Pages

Sunday, April 24, 2011

ඉරිසියාව


එකින් එක
බිම වැටෙයි
ඇහැළ මල්
මවයි
සුන්දර දසුනක්
ආසයි ඇවිදින්න
ඇහැළ මල් බුමුතුරුණ මත
පියනගා හිමි හිමින්...

ඒත්..

ඉරිසියාකාර අහස
දොඹ සයිස් වැහි බිංදු
වැට්ටුවේ
ඇහැළ මල් පාපිස්ස උඩ

දැන් ඉතිං
චොර චොර මඩ එක්ක
මොන මල් බුමුතුරුණුද
ඊයා...

31 comments:

  1. මල් වලට නම් නැත..වැස්ස නම් මම කැමතිම.. :)

    ReplyDelete
  2. බුමුතුරුණු වුනත් ඇහැල මල් පියලි
    ගතියක් නෑ එය නම්, වියලි
    වැහි බිඳුවක් වැටුනම උඩ පියලී
    ගෙනේ ගතියක් හැරදා වියලී...


    සා මාරේ මරුනේ මඩ වෙලා නම්........ :D

    ReplyDelete
  3. වැස්සනම් අම්මෝ.....

    ReplyDelete
  4. අයියෝ මල් පාපිස්ස තෙමුනම තමා නියම...

    යටි පතුල් වලට සීතලට පෑගෙද්දී
    උඩින් මල් වල රැඳුන,
    පිනි බිංදු වැටෙද්දී....
    හිරිගඩු පිපෙන තරම හීතල හුලඟකුත්...
    ඇඟේ ගෑවී නොගෑවී හමාගෙන යද්දී...

    ම්... තව වෙන මොනාද ඉතිං... ඒ තමා මට නම් දිව්‍ය ලෝකය...

    ReplyDelete
  5. @ සාතන් - වැස්ස දිහා බලාගෙන ඉන්න නම් පුලුවන්. ඒත් අපෝ වැස්සෙ තෙමෙන්න නම් බෑ.

    ReplyDelete
  6. @ සෝරෝ - වැහි බින්දුවක් වැටුනට කමක් නෑ මල් පෙත්තකට. ඒත් මඩ වෙලා චොර වෙලා යන තරමට වැස්සම අප්පිරියයිනෙ.

    ReplyDelete
  7. @ MaRLaN - මටත් වැස්ස නම් අම්මෝ..

    ReplyDelete
  8. @ prasanna86k - හපෝ කොල්ලො ඔක්කොම එකයි.

    ReplyDelete
  9. අහවල් ඇසළ මල්ද? වහිනව නං හොඳට පොරෝගෙන බුදියගන්නවා මිසක්. හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  10. අප්පිරියාව පැත්තක තියලා මම නම් චොර චොර ගාලා යනවා මල් බුමුතුරුණ උඩ....
    ඒක වේලුන මල් පෙති උඩ ඇවිදිනවට වඩා සෝය්............

    ReplyDelete
  11. "ඇහැළ සඳේ සඳ දිය රැලි
    නුවර වැවේ තාවුල්ලට
    පෙනෙනවා ද අප්පච්චී
    දාගැබ් නැගෙනා අහසට..."

    ReplyDelete
  12. හයියෙන් වහිනව නම් ඔලුවෙ ඉදන් පොරවගන "අල්ප දයන්න" ගහල නිදියන්න තියෙන්නෙ :)

    ReplyDelete
  13. ඇහැල මල් පියල්ල හෝදා ගෙන යන්න
    වැසි වැස්සේ ඇයිද ඇහැල මල් පිස්සට
    අනේ ඒ සොදුරු මොහොත
    වැස්සෙන් නොහේදුනානම්...

    ReplyDelete
  14. මෙහෙත් රොබරෝසියා මල් වැටිලා ලස්සනට රෝසපාට පාපිස්සක් එලුවා වගේ තිබ්බා ඒත් මේ වැස්සක් හින්දා ඔක්කොම මඩ වෙලා. ගන්න දෙයක් තිබ්බේ නෑ.
    කවිය ලස්සනයි පිනිබිදු.

    ReplyDelete
  15. මලක ලස්සන හැමදාම තියාගන්න බැහැ ... මලක් වෙලා උපන්නොත්

    පිපෙන්න වෙයි .. සුවඳ බෙදන්න වෙයි....පර වෙන්න වෙයි...
    නටුවෙන් ගිලිහිලා බිමට පතබෑ වෙයි !

    ලස්සනම කවියක් පිණිබින්දු..

    ReplyDelete
  16. පාක් එකේ ඇහැල ගහක් යට වහිද්දි එකම කුඩේ යට එකට ගුලිවී ඉන්න කොට පුදුමයි මට වැස්ස කියලා නොහිතුනු හැටි.

    ReplyDelete
  17. @ Observer - අපෝ වහින වෙලාවට නම් පොරවගෙන නිදාගන්න එක තරම් සැපතක් තියෙද තවත්.

    ReplyDelete
  18. @ බීටා - ඊයා මට නම් බෑ.

    ReplyDelete
  19. @ ටී.බී. හේරත් - ලස්සන කවිය සහෝ.

    ReplyDelete
  20. @ නදී... - මගෙත් ෆේවරිට් වැඩේ ඕක තමා.

    ReplyDelete
  21. @ Dinesh - ඇහැළ මල් පියලි සුන්දරව ඉන්න එක දරාගන්න බැරි ඉරිසියාකාර අහස කරපු වැඩක් මේක.

    ReplyDelete
  22. @ මධුරංග - අපෙත් ඇහැළ මලුයි රොබරෝසියා මලුයි වරා මලුයි පුදුම තරම් ලස්සන මල් පාපිසි හදනවා. ඒත් දවල් වෙද්දි චොර චොර මඩ.

    ReplyDelete
  23. @ හිස් අහස - ඒක ඇත්ත. ඒක තමා සොබාදහමෙ නීතිය. ඒත් වැටිච්ච මලුත් චොර වෙන්න වහින්නෙ ඇයි ඉතින්.

    ReplyDelete
  24. @ rajith - හප්පේ එතකොට මොන වැහිද මතක් වෙන්නෙ. හික්ස්.

    ReplyDelete
  25. @ පිණිබිඳු,
    සමාවෙන්න මේක කවියක් නෙවේ, ගීතයක මුල් කොටසක්. මේක ගායනා කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ ශූරීන්, පද රචනය නදීකා විජේසිංහ.

    ReplyDelete
  26. වැහැල මඩ වෙලාද. එහෙනං නියමයි. ඇඟිලි කරු අස්සෙන් මසි චිරිස් ගාල පනින්න සෙරෙප්පු නැතුව ඇවිදින්න ඇහැකි.

    ReplyDelete
  27. @ nawammawatha - මේ කොල්ලොන්ට නම් පුදුම පිස්සුවක් තියෙන්නෙ මඩේ නටන්න.

    ReplyDelete
  28. ලස්සන පද පෙල . . . ඒත් ඔය වෙලාවට කෝටියක් වටිනව ගෙදරට වෙලා කට කපල දොයියන්න තියේ නං . . . .

    ReplyDelete
  29. ආපෝ මේ බ්ලොග් අවකාසේ ඉන්නේ මහම මහ කම්මැලියෝ වගයක් නේද පිනිබිදු?.මම නම් මුන් වගේ වැස්ස වෙලාවට බුදිගන්නෑ.ඒකත් අල්ලලා නයිට් ශිෆ්ට් එක අදිනවා දවල් වෙනකම්ම.

    ReplyDelete
  30. @ ඕනයා - ඒත් ඉතින් වැඩට යන අස්සෙ වැස්සට අහු උනොත් නම් ඉතින් සොරිම තමා.

    ReplyDelete
  31. @ rajith - ඒ කම්මැලියො ගොඩට නම් මාත් අයිතියි. කට කපල නිදාගන්න ආසයි වැස්ස වෙලාවට. ඒත් ගොඩගැහිච්ච වැඩ ටික කවුද කරල දෙන්නෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...