Pages

Monday, November 22, 2010

මල්පෙති හිත්


වහින්න වහින්න
අහස කෙතරම්
රළු වෙනවද..
ඒත්
තෙමෙන්න තෙමෙන්න
පොළොව කෙතරම්
මෘදු වෙනවද..
මල්පෙති හිත උඩ
මහමෙර තැබුවත්
වැහි බිඳුවක සිසිලස මිස
වේදනාවක් දැනෙන්නෙ නෑ මට
හිත මෘදු නිසා නම් නෙමෙයි
වේදනාවෙන්
හිත හිරිවැටිල නිසා...

3 comments:

  1. හිරි වැටුණු හිත
    වේදනාවෙන්...
    නිවා සනසන්නට

    සෙනෙහස....

    ReplyDelete
  2. මුල් පේලි දෙක බලපුවාම ලියන්න හිතුන දේ අන්තිම පේලි දෙක බලපුවාම ලියන්න හිතුනෙ නෑ.ඒක නිසා මුකුත් නොලියම යනවා.
    ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  3. මටත් දිනේශ් අයියා කියපු දේම තමා කියන්න තියෙන්නේ. මොකද පොලවට වැස්ස ඕනේම නම් මොනාද කරන්නේ ඉතින්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...