ආදරණීය සුදු ආච්චි..
ඈ මාගේ මවගේ දයාබර මෑණියන්ය. අප නිවසේ අවුරුදු විසි පහකට අධික කාලයක් ගත කළ ඈ අනූ වැනි වියේදී අප අතැර ගියාය. ඒ පසුගිය සතියේ මැයි දෙවැනිදාය. මිය යන්නට පෙර මාස පහක් පමණ ඈ සිටියේ ඔත්පලවය.
දරුවන් සය දෙනෙකුට මෑණියන්ව මුණුබුරු මිණිබිරියන් දහතුන් දෙනෙකුට ඈ මිත්තණියක් වූවාය. එපමණක් නොව මී මුණුබුරන් අටකට මී මිත්තණියක් වූවාය.
සුවෙන් සිටින කාලයේ ඈ කතා කීමට හපනියකි. ඕනෑම සිදුවීමකට ඈ ළඟ කතාවක් තිබිණි. අවුරුදු ගාණකට කලින් ගමේ සිදුවූ කතා ඈ පවසන්නේ මහත් අභිරුචියෙනි. නිරන්තරයෙන්ම ඇගේ මුව සිනහවෙන් ඔපවත් වී තිබිණ. මගේ පුන්නීගේ දයාබර දියණිය මියගිය දින හැරෙන්නට කිසිදු දවසක ඈ දුකෙන් සිටිනවා මා දැක නැත. දරුවන්ට පමණක් නොව සතා සිවුපාවන් වෙනුවෙන්ද ඇගේ සිතේ ඇති තරම් කරුණාව පිරී තිබිණි. වෙව්ලන අතින් හිස පිරිමැද "මගෙ රත්තරං පුතාට තුණුරුවන්ගෙ පිහිටයි" ලෙසින් ඈ පවසන අයුරු දැනුදු දෙසවනට ඇසේ.
තුරුණු වියේදීම සැමියා ඈ අතැර ගියේය. දරුවන් සය දෙනෙකු සමඟ මෙලොව තනි වූ ඈ ජීවිත සටනට මුහුණ දුන්නේ වෙන කළ හැකි දෙයක් නොවූ නිසාවෙනි. අත් රිදුම් දෙනතෙක් පොල් අතු වියා විකුණා දරුවන්ට බත සරි කළාය. චීත්තය දණට ඇඳ මඩට බැස තනියෙන් ඈ කුඹුර කොටා අස්වැද්දුවාය. ජීවිතයේ පිළිසරණ ඈ දෙවැනි සැමියෙකුගෙන් නොපතා තනියම දහදුක් වින්ද සැටි මගේ මව දැනුදු කඳුළු පිරි දෙනෙතින් සිහිකරන්නීය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඈ දිරිය මවක් වූවාය.
නිවෙස පුරාවට ඇවිදිමින් ගෙදර සුලු සුලු වැඩට හවුල්වෙමින් කවට කතා කියමින් හිනැහෙමින් සිටි ඈ ඇඳටම කොටුවූයේ දිනක් අනපේක්ෂිත ලෙස නානකාමරයේ ඇද වැටීමෙනි. එතැන් පටන් ටිකෙන් ටික ඇගේ මතකයද ගිලිහී යන්නට විය. දිනෙන් දින ඈ මරණයට ළඟා වන බව රහසක් නොවීය.
කුඩා කල සිටම තුරුලේ හිඳ හුරතල් වූ මා දෙසද ඈ බලා හිඳ "ඔයා කවුද"යි අසද්දී නම් සිර කරන් සිටි දුක පුපුරා ගියේය. එහෙත් මිය යාමට පෙර දින එනම් මැයි පළමු දින මා කොළඹ ඒමට පිටත් වීමට ඈට වඳින විට "දරුවා යන්නද. මයෙ රත්තරං පුතාට බුදුසරණයි" ලෙස සුපුරුදු වාක්‍ය ඛණ්ඩය ඈ පැවසුවාය. මිය යන්නට මොහොතකට පෙරද ඈ බුදුගුණ සිහිකරමින් සිට ඇත. ඈ යා යුතු වෙලාව මේ යැයි ඈ දැන සිටින්නට ඇත. නිහඬවම ඈ නික්ම ගියාය.
ඇගේ මරණයේ දුක වෙන කාටවත් වඩා වැඩියෙන් දැණුනේ මගේ පියාගේ මෑණියන්ටය. අවුරුදු ගාණක් තිස්සේ ඇගේ තනිකම බෙදාගත් දයාබර මිතුරිය සුදු ආච්චීය. සුදු ආච්චිගේ මරණය ඈට ඉමහත් කම්පණයක් විය.සුදු ආච්චිගේ අවසන් කටටුතු සිදුකර පැයක් යන්නට මත්තෙන් ඈ දැඩි සේ රෝගාතුර වී සිහි කල්පනාව නැති වී ඈ රෝහල් ගත කෙරිණ.
සුදු ආච්චිගේ මරණය මට දුකක් බව සැබවි. එහෙත් ඈ විඳි දුක අවසන් කළ නිසා ඒ මරණය ඈට හොඳක් සිදුකරන්නට ඇතැයි මට සිතේ. කිසිවෙකුටත් වචනයකින්වත් හිරිහැරයක් නොකර පරමායුෂ විඳ මිය ගිය සුදු ආච්චි අනිවාර්යයෙන්ම යහපත් ආත්මයක උපත ලබන බව නම් මා දනිමි.
සුදු ආච්චීට නිවන් සුව.බය වෙන්න එපා ලකියෝ.බුදු ගුණ සිහි කරමින් මැරුන නිසා අනිවාර්යයෙන් හොද තැනක උප්පත්තිය ලබලා ඇති.
ReplyDeleteසුදු ආච්චිට නිවන් සුව ලැබේවා !!
ReplyDeleteසුදු ආච්චිට නිවන් සැප ලැබේවා !
ReplyDeleteඅනේ පව් ආච්චිට නිවන් සුව,,,
ReplyDeleteසුදු ආච්චිට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteසුදු ආච්චිට නිවන් සැප ලැබේවා !
Deleteඑතුමියට නිවන් සුව පතමි!!!
ReplyDeleteසුදු ආච්චිට නිවන් සුව ලැබේවා...
ReplyDeleteරූපං ජීරති මච්චානං - නාම ගොත්තං න ජීරති
ReplyDeleteරූපය දිරයි. නාමය නොදිරයි
ආච්චිට නිවන් සුව ලැබේවා..මගේ ආච්චිත් ඔය වගේම දුක් මහන්සි වෙලා අපිවත් සැහෙන කාලයක් යනකල් බලා ගත්තා..එයත් දැන් අහනවා ඔය ළමය කවුද කියලා..ඇත්තටම එක ලොකු දුකක්..මගේ ආච්චිවත් තව ගොඩක් කාලයක් අපි එක්ක ඉන්න ලැබෙන්න ඕනා.
ReplyDeleteදිරියෙන් ඇය රැස්කළ සියලුදේ සියලු අය දමා ගියත් එවන් යහ ගති ගුණ ඇතිව අනු වසරක් දිවි ගෙවූ ඇය සුගතියක බව නිසැකයි..
ReplyDeleteසුදු ආච්චිට නිවන් සැප ලැබේවා !
ReplyDeleteබොහොම කණගාටුයි. ඇයට යහපත් උප්පත්තියක් ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.
ReplyDeleteඅත්තම්මට නිවන්සුව පතමි ..
ReplyDeleteහොද තැනක ඇති.. මට විශ්වාසයි..
ReplyDeleteDeepest Sympathies
ReplyDeleteඔබ සියල්ලන්ටම ස්තූතියි.
ReplyDeleteසුදු ආච්චිට නිවන් සුව ලැබේවා...!!!
ReplyDeleteobe wachana walin age ruwa mata mavee penawa niwan suwa labewa!!!!!
ReplyDelete( "අත් රිදුම් දෙනතෙක් පොල් අතු වියා විකුණා දරුවන්ට බත සරි කළාය. චීත්තය දණට ඇඳ මඩට බැස තනියෙන් ඈ කුඹුර කොටා අස්වැද්දුවාය. ජීවිතයේ පිළිසරණ ඈ දෙවැනි සැමියෙකුගෙන් නොපතා තනියම දහදුක් වින්ද සැටි මගේ මව දැනුදු කඳුළු පිරි දෙනෙතින් සිහිකරන්නීය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඈ දිරිය මවක් වූවාය.".........)
ReplyDeleteමෙවන් මව්වරු..අද සමාජයට ආදර්ශයකි...!
මෙවන් මව්වරු ලැබු දරුවන්ද..වාසනාවන්තයෝය...!
මෙවන් මිත්තණියන් ලැබූ මුණුබුරු,මිණිබිරියෝද ...වාසනාවන්තයෝය...!
මෙවන් මව්වරු..නැවත අප අතර ඉපැදිය යුතුමයැ...
අත්තම්මට නිවන්සුව ලැබේවා...!!!
ReplyDeleteසුදු ආච්චිට නිවන් සුව පතන්නෙමු !!!
ReplyDelete