Tuesday, December 28, 2010
නමක් නැති ආදරයක්
"මට ආයෙ කතා කරන්න එපා.."
"දෙයියනේ ඇයි මෙහෙම කරන්නෙ..?"
"ඒත් එයා පව්. මට බෑ තවත් එයාව රවට්ටන්න.."
"ඇයි මං පව් නැද්ද..?"
"මට සමාවෙන්න.."
"මේක හරිම අසාධාරණයි. මම විතරද විඳවන්නෙ..?"
"මාත් විඳවනවා. මට කරන්න දෙයක් නෑ.."
--------------------------------------------------------------------
"අක්කෙ ඔයා එයාට කතා කරන්න එපා. මම කැමති නෑ ඔයා අපි අතරට එනවට.."
"මම අවුරුදු ගානක් තිස්සෙ එයාට ආදරේ කරනවා.."
"එයා ඔයාට ඉස්සර ආදරේ ඇති. ඒත් එයා දැන් ආදරේ මට.."
"මම කොහොමද එයාට ආදරේ නොකර ඉන්නෙ.."
"ඔයාට ඕනෙ නම් පැත්තක ඉඳන් ආදරේ කරන්න. අපි අතරට එන්න එපා.."
-----------------------------------------------------------------------------------
"ඇයි මාව මෙහෙම බාල්දු කරවන්නෙ.."
(නිශ්ශබ්දතාවය)
"මං ගැන කිසිම හැඟීමක් නැද්ද.."
(නිශ්ශබ්දතාවය)
"මං මැරෙන්නද දෙයියනේ.."
(දුරකථනය විසන්ධි විය)
ප.ලි.: මේක මම One | Zero | Zero බ්ලොග් අඩවියට ලියලා යවපු වචන 100යේ නිර්මාණයක්.
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම love කරණව කියල ඔහොම බාල්දු වෙන්නත් බෑ.
ReplyDeleteඇත්ත යාළු ඔයාගෙ කතාව. සුභ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDelete