Pages

Saturday, September 8, 2012

මිතුරුදම වටී මට


නෙතු කෙවෙණි අද්දර
බොඳ වෙනකල්ම නුඹ
එපා මගෙ දෙස බලන්නට
යාලුවේ මගේ දයාබර..
නිහඬ සිතකින් නැගෙන
නුඹේ ආයාචනය
නොදැනෙන්නේ නොවෙයි මට
නොදැනෙන සේ සිටිමි මම..
නුහුරු ප්‍රේමයක් නොව
නුඹේ ඔය දඟකාර
දඩබ්බර මිතුරුදම
වටී මට සැමදාම..
හැමදාම රණ්ඩු වෙමු
හැමදාම තරහ වී
ආයෙමත් යාලු වෙමු..
එපා නුඹ අයදින්න
ප්‍රේමයේ සඳ කැළුම
මගෙන් නම් කිසිදාක
මිතුර, නුඹ වටී මට
සොහොයුරෙකු විලසින්ම..

29 comments:

  1. ලස්ස්න කවියක් අක්කේ...

    ReplyDelete
  2. ලස්සන කවි මුතු ටිකක් පිණිබිදුවෝ.

    ReplyDelete
  3. ලස්සනයි පිණිබිදුවෝ.

    ReplyDelete
  4. පිණි බිංදුව කා ගැනද මේ කියන්නේ? ලස්සනයි. වටිනා අදහසක්!!!!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ කාලෙ ලියවිච්ච එකක් ඇත්තටම

      Delete
  5. ඔය කතාව මම අනන්ත අහලා තියෙනවා පිණිබිඳු, හෙහ් හෙහ්, ඔන්නම් මෙතන ඔබලා මයි ෆස්ට් ලව්ස් කියවන්නකො. නමුත් මෙච්චර ලස්සනට විස්තරකරලා දුන්නෙ නෑ කවුරුවත්. ඒ නිසාම තිබිච්ච ආශ්‍රයත් නැතුව ගිය එකයි!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ආ.. ඩූඩ්ට අත්දැකීම් තියෙනවනෙ

      Delete
  6. සංසාරේ පුරාවටම ආත්මීය කදුළු නිරුවත් කරලා අපි හොයපු යථාර්තය මිරිගුවක් වගේ
    සිසිලක් නැති වාලුකා කතරේ ඇතින් ඇතට ගියේ අහසින් පොලවට වැටෙන දිය දෝතක්
    නමැති හුදු බලාපොරොත්තුව විතරක් අපේ හිත් වල ඉතුරු කරලා කියලා තේරුම් ගියේ
    පාසල් යන කලේ නොතේරුණු බහු බුත ටිකක් හදවතම වෙලා ගන්නකොට ........
    ජීවිතය ගැන කිසිත් නොදැන අතරමන් වුනු හීන ගොඩක් අතරේ ,
    රෝබෝරෝසියා මල් පොකුරක් වගේ වගේ හිනැහෙමින් සුළගේ තාලයට නටපු
    ජීවිතේ නැවුම්ම පරිච්චේදයක මුළු ජීවිතේටම අඩි තාලම වැටුනා කියලා තේරුම් ගත්තේ ,
    රෝබෝරෝසියා මල් වසන්තය නිම වෙලා එක දෙන්නා බිම වැටෙන කොට ...
    එතකොට වසන්තය නිමා වෙලා.. උදේ වැටුණු පිනි බින්දුවක සිසිල අපේ හිත් වලින් ඇත්
    වුනේ ලෝකය හරි වේගෙන් දුවන හින්දා.. වසන්තය නිමා වුනේ හරියට අවරුදු 13 ක්
    මොහොතකින් ගෙවී ගියා වගේ ..........

    ReplyDelete
  7. මටත් වටී මිතුරුදම !
    කවි සිතුවිල්ල ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට

      Delete
  8. මිතුරෝ වටී.ඒත් අපිට උන් කෙළවා යන්කම් දන්නේම නැත.

    ReplyDelete
  9. ඕක කෙනෙක්ට පෙන්නන්න හිතෙනවා... පෙන්නපු ගමන් කියාවි.. "ඔන්න අයෙත් පටන් ගත්ත.. අපි හොඳ යාළුවොනේ.. "

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් අත්දැකීම් සහිත පුද්ගලයෙක්

      Delete
  10. "මට ඔයා ගැන එහෙම හිතෙන්නේ නෑ අනේ. අපි හැමදාම යාලුවෝ විදිහට ඉමු. ඔයා මට සහෝදරයෙක් වගේ" එහෙම කතාවක්ද මේ කියන්නෙ..

    ReplyDelete
  11. බඩුම තමා වගේ... මොකක්දෝ හංගලා ගහනවා.... හික්ස්...

    ReplyDelete
  12. අනේ මන්දා.. මටත් මෙහෙම්මම කෙනෙක් කිව්වා නේ..

    ReplyDelete
  13. මටත් කාලයක් තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා ඕක ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...