Tuesday, December 7, 2010
දුරින් හිඳ පෙම් කිරීම
මං දන්න දවසෙ ඉඳන්ම වැස්සට ආසයි. ඒත් මං ආස වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න මිසක් වැස්සට තෙමෙන්න නෙමෙයි.
ඒත් නුඹට ඒක තේරෙන්නෙ නැති හැටි. නුඹට ඕනෙ උනේ හැමදාම ඒ ඇදහැලෙන වැස්සෙ තෙමෙන්න.
ලොකුම ලොකු වැහි බිංදු කොණ්ඩෙ අස්සෙන් සීතලම සීතලට ගලාගෙන යනකොට මට දැනෙන්නෙ මහ අපුලක්.
නුඹ පුදුම තරම් ආසයි නා කපන වැස්සෙ තෙත බරියන් වෙන්න.
ඇද හැලෙන මුරුගසන් වැස්ස හරි නපුරුයි. ඒ වැස්ස මගෙ හිතට ගේන්නෙ මහ මූසල හැඟීමක්.
වැස්සත් එක්ක එන ලා අඳුර දත් පූට්ටු කරන සීතල මාව පොරෝණෙ අස්සට ගුලි කරනව මිසක් නුඹට වගේ තෙත බරියං වෙන්න මට හිත හදා ගන්න බෑ.
ඉතිං නුඹ කියනව අපේ අදහස් ගැළපෙන්නෙ නැතිලු. නුඹ ආස කරන දේවල් වලට මම ආස නැතිලු. නුඹටම ආවේණික හේතු හදාගෙන මා එක්ක හිත නොහොඳින්.
මේ මෝඩයට නොතේරෙන හැටි. නුඹත් මාත් දෙන්නම ආදරෙයි වැස්සට. වෙනස තියෙන්නෙ අපි ඒ වැස්සට ආදරේ කරන විදිහෙ නේද.
හීනියට ඇදහැලෙන ඉදිකටු වැස්සෙ ඉඳන් නුඹ තෙමෙන්න ආස කරන මුරුගසන් වැස්සටත් මම ආදරේ කරන්නම් නුඹට වගේම. තරහ වෙන්න එපා නපුරො. ඒ වැස්සෙ තෙමෙන්න එන්න කියලනම් මට කියන්නෙපා.
මං දුරින් ඉඳන් නුඹත් වැස්සත් දිහා බලාන ඉන්නම්. ලඟට ආවොතින් ආදරේ වැස්සට හේදිලා ගිහින්, දුකත් කළකිරීමත් පසුතැවීමත් විතරක් මට ඉතිරි වේවි.
Subscribe to:
Post Comments (Atom)
ආපස්සට හැරිලා බලනකොට
ReplyDeleteමේ කියන මෝඩයා
මමනෙ
මට ඒ දවස්වල ඔය ටික තේරුනානම් අද මෙහෙම වෙන්නේ නෑනෙ
ReplyDeleteඅනේ මට මොනව කියන්නද තේරෙන්නෙ නෑ.....දුකයි.....
ReplyDelete@ වැට නොබැදි සිත
ReplyDeleteඅපිට ඉතින් කාරණා තේරෙන්න හුඟක් කල් යනවනේ...
@ dinesh
මුකුත් නොකිව්වට ඇවිත් යන එකම ඇති මේ පැත්තෙ
ඇත්තටම දුක හිතෙනව මේක දැක්කම. මටත් ඔහොම ප්‍රස්න නම් තිබුන. ඒත් ආදරේ නිසා ඒව කවදාවත් ප්‍රස්නයක් කර ගත්තෙ නෑ
ReplyDeleteඅදහසට ස්තූතියි සහෝ. ආවටත් ස්තූතියි මේ පැත්තෙ.
ReplyDeletemage ammo..... pattanae....
ReplyDeleteමං දන්න දවසෙ ඉඳන්ම වැස්සට ආසයි. ඒත් මං ආස වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න නෙමෙයි, වැස්සට තෙමෙන්න,
ReplyDeleteඒත් නුඹට ඒක තේරෙන්නෙ නැති හැටි. නුඹට ඕනෙ උනේ හැමදාම ඒ ඇදහැලෙන වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න .
ලොකුම ලොකු වැහි බිංදු කොණ්ඩෙ අස්සෙන් සීතලම සීතලට ගලාගෙන යනකොට මට දැනෙන්නෙ ආශ්වාදයක් .
මං පුදුම තරම් ආසයි නා කපන වැස්සෙ තෙත බරියන් වෙන්න.
ඇද හැලෙන මුරුගසන් වැස්ස හරි සුන්දරයි . ඒ වැස්ස මගෙ හිතට ගේන්නෙ සතුටු හැඟීමක්.
වැස්සත් එක්ක එන ලා අඳුර දත් පූට්ටු කරන සීතලට මට තෙත බරියං වෙන්න හිතෙනවා මිසක,මාව නුඹට වගේ පොරෝණෙ අස්සට ගුලි වෙන්න මට හිත හදා ගන්න බෑ.