Pages

Monday, April 18, 2011

චිලී පේස්ට් සහ මයිකල්ගේ වියෝව


කාලෙකින් ඇතිවෙන්න ගෙදර ඉඳලා ආවා. මේ පාර නම් වැඩිපුරත් එක්ක නිවාඩු දාලා ගෙදර ගියා. ඉතින් කට්ටියට අවුරුදු කොහොමද?

උඩ දාගෙන ගෙදර ගියා වගේ නෙමේ ආපහු ආවම කරන්න ඉතුරු වෙලා තියෙන වැඩ දැක්කම ආපහු ගෙදර ගිහින් නතර වෙන්නම හිතෙනවා.

ඔන්න මම නම් මේ පාර ගෙදර ගියපු ගමන් කරේ මාරයා අයියගෙ චිලී පේස්ට් රෙසිපි එක අත්හදා බලපු එක. ඔක්කොම ටික හරි. ඒත් අයියෝ මිරිස් ටික ටිකක් කර උනා. රසේ නම් වෙනසක් නෑ. ඒත් චිලී පේස්ට් එක තද දුඹුරු පාටයි. ගෙදරට කෑම ට ආපු හැමෝම ආසාවෙන් කෑවා ගෙදර හදපු චිලී පේස්ට් කිව්වම. තැන්කූ මාරයා අයියේ ඈ..

අපේ ගෙදර අවුරුද්දට කේක් හදන වැඩේ මට බාර දීලා තියෙන්නෙ. රස හින්දද එහෙම නැත්තන් කේක් හදනව කියන වැඩේ මළ වාතයක් හන්දද දන්නෙ නෑ. දහතුන්වෙනිදා දවසම කරේ එක එක ජාතියෙ කේක් හදපු එක තමා. ඔන්න මගෙ ගානෙ මේ පාර චොක්ලට් කේක් එකයි, බටර් කේක් එකයි, රට ඉඳි කේක් එකකුයි හැදුවා. ඉතුරු කැවිලි පෙවිලි නම් අම්මයි අක්කයි භාර ගත්තා. නොදන්න මගුලට ගිහින් වරිගෙ නහගන්නෙ මොකටද.

මේ වැඩ කරලා ඉතුරු වෙන දවසේ කාලය මම වැය කලේ වැඩිපුරම එකම එක දෙයක් සඳහා පමණයි. හික්ස්. ඒ තමයි Prison Break සීරීස් හතරම බලලා ඉවර කිරීම.

මේක මම දන්නවා මෙතන ඉන්න කට්ටියගෙන් සීයට අනූ නවයක්ම ඕක බලපු කට්ටිය නේද? සෑහෙන කාලෙක ඉඳන් මගෙ ගාව මේක තිබ්බා. ඒත් බලන්න කම්මැලිකමේ හිටියෙ. ඒත් ටිකක් බැලුවට පස්සෙ කොටි වලිගෙ අල්ල ගත්තා වගේ. නතර කරන්න හිතෙන්නෙම නෑ.

සමහර දවස් වලට පාන්දර වෙනවා නිදා ගන්නකොට එක දිගට බලලා. කොටස්ම 81ක් සෙල්ලම්ද.

අයියෝ එච්චර කැපවීමෙන් බලලා අන්තිමට ඇයි හත් දෙයියනේ මයිකල් මැරුණේ. එච්චර ආසාවෙන් බලලා අන්තිමට ඔලුවට පොල්ලකින් ගැහුව වගේ. ඒ තෝන්තු ගතිය තාම තියෙනවා. හික්ස්.

ඇයි දෙයියනේ මයිකල් ඔයා මැරුණේ.....

නිවාඩුව නම් ඉක්මනට ගෙවිලා ගියා. හපොයි දැන් තමා පොළවට අඩිය තිබ්බෙ. දැන් ඉතින් ආයෙත් බෝඩිම, ඔෆිස් එක, කඩ කෑම, අන්තර්ජාලය. ඕක තමා ජීවිතේ. කැලන්ඩරේ එල්ලිලා රතු පාට දවස් හොයන එක තමා ආයෙත් කරන්නෙ ඉතින්.

ඒ ඔක්කොමත් හරි.. අනේ ඒත් මයිකල් ඇයි දෙයියනේ මැරුණේ...


41 comments:

  1. කවුද මයිකල් කියන්නේ...?

    ReplyDelete
  2. @ MaRLaN -
    Michael Scofield. Prison Break series එකේ ප්‍රධාන චරිතයක්.

    ReplyDelete
  3. මම නම් දන්නෙ මයිකල් නයිට් විතරයි... :)

    ReplyDelete
  4. මාත් ඔය කියන series එක බැලුව.ඇත්තම කියන්න අක්කෙ අන්න නියම මෙගා පාර.අපේ මෙගා හදන ඇත්තො ඕව බලන්නෙ නැති එක තමයි හිතට දුක.හැබෑටම අක්කෙ මොරටුවෙ නැද්ද මයිකල් අයිය වගේ මොළකාරයො.

    ReplyDelete
  5. සීරීස් හතරම බැලුවා කියන එක පිලිගන්න පුලුවන්.මොකද මමත් ඔහොම තමයි එලිවෙනකන් 24 සීරීස් එක බැලුවා.

    අපේ අම්මා මට බනින්නේ "මුට පාඩම් කරන කොට නම් 10 වෙද්දි නිදිමත.දැන් එලිවෙනකම් ‍ෆිල්ම් බලනවා කියලා".

    අපි ආසකරන දේවලට වෙලාව යනවා තේරෙන්නේ නෑ නේද?.මට නම් බයෝ පොත පේන කොටත් ඈනුම් යනවා...

    ReplyDelete
  6. මමනම් ආසම supenatural ඒකනම් පට්ට...

    ReplyDelete
  7. @ සාතන් - අයියෝ වැඩක් නෑ අප්පා එහෙනම්. Prison Break නොබලපු දෑස කුමටද?

    ReplyDelete
  8. @ ගජං මල්ලි - ආ මේ ඉන්නෙ බලපු කට්ටිය. මොරටුවෙ ඉතින් වැඩකාරයො තමා. හික්ස්.

    ReplyDelete
  9. @ rajith abeysinghe - වෙලාවට සීරීස් හතරක් තිබ්බෙ. තව එකක් එහෙම තිබ්බ නම් මාව ගෙදරිනුත් එලවලා. ආපු වෙලාවෙ ඉඳන් මගුලක් බල බල ඉන්නවා කතා කරන්නෙත් නෑ ගෙදර වැඩකට උදව් කරන්නෙත් නෑ කියලා අනතුරු ඇඟවීමක් ලැබිල තිබුනෙ.

    ReplyDelete
  10. @ MaRLaN - ඒක මම බලල නෑ. හොයා ගන්න ඕනෙ. මේ දවස් වල මෙගා සීරීස් පිස්සුවක් හැදිල තියෙන්නෙ. Vampire Diaries බැලුවද. හයියෝ පට්ට.

    ReplyDelete
  11. මයිකලය නොමැරී ඉඳීද . . . .???
    ඔයානං පුලුවක ඉඳං බැලුවයි කියමුකො . . . ඒත් ඌ එපැයි ඔය කියන විදියට කොටස් 81ක්ම එක දිගට රඟපාන්න.

    ReplyDelete
  12. මයිකල් මැරුනේ ඇයි කියල දැනගන්න ඕනිනම් අන්තිමට ආපු ෆිල්ම් එක බලන්ඩ වෙනවා.
    http://en.wikipedia.org/wiki/Prison_Break:_The_Final_Break

    ReplyDelete
  13. දෙවියනේ මම දන්නේ නැහැ එ කවුද කියලා..එත් අක්කියෝ අනේ අම්ම්යෝ ෆොටො එකේ ඉන්නේ මේ එයාද....එත් අවුලක් අද මට එයාගෙන් මුණු පොතේ රෙක්වස්ට් එකක් ආවනේ එත් මම බැලුවා නම නම් අවුල් කියලා තාම ඇඩ් කලේ නැ..අපෝ......

    ReplyDelete
  14. ශා ඒකනේ අවුල ඇයි දෙයියනේ මේකා මැරුනේ?

    ReplyDelete
  15. මමත් ගොඩක් ආස කතාවක් එතකොට HOUSE, CSI, වගෙ කතාත් මග අත අරින්නේ නෑ..

    ReplyDelete
  16. තාම නිකං බඩේ දැවිල්ල වාගේ නැහැ නේද..?

    ReplyDelete
  17. මම හරිම ආස ඉස්මෝල් වීල් සීරීස් එකට . මම රු 1500 දීලා නුවර ගිහිල්ලා ඒ සීරීස් 11ම ගෙනාවා අපිට ඉතින් ඕව බාන්න තරම් වේගයක් නෑ නේ .

    පිසන්බ්‍රේක් හොඳයිද ? මොකද්ද එකේ වෙන්නේ ? ඇයි මොනා වෙලාද මයිකල් මැරෙන්නේ .?

    ඉස්මෝල් වීල් සීරීස් එකේනම් ක්ලාක් කෙන්ට් කවදාකවත් මැරෙන්නේ නෑ ...

    කොහොමද...............කොල්ලගේ වැඩ...... ?

    දැන් කියන්න කාටද කැමති ,මයිකල්ටද ? ක්ලාක්ටද ?

    ReplyDelete
  18. VD හෙට තමයි හම්බෙන්නෙ... බලන්න ඕන වෙලාවක් අරන්....

    සුපර්නැචුරල් හොයන් බලන්න ෆට්ට කියනෙන් ෆට්ටම ෆට්ට හැබැයි ඒක කතෝලික ආගම එක්ක තියන සම්බන්දේ වැඩියි... නොතේරෙන තැන් තියෙයි ඒත් නියමයි

    ReplyDelete
  19. විසිල් එකයි බල්ටි දෙකයි !! ඇයි දෙයියනේ මයිකොල් මලය මැරුනෙ ?

    ReplyDelete
  20. මෙයා නිකන් අඩන්නේ දන්න අදුනන කෙනෙක් නැති උන ගානට නේ. පිණිබිදු කියනවනම් හොයාගෙන බලන්න වටිනවා. ඔච්චර වහ වැටෙන්න තරම් ලස්සනක් ඇති මයේ හිතේ.

    ගොඩ දවසකට පස්සෙ පොස්ට් එකක් කියෙව්වේ. මාරම නිවාඩුවක් නෙ.

    ReplyDelete
  21. @ ඕනයා - ආ නරක් වෙලා තියෙයි තව ටිකක් රඟපෑවානම්. පිනට රඟපානවයැ. සල්ලි හම්බුවෙනවනෙ අප්පා. සමස්ත ලෝක වාසී ජනතාවගේ හිතසුව පිණිස ඕක හැපි එන්ඩින් එකක් කරාට මක් වෙනවද.

    ReplyDelete
  22. @ ලකී - මයිකල් මැරුණෙ ඇයි කියල මම දන්නවා. ඒත් ඒක ඇයි එහෙම ඉවර කරේ. ඒකයි දුක.

    ReplyDelete
  23. @ නිම්ශා - ෆොටෝ එකේ ඉන්නෙ එයා තමා. පිස්සු හැදෙනව නේද. හික්ස්.

    ReplyDelete
  24. @ කැටියා - ඇයි දෙයියනේ මැරුණේ. ඕක කොච්චර ලස්සනට ඉවර කරන්න තිබුනද.

    ReplyDelete
  25. @ Dinesh - මෙගා සීරීස් ලස්සන කතා තියෙනවා. කොරියන් මෙගා සීරීසුත් ලස්සනයි. Full house, Coffee Prince

    ReplyDelete
  26. @ මාරයාගේ හෝරාව - චිලී පේස්ට් කාලද. හික්ස් බඩ දැවිල්ල නම් නෑ. කට දැවිල්ල නම් තියෙනවා.

    ReplyDelete
  27. @ හිස් අහස - ස්මෝල් විල් මම බැලුවා. සීරීස් 8ක්. ඉතුරු ටික හොයාගන්න බැරි උනා. ඒකෙ ලානා නැතුව ඉතුරු ටික බලන්න හිතෙන්නෙ නෑ අප්පා. ප්‍රිස්න් බ්‍රේක් වල හිරගෙයකින් පැනල යන එකක් තියෙන්නෙ. හම්බුනොත් බලන්නකො.

    ReplyDelete
  28. @ MaRLaN - ඉන්නකො මම ඒකත් හොයා ගන්නම්කෝ..

    ReplyDelete
  29. @ කුක්කු පැටියා - ඇයි දෙයියනේ මැරුණෙ. දුකේ බැරුවා.

    ReplyDelete
  30. @ මධුරංග - හොයාගෙන බලන්නකො මෙයත් අඬන්නෙ නැද්ද කියලා. ඔය තියෙන ෆොටෝ එකේ ඉන්නෙ එයා තමා. වහ වැටෙන්නෙ නැද්ද අප්පා.

    ReplyDelete
  31. ආහ්... මයිකල් නේද... මගේ ෆිට් එකනේ... ඌ මැරුනද?

    ReplyDelete
  32. හයියෝ... මයිකල්ව දැක්කහම පිස්සු නොහැදි තියෙයිද? මේ දවස් වල Vampire Diaries එකේ Damon Salvatore ගැනත් පිස්සු හැදිලා ඉන්නේ මම... ආ තව ෆට්ට කතාවක් තියෙනවා The Event (http://www.imdb.com/title/tt1582459/) කියලා. පුලුවන්නම් බලන්න. ෆට්ට... :)

    ReplyDelete
  33. @ prasanna86k - මෙයාට නම් ගානක්වත් නෑ.

    ReplyDelete
  34. @ කොට ජීවිතේ - අයියෝ ඩේමන්ට පිස්සු වැටෙන්නෙ නැත්තෙ කවුද. මම ඒකත් මේ දවස් වල බලනවා. සීසන් වන් නම් ඉවර කරා. සීසන් ටූ වලත් කොටස් 15ක් බැලුවා. ඉතුරු ටික තාම හොයාගන්න බැරි උනා.

    ReplyDelete
  35. මගේ ගාව ඔක්කොම ටික තියෙනවා. මම හැම සතියෙම ඩවුන්ලෝඩ් කරනවනේ... ඔයාට ගන්න විදිහක් තියෙනවනම් මට දෙන්න පුලුවන්.... :)

    ReplyDelete
  36. හප්පා මම බලපු නියම ටී.වී සීරීස් එකක්. එලිවෙනකං අම්මගෙන් බැනුං අහ අහ බැළුවෙ [එතකොට තනිකඩයි නෙව] මම හිතන්නෙ මයිකල් මැරෙන්නෙ නෑ. මොකද බ්ලාස්ට් එකක් පෙන්නුවට මයිකල්ගෙ බොඩි එකක පෙන්නුවෙ නෑනෙ. මයිකල් ඔතන පොඩි ගැටයක් ගැහුවෙ. ආයෙ කාලෙකින් ඊලඟ සීසන් එක එයි කියල මමත් බලාගෙන ඉන්නෙ.

    කොට ජීවිතේ කිව්ව වගේ The Event පට්ට, තව Human Target, Fringe, Super Natural එහෙමත් නැගල යනව.

    ReplyDelete
  37. මාත් ඒ දවස් වල (2009) පිස්සුවෙන් වගේ, ඕකයි LOST එකයි බැලුවෙ. ඒ දවස් වල රවුටරේ ට ඉස්පාසුවක් නෑ. පැය 24 ම බෑම ම තමා වැඩේ. හැබැයි Prison Break එකේ season 2 න් පස්සෙ ඒ කතාවෙ තිබ්බ මුල් ගැම්ම නෑ.
    හැබැයි LOST නම් පට්ට! ඒක නම් බැලුවෙ නැත්නම් නම් ජීවිතෙන් බාගයක් ඉවරයි. LOST එකේ ජෝන් ලෝක් තමයි ඩයල් එක ඈ...

    මෙතනින් බාගෙනම බල්න්න කො
    අන්තිම කොටස මෙතනින්...

    39.52 GB තියනව එක බිට් එකක් වත් අඩු පාඩුවක් නැතිව. SLT කාරයො අඬයි ද දන්නෑ හැබැයි... :D

    ReplyDelete
  38. ඔය කිව්වාට අතන ඉතුරු වුණු 1% තම මම ඉන්නේ. මමත් ඕක බලලා නැහැ නොවැ. තාම බලන්න හිතුණෙත් නැහැ

    ReplyDelete
  39. Prison Break මතක් වෙද්දි අයෙ බලන්න හිතෙනවා. tv සිරිස් නම් මත් පට්ට ගහනවා මොකද අපේ සිරිස් හැමදාම එකම තැන.

    ReplyDelete
  40. හ්ම්ම්ම්.... prision break එක හොඳයි season 1. මම season 2 බැලුව. වැඩක් නෑ අප්පා. ඔක්කොම හිරේ කඩාගෙන පනින සීන් නේ තියෙන්නේ. ඔන්න මම බලනවා 2 ඇන්ඩ් හාල්ෆ් මෙන්. Malcom in the middle එහෙම. season ඔක්කොම මම බලල තියනවා මේ දෙකේම. පට්ට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...