Pages

Wednesday, March 21, 2012

ලිට්ල් හෙල්ප් ප්ලීස්..


"මළා..."

මොනිටරේ දිහා මම බලන් හිටියෙ හරිම හිස් හැඟීමෙන්. ඒ හැඟීම හරියට රික්තකයක් වගේ. මුකුත් නෑ. මම ෂොක් වෙලා හිටියෙ. ටිකකින් තමයි මොලේ යථා තත්වෙට පත් වුණේ. ඊටත් පස්සෙ තමා හැඬීම්, වැළපීම්, පසුතැවීම්, සාපකරගැනීම් ඇරඹුණේ.

මට ඕනෙ උනේ පෝටබල් හාඩ් එකේ තිබ්බ ෆිල්ම් වගයක් පෙන් ඩ්‍රයිව් එකට දාගන්න. ඒත් පෙන් එක ගහපු වෙලාවෙ ඉඳන් වයිරස් එකක් පොප් අප් වෙනවා. ඩිලීට් කරද්දිත් ආයෙ ආයෙ එනවා. ඒ නිසයි මම හිතුවෙ පෙන් එක ෆෝමැට් කරන්න ඕනෙ කියලා. ඒ සිතුවිල්ලට මම දැනුත් පසුතැවෙනවා.

පෙන් එකේ අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා ෆෝමැට් කමාන්ඩ් එක දුන්නා. ෆෝමැට් කරපුවාම හැමදේම නැති වෙලා යන හින්දනෙ දෙයියනේ කම්පියුටරය ආයෙ මගෙන් අහන්නේ ආ යූ ෂුවර්? කියලත්. ඒකත් මම ඕකේ කරේ පුරුද්දට. වෙනදට තත්පරෙන් ෆෝමැට් වෙන පෙන් එක අද තත්පර කීපයක් ගියේ ඇයි කියලා බලනකොටයි මට දෙලෝ රත් උනේ.

හුටා! මම ෆෝමැට් කරලා තියෙන්නෙ පෙන් එක නෙමෙයි හාඩ් එක. අයියෝ මගෙ අවුරුදු ගාණක මහන්සිය. ෆිල්ම් කීයක්ද. ෆිල්ම් නම් ආයෙ හොයාගන්න බැරියැ. ඒත් පරණ ෆෝටෝ!. ඒවා ආයෙ වෙන තැනක ඇත්තෙත් නෑ. මම ෆයිනල් ඉයර් එකේ කට්ට කාගෙන කරපු ප්‍රොජෙක්ට් එක. හැම තැනින්ම එකතු කර ගත්තු සොෆ්ට්වෙයාර් ටික. හයියූ.. සල්ලි.. ඒ එක එක මතක් වෙද්දි තමා රික්තකේකට ඇදිලා ගියා වගේ දැනෙන්නෙ.

මගේ ලැප් ටොප් එකකලින් දවසකත් කිව්වා වගේ බිම වැටිලා පලු දෙකකට ගැලවුණානෙ. ඕක හදන්න දුන්නු නිසා ඒකෙ තිබ්බ ඒවා දාගත්තෙත් හාඩ් එකට. ඒ නිසා මගෙ සන්තකේම තිබ්බෙ හාඩ් එකේ. දැනෙන පසුතැවීම තිව්‍ර වෙද්දි මම හිත හදාගත්තෙ සුනාමි ආවෙත් ප්ලෑන් කරලා නෙමෙයිනෙ කියලා හිතලා. මිනිස්සුන්ට එක මොහොතකින් නැති වෙන දේවල් එක්ක මේවා මොනාද.

පස්සෙ කෙනෙක් කිව්වා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා කියලා. ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවද? නෙට් එකේ සර්ච් කරත් හරි විස්තරයක් හොයාගන්න බැරි උනා. ප්ලීස් හෙල්ප් මී... ජාති ජාතිත් ආනිසංස ලැබිය හැකි පුණ්‍යකර්මයකට දායක වෙන්න ප්ලීස් හෙල්ප් මී..

48 comments:

  1. අය්යෝ . මන් නම් යුස් ලස් . ඒත් අපේ දන්නා අයගෙන් අහල බලන්නම් . තෙරුවන් සරණයි ..තිස් තුන් කෝටියක් දෙවි වරු සහ ක්ෂේත්‍රයේ පරිනතයින්ගේ පිහිට ලැබේවා

    ReplyDelete
  2. http://download.cnet.com/Paragon-Backup-Recovery-Free/3000-2242_4-10972187.html?tag=mncol;3

    ඔය වගෙ සොෆ්ට්වෙයාර් එකක් හොයලා බාගෙන රන් කරල බලන්න Get Data Back කියලත් තියෙනවා පොඩ්ඩක් බලන්න

    ReplyDelete
  3. pandora recovery කියල tool එකක් තියෙනවා. ඒකෙන් shift delete කරපු file නම් අරන් තියෙනවා. පුලුවන් නම් ට්‍රයි එකක් දාල බලන්න.

    http://www.easeus.com/resource/format-file-recovery.htm
    මේකත් බලන්න.

    ReplyDelete
  4. උඹ ඔන්ලයින් ඉන්නව නම් වරෙන්.... උදව් කරන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  5. ෆෝමැට් කරපු එකට මොකුත් කොපි කරන්න එහෙම යන්න එපා...එහෙම වුනොත් බඩු...

    ReplyDelete
  6. බය වෙන්න එපා පිණිබිදුවෝ.. වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි..

    ReplyDelete
  7. හයියෝ... ඔයාගෙ සමවයසෙ නේද චමිල් මධුසංඛ... මං දන්න විදියට එක පන්තියේ.... එහෙමත් නැත්තං FB මැසේජයක් දාන්න.. මොනවා හරි කරගන්න පුළුවං වෙයි..
    පුළුවන්නං රිකවර් කරනකං හාඩ් එක පාවිච්චි නොකර ඉන්න..

    ReplyDelete
  8. http://ntfs-recovery.com/

    ReplyDelete
  9. matath ohoma deyak una...mageth 4tos wagayak dlt una..
    yaluwek qwa recovery soft ekak thiyenawa kiyala..bt pay karanna onalu..math wadiya hoyanna giye naha.."pariganaka udaw" FB page eke me gana dammoth help1k ganna puluwan wei

    ReplyDelete
  10. http://chathucn.blogspot.com/2011/10/10.html#axzz1pp75O7Sn
    මෙතන එකක් තියෙනවා....... බලන්නකො....

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. හයියූ වෙච්ච අෆරාදයක මහත......... :/

    ReplyDelete
  13. http://technicsz.blogspot.com/2011/12/recycle-bin-delete-files.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2Fabhwy+%28%E0%B6%A7%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%29&utm_content=Google+Reader


    මේකත් බලන්නකො.......

    ReplyDelete
  14. බින්දිගෙ පැතුම එලෙසම ඉටුවේවා කියල පතන්නං මමත් යූස්ලස් බෝට්ටුවෙං තමා

    ReplyDelete
  15. හෙල්ප් එකක් දෙන්නනම් මමත් දන්නේ නෑ අක්කේ... හොද වෙලාවට මම නම් හැම එකකම බැක් අප් තියාගෙන ඉන්නේ අයියගේ කම්පියුටර් එකේ..

    ReplyDelete
  16. උදව්නම් හැමෝම කරලා තියෙන්නේ! ඈ බං අක්කේ පෙන් එක කියලා හාට්ඩ් එක ෆෝර්මැට් කරන්න එවෙලේ උඹ හිටියේ බීලද?

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ වෙන්න බැරිකමක් නෑ... ළඟදි බෝතලයක් හම්බුවුනා කියල තිබුන මතකයි :)

      Delete
  17. use undelete in tuneup utility(20mb)

    ReplyDelete
  18. testdisk-6.10 මේප පාවිච්චි කරන්න.හොද එකක්..google search කලාම download link එක එනවා එතනින් download කරගන්න.free software .....තවන් විස්තර ඕනෙනම් dhanuka.jayasuriya@gmail.com මගේ e-mail එකට mail එකක් දාන්න

    ReplyDelete
  19. පූස් තෙමේගෙ ප්‍රශ්නෙම මටත් ආව නිසා ආයෙම අහන්නෙ නෑ...:) :)

    ආයෙම මතක් උනා මේස ලාච්චුවෙ Gato Negro බාගයක් වත් නැතිවෙන්ටත් බෑනෙ කියලත් ...හෙහ්, හෙහ්,

    ඕක එච්චර දෙයක් නෙවෙයි මම දන්න විදිහට...බිය නොවන් නැඟණියනි.

    ReplyDelete
    Replies
    1. රවී අයියා අපි දැන් Cinzano තමා පාවිච්චිය.

      Delete
  20. Use "GetDataBack". That is 100% sure.

    ReplyDelete
  21. හැබෑට වයින් බෝතලයක් වත් ආයෙ හම්බු උනාද ?

    ReplyDelete
  22. රිකවර් කරන ෆයිල් ගන්න පුලුවන් සොෆ්ට් වෙයා තියෙනවා.රිකවර් මයි ෆයිල්ස් කියලා හොයලා බලන්න.බැරි වෙන එකක් නෑ.හැබැයි ඔය ෆෝමැට් කරපු එකට මුකුත් දාන්න එපා.

    ReplyDelete
  23. "how to recover formatted hard disk data" google එකේ search කරන්න.
    විවිධ recovery software තියෙනවා....ඒවාගෙන් බොහෝ දුරට recover කරගන්න පුලුවන්... කෝකටත් ඉතින් ඊලගපාර හැමදේකම Backup එකක් තියාගන්න බලන්න..

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. ඔය තියෙන්නේ ඇති වෙන්න සොෆ්ට්වෙයා. තවත් කියන්න ඕන නෑ නේ. දැන් ඉතින් චන්දයක් තියන්න වෙනවා හොඳම එක තෝරන්න.:)

    ReplyDelete
  26. ගණන් ගන්න එපා, කැලේ අලි මැරෙන්නෙ වලිගෙ පිටින්

    සොරි උදව්වක් කරන්න තරං මගෙ නැණ පමණ මදි

    ReplyDelete
    Replies
    1. වාහනයක් ගැන ඔ්න්නං ඔබාගෙන් අහපල්ලා...

      Delete
  27. මමත් දන්නේ නැහැ :(

    ReplyDelete
  28. අයියෝ...පිණිබිඳු...මොකද්දෑ මේ කොරගත්තු අපරාදේ...කෝකටත් කියලා මම මගේ එක්ස්ටර්නල් හාඩ් එකත් ලැප් එකෙන් ගලෝලා අරං තිබ්බා...මාත් ඔය වගේ ගොං වැඩක් කොරගන්ට කලියෙන්... ඕන වුණාම ආයෙ අමුණගන්ට බැරියෑ... :D

    ReplyDelete
  29. ඔය දාලා තියෙන්නේ කට්ටියම උදව්වට ලින්ක් එහෙම..ඔය කියන සොෆ්ට්වෙයා ගොඩක් ඒවායින් වැඩේ හරියට කරගන්න පුළුවන් වෙයි.ඒත් හාඩ් එක දැනට පාවිච්චි නොකර ඉන්න..තව මොනවහරි දැම්මොත් රිකවරි වැඩේ අවුල් යන්න පුළුවන්..

    ReplyDelete
  30. බොලාට ඔච්චර කල්පනාව නැතිද ?

    ReplyDelete
  31. රිකවරි වැඩේ හිතුමනාපේ කරන්නට යෑමෙන් ඩේටාත් හාඩ් එකත් යන දෙකම නැතිවීමේ අවදානමක් ඇති බැවින් ඔය වැඩේ ගැන දන්නා කියන කෙනෙකුගේ සහයෝගය ලබා ගැනීම මැනවි.

    ReplyDelete
  32. ඕවා යෑ අපි කොඅලා තියෙන්නේ. හාඩ් එක ගිහි ගත්තේ නැත්නම් නැති වෙච්ච ඩේටා ටික ගන්ඩ පුලුවන් !!! උඩ දාපු සොෆ්ට්වෙයාර් ට්‍රයි කරලා බැරි උනොත් කියන්ඩ !!

    ReplyDelete
    Replies
    1. puh meya wadar wela ne.e unata apine danne meyage hati.:P

      Delete
  33. බැරිම උනොත් කියපං . . . මම ගොඩදාල දෙන්නං (මගෙ යාලුවෙකුට කියල ඈ . . නැතුව මට බෑ)

    ReplyDelete
  34. ඔය දීල තියෙන එවුවයින් වැඩක් උනොත් අනේ අපිටත් කියන්න. ඒ මොකද ඔය මෝඩ වැඩේ ඉතින් අපිත් කරනවා සමහර වෙලාවට..

    ReplyDelete
  35. උදව් කරපු හැමදෙනාටම හුඟාක් පින්. තාම වැඩේ ගොඩ දාගත්තෙ නෑ. ඒත් හරි යන පාටක් තියෙන්නෙ. රිකවර් කරගන්න කලින් මැෂින් එකේ ඉඩ ගන්න ඕනෙ නිසා ඉස්සෙල්ල ඒක සුද්ද කරල ඉන්න ඕනෙ.

    ReplyDelete
  36. මේ සොෆ්ට්වෙයාර් එකට පුළුවන් ඔයාගේ හාර්ඩ් ඒක ෆොර්මැට් උනත් රිකවර් කරන්න. මේ ටොරන්ට් එකෙන් බාගන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    http://thepiratebay.org/torrent/6137363/GetData_Recover_My_Files_Professional_Edition_v4.6.8.993

    ReplyDelete
  37. ඔය රික්ත හැඟීම අක්කට එක පාරක් වුනාට... මට....!!! හප්පා මං දැන් ඔය ඩේටා වල ආසාව අතෑරලා තියෙන්නේ... වෙන දෙයක් වෙච්චාවේ... ලෝකේ කොහේ තිබ්බත් ඩේටා ගැන මට නම් කිසිම ආරක්ෂාවක් දැනෙන්නේ නෑ....

    අක්කෙ මේක පොඩ්ඩක් හොයාගෙන ට්‍රයි කරන්න 'REST2514' ම' යුස් කරන්නේ මේක... කිලෝ බයිට් 500ක් වත් නෑ... ඒත් වෙඩි වගේ වැඩ... මේකේ ලින්ක් ඩවුන් ලොඩ් ඩීටේල්ස් නෑ... ගූගල් ගෙන් අහන්න වෙන්නේ... 100% වර්කින්...

    ReplyDelete
  38. ඔය රික්ත හැඟීම අක්කට එක පාරක් වුනාට... මට....!!! හප්පා මං දැන් ඔය ඩේටා වල ආසාව අතෑරලා තියෙන්නේ... වෙන දෙයක් වෙච්චාවේ... ලෝකේ කොහේ තිබ්බත් ඩේටා ගැන මට නම් කිසිම ආරක්ෂාවක් දැනෙන්නේ නෑ....

    අක්කෙ මේක පොඩ්ඩක් හොයාගෙන ට්‍රයි කරන්න 'REST2514' ම' යුස් කරන්නේ මේක... කිලෝ බයිට් 500ක් වත් නෑ... ඒත් වෙඩි වගේ වැඩ... මේකේ ලින්ක් ඩවුන් ලොඩ් ඩීටේල්ස් නෑ... ගූගල් ගෙන් අහන්න වෙන්නේ... 100% වර්කින්...

    ReplyDelete
  39. මම දැනට පාවිච්චි කරලා තියෙන හොදම රිකවරි සොෆ්ට්වෙයා එක මේක..
    හැබැයි ඉන්ටෆේස් එක CLI.
    http://www.cgsecurity.org/wiki/TestDisk_Download
    මෙන්න ස්ටෙප්ස් ටික :
    http://www.cgsecurity.org/wiki/PhotoRec_Step_By_Step

    ReplyDelete
  40. උදව්වක් කරන්නට බැරි වීම ගැන ඇත්තටම සොරි මෙයා. ඒත් අර පූස් කියන්නා වගේ මොකක්වත් වෙලාද ඒ වෙලාවේ උන්නේ.....??????

    ReplyDelete
  41. තාම වැඩේ කරගන්න බැරි උනා. කිව්වට විශ්වාස කරන්න කම්පියුටර් එකේ ඉඩ ගන්න මෙච්චර අමාරුයි කියලා හිතුවෙ නෑ. මේ සති අන්තෙ තමා යාලුවෙක්ගෙ හාඩ් එක හම්බෙන්නෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...