Pages

Wednesday, July 11, 2012

අපද නොදැනුවත්ව ඩෙංගු ව්‍යාප්තියට දායක වන්නට ඇත


ඩෙංගු. මේ දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වන මාතෘකාවක්. ඩෙංගු මර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක වන බව අප දනිමු. ජලය එකතු වන ටයර්, තැඹිලි කෝම්බ, ටින් ආදිය වල දැමිය යුතු යැයි කියති.

එහෙත් මේවා සිදුවන අතරතුර මට හැඟෙන පරිදි ඩෙංගු ව්‍යාප්තියට අප නොදැනුවත්ව දායක වී ඇත. මේ ගැන ඔබ සිතුවාදැයි මා නොදනිමි. මම නම් මොහොතකටවත් මේ ගැන නොසිතුවෙමි.

මේ දිනවල සෑම තැනකම පිරී ඉතිරී යන තරමට රඹුටන්ය. රඹුටන් පලදාව ඉතාම හොඳ තත්වයක පවතී. මේ නිසා දුටු දුටු පමණින් රඹුටන් මලු පිටින් අප මිලදී ගනිමු.

එහෙත් රඹුටන් පොතු වලට අප කුමක් කරමුද.

පාරේ ඇවිදන් යන විට පාර දෙපස කොපමණ නම් රඹුටන් පොතු විසිකර ඇත්දැයි බලන්න. මේවාට ජලය එකතු වී ඩෙංගු මදුරුවන් නොසෑදේයැයි සිතිය හැකිද. රට පුරා තැඹිලි කෝම්බ වල දමද්දී කුඩා රඹුටන් පොත්තක් ගැන සිත් යොමු නොවේ. එහෙත් අප විසිකර දමන රඹුටන් පොත්තක වුවද ඩෙංගු මදුරුවා බිත්තර දැමීමේ අවධානම ඇත.

ඉදින්, නොදැනුවත්ව අප ඩෙංගු ව්‍යාප්තියට රුකුල් දෙන්නට ඇත. ඩෙංගු මාරයා බිලිගත් අහිංසක ජීවිත ප්‍රමාණය ගණන් කළ නොහැක. නොදැනුවත්ව කළ දේ දැනුවත්ව අපි නතර කරමු. ඩෙංගු මාරයාට යළි හිස ඔසවන්නට නොදෙමු.

35 comments:

  1. හැමෝම එකමුතුව කළයුතු සටනක් තමා ඩෙංගු මර්දනය. ඒක කරන්න පුලුවන් බව කියුබාව ඔප්පු කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්. හැමෝම එකතු උනොත් නවත්තන්න බැරි කමක් නෑ

      Delete
  2. රඹුටන් මැංගුස් සහ දූරියන් මේ හැම ලෙල්ලක්ම වගේ ටිකක් කල් යනවා දිරන්න ඒ වගේම වතුර එකතුවෙන්න ඉඩත් තියෙන ලෙලි. අනික මේ පලතුරු වල වාරේ මේක.

    ගිය පාර අපේ පැත්තේ ගෙදරකට රඹුටන් ලෙල්ලක් නිසා 5000ක් දඩ ගහලා තිබ්බා ඒ නිසා මේ පාර මන් නම් ලේලි සේරම කෑලි කඩලා දැම්මේ

    ReplyDelete
    Replies
    1. මතක් කරලා එහෙම කරනවා නම් කොච්චර දෙයක්ද

      Delete
  3. අපේ පැත්තේ නම් රඹුටන් ලෙල්ලක් තිබ්බත් දඩ ගහනවා !
    නූතන ගැමුණුගේ ආසනය හින්දා වෙන්ටෑ. හික්ස් :)

    ReplyDelete
  4. අපොයි බං අපිටත් රඹුටන් පොතු වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ.

    ReplyDelete
  5. හ්ම්ම් හ්ම්ම්..

    ReplyDelete
  6. මම හිතන්නේ අපි ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමට පොඩි පොඩි සේවල්ම කරනව නම් ඒක අර කරන ලොකු දෙයටත් වඩා ගොඩක් වැදගත් වේවි. කාල ඉවර වෙලා ලෙල්ල තීරැ වලට ඉරලා දැම්මනම් හරිනේ..

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම කරා නම් හරි. ඒත් ගොඩක් අය ඒක ඔහේ විසික්කරලා දානවනෙ

      Delete
  7. මට ඕක කලින් හිතුනා..

    උඩ තියෙන රඹුටන් වට්ටිය නම් මරු..

    ReplyDelete
    Replies
    1. මෙදා පාර නම් ඇති වෙන්න රඹුටන් තිබ්බ නේ

      Delete
  8. හොද ලිපියක්...
    අපි නොහිතන දෙයක්...

    ReplyDelete
  9. කාපුකාලයක් නෙමේ,දකින්නෙත් ඉතිං මේවගෙ පින්තුරෙකින් විතරයි.ඒනිසා නඩුනැත.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් පිට වගේ ඉන්නෙ.

      Delete
  10. මේ ගැන නම් මටත් පොඩ්ඩක් වත් කල්පනා උනේම නැහැ. හැබැයි ඉතින් මමනම් කාලා ඉවර වෙලා ලෙලි පාර පුරා විසිකරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් කොජී අපි වැඩිය නොහිතන පැත්තක්

      Delete
  11. නොහිතුන දෙයක් අක්කේ ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. අපි දැන්වත් මේ ගැන හිතමු

      Delete
  12. රඹුටන් ලෙල්ල පිටින් කෑම ඩෙංගු වැලකීමේ පලමු පියවරයි..

    ReplyDelete
    Replies
    1. සෑමා එහෙනම් උඹම කන්න පටන් ගනින්කො

      Delete
  13. මගෙත් ඒකායන ප්‍රාර්ථනාව
    "ඩෙංගු මාරයා තුරන් කරමු"

    ReplyDelete
  14. නොහිතපු පැත්තක් . අනේ මන්ද මේ වසංගතේ කවද ඉවර වෙයිද කියල

    ReplyDelete
    Replies
    1. කීදෙනෙක් බිලිගත්තද දැනට

      Delete
  15. කාලින වටිනාකමක් තියන පෝස්ට් එකක්.

    ReplyDelete
  16. හ්ම්ම්.. හොඳ දෙයක්. ටින්, තැඹිලි කෝම්බ ගැන කිව්වට මේක මතකයට ආවෙම නෑනෙ.

    මම මේ නිකමට අහන්න, සුද්දකරල සුද්ද කරලම මේක අහවර කරන්න පුළුවන් දෙයක්ද ? වතුර පිරෙන. මිනිසුන්ට ඇක්සස් නැති තැන් නැත්ද ? අර ගේනවා කිව් බැක්ටීරියාවට මොකෝ උනේ [දන්න කෙනෙක්ගෙ ඇහැ ගැටෙයි කියලයි මෙතන ලිව්වෙ]

    ReplyDelete
    Replies
    1. කොමිස් පප්පො ටික පෝසත් උනා විතරයි.

      Delete
  17. ඇත්තටම මෙහෙම දෙයක් ගැන නිකමටවත් හිතුනේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. අපි දැන්වත් මේ ගැන හිතමු

      Delete
  18. හොද වෙලාවට මම රඹුටං කන්නෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. අපොයි මොන අපරාධයක්ද. කමක් නෑ ඔයාගෙ රඹුටන් පංගුවත් අපිට ඈ. ඕනයියා දැක්ක කල්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...