සහ ප්‍රමුඛතාවය අකැප සඳ
අභිබවනයට ඉඩදී
නුඹ සමඟ මා
ප්‍රතිබද්ධ විණි..
ස්වාධීනව වියුක්ත වීමට
නුඹට අවැසි කල
සම යුග්මක තබා
විෂම යුග්මක වත් හිතක්
නුඹට නැති වග
වටහා ගතිමි..
හැරපියා යන
අවසන් නිමේෂයේදී
අසම්පූර්ණ ප්‍රතිබද්ධයක්
උදෙසා වත්
ආපසු හැරෙතැයි සිතීමි..
එහෙත්
දෑස් මායිමෙන්
නුඹ තිතක් වී
නොපෙනී යන සඳ
පසක් විය
සියල්ල අවසන
මාරක ජානයක්
ඉස්මතු වූ වග..
අභිබවනයට ඉඩදී
නුඹ සමඟ මා
ප්‍රතිබද්ධ විණි..
ස්වාධීනව වියුක්ත වීමට
නුඹට අවැසි කල
සම යුග්මක තබා
විෂම යුග්මක වත් හිතක්
නුඹට නැති වග
වටහා ගතිමි..
හැරපියා යන
අවසන් නිමේෂයේදී
අසම්පූර්ණ ප්‍රතිබද්ධයක්
උදෙසා වත්
ආපසු හැරෙතැයි සිතීමි..
එහෙත්
දෑස් මායිමෙන්
නුඹ තිතක් වී
නොපෙනී යන සඳ
පසක් විය
සියල්ල අවසන
මාරක ජානයක්
ඉස්මතු වූ වග..
සිතේ තබාගන්න මෙන්ඩලීය නොවන ප්‍රවේණියක්ද මෙලොව ඇති බව
ReplyDeleteහොද ප්‍රකාශක දෛශිකයක් ඔබ සතුව ඇත්නම්
ප්‍රතිබද්ධයද කර ක්ලෝන කර
ඔබට අවැසි ප්‍රෝටීනය වෙන් කර ගත හැක
ගේමක් නැතුව
:)
පෙර කල පවට,
ReplyDeleteනොතේරුන කව,
උත්සහ නොකලෙමි
තවත්.......
වටහා ගන්නට.
blog gadol,
ReplyDeleteප්‍රොටීනයක් මට එපා. ඒ තරම් බලාපොරොත්තු තිබුනෙ නෑ. ඕනෙ කරේ අසම්පූර්ණ හරි ප්‍රතිබද්ධයක් පමණමයි. කවුද හිතුවෙ මාරක ජානයකට ඔච්චර හරියක් කරන්න පුලුවන් කියලා.
dinesh,
ඔන්න ඉතින් චාටර් කරන්න එපා අනේ