මාස ගාණක් තිස්සෙ හැමෝම බලාගෙන හිටපු සයිබරයේ ලොකුම ඉවෙන්ට් එක කියල කියන්න පුලුවන් සයිබර් අවුරුදු උත්සවය අප්‍රේල් 22 පැවැත්වුණා. ඉතින් මමත් සජිත් එක්ක කොහොමහරි ඒකට සහභාගී වුණා.
එද්දිම පරක්කු වෙච්ච නිසා උදේ තිබ්බ තරඟ ගොඩකට එන්න බැරි උනා. ඒත් සෑහෙන්න කට්ටියව අඳුර ගත්තා. කතා බහ කරා. ඇත්තටම සතුටුයි. මම හැමදාම කියනවා වගේ අකුරු වලින් විතරක් අදහස් වලින් විතරක් දැන අඳුර ගත්තු යාලුවො ටිකක් ඇත්තටම දකිනවා කියන්නෙ හරිම අපූරු අත්දැකීමක්. ඒ අත්දැකීම උපරිමයෙන් ලබන්න අපි වාසනාවන්ත උනා.
අවුරුදු ක්‍රීඩා ගැන කියනවා නම්, මුලින්ම බැලුම් පුපුරවන්න සහභාගී වුණත් මම දුවගෙන යනකොට ඉතුරු එවුන් ටික බැලුම් අරගෙන මට එක බැලුමක්වත් මුං ඉතුරු කරලා නෑනෙ. ඒ හින්දයි ඒක දිනන්න බැරි උනේ.
ඒ උනත් අපි කඹ ඇදලා නම් දිනුවනේ. මම නම් කරපු දෙයක් නෑ.යන්තම් කඹේ එල්ලිලා හිටපු එක විතරයි. අපේ හිටපු කොල්ලො ටික නිසා ඒ ඉවෙන්ට් එක දිනා ගත්තා. වෙන අවුරුදු උත්සව වලත් මාව වැටෙන්නෙ කඹ ඇදීමේ තරඟෙට තමයි. ඒත් මගෙ ජීවිතේ පළවෙනි වතාවට මම හිටපු කණ්ඩායමක් ඔය තරඟෙන් දින්නමයි.
තොප්පි දාන තරඟෙත් ඉතා අසාධාරණ ලෙස මගෙ ඔලුවට තොප්පිය වැටෙද්දිම සිංදුව නවත්තපු නිසා මාව තරඟෙන් අයින් උනා. මොනදේ උනත් මේ හැම දේකින්ම ලබපු සතුට නම් අනන්තයි.
හමුවෙලා කතා කරපු අය දැන හඳුන ගත්තු අය අනන්තයි. ඒ හමුවීම් වචන දෙක තුනකට සීමා වුණත් අපි හැමදෙනා අතරෙම පොදු සහෝදර බැඳීමක් තිබුණා. මේ අවුරුදු උත්සවය සංවිධානය කළ සංවිධායක මණ්ඩලයට ඇත්තටම ස්තූතිය පුද කළ යුතුමයි. ඉතින් එහෙනම් ආයෙමත් මේ වගේ අවස්ථාවකින් ආයෙ මුණ ගැහෙමු.
අනිවා..අද නම් පට්ටම ෆන් දවසක්..ආයෙත් මේ වගේ පුළුවන් දවසක හම්බුවෙමු !!
ReplyDeleteආයෙ හම්බවෙමු
Deleteඇත්තටම හරිම සතුටින් ගෙවෙන්න ඇති .
ReplyDeleteඅක්කලාටත් එන්න තිබ්බා නම් මරු
Delete// මගෙ ජීවිතේ පළවෙනි වතාවට මම හිටපු කණ්ඩායමක් ඔය තරඟෙන් දින්නමයි.// මොනවා වුනාත් ඇත්ත කියල තියෙනවා. අලියට ඇහැ තියන්න හිටපු තරඟ කරුවෝ ඔයාගේ පස්සෙන් ආවලු නේ ඇහැ තියන්න.
ReplyDeleteමගෙ අප්පේ අපිට ආඩම්බරයි.. :)
Delete@ අසරණයා-අනේ මේ යන්ඩ යන්ඩ
Delete@ sAm (සෑම්) - එසේ මෙසේ පිනක් නෙමෙයි ඔයාලා කරගත්තෙ දිනලා
Deleteහැබැයි කඹ ඇදීමෙන් දිනපු අයට සිහින කුමරිය වෙන්න බෑ කියල නීතියක් තිබ්බ නැති එකේ ඒකටත් ඉන්නයි තිබ්බේ...
ReplyDeleteහෙන වැස්සක් ආවනෙ. ඒ හන්ද අපි දෙන්නා එන්න ආවෙ. පස්සෙ හිතුනා අපරාදෙ ඉවරවෙනකල් ඉඳලම ආව නම් ඉවරයි කියලා
Deleteහික්ස්ස්...කඹ ඇදීම නම් පස්ටය... තෝරු මෝරුන් මැද හාල්මැස්සන් සෙට් එක දිනපු විදිය කුජීතය..:D :D
ReplyDeleteඒක නම් ඇත්ත ඈ..උන් කොහොම දිනුවද කියලා උනුත් දන්නෙ නෑ
Deleteඋඹ කඹේ එල්ලිලා හිටිය කියන්නෙ ඉතිං නැංගුරමක් දැම්ම වගේ තියෙන්න ඇති ;)
ReplyDeleteඅඩේ ඒ හන්දද දන්නෑ දිනුවෙ
Deleteම්...එල නෙන්නම්
ReplyDeleteඔයාට කතා කරන්න බැරි උනානෙ
Deleteහික්ස්.. කඹ ඇදීමේ කඹේ කෙසේ වෙතත් පළවෙනි පාර අපි කට්ටියම ඇදිලා ගියානේ ලස්සනට.. අද නම් මරු අක්කෝ.. හරිම ශෝක්..
ReplyDeleteඊට පස්සෙ දිනුවෙ කොහොමද මන්දා
Deleteඊයේ දවස ගැන නම් කියල වැඩක් නැත
ReplyDeleteඋඹත් කලින් ගියානෙ
Deleteහික්ස්.. කඹ ඇදීමේ කඹේ කෙසේ වෙතත් පළවෙනි පාර අපි කට්ටියම ඇදිලා ගියානේ ලස්සනට.. අද නම් මරු අක්කෝ.. හරිම ශෝක්..
ReplyDeleteයා යා
Deleteමගේ ජීවිතේ අමතක ම නොවන දවසක්....!!!
ReplyDelete~~**දඟ මල්ල**~~~
ඔයාව අඳුරගන්න ලැබිච්ච එකටත් සතුටුයි..
Deleteමම ඇවිත් සෙට් උන නිසා තමයි කඹ ඇදිල්ල දිනුවේ :P
ReplyDeleteනැත්තම් කොහෙද!
හෙහ් හෙහ්.
Deleteපිණිබිදු අක්කයි ප්‍රාර්ථනයි හිටිය නිසා වැඩේ හොඳට ගියා.....අපි දැන් ඕන කඹ ඇඳීමේ කණ්ඩායමකට උපදෙස් දෙනව පිණිබිදු අක්කගෙ උපදේශකත්වය යටතේ........:D
ReplyDeleteඔව් ඈ.. ආයෙ කඹ ඇදීමේ තරඟයක් තිබ්බොත් අපිව අමතන්න
Deleteඅලේ මට පිණි බිදුවාව මිස් වුනා නේ.. :(
ReplyDeleteඔයාව දැක්කා. කතා කරන්න බැරි උනා. ටොපි බෙදපු වෙලාවෙ මේ නාකියා කියලා දැනන් හිටියෙ නෑ. නැත්තන් කතා කරනවා.
Deleteකස්ටිය කඹනම් ඇද්දා මොනවා නැතත් :P ඇත්තටම මට කතා කරගන්න බැරි උන උන් ගොඩක් හිටියනේ...
ReplyDeleteමටත් සෑහෙන දෙනෙක්ව මිස් උනා
Deleteපිනි බිදුවාව මටත් මිස් වී ඇත. කඹ ඇදිල්ල නම් තනිකරම කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කරමි. කුමන්ත්‍රණ කරුවන් වහාම හෙළි කරව්
ReplyDeleteපරදින්න මූලික හේතුව තමයි රෙප් අයියල තරඟ නීතියකට අවනත නොවීම.....මතක නැද්ද කිව්ව ගැහැනු ළමෝ 2ක් ඉන්න ඕන කියල කණ්ඩායමක.......:D
Delete@ රෙප් මහත්තයා - මොන කුමන්ත්‍රණයක්ද අපිට පැහැදිලි ජයක් ලැබුණා. එච්චරයිනෙ
Delete@ හිතහොඳ පිස්සා - අන්න ඒක තමා
Delete"ඒත් මගෙ ජීවිතේ පළවෙනි වතාවට මම හිටපු කණ්ඩායමක් ඔය තරඟෙන් දින්නමයි"
ReplyDelete:-)
ඇත්තටම අප්පා හිතාගන්න බෑ
Deleteපිනිබිඳුවා එක්ක කතා කරන්න අමතක වුනානේ :(
ReplyDeleteයකෝ මුන් ඔක්කොමට මාව මිස්වෙලා. එතකොට මම කා එක්කද කතා කරේ.
Deleteඋඹනම් ගියා නේද? මං එදා දවසෙම ඇද උඩ විවේක ගත්තා...:((((
ReplyDeleteඋඹ ගැන කට්ටිය ඇහුවා. අපරාදෙ එන්න තිබ්බෙ
Deleteඅපි ඉතින් මෙහෙම අහලා බලලා සතුටු වෙනවා..
ReplyDeleteලබන පාරවත් එන්න බලමු
Deleteපිණිබිඳුව දැක ගන්න බැරි වෙච්ච එකනම් හරිම අපරාදයක්.... :(
ReplyDeleteමකුළුවා මටත් මිස් උනා.
Deleteපිණිබිදු අව්වට යන්න එපා. වාශ්ප වෙයි !
ReplyDeleteමම එදත් කිව්වා !
හික්ස්. වාෂ්ප වෙනව නම් මේ සයිස් එකට ඉඳියිද.
Deleteඑන්ඩ බැරි වුණ එක ගැන නම් දුකයි . පින්තූර ටිකවත් බලා සැනසෙන්නම්
ReplyDeleteසඳරු මම හිතුවෙම උඹ එයි කියලා
Deleteඅඩේ උඹත් ආවද, මට වචනයක්වත් කතාකරන්න බැරි උනා. සැහ් හරිම අපරාදෙ. ;)
ReplyDeleteඈ බොල නවම් අයියෙ එතකොට මම අර කතාකරේ බොලාගෙ හොල්මනත් එක්කද. මම මැසේජයක් එවල ඇති බලාපිය.
Deleteමමනම් කතා කළා අක්කා එක්ක. ඇත්තටම කියුවොත් අක්කා කතා කළා මාත් එක්ක :) නියම දවස කවදාවත් අමතක වෙන්නෙම නැහැ
ReplyDeleteඅමතක නොවෙන දවසක්
Deleteසුබම සුබ පැතුම්!
ReplyDeleteලොවෙත් නැ.. දුකේ බැ.. මට ඒක කියන්න බැ..
ආයෙ එහෙම ඉවෙන්ට් එකක් කරමු
Deleteසන්තෝෂයි !!!
ReplyDeleteමටත් සතුටුයි
Deleteඅපරාදේ මං එන්න හිතාන උන්නට මට එදාම වෙන මගුලක් සෙට් වුනානේ
ReplyDeleteඅපරාදෙ මිස් උනේ
Deleteකතා කරන්න ලැබීම සතුටකි :-)
ReplyDeleteමටත් සතුටුයි පූස්.
Deleteමටත් එන්න නම් බැරිවුනා.ලබන පාරවත් බලමු......:(
ReplyDeleteඑක බැච් එකේ ඉඳලත් ඔන්න අද තමා මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මෙ නේ.
Deleteඅපි නැත්නම් කඹ ඇදිල්ල දිනනවා බොරු.. හරි ය!! සිරා ගේමක් දුන්නේ.. නේ අක්කේ?? ලබන පාරත් අනිවා අපි එක තමයි.. 3.0 එකේ දී සෙට් වෙමු.. හොඳේ!!
ReplyDeleteඅනිවා ආයෙ හම්බෙමු
Deleteහ්ම්ම්.. ඊරිසියයි ඊරිසියයි ඊරිසියයි..
ReplyDeleteපිණිබිඳුවයි සජිත් මහත්තයාවයි දැකපු දෙවෙනි අවස්ථාව !!!
ReplyDelete