සොයාගත් පසුවත් ඔහු නගරයට නො එන්නේ ඔහු තුළ මෙතෙක් සිටි 'ඔහු' අතුරුදන් වී බත්තලංගුණ්ඩුවෙන් බෞතීස්මය ලැබූ 'ඔහු' ඉපදුණු නිසාවෙනි. නො එසේ නම්, මෙතෙක් ඕපපාතිකව සිටි ගන්ධබ්බ තාරුණ්‍යයට තමන් අයත් වන මනුෂ්‍ය කොට්ඨාශය මුණ ගැසුණු නිසාවෙනි.
බත්තලංගුණ්ඩුවට පය තබද්දී, පියා තුළින් ඇන්ටනී බලාපොරොත්තු වූයේ තිගැස්මක්. විස්මයක්. කාලෙකින් නොදුටු සිය පුත්‍රයා දැකීමෙන් ඉහ වහා ගිය සතුටක්. එහෙත් පියා කෙරෙන් විද්‍යාමාන වූයේ ගැඹුරු මුහුද තරම් සන්සුන්කමක්. කවදා හෝ සිදු වේ යැයි කළ උපකල්පනයක් සත්‍ය වීමෙන් ඇති වූ තෘප්තිමත් සන්සුන්කමක්.
"මම උඹ ඉන්න විදිහට කැමතියි. කොටින්ම ඔය රැවුළටත් කොණ්ඩෙටත් මම කැමතියි. මට ඕනෙ වුණේ තමන් එක්කම කැරළි ගහන මිනිහෙක් දකින්න. මං දැං ඒක දකිනවා. කොහොමත් මං දැනන් හිටපු එක දෙයක් තිබුණා. මම දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයාගන්න බව."
මේ අලුත් මුහුද, අලුත් කරදිය සුළඟ, අලුත් අහස සහ අලුත් මානුෂිය සබඳතා සමඟ ඇන්ටනී ප්‍රේමයෙන් බැඳෙයි. මෙතුවක් කල් ඔහුටත් නොදැනී ඔහුගේ ජීවිතයේ හිස්ව තිබූ අර්ධය බත්තලංගුණ්ඩුව විසින් පුරවනු ලබයි. ඉදින්, ඔහු පරිපූර්ණත්වය, නිදහස හා තෘප්තිය අත් විඳියි. මවු දූපතට හෝ නගරයට අයත් නොවන ඇන්ටනී සිය සත්‍ය රූපය දකින්නේ මෙහිදීයි. දූපත් වාසීන්ට ඔහු 'මහත්තයා' වුවත්, මේ කරදිය වළල්ලේ නිර්ව්‍යාජ සහෝදරත්වයේ, අවංක මිත්‍රත්වයේ බැම්මෙන් ඔහු බැඳෙයි.
බත්තලංගුණ්ඩුව, මවු දූපතට බලපාන නීති සීමා ඉක්මවා යන දේශයකි. දෙමළ කතාකරන සිංහලුන් සිටින දේශයකි. ප්‍රාථමික මානව අවශ්‍යතා ඇති සරල මිනිසුන් වෙසෙන සංකීර්ණ දේශයකි. ඔවුහු අවුවෙන්ද වැස්සෙන්ද බැට කති. දුප්පත්කමෙන්ද නූගත්කමෙන්ද බැට කති. කොටින්ගෙන්ද හමුදාවෙන්ද බැට කති.
"මෙහෙන් හමුදාව ගැහුවොත් කොටි මූදට බහිනවා. බිලි වෙන්නෙ අපි. මට හොඳටම මතකයි. එදා වර්ල්ඩ් කප් එක. අපි කප් එක උස්සපු දවස. මෙහෙන් හමුදාව ගැහුවා. උං මූදට බැස්සා. මයෙ බෝට්ටුවත් ගත්තා. අවුරුදු කීයක දුක් මහන්සියක්ද. මං වැල්ලට ඇවිල්ලා වැලි කකා ඇඬුවා. ඔලුව වැල්ලෙ ගහ ගත්තා. අත් දෙකෙන් පපුවට ගහ ගත්තා. මට හිතුනෙ මාව මරලා බෝට්ටුව ගෙනිච්චනං කියලා.
අන්තිමේ මොකද උනේ. නේවි එකෙන් මාව අරන් ගිහිල්ලා හොඳටම ගැහුවා තොපි කොටින්ට බෝට්ටු විකුණනවා කියලා. නේවි එක බබ්බුද? කොටි කියන්නෙ කවුද කියලා දන්නැද්ද? උන් අපිට සල්ලි දීලා බෝට්ටු ගනියිද? ඉල්ලුවම දෙන්න ඕනෙ. මට රස්සාව එපා උනා මහත්තයො. මං යන්නෑ යන්නෑමයි"
බත්තලංගුණ්ඩුව ඇන්ටනීට පමණක් නොව, එහි වෙසෙන්නවුන් බොහෝ දෙනෙකුට මවු දූපතෙන් වෙන්වූ අනන්‍යතාවයක් ලබා දී තිබේ. පළතුරු වලින් හැලි අරක්කු පෙරා ජීවත්වන ලිලී අක්කාටද, නේවි එකෙන් කකුල් අහිමි කළ හුරුල්ලන් වෙනුවට කාරල්ලන් වේලන ඩිඩාකස්ටද, අසීමාන්තික ප්‍රේමය තුළින්ම ස්ත්‍රී විරෝධියෙක් වූ සින්බෑඩ්ටද දෙවන උපත ලබා දුන්නේ බත්තලංගුණ්ඩුවයි.
විවාහය යනු නීතිය ඉදිරිපිට කෙරෙන ලිඛිත ලියවිල්ලකට එහායින් යන අන්‍යෝන්‍ය අවබෝධයක් වන්නේ මේ දේශයේදීය. රමණය යනු බැඳීමකට එහා ගිය නිහඬ හැඟීම් හුවමාරුවක් වන්නේ මේ දේශයේදීය. ආනමරියාගේ පටන් ග්‍රේටා දක්වා දිව යන්නේ බැඳීම් අතික්‍රමණය කළ හැඟීම් ගණුදෙනුව නොවේද?
"විවාහය විහිලුවක් බව ඇත්තකි. ඒත් ඒ විහිලුවේ ගිලී යමින් ජීවිත කාලයම ඉකිබිඳීමට මිනිසා තුළ ඇත්තේ අප්‍රමාණ කැපවීමකි. ඉකිබිඳීම සිනහව ලෙස තර්ක කිරීම වරු ගණන් එක දිගට නොකා නොබී හෝ කළ හැක්කකි. ප්‍රේමයේ ව්‍යාජ සර්පයා ලෝකය මැවූ දා සිටම හදවතේ ගිලී එයටම දෂ්ට කරමින් සිටියේය. ප්‍රේමයේ නග්න බව වසා ගැනීමට අත්තික්කා කොළ අතු වලට නොහැකි බව ආදම්ට පසක් වන විට පෙරහැර ගොසිනි."
මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' නවකතාව වචනයක් වචනයක් පාසා මගේ සිත සොලවා දමයි. ඉදින්, ලියනවා නම් පිටු ගණනාවක් ලිවිය හැකි තරමට මගේ සිත දොඩමළුය. එහෙත්, ඔබේ රසවින්දනය, කුතුහලය නොසංසිඳිය යුතුව ඇත. මේ කළු සුදු අකුරු තුළ පණගැහෙන රැඩිකල් තාරුණ්‍යය ඔබත් දැකිය යුතුව ඇත.
සමහරවිට ඇන්ටනීට මෙන්ම අපටද ජීවිතයේ මග හැරුණු අර්ධය කොහේදී හෝ හමු වීමට ඉඩ ඇත. එතැන අපටත් බත්තලංගුණ්ඩුවක් දැකීමට හැකි වනු ඇත.

හුදකලාවේ හිරගෙට
එළිය වෑහේ ඉඳහිට
කදෝපැණි මිතුරාණෙනි,
මඟ හැරුණාද මගතොට
එළිය වෑහේ ඉඳහිට
කදෝපැණි මිතුරාණෙනි,
මඟ හැරුණාද මගතොට
ප.ලි. බත්තලංගුණ්ඩුව එක කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙතෙන්ට යන්න. ස්තූතියි රංගි අක්කෙ මේ ගැන කිව්වට.
අම්මප කොහොම හරි හොයාගෙන කියවනව මේකත්.
ReplyDeleteහොයාගෙන කියවලා බලන්නකො
Deleteela storiyak vage
ReplyDeleteඑළකිරි
Deleteමට නම් කම්මැළීයි ඔය සම්භාව්‍ය ගනයේ ඒවා කියවන්න... :D
ReplyDeleteඅනේ පල සෝරෝ. පිනෝකියෝම කියව කියව හිටපන් එහෙනම්.
Deleteසත්තකින්ම...අපි අපිවම හොයාගෙන යන ගමනකයි මේ ගමන් කරමින් ඉන්නෙ...
ReplyDeleteජීවිතය අන් තැනෙක...එය මුණගැසෙන තුරු අප යා යුතුයි. ඇන්ටන් ද ජෙරොමිල් ද අන් කවරෙකුවත් නොව අපමය (මම මය)
"බත්තලන්ගුණ්ඩුව" අපේ යුගයේ තරුණයෙකුගේ විශිෂ්ටතම නිර්මාණයක්...
ඇත්තටම නිර්මාණාත්මක අතින් නම් ඉහළයි
Deleteමංජුල වෙඩිවර්ධන . . . පුද්ගලයෙක් විදියට කැමති නැතිඋනාට මගෙ ප්‍රියතම ලේඛකයෙක්
ReplyDeleteපුද්ගලයෙක් විදිහට නම් කොහොමද දන්නෙ නෑ. ඒත් පොත නම් නියමයි.
Deleteමේ පොත මන් කීප සැරයක් කියෙව්වා. ඕක බලපු දා ඉඳලා මටත් පළතුරු ටිකක් බීලා බලන්න පුදුම ආසාවකින් ඉන්නේ
ReplyDeleteමාත් එහෙමමයි දරුවෝ
Deleteආයෙ මොකෝ. මටත් ආසාවක් ආවා ඒකෙ කියල තියෙන විදිහට.
Deleteමරණේ මම වයින් හදන්න යන්නෙ ගෙදර. හරි ගියොත් රෙසිපි එක දාන්නම්.
පට්ට පොතක්...ගිය පාර හරි ඊට කලින් පාර හරි ප්‍රදර්ශනෙන් ගෙනාපු පොත් වලින් මට අල්ලලම ගියේ ඕක තමයි
ReplyDeleteකාලෙකින් කියවපු මරු කතාවක්
Deleteමං හිතුවා මේ ගැන ලියයි කියලා... :)))
ReplyDeleteදැන් ඉතිං පොත හොයාගෙන කියවන්න එපැයි...
ලැබුණොත් කියවලා බලන්න
Deleteහොඳ පොතක් වගේ. හොයාගෙන කියවන්න ඕනේ අවාම.
ReplyDeleteකියවල බලන්න. වෙනස් පොතක්
Deleteනියම පොතක්නේ.. අපේ අක්කට කියන්න ඕන හොයලා අරගන්න කියලා...
ReplyDeleteසරසවි එකේ ඇති.
Deleteලංකාවට ආවම හොයා ගන්න ඕනෙ තව පොතක්...? ඕනෙ තැනක ගන්න තියෙනවද ? ප්‍රකාශක කව්ද ?
ReplyDeleteප්‍රකාශක - සූරිය ප්‍රකාශකයෝ
Deleteකොහොමහරි හොයාගෙන කියවන්න...අප්‍රේල් එනවනම් හොයලා දෙන්නම්..
Thank you, Sumith
Deleteප්‍රශ්නෙට උත්තරේ හම්බවෙලානෙ.
Deleteමම ගොඩක් ආසාවෙන් කියවපු පොතක්...
ReplyDeleteකාලෙකින් මේ පැත්තෙ. ස්තූතියි අදහසට
Deleteපොතක් නේ.... හොයාගන්න පුළුවන් වුනොත් අනිවා බලනවා
ReplyDeleteපොත් පිස්සන් වෙනුවෙන් තමා මම මේ වගේ පෝස්ට් ලියන්නෙ. :D
Deleteඔබා මාමේ මේක සූරිය ප්‍රකාශනයක්
ReplyDeleteමරදානේ සූරිය එකෙන් ගන්න පුළුවන් ඒ ඇරෙන්න මේ පොත ආයි ආයි ප්‍රින්ට් කරන නිසා ගොඩක් පොත් කඩවල් වල තියෙනවා ගන්න. සරසවියෙන් එහෙම ගන්න පුළුවන්
මාත් සරසවියෙන් ගත්තෙ
Deleteමංජුල වෙඩිවර්ධන මම අදුරගන්නේ දෙමල කවි පොතෙන්
ReplyDeleteමේකත් ඒ වගේම සාර්ථක ඇතියි කියල හිතනවා!:))
ඒ පොත නම් කියවලා නෑ. ලැබුණොත් බලන්න ඕනෙ
Deleteකියවලා නෑ !!!
ReplyDeleteකියවන්න ආසයි. ඒත් කොයි ??
නුගේගොඩ සරසවියෙ තියෙනවා මලේ..
Deleteබත්තලං ගුණ්ඩුව කියවා ඇත්තෙමි. මංජුල වෙඩිවර්ධන...අද ලංකාවේ ලේඛකයන්ගෙන් මම ප්‍රියකරන කීපදෙනා අතර මුල් තැනක හිඳින්නෙකි.
ReplyDeleteස්තූතියි පිණි. අපූරු සටහනක්.....
මොනා නැතත් පොතක් ගැන පෝස්ට් එකක් දැම්මොත් රවී අයියා එතන. ස්තූතියි අයියෙ.
Deleteබත්තලංගුණ්ඩුව මගෙ හිතත් හොල්ලපු පොතක්.මං මංජුලගේ අනෙක් පොත්නම් කියවලා නැහැ.ඔය දරුවට නිර්දේශ කරන්න පුළුවන් මංජුලගේ වෙනත් පොත් තියෙනවද??
ReplyDeleteමමත් මේ කතුවරයාගේ කියවලා තියෙන්නෙ බත්තලංගුණ්ඩුව විතරයි.
Deleteතාත්තාගේ වයිෆ්ව තමන්ගේ වැඩේට යොදා ගන්න පුතෙක්, ඒ කරලා තවත් ඒ තාත්තාගේ මූණ කෙලින් බලන්න පුළුවන් කම තියෙන පුතෙක්, ඒ වගේ වැඩ තව තව කරන පුතෙක්, ගැන කථාවක්. සමහර යෙදීම් තියෙනවා අති උත්කෘෂ්ටයි ආපහු ආපහු කියවන්න හිතුනු. ඒත් සමස්ත කථාව මගේ හිත් ගත්තේ නම් නැහැ. පොලිසිය මට්ටු කරන තැන් වල මට මැවුනේ දෙමළ චිත්‍රපට වල සාමාන්‍ය දර්ශනයක්. මගේ ලෙඩක් වෙන්න ඇති, හැමෝම අගේ කරන පොතේ මට ඇති දෙයක් නැහැ කියලා හිතෙන්නේ.......... :)
ReplyDeleteඔව් අක්කා කතාව හරය ගැන බලද්දි අපේ හිත් එක්ක නොගැලපෙන තැන් අහු වෙනවා. ඒත් මුලු කතාවම මට නම් අමුතු රැඩිකල් ගතියක් තියෙනවා.
Delete:) ඒක නං ඇත්ත......
Deletelassana kathawak thiyena pothak wage. ara ganna wenawa meka.
ReplyDeleteහ්ම්ම්. අරන් කියවලා බලන්නකො
Deleteකියවල නැහැ .නියම විචාරයක් ..කියවන්නම හිතුන දැන්නම්
ReplyDeleteලැබුණොත් කියවන්නකො එහෙනම්
Deleteමංජුල වෙඩිවර්ධන මුලින්ම අඳුරගත්තෙ "කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්ථාවෙන්". කාලෙකට ඉස්සෙල්ල මගෙ අතින් නැතිවෙලා ගියපු ඒ පොත හොයනකොට තමයි බත්තලගුණ්ඩුව හම්බු උනේ. ඒ මීට අවුරුදු දෙක තුනකට කලින් වෙන්න ඕන. ඒත් කියවන්න හිත දුන්නෙම නෑ. සමහර විට ඒ මුහුදුකරයේ ජීවිත, නම් ගම් එක්ක ලියවෙච්ච දේවල් කියවන්න ඇති අකමැත්ත වෙන්න ඇති. ඒ දේවල් මහා කඨෝර රහයි මට.
ReplyDeleteතනිකරම මුහුදුකරයේ ජීවිත ගැන ලියවිච්ච පොතක්. ඒත් මම නම් ඒ කඨෝර රහටත් කැමතියි.
Deleteමමත් කියවන්න ආසාවෙන් ඉන්න පොතක්..කොහොම හරි මේ පාර ආවම හොයාගෙන කියවනවා..ස්තුතියි..
ReplyDeleteහ්ම්ම්. හොයාගෙන බලනකො
Deleteමෙන්න පොත් කාවොන්ට හොඳ ආරංචියක්. නුගේගොඩ පරණ සරසවි පොත් වෙළඳ සැලට පොඩ්ඩක් පහළින් (හයිලෙවල් පැත්තට නෙවෙයි නුගේගොඩ පැත්තට වෙන්න ), පාරෙ ඒ පැත්තෙම අළුතෙන් බිල්ඩිමක් දාලා Sarasavi Book Warehouse කියලා bargain පොත් කඩයක් සරසවි එකෙන්ම. රුපියල් දහයෙ පහළොවෙ ඉඳන්ම තියෙනවා පොත්. තට්ටු හතරක්ද කොහෙද බිල්ඩිම මට මතක හැටියට. උඩම තට්ටුවෙ සිංහල පොත්, අනිත් ඔක්කොම තට්ටු වල ඉංග්‍රීසි පොත්. ගිය සතියේ විවෘත කරලා තියෙන්නේ
ReplyDeleteතැන නම් දැක්කා. යන්න වෙලාවක් තිබ්බෙ නෑ. ස්තූතියි අයියෙ ඔත්තුවට.
Deletematath asawak athi una kiywanna me potha .. godaak sthuthi obata !!
ReplyDeleteස්තූතියි මේ පැත්තෙ ආවට
Deleteමමත් හරිම ආසාවෙන් කියවපු පොතක්... ඒත් ඒකෙ අම්තිම වෙච්චි දේ මට තේරුනේ නෑ... ඇත්තටම ඇන්ටන් අන්තිමට ඉන්නෙ පුංචි අම්මත් එක්කද? එයා දකින හීනය වගේ එක මොකද්ද? මට තාමත් ප්‍රශ්නයක්...
ReplyDeleteඅවසානය තීරණය කිරීම පාඨකයාටම ඉඩ හැරලා තියෙනවා
Deleteමගේ මුල්ම ඔන්ලයින් කියවපු පොත. ඒ කාලේ බ්ලොග්ස් එන්න කලින් ෆෝරම් එකකට ඩෝසන් මේ පොතම ස්කෑන් කරලා අප්ලෝඩ් කලා. 2007 විතර. ඒ තමයි මගේ මුල්ම කියවීම. කොටින්ම සිංහල පොත් කියවන්න මට තිබුන නොදැනුමත් එක්ක හරිම ආසාවෙන් ඉක්මනින්ම කියවපු පොතත් මේක. කියවන වචනයක් වචනයක් ගානේ තේරුම අහ ගන්න අනිත් අයට වද දුන්න එක වෙනම දෙයක්.
ReplyDeleteඑදා ඉඳන් මගේ හීනෙක ඉන්න බත්තලාංගුණ්ඩුව ට සංචාරය තවම ඉටු කරගන්න බැරි උනා. කොහෙද දුශ්කරයි කියලා කවුරුත් මාව එහේ එක්කන් ගියේ නෑ නේ.
ඒ දුකටමද මන්දා මේ ජනවාරි මාසේ පෝය කියලා පොත් කඩ වහන අස්සේ හරේ එක්ක ගිහින් ගත්තු පොත් සෙට් එකට මම මංජුලගේ මේ පොතත් එකතු කර ගත්තා. කියවන්නම නෙමෙයි මගේ කර ගන්න. මතක් කර කර කියවන්න. ඒ තරමටම මාව අස්සේ ඉන්න පොතක් මේක.
මංජුල අයියගේ පොත කියවන්න කැමති අය මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න. http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=775&postdays=0&postorder=asc&start=0
Deleteපොතේ මුල් ටික කියවද්දී නම් එපාවුණු ගතියක් ආවත් දිගටම කියවන් යද්දී තේරුනේ "සුපිරි" පොතක් බව
ReplyDelete