ගිය සිකුරාදා කැම්පස් එකේ 'දෙයියොත් දන්නෙ නෑ' වේදිකා නාට්‍යය වේදිකා ගත උනා. මටත් බලෙන් ඇඟේ ගහපු ටිකට් එකක පිහිටෙන් ඒක බලන්න අවස්ථාවක් හම්බ උනා.
නාට්‍යය ගැන කියන්න කලින් ඒක බලන්න කාපු කට්ට ගැනත් කියල ඉන්නම්. 6.30 ෂෝ එක බලන්න සෙට් උනේ මගේ බෝඩිමේ උන් දෙන්නා එක්ක. හවස් වෙද්දි හොඳටම වහින්න වගේ තිබ්බෙ. ඒත් ඉතින් දැන් ටිකටුත් ගත්තු එකේ වැස්සට බයේ බෝඩිමට යන්න හිතුනෙ නෑ.
හවස 6 විතර වෙද්දි නාට්‍යය පෙන්නන හෝල් එක ගාව එලියෙ ටිකක් දිග පෝලිමක් හැදිලා. ඉතින් අපිත් ගිහින් පෝලිමට එකතු උනා. දැන් නම් වහින්න ඔන්න මෙන්න. අපේ උන් කන් කෙඳිරි ගානවා අද වැස්සෙ නාන්න වෙයිද දන්නෙ නෑ කියලා.
ඒ අස්සෙ වැහි කළුවර කපාගෙන යන්න අකුණු ගහනවා. ඒකත් මහ සද්දෙන්. පෝලිමේ ඉන්න එකා දෙන්නා මාරු වෙලා යනවා. අපේ සෙට් එකේ එකියක් හොඳටම බයයි අකුණු වලට. මේකි ටිකක් උසයිත් එක්ක. අකුණු ගැහුවොත් උස උන්ටනෙ ඉස්සෙල්ලාම වදින්නෙ කියලා මේකි නැවීගෙන ඉන්නවා. මම කිව්වා නෑ බං හෙණ ගහනකොට මූණ බලලයි වදින්නෙ කියලා. ඒ පාර කුඩෙන් මූණ වහගෙන.
ඔහොම ටික වෙලාවක් අකුණු ගගහ ඉඳලා පටන් ගත්තෙ නැතෑ මොර සූරන වැස්සක්. පෝලිමේ අය කුඩ ඉහලගෙන ඉන්නතැන් වලටම වෙලා ඉන්නවා. එකෙක්වත් හෙලවෙන්නෙ නෑ. අපි ගියොත් අපිටත් හිටපු තැන් නැතිවෙන නිසා අපිත් එතනම හිටියා.
දෙපැත්තෙන් එන හිරිකඩ වලට අමතරව අනුන්ගෙ කුඩ වලින් බේරෙන වතුරෙනුත් හොඳටම තෙමිලා. ඒත් කමක් නෑ තව ටිකකින් ඇතුලට ගනියිනෙ කියලා කාගෙන හිටියා.
ඔහොම ඉන්නකොට තමා සංවිධායක මණ්ඩලේ කෙනෙක් කෑ ගගහ යනව ඇහුණෙ 200, 300, 500 ටිකට් එහා පැත්තෙ දොර ගාව තියන පෝලිමට එන්න කියලා. බොලේ බලපුවාම අපි අරන් තියෙන්නෙ 200 ටිකට්. ඒ මදිවට මේ පෝලිමේ ගහලත් තියෙනවා 50, 100 ටිකට් කියලා.
කාට කියන්නද මේ දුක ඉතින්. අපිත් මොක්කුද වගේ දුවගෙන ඇවිත් හිටගත්තා මිසක් මොකෙක්ගෙන් වත් ඇහුවෙත් නෑනෙ. ඒ මදිවට හොඳම වැඩේ තමයි 200 පෝලිම තියෙන්නෙ පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නැති තැනක. මෝඩකමට මක් කොරන්නද. හොඳට නාගත්තා.
නාට්‍යය ගැන නම් කියලා වැඩක් නෑ මල් හතයි. මේකෙ අධ්‍යක්ෂක සරත් කුලාංග මහත්මයා. තාත්වික සම්ප්‍රදායෙන් මිදුණු අලුත් නාට්‍යක්. මුල සිට අග දක්වාම ඉතාම රසවත් ප්‍රහසනයක් කියන්න පුලුවන්. පටන් ගන්නකල්ම අපේ උන්ගෙ ජාතික ගීය වාදනය වෙවී තිබුණත් (හූ කීම) පටන්ගත්තට පස්සෙ මීක් ශබ්දයක් වත් නෑ.
විජය නන්දසිරි මහත්මයා රඟපාන නාට්‍ය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද. ඔහු පමණක් නෙවෙයි මෙහි රඟ පෑ සරත් කුලාංග, තුෂාරි ගුණරත්න, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරාල වැනි රංගන ශිල්පීනුත් තමන්ගේ චරිත වලට උපරිම සාධාරණයක් කරලා තිබුණා.
මුළු නාට්‍යය පුරාවටම ඔබට සිනාවෙන් මිදෙන්නට නම් ඉඩක් නෑ. කාලෙකට කලින් බලපු "බල්ලොත් එක්ක බෑ" නාට්‍යත් ඔය වගේ තමයි.
මට නම් වේදිකා නාට්‍යයක් බලනවා තරම් ආශ්වාදයක් ටෙලි නාට්‍යයකින් ලැබෙන්නෙ නෑ. ඉතින් නාට්‍යය බැලුවට පස්සෙ බලන්න කලින් විඳපු දුක කොහෙන් ගියාද දන්නෙ නෑ.
ස්ත්‍රීත්වය ගැන කතා කරන මේ සොඳුරු වේදිකා නාට්‍යය ඉඩක් ලැබුණොත් ඔබත් බලන්න.