මේවා එළිපිට කතා කිරීම හොඳද මන්දා. අලුත් ෆ්‍රෙෂාලා කැම්පස් එන්න පටන් අරන්. ඉතින් නොදැනීම කැම්පස් ජීවිතේ මුල් කාලෙට හිත දිව්වා.
මුල් මාස තුන. ඒ කාලෙ නම් අඬ අඬ කැම්පස් ගියේ. ඒත් දැන් නම් මතක් කරද්දිත් හිනා යනවා. අපේ රැග් සීසන් එක. අමානුෂික වධ නෙමෙයි අපිට නම් ලැබුණෙ. සොඳුරු නවක වධ.
මම නවක වධය සාධාරණීකරණය කරන්න නෙමෙයි හදන්නෙ. ඒත් අපි අතරෙ මේ තරම් සහෝදර බැඳීමක් ඇති වෙන්න පදනම වැටුනෙ මේ කාලෙ කියන එක නම් ඇත්ත.
පළවෙනි දවසෙ කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුල් උනෙත් බයේ ගැහි ගැහී. යක්කු ටික වගේ මූණු හදාගෙන සින්නො තැන තැන. ඉනෝගරේෂන් එකට එක්කන් ගියෙත් පෝලිම් ගස්සවලා.
සජිත් නම් ඔය පෝලිමට යන්නත් කලින්ම කරපු වැඩක් නිසා මුළු රැග් සීසන් එක පුරාවටම සින්නන්ගෙන් කෑවා. එයා ආපු ගමන් සීනියර් අයියා කෙනෙක්ගෙ උරහිසට ගහලා "මචං අපි කොහෙටද යන්න ඕනෙ" කියලා අහලා.
ඒ වෙලාවෙ නම් යන්න ඕනෙ තැන පෙන්නලා. ඊළඟ දවසෙ ඉඳන් කවුද යකෝ මට මචං කිව්ව එකා කියල ඇදලා අරන් වදේ ගැහුවා.
අපේ මාමගෙ පුතෙක් සුපර් සීනියර් බැච් එකේ හිටියා. මම නම් රැග් උන තරමක් උනේ මූ හන්දා. පලවෙනි දවසෙත් හේතුවක් නැතුව එක එකා ඇවිත් බැනලා යනවා. බලද්දි මේකා තමා මේ එවන්නෙ.
මොනා උනත් කොච්චර බැන්නත් අඬන්නෙ නැතුව ඉන්න තාක් ෂේප්. ඇඬුවොත් නම් එතනින් පස්සෙ තත්වය සෝචනීයයි.
ඒ පලවෙනි දවස ගෙවිලා ගියා කියමුකො කොහොම හරි. ඊළඟ දවස එලි වෙන එකටත් මම නම් බයේ හිටියෙ.
ලෙක්චර් එකක් ඉවර වෙච්ච ගමන් සින්නො ටික පන්තියෙ පිරෙනවා. එක එක සින්නො අපිව එක එක්කෙනා ගාවට යවනවා බැනුම් අහගන්න. ඒත් කවුරුවත් කවුද උඹව එව්වෙ කියලා අහලා එවපු කෙනාගෙ නම කිව්වොත් ඉවරයි. පාවා දීම නතර කරන්නලු එහෙම කරේ.
ඉතින් කවුරු එව්වත් අපි කියන්න ඕනෙ මට හිතිලා ආවෙ අයියෙ කියලා. ඕක කිව්වා කියලා බේරෙන්නද. ආ උඹට මාර දේවල්නෙ හිතෙන්නෙ කියලා ඔන්න කන්න හදනවා.
මොන දෙයක් මොන පැත්තට කිව්වත් කණ පිරෙන්න අහගන්න පුලුවන්. ඉස්සර මාව ගෙන්නල අහනවා මෙහෙ කවුරු හරි නෑදෑවෙන කෙනෙක් ඉන්නවද කියලා. මම ඉතින් පැනපු ගමන් කියනවා ඔව් අහවල් අයියා අපේ මාමගෙ පුතා අපේ සුපර් සීනියර් කියලා. අපොයි වටකරගෙන බනිනවා එතකොට "තෝ කාගෙ පවර් එක අරගෙනද ඔය ඉන්නෙ. තොගෙ හෙන ලොකුකම නේද. තෝත් අනිත් උන් වගේම තමා" කියලා.
ඊළඟ දවසෙත් ඔය ප්‍රශ්නෙම අහනවා. හෙහ්. මම නම් කියයි ඔව් කියලා. ඇයි කලින් දවසෙ ඔව් කියල කෑවනෙ. මම කියනවා එහෙම නෑදෑ කෙනෙක් නෑ කියලා. එතකොට වෙඩි පුපුරනවා වගේ බනිනවා ඇයි උඹට ඒ අයියා උඹේ අයියා කියල කියන්න ලැජ්ජද කියලා. ඔන්න ඔහොමයි කොයි පැත්තට හැරුනත් අපි පලු යන්න බැනුම් අහන්නෙ.
මුල් කාලෙ සින්නො අපිව කැන්ටින් වලට යවන්නෙ නෑ. අනිත් ෆැකල්ටි වල අයගෙන් රැග් වෙන නිසාලු එහෙම කරන්නැත්තෙ. අපිට අවශ්‍ය කෑම පාර්සල් ගෙනත් දෙනවා. කොල්ලෙක් එක්ක තමා බත් එක බෙදා ගන්න ඕනෙ. එක බත් ඇටයක් වත් ඉතුරු කරන්න බෑ. කරපිංචා කොළේ ඉඳන් කන්න ඕනෙ.
බත් ඇටයක් හරි බිම වැටිලා තිබ්බොත් බඩුම තමා. මට තාම මතකයි අපේ කොල්ලො බිම තියෙන බත් ඇට සාක්කුවෙ දාගන්නවා සින්නො දකින්න කලින්.
තව කෙනෙක්ට රැග් කරද්දි බලාගෙන ඉඳලා හිනා ගියොත් නම් ඒ උගේ අවසානය තමා. ඔන්න ගෙන්නනවා රොත්ත පිටින්ම.
ඉස්සෙල්ලම හිනා ගියොත් අපි හිනාව කපාගන්න ඕනෙ. ඒක කරන්නෙ හිනා වෙලා ඉද්දිම ඇඟිලි කතුරක් වගේ කරගෙන හිනාව කපන්න ඕනෙ. ඔහොම ඉද්දි ආයෙත් හිනා ගියොත් හිනාව ගලවලා අතට අරගෙන මිටියකින් ගහන්න ඕනෙ. ආයෙත් හිනා ගියොත් කට වටේට ඉදිකටුවකින් මහනවා පෙන්නන්න ඕනෙ.
ඕවා කරලත් හරි ගියේ නැතුව ආයෙත් හිනා යනවා නම් සින්නො එක එක්කෙනා ගාවට ගිහින් කියන්න ඕනෙ අයියෙ මට හිනා යනවා ඒකට මොකද කරන්න ඕනෙ කියලා. ඔය අන්තිම ට්‍රීට්මන්ට් එකෙන් පස්සෙ නම් හිනාව නිට්ටාවටම සුව වෙනවා. මොකද ඕක අහන අහන පාරට සින්නොන්ගෙන් හොඳ පද වලින්ම අහගන්න පුලුවන් නිසා.
ඒ කාලෙ වෙච්ච වැඩ නම් කෝටියක් ඇති. එක පෝස්ට් එකකින් ඉවර කරන්න බැරි වෙයි වගේ. ඉතුරු කතා ටික ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්.
මොනා උනත් මට නම් පස්සෙ තමා තේරුනේ සීනියර් බැච් එකේ අය ඒ කරපු හුඟක් දේවල් තේරුමක් ඇතුව කරපු දේවල් කියලා. ඒක හොඳටම තේරුණේ අපේ පොඩි බැච් එක ආපු දවසෙ.

හැබැයි රැග් එක මුවාවෙන් දෙන අමානුෂික වධත් තියෙනවා. පිරිමි ළමයි පවා ඒවා නිසා මානසිකව වැටිච්ච හැටි අහලා තියෙනවා. අපේ කැම්පස් එකේ නම් මම දන්න තරමට එහෙම කරේ නෑ. ඒවා අනුමත කරන්නත් බෑ.
හි හි ඔව්වා දකිනකොට කැම්පස් යන්න ආස හිතෙනවා අක්කා
ReplyDeleteඅපේ එකවුන්ට්ස් සර් කිව්වා එයාලා කැම්පස් ගිය දවසෙ දුන්න රැග් එක තොරණක් හදන්නලු කොල්ලොන්ගෙ පිට උඩ එක එක්කෙනා නැගලා අත් වලිනුයි කටිනුයි ඇස් වලිනුයි තොරණෙ බල්බ් පත්තු වෙනවා වගේ ඇක්ට් කරන්න ඕනිලු
අපෝ ඕව මොනවද මටනම් මෙතන කියන්න බැහැ :D
ReplyDeleteමේක හොදයි, හැබැයි සමහර වෙලාවට මේ අත්දැකීම් තෙරුම් ගන්න පුලුවන් කැම්පස් ගිය අයටම විතරයි හුගක් වෙලාවට අනිත් අය රැග් එක දකින්නෙ සින්නො ආතල් ගන්න කරන දෙයක් විදිහට. ඒත් ඒක කාපු කරපු අයට තමයි ඒකෙ අවශ්‍යතාවය තේරෙන්නෙ....
ReplyDeleteමම කාපු රැග් මතක් වෙලා තනියම හිනත් ගියා...ආපු පළවෙනි දවසෙම කාඩ් එකකුත් ගැහුවා...ඒවා ප්‍රසිද්දියේ කියන්න පුළුවන් කාඩ් නම් නෙමේ.....අපේ කැම්පස් එකේ සින්න අයියලා තෙල බෙදන්න කට ඇරගෙන බලාගෙන ඉන්නේ..... බොරු කියන්නෙ මොකටද මම නම් කාවවත් රැග් කරලා නෑ...
ReplyDeleteමේ ක ලියවලා බලන්නකො...මේ මගේ කැම්පස් ජීවිතේ පළවෙනි දවස
http://atheethayen.blogspot.com/2010/04/14.html
වෙලාවට කැම්පස් නොගියෙ... ගියා නම් හොඳ පද අහගන්න වෙනව හිනාව නවත්තගන්න බැරි වෙලා... කට මහලවත් නවත්තන්න බෑ.. ඒ හින්ද අපේ උන් මාව බයිට් කරන්න හිතන්නෙවත් නෑ :)
ReplyDeleteඔයාගේ කතාවට එකඟයි අක්කේ. ඒ වෙලාවට මරනවා වගේ වුණාට පස්සේ මතක් කරද්දී ෆන් තමා.
ReplyDeleteමටත් රැග් සීසන් එක කාලේ උදේට කෑම ටික කද්දී අද මොනවා වෙයිද කියලා මතක් වෙනවා. එතකොට ඉදින් කෑම ටික කාගන්නත් බැහැ. පස්සේ බස් එකෙන් බැහැලා කන්ද නගිද්දී තමා පපුව නිකම් මෝලක් වගේ ගිඩි ගිඩි ගිඩි ගාන්න ගන්නේ :))
හුඟාක් ඒවා ඉතින් ෆන් එකට තමා. දවසක් සින්නෝ රොකට් එකක් හදලා සීමාවක් පෙන්නලා ඒකෙන් එහාට යවන්න කියලා මම හෙණම කට්ටක් කෑවා ඒක යවාගන්න...........
කොහොම නමුත් මම නම් කාවවත් රැග් කරන්න ගිහින් නැහැ. ඒකත් කියන්න එපැයි. අපේ සෙට් එකේ කවුරුත් ගියේ නැහැ. අපි ඒකට කිව්වේ ජෑම් ගහ යට සම්මුතිය කියලා.
මොකද අපි කාලේ ඉදන්ම සෙට් වෙන ජෑම් ගහක් තියෙනවා. ඒකේ යට තමා අපි හුඟාක් වෙලා ඉන්නේ. ඉතින් අපේ ජෑම් ගහ යට සංගමෙන් තමා ඒ සම්මුතිය සකස් කළේ :))
මචං අපි කොහෙටද යන්න ඕනෙ?
ReplyDelete//හික් හික් මුලින්ම ඉල්ලන් කාලානේ අය්යො.
අපිට රෑග් තිබ්බෙ නෑනේ :/
ReplyDeleteපිණි අක්කියො එතකොට මොකද්ද ඔයාගෙ කාඩ් එක? :))
ReplyDeleteඒ අතින් අපේ රැග් එකත් මරු. දකින දකින සින්නට "සුබ උදෑසනක් ජේෂ්ඨ තුමා, මේ කුණු ප්‍රෙෂාටත් එසේම වේවා !!!" කියලා සුබ පතන්න ඕනේ.
ReplyDeleteඒ වගේම තමා ස්විස්ටර්ලන්තය, ෆ්‍රිජ් එක, ප්ලග් එක වගේ ගොඩක් ඒවා තාම මතක් කරලා හිනා වෙන්න පුලුවන්.
මට මතකයි මම් එක දවසක් හවසක ගඟ අයිවේ වවුල්ලු හිටන් ගනන් කලා. අම්මෝ සූ ගාලා වුවුල්ලු පියෑබුවා.
ඇයි අක්කේ එතකොට බකට් එක? ඒ තරම් ෆන් දවසක් තවත් තියෙද.. මං නම් මට බැනපු සින්නො ටික හොඳට නෑව්වා...
ReplyDeleteඒ කාලේ බලෙන් කට්ටියගේ විස්තර කතා කෙරෙව්වෙ නැත්නම් අපි කීයටවත් හැමෝම අදුර ගන්නේ නෑ. ඒ කාලේ මතකය තරම් ලස්සන මතකයක් කැම්පස් ජීවිතේ තවත් නෑ...
මෙයත් රැග් එක දෙන්න දක්ෂයි වගේ....
ReplyDeleteරැග කලාට කමක් නෑ අමානුෂික නොවෙන... අපේ අක්ක කෙනෙක් සබරගමුව සරසවියෙන් අයින් උනා 2007 වගේ.. හේතුව අමානුෂික නවක වධය... කාටද අප්පා පිනි බාන සීතලේ එළියේ දන ගහන ඉන්න පුළුවන් .. අනික මෙකි ට පපුවේ මහන්සියත් තියෙනවා..
ReplyDeleteජය..
බයයිදත් මංදා...............
ReplyDeleteඇත්තම කිව්වොත් රැග් වෙන එවුන්ට වඩා කට්ටක් කන්නේ රැග් කරන එවුන්. බැරි වෙලාවත් කාට හරි මට්ටු වුනොත් ඉතින් සොරිම තමා. බොහෝ වෙලාවට රැග් සීසන් එකේදී ඔය සින්නෝ නිදාගනිද්දී පාන්දර 2-3-4 වගේ වෙනවා.වෙල්කම් දෙන්ට එහෙම සල්ලි හොයන්නට ඕන. ගොඩක් වෙලාවට ජූනියර් බැච් එකේ වුන් හරියට හැසිරුනේ නැත්තම් සර්ල එහෙම එව කියන්නෙත් සින්නන්ටම තමයි.
ReplyDeleteහ්ම් මමත් සොඳුරු අතීතෙට ගියා ඉබේටම...ඔයිට අවුරුදු 2 කට කලින්නම් ඔච්චරවත් බැනුම් අහන්න උනේ නෑ අපිට..මම දවසක් වැරදිලා ඉංග්‍රීසි වචනයක් කියලා ඒ වචනේ අකුරු ගිලලා පෙන්නන්න කිව්වා...අනේ මම බටර් හිනාවක් දාලා ෂේප් උනා :D
ReplyDeleteහැබැයි කොල්ලොන්ගේ තත්වේ නම් ගොඩක් වෙනස්...එයාලට රැග් දීල තිබුනේ රෑට බෝඩින් වලදී..ඒවා නම් අනුමත කරන්න අමාරුයි..
රැග් එකේ හොද නරක දෙකම තියෙනවා නේද?
ReplyDeleteඅමානුශිකව නැතිව ටිකක් විතර රැග් තියෙන එක හොදයි කියලයි මටත් හිතෙන්නේ. එතකොට තමයි බැචාලා අතරයි සින්නෝ එක්කයි සහයෝගය වැඩිවෙන්නේ. කැම්පස් ජීවිතේ කට්ට කාගෙන ඉන්න හුරු වෙන්නේ.
එහෙනම් අක්කත් අළුත් අයව රැග් කරන්න වගේ බලාගෙන ඉන්නේ???
ReplyDeleteනේ ඉතින් මම කැම්පස් ගියේ නැත්තේ පූරුවේ කල කරුමයකට කියලා හිතෙනවා අප්පා .. ඇත්තටම එහම තමයි . ඒත් මේක දැක්කාම මටත් කැම්පස් එන්නෙ හිතයි ..
ReplyDeleteමෙහෙම කලොත් !
මම ඔන්න කැම්පස් යනවා වාගේ ලෑස්ති වෙලා අලුත් ළමයි එක්ක මුසු වෙලා ගේට්ටුවෙන් ඇතුලට එනවා . සින්නෝ මාව අල්ලගන්නවා .මමත් රැග කාලා කියනවා මම මේ කැම්පස් කෙනෙක් නෙවේ මම නිකං ආවා මගේ මිතුරෙක් හමු වෙන්න කියලා එහෙම කීවොත් මොනා කරයිද ?
අලේ අලේ......අපිත් යනවා.තව දවස් තුනා...යි....
ReplyDeleteස්තූතියි අක්කේ විස්තර වලට.මං යන්න කලින් ඉතුරු ටිකත් දාන්නකෝ..ප්ලීස්.....!!
සඳරුවටත් හිතෙන දේවල්. මටත් ලංකාවේ කැම්පස් ජීවිතේ අකැපයි. ඒත් ඉස්සර කැම්පස් හිටපු උන් එක්ක ගිහින් ආතල් අරන් තිබේ. අර සඳරුට හිතුණා වගේ උන් එක්ක ඉන්නකොට මටත් ආස හිතුණ වාර අනන්තයි. ඒ මොනවා වුනත් නොලැබුන දේවල් ගැන මගේ දුකක් නෑ. ඊළඟ කෑල්ලත් දාමුකෝ පිණිබිඳු ඉක්මණට.... කියනවනේ හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියලා.
ReplyDelete@ ශානු - ඔය තොරණ ගැන නම් මාත් අහල තියෙනවා. අපිට නම් තොරන් හදන්න උනේ නෑ. ඇයි මනෝ පුටුව.
ReplyDelete@ ..ChAnDiKa..- ඇත්තටම පිරිමි ළමයින්ට නම් සමහරුන්ට බෝඩින් වල රැග් කරනවා කියලා මම අහල තියෙනවා. මම දන්න තරමින් නම් අපේ එහෙම කරේ නෑ.
ReplyDelete@ zeeker - රැග් එකට ලක් වෙනකොට නම් මටත් හිතුනෙ මුන් ආතල් එකට කරන්නෙ කියල . ඒත් ඒ කරපු දේවල් වල තේරුමක් තියෙනවා. අපිත් සින්නො උනාමයි ඒවා තේරෙන්නෙ.
ReplyDelete@ දිල් - අපෝ මගෙ කාඩ් එකෙත් එක කෑල්ලයි ප්‍රසිද්දියෙ කියන්න පුලුවන්. හපෝ මුන් අපිට කරපු අපරාධයක්. නම් දාන එකත් හරිම ජොලි වැඩේ. ඊළඟ පෝස්ට් එකෙන් ඒකත් කියන්නම්කො.
ReplyDelete@ සාතන් - ඔය හිනාව නවත්තපු එකත් තේරුමක් ඇතුව කරපු දෙයක්. අපිට සෑහෙන්න ප්‍රසන්ටේෂන් තියෙනවා පන්තිය ඉස්සරහ කරන්න. හැමෝටම එක වගේ කඩ්ඩ බෑනෙ. ඒත් අපි කවදාවත් එකෙක්ට වැරදුනාට හිනා උනේ නෑ. ඒක අපිට මුල ඉඳන්ම ඔලුවට කවලයි තිබ්බෙ.
ReplyDelete@ Hasitha - අපි ගෑණු ළමයි නම් කොහොමත් ජුන්නොන්ට බනින්න ගියෙ නෑ. ඒක කැතයි. ඔය රොකට් සිද්දිය නම් මරු.
ReplyDelete@ නදී - කියලා වැඩක් නෑ නදී. එයා නම් රැග් සීසන් එක ඉවර වෙනකල් සුපර් සින්නොන්ගෙන් ඉඳන් කෑවා.
ReplyDelete@ නදී - ඔයාලට රැග් නොතිබුණේ මම දන්න විදිහට ඔයාලා තමා එහෙ පලවෙනි බැච් එක නේද. ඒකත් අපරාදෙ. අපෝ මගෙ කාඩ් එක නම් ප්‍රසිද්දියෙ කියන්න බැරුවා. අනිත් එක මගෙ නමටත් වඩා අපෙ උන් කාඩ් එක තමා දන්නෙ.
ReplyDelete@ මධුරංග - ඔයාලගෙ ස්විට්සර්ලන්තෙ ගැන නම් මම අහල තියෙනවා. ඒ කාලෙ අමාරුවෙන් ගත කරාට පස්සෙ කාලෙක මතක් කරල හිනාවෙන්න හරි තියෙන්නෙ ඔච්චරයි.
ReplyDelete@ මන්තරකාරි - බකට් එක ගැන නම් කතා කරල වැඩක් නෑ. මට නම් ඊළඟ දවසෙ උණත් හැදුණා හෙම්බිරිසාව වැඩි වෙලා. එදාට ඇති වෙනකල් හිතේ තරහ පිරිමහ ගන්න පුලුවන්.
ReplyDelete@ සීතල අයියා - අපෝ නෑ මම නම් රැග් කරේ නෑ.
ReplyDelete@ Gayan Rupasinghe - අනිවාර්යයෙන්ම රැග් එක අමානුශික නොවෙන්න ඕනෙ. ඔහොම කෝස් එක දාලා ගියපු සිද්දි මාත් සෑහෙන්න අහල තියෙනවා.
ReplyDelete@ හා පැටික්කි (MS) - අයියෝ බය වෙන්න එපා. ඒ ටික කාලෙ කට්ට කොහොම හරි කෑවොත් අවුලක් නෑ.
ReplyDeleteකැම්පස් වල විතරක් නෙමෙයි ස්කෝලේ ඒ.එල් පංති, එතකොට ටෙක්නිකල් වගේ තැන්වලත් රැග් තියෙනවා. සමහර ඒවා හරිම අමානුෂිකයි. හිරිකිතයි. මට නම් මරන්න කේන්ති ගියා.
ReplyDeleteමම් ගිය එක උසස් අධ්‍යාපන ආයතනෙකත් ඔය සොඳුරු නවක වදේ තිබ්බා. ඒකේ සීනියර් අයියලා දවසක් අපේ කෙල්ලෙකුට කියලා අද ඉඳන් තමුසෙගෙ නමමෙන්න මේකයි ,කවුරු ඇහුවත් ඒ නම කියන්න ඔනෙ කියලා තවත් සීනියර් කෙනෙක් ළඟට යවලා. අනේ ඉතින් නම අහන අහන එකාගෙන් බැනුම් අහන්න තමයි අපේ එකීට උනෙ. ඒ මදිවට ඒ ළඟ ඉඳන් හිනා නොවී ඉන්න එක තමා අපිට ලැබිච්චි රැග් එක. දන්නවද දාපු නම.
ReplyDeleteඒ තමයි " තොට මොකටද? "
අයියලා ඇවිත් උඹේ නම මොකක්ද අහන්වා. අපේ එකී කියනවා මගේ නම තොට මොකටද කියලා, ඉතුරු ටික ඉතින් හිතා ගන්නකෝ
රැග් එක ප්‍රති රැග් කරවන්න පුළුවන්නම් අන්න වැඩ්ඩො! ඒ කියන්නෙ තමන්ට බැරි බව පෙන්නල සින්නො අන්දල උන් ලව්ව වැඩේ ප්‍රැක්ටිකල් එකක් කරගත්තනම් ඉතින් එච්චරම තමයි!
ReplyDeleteමටත් ලියන්න රැග් කතා ගොඩක් තියෙනවා. ඒත් තවම ඒකට කාලෙ නෙවෙයි. මේ පෝස්ට් එක කියවලා මාවත් අවුරුදු 4ක් අතීතෙට ගියා
ReplyDeleteඅපිට නෑනේ අක්කේ ඔය ප්‍රශ්න....
ReplyDeleteහික් හික් . . . . . කොමෙන්ට් නෙමෙයි මෙවුවට දාන්න වෙන්නෙ . . . පෝස්ට්
ReplyDeleteකැම්පස් යන්නත් ආසයි.........
ReplyDeleteඇත්තටම නංගිගෙ ලිපිය සුන්දර අතීතයට අපිව ගෙනිච්චා. එයට බොහොම ස්තූතියි.
ReplyDeleteනමුත් මේ වැඩපිලිවෙල රැග් එකක් කියල කියන්න පුලුවන්ද කියන එකත් පොඩි ගැටලුවක්. මොකද මට තේරෙන හැටියට නම් මේ වැඩපිලිවෙලින් ගොඩක් ප්‍රයෝජන අපි හැමෝටම ගන්න පුලුවන් උනා. නමුත් ඔබේ ලිපියේ තව කොටසක් අඩුයි කියල මට හිතෙනව.. ඒ තමයි සරසවියේ ඉතිහාසය ගැන, අපේ අය්යල - අක්කලාගේ ජයග්‍රහන ගැන, සරසවියේ රීතීන් - සම්ප්‍රදායන් ගැන අපිට ලැබෙන දැනුවත් කිරීම්. ඒ වගේම කිසිදු දේශපාලන තෙලක් මෙහිදී නොලැබෙන වගත්, ...
මෙන්න පිනිබිඳු ගැන පොඩි මඩකුත්:
ඒ වගේම අපේ පිණිබිඳු මුල්ම කාලෙ එක දවසක් ජේෂ්ඨ උත්තමයෙක්ගෙන් අහපි, "අය්යේ අය්යේ... කවුද ඔයාලගේ බැජ් එකේ "XXX" කියන්නේ කියල.." (XXX කියන්නේ බැජ් දෙකක් ඉහල බැජ් එකක ළමයෙක්ගේ විහිලුවට පාවිච්චි කරන නමක් .) ඔන්න ඉතින් මේක අහද්දි එතන XXX අය්යත් සීන් එක අහන් ඉන්නවලු... :) වෙලාවට අර XXX ඔය සීන් එක වැඩිය ගනන් අරන් නෑ... ගනන් ගත්තනම් එහෙම කොහොමද? "මචං අපි කොහෙටද යන්න ඕනෙ?" කියල අහපු එක කැලේ... :)
හ්ම්ම්.... සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් නිසා මට ලංකාවේ කැම්පස් අහිමි.. එත් රැග් එකක්නම් සෙට් උනා.. අපිත් දුන්න ලෙසටම..
ReplyDeleteමම නම් ඒ කාලේ හොඳට රස වින්දා . මගේ සරීර කුඩුව ටිකක් ලොකු හින්දා මට වැඩියෙන් ලැබුනා.. එක දවසක් දුවලා ගිහින් ප්‍රදාන ගේට්ටුවෙන් උඩට නැගලා පැනලා ගියා. පහුවදා එකටත් එක්ක ලැබුනා. නියම කාලේ..
ReplyDeleteඅපිටත් රැග් කියලා දෙයක් නෑ. ඒත් සරසවි ඉතිහාසය, රීතින්, උප සංස්කෘතිය වගේ දේවල් ගොඩක් අපි ට කියලා දුන්නා. අපි ව ළඟ ට ගෙන්වලා විස්තර කතා කරේ ඊට පස්සේ. එහෙම කතා කරද්දී ඔය විදිහ ට බැණුම් අහන්න වුණු අවස්ථා තිබුණා. කොයි පැත්ත ට කතා කරත් බ්යිට් වුණ එක තමයි වුණේ. ඒ ගැන මතක් වෙද්දී නම් දැන් හිනාත් යනවා......
ReplyDeleteමන් නම් රස්සාවක් කරන ගමන් විවුර්ත විශ්ව විද්‍යාලේ ගියේ . නිවාඩු ටික ඉවර වෙන ඒක තමයිමගේ රැග් එක. පුර්ණ කාලීනව ගිය කට්ටියට නම් ඔය අත්දැකීම තිබ්බා . හැබැයි අනික් එව්වා තරම්ම නැහැ . අපේ බනිලගේ තාත්ත නම් හොඳට ඔව්ව අත් විඳපු කෙනෙක් .
ReplyDeleteපොඩ්ඩක් රැග් එක තියෙන එක කමක් නැහැනේද . අමානුෂික නොවී
@ Anonymous - ඔයා කියල තියෙන කතාව නම් සීයට සීයක් ඇත්ත. සින්නො මේවා කරන්න දුක් විඳින තරම් තේරෙන්නෙ සින්නෙක් උනාමම තමා.
ReplyDelete@ Sayuri - අපෙත් ඉංග්‍රීසි වචනයක් කියවුනොත් අකුරු දෙකට කඩල කන්න ඕනෙ.
ReplyDelete@ සුදු මැණිකේ(මැණික්) - අනිවාර්යයෙන්ම රැග් එක අමානුෂික නොවෙන්න ඕනෙ. නැත්තන් කැම්පස් ජීවිතයම කලකිරෙන්න උනත් පුලුවන්.
ReplyDelete@ Dinesh - අපෝ නෑ. අපි ඕවට නෑනෙ.
ReplyDelete@ හිස් අහස - හි හී එහෙනම් ඉතින් සින්නො තමා රැග් වෙන්නෙ.
ReplyDelete@ පිසාචයා - සුභපැතුම් මලේ. මම උපරිම උත්සාහ කරන්නම්කො. මේ දවස් වල සෑහෙන්න වැඩ.
ReplyDelete@ ගොඩයා - ඉක්මනට අනිත් කොටසත් දාන්නම්කෝ..
ReplyDelete@ malmi - නෑ මල්මි මම කතාකරන්නෙ ඔය අමානුෂික දේ ගැන නෙමෙයි.
ReplyDelete@ හරී - පිණිපළස - ඒක නම් මරු නම. ඔය නම් මොනාද අපිට දාපු නම් එක්ක හයියෝ.
ReplyDeleteඅනේ මන්දා වැඩි හරියක්ම මානසික රෝගීන්ගේ වැඩක්... මංනං කියන්නේ ඔය රැග් එක නම් දුරින් දුරු කල යුතු දෙයක්... කට්ටියකට මේක ලස්සනට පේනවා උනත් ඔය හරහා එකම එක්කෙනෙක්ගේ හරි ජීවිතේ අඳුරු වෙනවනම්..උනානම්..මොකටද ඕක..? අනික ඔය කියන සමානාත්මතාවය ඇති වෙනවද රැග් එක හරහා..? එහෙමනං අද ඉහල තැන්වල ඉන්න කී දෙනෙක්නම් තමන් ගාවට එන පොඩි මිනිස්සුන්ගේ දුක ගැන තේරුම් ගන්න ඕනද දැනට වඩා.. ඒත් කොහේද එහෙම දෙයක්..?
ReplyDeleteහිනාව කපන අපේ ක්‍රමයනං ඔයිට වෙනස් නගේ...
ඔය රැග් නැතුව උනත් සම්බන්ධකං අැතිවෙයි! එ්ව අැතිවීමත් රැග් කෑමත් කියන්නෙ එකිනෙකින් ස්වායත්ත සිදුවීම්! (මම දකින විදියට)
ReplyDelete@ ඉන්දික උපශාන්ත - එහෙම කරන ජුන්නොත් නැතුව නෙමෙයි.
ReplyDelete@ BLOG ගඩොල් - එහෙනම් බලමුකො පූසා රැග් වූ හැටි.
ReplyDelete@ prasanna86k - ඒක නම් අපරාදෙ අප්පා.
ReplyDelete@ ඕනයා - එහෙනම් පෝස්ට් එකක්ම දාන්නකො අයියෙ.
ReplyDelete@ තරිඳු - යන්න හැකියාවක් තියෙනවා නම් නොගිහින් ඉන්න එපා. ඒ අත්දැකීමම වටිනවා.
ReplyDelete@ නදුන් උයන - ඔව් අයියෙ අපිට ලැබ් එකක් පාවිච්චි කරන හැටි පුස්තකාලෙ හැසිරෙන හැටි හැමදේම කැම්පස් එකේ ඉතිහාසෙ ඉඳන්ම කියල දුන්නා. ඒවා නවකයෙකුට සෑහෙන්න වටිනවා.
ReplyDeleteවජිර අයියේ.......... මාව කෑවනෙ ඉතින්. හයියෝ මම පාවලා දෙන්නෙ නෑ. මට හිතුනු හන්දා තමා ඕක ගිහින් හැහුවෙ. හික්ස්.
@ ක්සැන්ඩර් | Xander - ඒ අධ්‍යාපන ක්‍රමය ගැන නම් කියල වැඩක් නෑ ඉතින්.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - ඔය කාලෙ මොනම දෙයක් වත් කරොත් සින්නොන්ට ආරන්චි නොවී තියෙන්නෙ නෑ.
ReplyDelete@ මහි - පස්සෙ කාලෙක මතක් කරල හිනා වෙන්නවත් තියෙන්නෙ ඔය කාලෙ තමා.
ReplyDelete@ Bindi - අමානුෂික නොවී එහෙම කරාට මම නම් වරදක් දකින්නෙ නෑ.
ReplyDeleteමට නම් ඕක දෙපාරක් කන්න වුනා.....
ReplyDeleteකන්න වුනා කිව්වට ඉතින් දෙපාරම හරියට කෑවෙ නෑ....
පලවෙනි පාර ඉතින් සීනියර් ඇත්තොන්ගෙ ඇහැට වැලි ගහලා පැන ගන්න පුලුවන් වුනා...
දෙවෙනි පාර ඉතින් ඉල්ලන් කෑවත් ඒකෙම තමයි නියම ෆන් එකක් තිබුනෙ...
ඒ කාලෙදි ඕක මහ වදයක් විදිහට දැක්කත් ඔහොම එකක් තියෙන එක තමයි හොඳ..නැත්නම් එක එක කට්ටිය ගැටි ගහලා එක විකාරයක් වෙනවා...
කොහොම වුනත් තේරුමක් නැති අමානුශික රැග් නම් මම අනුමත කරන්නෙ නෑ...
ප.ලි.: නම කියන්නද? :D
අනේ අපිට නෑ නෙ ඔය කරදර. හික් !
ReplyDeleteරැග තියෙන එක හොඳයි, නමුත් කවුරු කවුරුත් ඒකෙ සීමාව පැහැදිළිව අවබෝධකරගන්න ඕනෙ.
ReplyDeleteඅපේ නම් රැග් නෑ නෙ. ඒත් ඉතිං පොඩි පොඩි ඉටිකිරිස් වැඩ නොතිබුනත් නෙවෙයි.ඒවා නම් ගනන් ගන්න තරම් ඒවා නෙවෙයි...අලේ ආයෙත් කැම්පස් යන්න හිතෙනවෝ.......:((
ReplyDeleteපිනිබිඳුගේ කැම්පස් එක නරකම නැහැ වගේ
ReplyDeleteපිනිබිඳුගේ කැම්පස් එක නරකම නැහැ වගේ
ReplyDeleteහිකිස්.. අපිටත් ඔය වගේ දේවල් නම් ගොඩක් තිබුනා, අපි හිනාව කැපුවේ නෑ අපි හිනා වුනොත් ඇඟිලි කටේ ගහන්න දෙනවා, හිනාවේ බරපතල කම වැඩි වෙන්න වෙන්න කටේ ගහන්න දෙන ඇඟිලි ගාන වැඩියි.. සමහර දවසට මම නම් ඇඟිලි 10ම කටේ ගහගෙනත් ඉඳලා තියෙනවා.. :D
ReplyDeleteමල කෙලියයි, හිනාව එහෙනම් දැම්ම ඉදන්ම කපන්න පුරුදු වෙන්න වෙයි වගේ!!!!
ReplyDeletenice one missed my past...gud artical,cheerz..
ReplyDeletenice one missed my past...gud artical,cheerz..
ReplyDelete