Pages

Tuesday, March 27, 2012

අපේ උන්ගෙ විභාග ලිවිල්ල


ඊයෙ පෙරේදා ඕ ලෙවල් රිසල්ට්ස් ආවනෙ. අපේ මල්ලි කෙනෙකුත් මේ පාර විභාගෙ ලිව්වා.

මූ ඉගෙන ගත්තු ඉගෙන ගැනිල්ලට අපි නම් මූ ගැන බලාපොරොත්තු අත ඇරලයි හිටියෙ. මේකගෙ ජීවිතේම කැඩෙටින්, ස්කවුටින්, මියුසික්, වීඩියෝ ගේම් සහ රස්තියාදු විතරයි. මූ පොතක් අල්ලනවා දැක්කොත් ඒ පවන් ගහගන්න මිසක් පාඩම් කරන්න නම් නෙමෙයි. ඒ තරම් හෝප්ලස්.

විභාගෙ කිට්ටු උනාමවත් මේකා පොතක් පාඩම් කරවන්න යොමු කරන්නම බැරි තැන මුගෙ තාත්තා හෙවත් අපේ මාමා කිව්වෙ "වැඩිය එපා අඩුම ගානෙ සී හතරයි එස් පහක් ගනින්" කියලා.


මූ මොකද කිව්වෙ දන්නවද.

"සී පහක් ගන්නම් හැබැයි රුපියල් පන්දාහක් දෙන්න ඕනෙ."

එහෙම හරි කමක් නෑ මූ විභාගෙ පාස් වෙනව නම්. මාමා කැමති උනා ඒකට.

කවුරුවත් නොහිතපු විදිහට මූට මේ පාර බී එකයි සී පහයි එස් දෙකයි. කෝමද අල්ලස.

මාමා පොරොන්දු වෙච්ච විදිහටම මූට රුපියක් පන්දාහක් දුන්නා. දෙන ගමන් පොඩි අවවාදයකුත් දුන්නා.

"උඹ ඕ ලෙවල් පාස් උනා වගේ මහන්සි වෙලා වැඩ කරලා ඒ ලෙවලුත් පාස් වෙයන්."


මුගේ උත්තරේ දන්නවද.

"හරි තාත්තෙ ඒ ලෙවලුත් පාස් වෙන්නම්. හැබැයි රුපියක් විසි පන්දාහක් ඕනෙ."

මාමට කලන්තෙ හැදුනලු. ඔන්න අපේ උන්ගෙ තරම. විභාග ලියන්නෙත් අල්ලසටයි දැන්.

65 comments:

  1. ශුවර් එකටම මිනිහා කොමස් කරයි.....

    හොද බිස්නස් මයින්ඩ් එකක් තියෙන්නෙ.....

    (පරිස්සමින් මිනිහා වෙලහකටත් ඔයාලව එහෙම බන්දල දෙන්නම් කියලා කාගෙන්වත් සල්ලි අරගෙනද දන්නෙ නැහැ)

    ReplyDelete
    Replies
    1. විහිළුවට නෙමෙයි. ඇත්තටම මිනිහා කොමස් කරන්න තමා බලාපොරොත්තුව.

      Delete
  2. ඌ නම් එලම බුවෙක් :)

    ReplyDelete
    Replies
    1. මොනා උනත් තාත්තගෙ කණෙනුත් රිංගයි ඕකා නම්

      Delete
  3. සිරාවටම පැහැදිලි අනාගතයක් පේනවා.
    සිර බිස්නස් මන් එක.
    එල කොල්ලෙක්..!

    ReplyDelete
    Replies
    1. මූ හදිස්සියෙ වත් කැම්පස් තේරුණොත් ඩිග්‍රී එක ඉවර කරන්න කීයක් ගනීද දන්නෑ

      Delete
  4. සිරා කතාව... කොල්ල හරි... අද කාලෙ එහෙම නැතිව බැහැ... ;)
    විබාග පාස් වෙන්න අල්ලස් දෙන්නෙ නම් ඈත අතීතෙ ඉඳල... මං ඕලෙවෙල් කලේ '99 දි... ඒ කාලෙ මගෙ යාලුවෙක්ට ගෙදරින් කියල තිබුන, ගන්න හැම D එකකටම රුපියල් 1000 ගානෙ දෙනව කියල, අම්මයි තාත්තයි දෙන්නගෙන්ම... වැඩේ කියන්නෙ, අපේ කාලෙ විබාගෙ ලේසි උනා... පොරත් සාමාන්‍යයෙන් මොලේ තියෙන පොරක්... මූ D 10ක් අරගෙන ගෙදරින් රුපියල් 20,000ක් ගත්තනෙ... :D
    අපිට ඉරිසියාවෙ බැහැ ඒ දවස් වල...

    ReplyDelete
  5. දේශපාලනය කරා නම් හොද අනාගතයක් තියෙයි.....

    ReplyDelete
    Replies
    1. ඕකා රටත් විකුනලයි පස්ස බලන්නෙ එහෙනම්

      Delete
  6. මූව උල තියන්න වටින්නෙ හෙහ්...හෙහ්...

    ReplyDelete
  7. වරද කොල්ලගෙ නෙමෙයි!

    ReplyDelete
  8. Shik.... Oka karanna aye a/l, o/l liyanna bane dan.... Kohomath sira dial ekak... Mamath wish kala kiyanna. Ara b ekata 2000k illuwe nadda? (sory 4 mobile comment no sinhala )

    ReplyDelete
  9. නෑ මූ කෙලින්ම 5000 තමා ඉල්ලුවෙ. අපරාදෙ අපිට ඔය අයිඩියා එක ආව නම් හොඳ ගානක් හම්බකරගන්න තිබ්බා.

    ReplyDelete
  10. යකෝ තාත්තට උවමනාවටද ඉගෙන ගන්නෙ...

    ReplyDelete
  11. එතකොට මූ ඩිග්‍රියට කීයක් ඉල්ලාවිද ...?

    ReplyDelete
    Replies
    1. ඒක ගැන තමා අපිත් බයෙන් ඉන්නෙ

      Delete
  12. ඇත්තටම මේ සැරේ මම දන්න කුප්පයෝ සෙට් එකක්ම පාස් වෙලා එකෙක්ව 10 වසරෙදිම පොලිසියෙන් ගෙනිච්ච එකෙක්,,,හිතා ගන්නත් බෑ මුන් පාස් වෙලා කියද්දී,,මට පේන්නේ සාපෙ ලකුනු වෙනස් කරලා වගේ,,ආරංචියේ හැටියට s 20 ගනන්ලු

    ReplyDelete
    Replies
    1. ආ ඒක තමා මූත් පාස් උනේ. මූ වැඩ කරපු හැටියට මෙහෙම ගත්ත එක ඉහටත් උඩින්

      Delete
  13. අන්න මිනිස්සු.. අපේ අම්මත් මට කාර් එකක් අරන් දෙනවා කිවුවා විභාගේ පාස් උනොත්.. හැබැයි එහෙම කිවුවේ රිසල්ට් එන්න කලින් දවසේ.. විභාගෙට කලින් කිවුවේ නෑනේ..

    ReplyDelete
  14. මම සිස්සත්තෙ ලියද්දිත් අපේ මාමා ඔය වගේ අල්ලස් දුන්න. හැබැයි කටින් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉස්ට්‍රයික් කරන්න එපායැ ඉල්ලීම් ලබා දියව් කියලා

      Delete
  15. අඩේ අපේ තාත්තටත් ඔහොම දෙනවනම්.... ෂික්... ඉරිසියාවේ බෑ :D :P

    ReplyDelete
  16. දැන් කාලේ පොඩි එවුන් දියුණුයි අප්පා....... :P

    ReplyDelete
  17. අන්න කොල්ලෝ... දිපං මේකට ඉඩමක්වත් ගෙයක් හදාගෙන එකතැන් වෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ඕකා ඔහොම යනකොට ඒකත් ලඟදිම කරගන්න බැරි නෑ.

      Delete
  18. හිකිස්..මම මේ අවුරුද්දෙනේ.. බ්ලොග් එකත් වහලා දාන්න වුණා.මොනවා වෙතත් ඔයාගේ මල්ලී අපේ ජාතියේම සහෝදරයෙක් විත්තිය පේනවා.

    ReplyDelete
  19. මාත් අනුගමනය කරලා බලන්ට ඕන..

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

      Delete
  20. අන්න කොල්ලො.... හැදෙන කොල්ලන් සල්ලි වලින් මැනේ.......කිව්වලු.

    ReplyDelete
  21. මූ ගංජා වත් ගහන්න පුරුදුවෙලාද....

    ReplyDelete
    Replies
    1. ඕකා සල්ලි වලට මොනා කරනවද මන්දා

      Delete
  22. හික්ස්....... මදෑ අපිට බැරි උනානේ කියන්න......

    ReplyDelete
  23. විභාග කොමසාරිස් තනතුරට නං හරියනව.

    ReplyDelete
  24. අපිත් ඔහොම කලානම් ගොඩ තමා... :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි ලක්ෂපතියො නේ

      Delete
  25. කොහොම හරි කමක් නෑ විභාගේ පාස් කරගත්තොත් නේද? :)

    ReplyDelete
    Replies
    1. ඒ හන්දා තමා මාමත් මූ කියන ගාණකට කැමති උනේ

      Delete
  26. කොහොම හරි කමක් නෑ විභාගේ පාස් කරගත්තොත් නේද?:)

    ReplyDelete
  27. සැහ්... මයෙ මොලේ කොහේ තිබුනද මංද ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න මෙහෙම අදහස් ආව නම් අපිත් ගොඩ නේ

      Delete
  28. පට්ට කොලුවෙක් නෙව .. කැම්පස් ගොහින් ඩ්ගිරිය ගන්න ලස්ස කීයක් ඉල්ලාවිද මන්දා

    මගේ නඟත් ඔන්න ඕලෙවල් නම් උඩින්ම පාස් වුණා

    ReplyDelete
    Replies
    1. අප්පේ නඟාට අපේ උණුසුම් සුභපැතුම්

      Delete
  29. මාර මොලේ...ඔය වගේ එවුන් තමයි එක පාරින් කැම්පස් යන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔය මොලේ ඕකා ඉගෙනීමට යොදවනවානම්

      Delete
  30. අපේ මල්ලිත් බයික් එකක් ඉල්ලුවා AL පාස් උනාම. හත්වලාමේ පාස් උනානේ. අපි ඉතින් පොරොන්දු අමතක කරලා හිටියේ ඕනෑම කියලා. අන්තිමට මේකා කෑ ගහලා කරලා ගත්තා කොහොමහරි :පි

    ReplyDelete
    Replies
    1. ඉර හඳ ඉල්ලුවත් දෙන්න වෙනවා පාස් උනා නම්

      Delete
  31. කොල්ලගේ ගැට වලට අම්ම තාත්ත අහුවෙනවා..

    ReplyDelete
    Replies
    1. ඌව කොහොම හරි විභාගෙ පාස් කරවන්නයි ඕනෙ කරේ

      Delete
  32. hikzzzzzzzz.....(පිසාචයා)

    ReplyDelete
  33. මිනිහට හරි යන්නේ කොමස් කිරිල්ල !!!
    ඔය ගනන් හිලවු එහෙම හොදට හරි යනවනේ.
    එහෙම නැත්නම් මංත්‍රී කෙනෙක් කලා නම් හරි !

    ReplyDelete
  34. මිනිහව හරියන්නේ පාර්ලිමේන්තුවට :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...