එකම කෑම උනත් පළාතෙන් පළාතට හදන විදිහ වෙනස්. මේ දවස් වල පුන්නි ගෙදර ඇවිත්. මතකනෙ අපේ පුන්නිව. මේ රෙසිපි එක එයාගෙන් අහගත්තු එකක්. අපේ අම්මගෙ, පුන්නිගෙ විතරක් නෙමෙයි අම්මලගෙ හත්මුතු පරම්පරාවෙම උපන් ගම වෙච්චි මාතරටම ආවේණික ක්‍රමේකට ඉස්සො හදමුද?
ඉස්සෙලාම ඉස්සො ටික අරගෙන ඔළු කඩලා දාලා හොඳට හෝදන්න. කීප පාරක්ම හෝදන්න. මොකද ඉස්සගෙ ඔලුවෙ මොනාද තියෙන්නෙ කියල දන්නවනෙ.
මේ ටික භාජනේකට දාගන්න. ඊළඟට සිහින්ව කැපූ රතු ලූණු, කරපිංචා, කැපූ අමු මිරිස්, හීනියට කපාගත් සුදු ලූණු, ඉඟුරු, කුරුඳු, උළුහාල්, ගම්මිරිස් ටිකක්, ලුණු, මිරිස්කුඩු, තුනපහ, කහ සහ ගොරකා කැබැල්ලක් අර ඉස්සො තියෙන භාජනේටම දාන්න.
පොල් ගෙඩියක ප්‍රමාණයේ කිරිත් මෙයටම එක් කරන්න.
දැන් ඒක පැත්තකින් තියලා වෙන හට්ටියක් ලිපේ තියන්න. ඒකට තෙල් චුට්ටක් දාලා, තෙල් ටික රත් වෙද්දි අබ ටිකක් දාන්න. ඊළඟට තලාගත්තු සුදුලූණු ටිකක් සහ කරපිංචා රම්පෙ කෑල්ලක් දාන්න. සුදුලූණු රන්වන් පාට වගේ වෙද්දි, ඉස්සො මිශ්‍රණය ඒකට දාන්න.
දැන් වහන්නෙ නැතුව හොඳට හැඳි ගගා හැදෙන්න දෙන්න. මතක තියාගන්න හට්ටිය වහන්න එපා. ඉස්සො හොඳට තැම්බුණා වගේ පෙනෙද්දි මුරුංගා කොළ ටිකක් එකතු කරගන්න. ඒ ටික එකතු කරපු ගමන් ඉස්සො එක ලිපෙන් බා ගන්න. ලිපෙන් බෑ ගමන් දෙහි බෑයක් හොද්දට මිරිකලා දාලා මිශ්‍ර කරන්න.
දැන් ඉතින් සුවඳ නම් එනවා මදි නොකියන්න. අන්තිමට ඉතින් උණු උණුවෙ බත් එක්ක හරි, පාන් ගෙඩියක් එක්ක හරි, ඉඳි ආප්ප එක්ක හරි දෙසලා දාන එක තමා තියෙන්නෙ.
ඉස්සෙලාම ඉස්සො ටික අරගෙන ඔළු කඩලා දාලා හොඳට හෝදන්න. කීප පාරක්ම හෝදන්න. මොකද ඉස්සගෙ ඔලුවෙ මොනාද තියෙන්නෙ කියල දන්නවනෙ.
මේ ටික භාජනේකට දාගන්න. ඊළඟට සිහින්ව කැපූ රතු ලූණු, කරපිංචා, කැපූ අමු මිරිස්, හීනියට කපාගත් සුදු ලූණු, ඉඟුරු, කුරුඳු, උළුහාල්, ගම්මිරිස් ටිකක්, ලුණු, මිරිස්කුඩු, තුනපහ, කහ සහ ගොරකා කැබැල්ලක් අර ඉස්සො තියෙන භාජනේටම දාන්න.
පොල් ගෙඩියක ප්‍රමාණයේ කිරිත් මෙයටම එක් කරන්න.
දැන් ඒක පැත්තකින් තියලා වෙන හට්ටියක් ලිපේ තියන්න. ඒකට තෙල් චුට්ටක් දාලා, තෙල් ටික රත් වෙද්දි අබ ටිකක් දාන්න. ඊළඟට තලාගත්තු සුදුලූණු ටිකක් සහ කරපිංචා රම්පෙ කෑල්ලක් දාන්න. සුදුලූණු රන්වන් පාට වගේ වෙද්දි, ඉස්සො මිශ්‍රණය ඒකට දාන්න.
දැන් වහන්නෙ නැතුව හොඳට හැඳි ගගා හැදෙන්න දෙන්න. මතක තියාගන්න හට්ටිය වහන්න එපා. ඉස්සො හොඳට තැම්බුණා වගේ පෙනෙද්දි මුරුංගා කොළ ටිකක් එකතු කරගන්න. ඒ ටික එකතු කරපු ගමන් ඉස්සො එක ලිපෙන් බා ගන්න. ලිපෙන් බෑ ගමන් දෙහි බෑයක් හොද්දට මිරිකලා දාලා මිශ්‍ර කරන්න.
දැන් ඉතින් සුවඳ නම් එනවා මදි නොකියන්න. අන්තිමට ඉතින් උණු උණුවෙ බත් එක්ක හරි, පාන් ගෙඩියක් එක්ක හරි, ඉඳි ආප්ප එක්ක හරි දෙසලා දාන එක තමා තියෙන්නෙ.
මේකේයි අනික් ඒවායේයි වෙනස මොකද්ද? මුරුංගා කොල දාන එකද? ඒක හැමෝම කරනවා නේද ඉස්සෝ සැර යන්න කියලා
ReplyDeleteමුරුන්ග කොළ දාන්නෙ නම් උශ්ණෙ අඩු වෙන්න කියල තමා :)
Delete@ ම - ලොකු වෙනස් කම් නෑ. වහන්නෙ නැතුව හදන එක. මුරුංගා කොළ දාන එක, දෙහි මිරිකලා දාන එක වගේ වෙනස් කම් ටිකක් තියෙනවා. තව සමහරු අමු ඉස්සො නැතුව තම්බලා පොත්ත අයින් කරලත් ගන්නවා.
Delete@ න දී -ඔව් නදී ඒකට තමා මුරුන්ග කොළ
Deleteහම්මේ කටට කෙලත් ඉනුවා.. මෙහේ ඉස්සෝ ලාබයි නේ.. ඒනිසා මේ සතියෙම හදලා බලන්න ඕන..හැබැයි ඉතින් මුරුංගා කොල තමයි නැත්තේ..
ReplyDeleteඒක නෙමෙයි අක්කෙ ඇයි හට්ටිය වහන්න එපැයි කිවුවේ??
රස වැඩියිලු එහෙම හදපුවාම
Deleteඅම්මේහ් හෙටම කන්ට ඕන කෑලෙකින් කෑවෙ නෑ දකුණෙ ඉදලත් :D
ReplyDeleteහදන්නකො එහෙනම්
Deleteහයියෝ බඩ......
ReplyDeleteහික් හික්
Deleteඅපේ ගෙදර ඉස්සො උයන්නෙත් එහෙම තමයි..මොකද දකුණෙ කියලා කියන්නෙ අක්කෙ? අනිත් පැතිවල උයන්නෙ ඔහොම නෙවෙයිද?
ReplyDelete--
හරී
http://dreamsofharee.blogspot.com/
--
පොඩි පොඩි වෙනස් කම් තියෙනවලු. මොකෝ මේ ඇනෝ වෙලා
Deleteහයියෝ කෑම... ඔවා බැළුවා කියලා මොකො හදන්නයෑ.... ඉස්සෙල්ලා සම්බොලයක් එක්ක බතක් උයා ගන්න පුරුදු වෙන්ට ඔ්නේ..
ReplyDeleteහාපෝ.. වහාම උයන්න පුරුදු වෙයන්.
Deleteමං ආසම කෑමක් බන් ඉස්සො කියන්නෙ..ඒත් උෂ්ණ නිසා වැඩිය කන්නෙ නෑ.මුරුංගා කොල හොය හොය ඉන්නෙ නෑ අපේ අම්මා.... :(
ReplyDeleteමේ තව එකක් බං අර ඉස්සගෙ ඔලුවෙ කතාව ඇත්තද.???මට ඒ කාලෙ ඉදලා තිබුන ප්‍රශ්නයක් ඒක...
මොකක්ද, කක්කා ද ?
Deleteයෙස් යෙස් ඒ කතාව ඇත්තලු..
Deleteඅය්යෝ අද අපි ඉස්සො හැදුවානෙ. මේක දැක්කෙ දැන්නෙ. ඉතිං මොකෝ කරන්නෙ. ලබන මාසෙ ඉස්සො ගේනකං මේක දිහා බලබල කෙල ගිලිනවා ඇරෙන්න.
ReplyDeleteඑහෙනම් මාසයක්ම බලන් ඉන්න වෙනව නේ..
Deleteමේ වගේ ඒව දැක්කම තමයි චණ්ඩි බණ්ඩි මතක් වෙන්නෙ......
ReplyDeleteහික්ස්
Deleteඉස්සෝ ඌස්නයිනේ
ReplyDeleteඅනේ බං හැමදාම කන එකක්යැ. ඔන්න ඔහෙ කාපන්..
Deleteඅපේ අම්මත් ඉස්සෝ හදන්නේ මුරුංගා කොළ දාලා...
ReplyDeleteහුඟක් තැන් වල එහෙම තමා
Deleteදකුණෙත් තියෙන කෑම...:)
ReplyDeleteහ්ම්ම්
Deleteඉඳි ආප්ප එක්ක !
ReplyDeleteමරු නේ..
Deleteමේ විධියටම උයනව මීගමුව පැත්තෙත්, මගෙ යාලුවෙක්ගෙ වයිෆ් උයනව දවසක් බලාගෙන හිටිය. රස නං උපරිමයි. ඉස්සො නැතත් හොද්ද කතැකි .
ReplyDeleteකියල වැඩක් නෑ. පාං එක්ක මරු
Deleteමුරුංග කොළ හැරුනම මං ඉස්සො හදන්නෙත් මේ විදියටම තමයි.... අපේ අම්ම හැදුවෙත් මේ විදියට.... හරිම රසයි.... අපිත් දකුණෙනෙ...හික්ස්.....
ReplyDeleteවැඩ බැරි උනත් අපිත් දකුනේ හරිය.....
Deleteදකුණ එකතු වීම
Deleteඅන්තිමටම කියල තියෙන මුරුංග කොළ ටික තමයි ප්‍රශ්නෙ
ReplyDeleteඒක නැතුව හදන්න. ඉස්සො සැර යන්නයි එහෙම දාන්නෙ. ඒත් ඉතින් හොයාගන්න බැරි නම් ඉස්සො කන්නෙ නැතුව ඉන්නයැ.
Deleteඅයියෝ... ඉස්සොත් කෑමක් ද...... :D
ReplyDeleteනරින්ට මිදි තිත්තයි :D
Delete@ සෝරෝ - ඇයි ඒක බීමක්ද :P
Deleteනවම් අයියත් නරියෙක්ද
Deleteදන්නවා දන්නවා ඉස්සන්ගේ ඔලුවේ තියෙන්නේ දේශපාලුවන්ගේ ඔලුවේ තියෙන දේවල්නේ ..
ReplyDeleteඑයලගේ ඔලුවේ විතරක් නෙවෙයි.. සරුවාන්ගෙම තියෙන්නේ එව්වා තමයි.
Deleteඉස්සොත් හෑව් මුරුංග කොලත් හෑව්. දෙන්නම් ජම්බු..
Delete@ සරත් ලංකාප්‍රිය -අන්න හරි ඒවා තමා
Delete@ ක්සැන්ඩර් | Xander - එහෙනම් හදල බලන්නකො
Deleteඅපිනං ඉතිං ඉස්සො හදන්න නං දන්නෑ.. ඒත් කන්න නං දන්නවා හොඳට.. ඒ මදෑ.
ReplyDeleteඔව් ඔව් කවුරුහරි හදල දෙන්න ඉන්නව නම් කිසි අවුලක් නෑ කන්න තමා තියෙන්නෙ
Deleteඅපිනම් ඉස්සෝ උයත්දී මුරුංගා කොල තෙලට දමන්නේ මුලින්මයි.
ReplyDeleteඑතකොට මුරුංග කොළ කරකුට්ටන් වෙලා යනවනෙ. එක එක පැති වල හදන විදි වෙනස් ඉතින්
Deleteහහ් . . අපි කයි ඉස්සො
ReplyDeleteඅපෙත් යාලුවෙක් ඉන්නවා ඉස්සො කන්නෙ නෑ. එයා ඉස්සොන්ගෙ අඬු දැක්කම බයයිලු.
Deleteඉස්සොන්ගේ ඔලුවෙ මොනවද තියෙන්නෙ?
ReplyDeleteඋගෙ බහිස්‍රාවී තියෙන්නෙ ඔලුවෙලු
Deleteහිටින් මම් පාන් රාත්තලක් ගේනකන් !!!
ReplyDeleteමොනිටරේ ගාගෙන කන්නද.
Deleteයන්තම් එදා වේල කාල ඉන්න අපේ බඩේ ඉන්න පණුවන්ව අවුස්සන්න කරන වැඩ මෙව්වා..... :(
ReplyDeleteතව ටික දවසනෙ, ගෙදර ගිහින්ම දෙන්නම්කො බැටේ.
මාත් ඉතින් දැම්මට ගෙදර ගිහින් කන තරමක් තමා. මේ බෝඩිං වල මොන ඉස්සොද
Deleteඅපිට මොන මුරුංග කොලද තියන තුනපහ අනම් මනම් ජාති ඔක්කොම එකට දාල ලිපේ තිබ්බ... බාල ගත්ත... බඩ ගින්නෙත් උපරිමේටම ගියහමනේ උයන්න පටන් ගන්නේ...
ReplyDeleteදැන් ඉතින් ගෙදර ආවට පස්සේ අම්මටවත් කියන්න ඕනේ ඔය විදිහට උයල දෙන්න කියල....
ඒක නෙවේ උඹත් දකුණෙද බං.. අපි දන්න යාලුවෙක් ඉන්නව, එයාට මූණ බලල කියන්න පුලුවන් දකුණෙද නැද්ද කියල...
මම දකුණෙ නෙමෙයි. අම්මා දකුණෙ. අයියා කවද්ද එන්නෙ ලංකාවට
Deleteඌයි මගේ බඩ.......
ReplyDeleteහා කියන්න බලන්න ඇයි කියලා ඉස්සන්ට මුරුංගා කොල දාන්නේ....????
උෂ්ණෙ නැති වෙන්න බොල..
Deleteඉඳිආප්ප එක්ක ඉස්සෝ..... ආසා නැතිය... ඒ ඉඳිආප්ප ආසා නැති නිසාය.
ReplyDeleteඉඳි ආප්ප ආස නැති කෙනෙක් ගැන මේ ඇහුවමයි.
Deletehaiyo badaginna heduna meka balala
ReplyDeleteඑහෙනම් තියෙන්නෙ ඉක්මනට හදාගෙන කන එක
Deleteඅම්මට කියලා මාත් හදාගන්ට ඕනේ අපෙත් අර මරණේ අඉයා කියලා තියනවා වගේ හැමදාම හදන්නේ මුරුංගා කොල දාලා
ReplyDeleteසමහරු හදන විදිහ වෙනස් මීට වඩා
Deleteරස ඇති නෙ........
ReplyDelete