Pages

Sunday, April 22, 2012

සයිබර් අවුරුදු උත්සවය


මාස ගාණක් තිස්සෙ හැමෝම බලාගෙන හිටපු සයිබරයේ ලොකුම ඉවෙන්ට් එක කියල කියන්න පුලුවන් සයිබර් අවුරුදු උත්සවය අප්‍රේල් 22 පැවැත්වුණා. ඉතින් මමත් සජිත් එක්ක කොහොමහරි ඒකට සහභාගී වුණා.

එද්දිම පරක්කු වෙච්ච නිසා උදේ තිබ්බ තරඟ ගොඩකට එන්න බැරි උනා. ඒත් සෑහෙන්න කට්ටියව අඳුර ගත්තා. කතා බහ කරා. ඇත්තටම සතුටුයි. මම හැමදාම කියනවා වගේ අකුරු වලින් විතරක් අදහස් වලින් විතරක් දැන අඳුර ගත්තු යාලුවො ටිකක් ඇත්තටම දකිනවා කියන්නෙ හරිම අපූරු අත්දැකීමක්. ඒ අත්දැකීම උපරිමයෙන් ලබන්න අපි වාසනාවන්ත උනා. 

අවුරුදු ක්‍රීඩා ගැන කියනවා නම්, මුලින්ම බැලුම් පුපුරවන්න සහභාගී වුණත් මම දුවගෙන යනකොට ඉතුරු එවුන් ටික බැලුම් අරගෙන මට එක බැලුමක්වත් මුං ඉතුරු කරලා නෑනෙ. ඒ හින්දයි ඒක දිනන්න බැරි උනේ. 

ඒ උනත් අපි කඹ ඇදලා නම් දිනුවනේ. මම නම් කරපු දෙයක් නෑ.යන්තම් කඹේ එල්ලිලා හිටපු එක විතරයි. අපේ හිටපු කොල්ලො ටික නිසා ඒ ඉවෙන්ට් එක දිනා ගත්තා. වෙන අවුරුදු උත්සව වලත් මාව වැටෙන්නෙ කඹ ඇදීමේ තරඟෙට තමයි. ඒත් මගෙ ජීවිතේ පළවෙනි වතාවට මම හිටපු කණ්ඩායමක් ඔය තරඟෙන් දින්නමයි. 

තොප්පි දාන තරඟෙත් ඉතා අසාධාරණ ලෙස මගෙ ඔලුවට තොප්පිය වැටෙද්දිම සිංදුව නවත්තපු නිසා මාව තරඟෙන් අයින් උනා. මොනදේ උනත් මේ හැම දේකින්ම ලබපු සතුට නම් අනන්තයි.

හමුවෙලා කතා කරපු අය දැන හඳුන ගත්තු අය අනන්තයි. ඒ හමුවීම් වචන දෙක තුනකට සීමා වුණත් අපි හැමදෙනා අතරෙම පොදු සහෝදර බැඳීමක් තිබුණා. මේ අවුරුදු උත්සවය සංවිධානය කළ සංවිධායක මණ්ඩලයට ඇත්තටම ස්තූතිය පුද කළ යුතුමයි. ඉතින් එහෙනම් ආයෙමත් මේ වගේ අවස්ථාවකින් ආයෙ මුණ ගැහෙමු.

68 comments:

  1. අනිවා..අද නම් පට්ටම ෆන් දවසක්..ආයෙත් මේ වගේ පුළුවන් දවසක හම්බුවෙමු !!

    ReplyDelete
  2. ඇත්තටම හරිම සතුටින් ගෙවෙන්න ඇති .

    ReplyDelete
    Replies
    1. අක්කලාටත් එන්න තිබ්බා නම් මරු

      Delete
  3. // මගෙ ජීවිතේ පළවෙනි වතාවට මම හිටපු කණ්ඩායමක් ඔය තරඟෙන් දින්නමයි.// මොනවා වුනාත් ඇත්ත කියල තියෙනවා. අලියට ඇහැ තියන්න හිටපු තරඟ කරුවෝ ඔයාගේ පස්සෙන් ආවලු නේ ඇහැ තියන්න.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ අපිට ආඩම්බරයි.. :)

      Delete
    2. @ අසරණයා-අනේ මේ යන්ඩ යන්ඩ

      Delete
    3. @ sAm (සෑම්) - එසේ මෙසේ පිනක් නෙමෙයි ඔයාලා කරගත්තෙ දිනලා

      Delete
  4. හැබැයි කඹ ඇදීමෙන් දිනපු අයට සිහින කුමරිය වෙන්න බෑ කියල නීතියක් තිබ්බ නැති එකේ ඒකටත් ඉන්නයි තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. හෙන වැස්සක් ආවනෙ. ඒ හන්ද අපි දෙන්නා එන්න ආවෙ. පස්සෙ හිතුනා අපරාදෙ ඉවරවෙනකල් ඉඳලම ආව නම් ඉවරයි කියලා

      Delete
  5. හික්ස්ස්...කඹ ඇදීම නම් පස්ටය... තෝරු මෝරුන් මැද හාල්මැස්සන් සෙට් එක දිනපු විදිය කුජීතය..:D :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ඈ..උන් කොහොම දිනුවද කියලා උනුත් දන්නෙ නෑ

      Delete
  6. උඹ කඹේ එල්ලිලා හිටිය කියන්නෙ ඉතිං නැංගුරමක් දැම්ම වගේ තියෙන්න ඇති ;)

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ හන්දද දන්නෑ දිනුවෙ

      Delete
  7. ම්...එල නෙන්නම්

    ReplyDelete
    Replies
    1. ඔයාට කතා කරන්න බැරි උනානෙ

      Delete
  8. හික්ස්.. කඹ ඇදීමේ කඹේ කෙසේ වෙතත් පළවෙනි පාර අපි කට්ටියම ඇදිලා ගියානේ ලස්සනට.. අද නම් මරු අක්කෝ.. හරිම ශෝක්..

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ දිනුවෙ කොහොමද මන්දා

      Delete
  9. ඊයේ දවස ගැන නම් කියල වැඩක් නැත

    ReplyDelete
  10. හික්ස්.. කඹ ඇදීමේ කඹේ කෙසේ වෙතත් පළවෙනි පාර අපි කට්ටියම ඇදිලා ගියානේ ලස්සනට.. අද නම් මරු අක්කෝ.. හරිම ශෝක්..

    ReplyDelete
  11. මගේ ජීවිතේ අමතක ම නොවන දවසක්....!!!

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ඔයාව අඳුරගන්න ලැබිච්ච එකටත් සතුටුයි..

      Delete
  12. මම ඇවිත් සෙට් උන නිසා තමයි කඹ ඇදිල්ල දිනුවේ :P
    නැත්තම් කොහෙද!

    ReplyDelete
  13. පිණිබිදු අක්කයි ප්‍රාර්ථනයි හිටිය නිසා වැඩේ හොඳට ගියා.....අපි දැන් ඕන කඹ ඇඳීමේ කණ්ඩායමකට උපදෙස් දෙනව පිණිබිදු අක්කගෙ උපදේශකත්වය යටතේ........:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ.. ආයෙ කඹ ඇදීමේ තරඟයක් තිබ්බොත් අපිව අමතන්න

      Delete
  14. අලේ මට පිණි බිදුවාව මිස් වුනා නේ.. :(

    ReplyDelete
    Replies
    1. ඔයාව දැක්කා. කතා කරන්න බැරි උනා. ටොපි බෙදපු වෙලාවෙ මේ නාකියා කියලා දැනන් හිටියෙ නෑ. නැත්තන් කතා කරනවා.

      Delete
  15. කස්ටිය කඹනම් ඇද්දා මොනවා නැතත් :P ඇත්තටම මට කතා කරගන්න බැරි උන උන් ගොඩක් හිටියනේ...

    ReplyDelete
    Replies
    1. මටත් සෑහෙන දෙනෙක්ව මිස් උනා

      Delete
  16. පිනි බිදුවාව මටත් මිස් වී ඇත. කඹ ඇදිල්ල නම් තනිකරම කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කරමි. කුමන්ත්‍රණ කරුවන් වහාම හෙළි කරව්

    ReplyDelete
    Replies
    1. පරදින්න මූලික හේතුව තමයි රෙප් අයියල තරඟ නීතියකට අවනත නොවීම.....මතක නැද්ද කිව්ව ගැහැනු ළමෝ 2ක් ඉන්න ඕන කියල කණ්ඩායමක.......:D

      Delete
    2. @ රෙප් මහත්තයා - මොන කුමන්ත්‍රණයක්ද අපිට පැහැදිලි ජයක් ලැබුණා. එච්චරයිනෙ

      Delete
    3. @ හිතහොඳ පිස්සා - අන්න ඒක තමා

      Delete
  17. "ඒත් මගෙ ජීවිතේ පළවෙනි වතාවට මම හිටපු කණ්ඩායමක් ඔය තරඟෙන් දින්නමයි"
    :-)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අප්පා හිතාගන්න බෑ

      Delete
  18. පිනිබිඳුවා එක්ක කතා කරන්න අමතක වුනානේ :(

    ReplyDelete
    Replies
    1. යකෝ මුන් ඔක්කොමට මාව මිස්වෙලා. එතකොට මම කා එක්කද කතා කරේ.

      Delete
  19. උඹනම් ගියා නේද? මං එදා දවසෙම ඇද උඩ විවේක ගත්තා...:((((

    ReplyDelete
    Replies
    1. උඹ ගැන කට්ටිය ඇහුවා. අපරාදෙ එන්න තිබ්බෙ

      Delete
  20. අපි ඉතින් මෙහෙම අහලා බලලා සතුටු වෙනවා..

    ReplyDelete
  21. පිණිබිඳුව දැක ගන්න බැරි වෙච්ච එකනම් හරිම අපරාදයක්.... :(

    ReplyDelete
    Replies
    1. මකුළුවා මටත් මිස් උනා.

      Delete
  22. පිණිබිදු අව්වට යන්න එපා. වාශ්ප වෙයි !

    මම එදත් කිව්වා !

    ReplyDelete
    Replies
    1. හික්ස්. වාෂ්ප වෙනව නම් මේ සයිස් එකට ඉඳියිද.

      Delete
  23. එන්ඩ බැරි වුණ එක ගැන නම් දුකයි . පින්තූර ටිකවත් බලා සැනසෙන්නම්

    ReplyDelete
    Replies
    1. සඳරු මම හිතුවෙම උඹ එයි කියලා

      Delete
  24. අඩේ උඹත් ආවද, මට වචනයක්වත් කතාකරන්න බැරි උනා. සැහ් හරිම අපරාදෙ. ;)

    ReplyDelete
    Replies
    1. ඈ බොල නවම් අයියෙ එතකොට මම අර කතාකරේ බොලාගෙ හොල්මනත් එක්කද. මම මැසේජයක් එවල ඇති බලාපිය.

      Delete
  25. මමනම් කතා කළා අක්කා එක්ක. ඇත්තටම කියුවොත් අක්කා කතා කළා මාත් එක්ක :) නියම දවස කවදාවත් අමතක වෙන්නෙම නැහැ

    ReplyDelete
  26. සුබම සුබ පැතුම්!

    …ලොවෙත් නැ.. දුකේ බැ.. මට ඒක කියන්න බැ..

    ReplyDelete
    Replies
    1. ආයෙ එහෙම ඉවෙන්ට් එකක් කරමු

      Delete
  27. අපරාදේ මං එන්න හිතාන උන්නට මට එදාම වෙන මගුලක් සෙට් වුනානේ

    ReplyDelete
  28. කතා කරන්න ලැබීම සතුටකි :-)

    ReplyDelete
  29. මටත් එන්න නම් බැරිවුනා.ලබන පාරවත් බලමු......:(

    ReplyDelete
    Replies
    1. එක බැච් එකේ ඉඳලත් ඔන්න අද තමා මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මෙ නේ.

      Delete
  30. අපි නැත්නම් කඹ ඇදිල්ල දිනනවා බොරු.. හරි ය!! සිරා ගේමක් දුන්නේ.. නේ අක්කේ?? ලබන පාරත් අනිවා අපි එක තමයි.. 3.0 එකේ දී සෙට් වෙමු.. හොඳේ!!

    ReplyDelete
  31. හ්ම්ම්.. ඊරිසියයි ඊරිසියයි ඊරිසියයි..

    ReplyDelete
  32. පිණිබිඳුවයි සජිත් මහත්තයාවයි දැකපු දෙවෙනි අවස්ථාව !!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...