Pages

Wednesday, April 18, 2012

අනාගැනීම් වලට විසඳුම්

ගෙදර දොරේ වැඩ වලදි කොයි තරම් නම් අපි අනාගන්න සිද්ධි වෙනවද. ඒ වගේ පොඩි පොඩි අන්ජබජල් වැඩ වලට විසඳුම් වගයක් මට හම්බුණා. මේල් එකකින් මේක ඇවිත් තිබුණෙ. කාට උනත් ප්‍රජෝජනයක් වෙන දෙයක් නිසා මම බ්ලොග් එකේ දාන්න හිතුවෙ.

හිටපු ගමන් නොසන්ඩාල කොල්ලො උන් කකා ඉන්න චුයින්ගම් එක කාගෙ හරි ඇඳුමක අලවන්න පුලුවන්. එහෙම නැත්තන් ඒ නොසන්ඩාල කොල්ලෙක් කාපු චුයින්ගම් එකක් පුටුවක අලවලා ගිහින් ඒක ඔයාලගෙ ඇඳුමෙ ගෑවෙන්න පුලුවන්. චුයින්ගම් රෙදි වලින් අයින් කරගන්න ලේසි නෑ. එහෙම උනාම කරන්න ඕනෙ ඇඳුම අධිශීතකරණයේ පැයක් විතර තියන්න. දැන් චුයින්ගම් එක අයින් කරගන්න.



ගෙදර පැනි රස දෙයක් තිබ්බොත් බේරගන්න අමාරුම කාගෙන්ද. පොඩි ළමයින්ගෙන් නෙමෙයි කූඹින්ගෙන්. කූඹි හැටට හැටේ දුවගෙන එන්නෙ පැණි රසට. මේ වගේ වෙලාවට කරන්න තියෙන්නෙ පිපිඤ්ඤා පොත්තක් කූඹි ගුල ගාවින් තියන එකලු. මොකද කූඹින්ට පිපිඤ්ඤා පෙන්නන්න බැරි නිසා.



දෙහි මිරිකනකොට වැඩි දෙහි ප්‍රමාණයක් ගන්න ඕනෙ නම් දෙහි උණු වතුරේ පැයක් පමණ දාලා තියලා මිරිකන්න ගන්න.


ලූණු කපනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද. අපි නම් අඬා වැලපි වැලපි තමා ලූණු කපන්නෙ. කඳුළු එන එක නවත්ත ගන්න චුයින්ගම් හපන්න කියලා තමා කියන්නෙ.

අල ඉක්මනට තම්බා ගන්න ඕනෙ නම් එක අල ගෙඩියක තම්බන්න කලින් පොත්ත ටිකක් අයින් කරගන්න. එතකොට අල ඉක්මනට තැම්බෙනවලු. ඒ වගේම අල බතල වගේ දේවල් තැම්බුවාම සමහර වෙලාවට පොතු ගහන්න අමාරුයි. එතකොට ලිපෙන් බාපු ගමන්ම සීතල වතුරට දැම්මා නම් පොත්ත ලේසියෙන් ගැලවෙනවා.


තමන්ගෙ ඇඳුමට තින්ත පෑනෙ තින්ත හලා නොගත් කෙනෙක් ඉන්නවද. ඉස්කෝලෙ කාලෙ නම් තින්ත පෑන් වලින් ලියන්න ගත්ත අලුත සුදු ඇඳුමේ නිල් මෝස්තර කරගෙනනෙ ගෙදර එන්නෙ. මෙහෙම වැටුණු තින්ත අයින් කරගන්න නම් දත් බෙහෙත් ටිකක් තින්ත පැල්ලම උඩ අතුරලා සම්පූර්ණයෙන් වේලෙන්න තියන්න. ඊට පස්සෙ හෝදලා දාන්න.



එදිනෙදා ජීවිතයට මේ දේවල් ටිකක් හරි වැදගත් වෙයි. ඉතින් යාන්තමට හරි මතකයේ තියාගත්තොත් වැඩක් අනාගත්තු වෙලාවට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.




47 comments:

  1. හොඳ විස්තර ටිකක් තමයි නගෝ.... හැබැයි අර "නොසණ්ඩාල කොල්ලෝ" ගැන විතරක් කියලා, "නොසණ්ඩල කෙල්ලෝ" ගැන සඳහනක් නොකර සිටීමේ අධික ස්ත්‍රීවාදයට මගේ බලවත් විරෝධය....!

    අර ලූණු කපනකොට චිවින්ගම් කන කෙල්ලෝ කොහේද එතකොට ඒ චුවින්ගම් එක අලවන්නෙ ? ලූණු ගෙඩියෙද ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මාත් මේ පෝස්ට් එක කියවාගෙන එනකොටම කෙමෙන්ට් එක ලෑස්තිකරං උන්නෙ. මට කලින් දුමී අයිය කියලනෙ..

      Delete
    2. @ දුමී- හෙහ් හෙහ් අන්න පොයින්ට් එක. දුමී අයියට කියන්ඩ අයියෙ ඔය නොසන්ඩාල කොල්ලෙක් පොඩි කාලෙ ඌ කකා හිටපු චුයින්ගම් එක මගෙ ඔලුවෙ ඇලෙව්වනෙ ගෝරියක් ගිහිල්ලා. ආයෙ මම ඩීෆ්‍රීසර් එකේ ඉන්ඩද. කොණ්ඩෙ ඒ ටික කපන්නත් උනා.

      Delete
    3. @ නවම් - උඹලගෙ කට කහනවා නේ අයියෙ

      Delete
  2. මේ ටික නම් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි

    ReplyDelete
    Replies
    1. හැමෝම අනාගන්න වෙලාවල් තියෙනවනෙ

      Delete
  3. අනාගතේදි වැඩක් වෙයිද බලමුකො... :)

    ReplyDelete
  4. බොහොම ස්තුතියි!

    ReplyDelete
  5. මට මතක් උනේ ඉස්සර ගුවන්විදුලියේ හවස 1ට නිතර යන පසන් නිවස කියන වැඩසටහන. ඒකෙත් හැමදාම කියනව ඔයවගේ පොඩිපොඩි ට්‍රික්ස්. ළූණු කැපිල්ල ටෙස්ට් කරල බැලුවද? මට නං ඒක සෑහෙන්න වැදගත්.

    ReplyDelete
    Replies
    1. කාන්තා අධිපත්‍යය ද ? නැතිනම්, යහපත් ස්වාමි යෙක්ද ?

      Delete
    2. දෙකම නෙවේ බං බඩගින්න! අම්මයි නෝනයි දෙන්නම නැති දවස් තියනවනෙ මට! එදාට කුස්සියෙ රජා මම.

      Delete
    3. ටෙස්ට් කරලා නම් බැලුවෙ නෑ. ඒත් ඒක හරියනවා කියලා මම අහලා තියෙනවා.

      Delete
  6. @දුමී:
    හොඳ විස්තර ටිකක් තමයි නගෝ.... හැබැයි අර "නොසණ්ඩාල කොල්ලෝ" ගැන විතරක් කියලා, "නොසණ්ඩල කෙල්ලෝ" ගැන සඳහනක් නොකර සිටීමේ අධික ස්ත්‍රීවාදයට මගේ බලවත් විරෝධය....!

    100% එකගයි !!!!!!!!!
    LA

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. හරි හරි නොසන්ඩාල කොල්ලෝ සහ කෙල්ලෝ දෙගොල්ලොන්ම. හරිනෙ.

      Delete
  7. මේක නම් සෑහෙන ප්‍රයෝජනවත්. ඒත් මට තියෙන ප්‍රශ්නේ පාසලුයි මමයි සෑහෙන්න ට්‍රයි කලා අපේ ගෙදර කූඹි නැවතිලා ඉන්නෙ කොහෙද කියලා හොයන්න. තාම හොයා ගන්න බැරි උනා :(

    ReplyDelete
    Replies
    1. මේක ට්‍රයි කරල බලන්නකො

      Delete
  8. මොකක් නැතත් අන්තිම එකනම් මට සෑහෙන ප්‍රයෝයනයි :D

    ReplyDelete
    Replies
    1. අනිත් ඒවත් ප්‍රයෝජන වෙයි

      Delete
  9. සීනි බෝතලේ ඇතුලට කරාබු නැටි දාලා තිබ්බමත් කූඹි එන්නේ නෑලු නේද??

    මේවා නම් තව ගොඩාරියක් තියෙනවා හරි වැදගත්.. පුළුවන්නම් හොයලා දාන්න.. වටිනවා හරියට..

    ReplyDelete
  10. කූඹි ගුල ළඟ කැකිරි පෙත්තක් තිබ්බමත් උන් එන්නෙ නැහැල්ලු.

    ReplyDelete
    Replies
    1. කැකිරි මොකෝ පිපිඤ්ඤා මොකෝ

      Delete
  11. අක්කා එහෙනම් දැන් ගෙදර වැඩ ලේසියෙන් හරියට කරන විදිහ ගැන උනන්දු වෙනවා නේ?? :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. තව අවුරුද්දක් වත් නෑනෙ.

      Delete
  12. ෆස්ට ලිපිය ට්‍රයි කොරන්ට ඕනේ ඒ ඒ වෙලාවට..
    ජය !

    ReplyDelete
  13. පෝස්‍ටුව කියවන කොට මට ඇතිඋන ප්‍රශ්නේ දුමී අහලා තිබුනා.හැබැයි ඔයා උත්තරේ දීල නෑ.ප්ලීස් කොහෙද කියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඔන්න උත්තර දීලා ඇති. බලාගන්නකෝ

      Delete
  14. ලූණු තමා වැදගත් මටත්.......... ඒකත් සමහර ලූණු වලට විතරයි ඇඟෙන්නේ. ඇයිද මංදා......

    ටැංකි අක්කා.................

    ReplyDelete
    Replies
    1. හා පැටික්කි කාලෙකින්

      Delete
  15. මේ කියපු එක දෙයක් වත් මීට කලින් අහල නෑ ඉදිරියේදි ප්‍රයෝජනවත් වේවි......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි

      Delete
  16. මේක නම් හොඳට ම වැදගත් පෝස්ට් එකක්.... තැන්කූ අක්කා........

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි

      Delete
  17. ෂා... මේ ටික වටිනවා.... මාත් මතක තියාගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මතක තියාගෙන ක්‍රියාත්මක කරන්නකෝ

      Delete
  18. වැඩේ නම් හොඳයි...එත් මේ අනාගැනීම්
    වෙනකොට ලැප් එකයි ඩොන්ගල් එකයි හොයා ගන්න එක තමයි ප්‍රස්නෙ...

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ට් අවුට් එකක් අරන් කුස්සියෙ අලවගෙන ඉන්නකො හරිනෙ එතකොට

      Delete
  19. චුයින්ගම් සීන් එක නං සෑහෙන්න වැදගත්. මුල් කාලෙ නං අඬා වැලපී වැලපී තමයි අපිත් ළුණු කැපුවෙ. දැන් නං පුරුදුයි :D

    ReplyDelete
    Replies
    1. අපිත් එසේමයැ. විලාප තිය තිය ලූණු කපන්නෙ

      Delete
  20. ඵෑනු කැපිල්ල තමයි මටත් අමාරුම කේස් එක.
    බලමු මේකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයිද කියලා.... :)

    ReplyDelete
  21. හා හොඳයි.. මගේ සුදු කමිසයක් තියෙනවා තීන්ත පැල්ලමක් එක්ක.. දෙන්නම්කෝ ට්‍රයි එකක්..

    ReplyDelete
  22. ලූනු 250ක් වෙනාපු වෙලාවක චුයින්ගම් තුනක්වත් ගේන්ඩ වෙයි වගේ.

    ReplyDelete
  23. ඔය කාන්තා පත්තර ඉදලා හිටලා කියවන්න සෙට් වුණාම ඒවයෙත් මේ වගේ ක්‍රම තියෙනවා. දැන් එහෙම පත්තර බලන්න ඕනේ නැහැනේ පිණිබිඳු අක්කා ඉන්නවා නොවැ

    ReplyDelete
  24. එදා කියවලා කොමෙන්ට් කරන්නේ නැතුව ගියා හදිස්සියට. අද තමයි ඕනේ උනේ ඔන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...