දුහුළු මල් පියල්ලක
සැහැල්ලුව රැඳෙන මුත්
කඳුළු තෙතමනය ළඟජීවිතය හරි බරයි..
සිනා කැන් පොදක් මෙන්
සතුට උතුරනා මුත්
අසුන්දර මතකයක
ජීවිතය හරි දුකයි..
හමන මල් සුවඳ මෙන්
හරි අහිංසක නමුත්
තැවෙන හදවතක් ළඟ
ජීවිතය වේදනයි..
නියං අහසක රැඳෙන
හුදකලා බවම මිස
වැහි පොදක සිසිල නැති
ජීවිතෙත් ඒ වගෙයි..
සැහැල්ලුව රැඳෙන මුත්
කඳුළු තෙතමනය ළඟජීවිතය හරි බරයි..
සිනා කැන් පොදක් මෙන්
සතුට උතුරනා මුත්
අසුන්දර මතකයක
ජීවිතය හරි දුකයි..
හමන මල් සුවඳ මෙන්
හරි අහිංසක නමුත්
තැවෙන හදවතක් ළඟ
ජීවිතය වේදනයි..
නියං අහසක රැඳෙන
හුදකලා බවම මිස
වැහි පොදක සිසිල නැති
ජීවිතෙත් ඒ වගෙයි..
ලස්සන කවි සංකල්පනාවක් !!!
ReplyDeleteමධුරංග,
ReplyDeleteහුඟක් ස්තූතියි ඇවිත් ගියාට.
මල් උයනේ සිටියත්,
ReplyDeleteමද පවන දැනුනත්,
නුඹ නොමැති මේ දිවිය,
මට මහම දුක් ගොඩක්...
නියමයි...
prasanna86k,
ReplyDeleteපේලි 16ක් පුංචි පේලි 4ට ගොනු කරලා. ස්තූතියි සහෝ.
ෂා...........ඔයානම් නියම කවිකාරියක්.අන්තිම පේලි හතර දැන් life එක වෙලා තියන හින්ද හිතටත් ටිකක් විතර වැදුනා ඕං.
ReplyDeleteනියම කවි පෙල....ලස්සනයි
ReplyDelete