Pages

Thursday, April 28, 2011

බස් එකේ මැදත් යනවා බොලව්..


කැම්පස් එක ගාවින් 255 බස් එකකට නැග ගත්තෙ පුදුම අමාරුවකින්. ඒ තරම් සෙනඟ. මට යන්න ඕනෙ වෙලා තිබුණෙ රුපියල් 6ක් වගේ පොඩි දුරකට.

ඒ හන්දා කොන්දොස්තර කොච්චර කෑ ගැහුවත් බැහැගන්න තියෙන අමාරුව දන්න හින්දා බස් එකේ පිටිපස්සට යන්න මට ඕනෙ උනේ නෑ. ඒත් බලාගෙන යද්දි අනිත් මිනිස්සුත් මං වගේම තමා. කාටවත් පස්සට යන්න උවමනාවක් නෑ.

පිටිපස්ස දොරෙන් නැග්ග මිනිස්සුත් එහෙම්මම තමා. ඒ මිනිස්සුන්ටත් ඉස්සරහට යන්න උවමනාවක් නෑ. දොරවල් දෙක ගාව මිනිස්සු පොදි කකා ඉන්නවා. මේක දැක්ක කොන්දොස්තර මහත්තයාට ඌරු ජුවල්.


කීප පාරක්ම කිව්වා ඔය දොරවල් දෙක ගාව රැඳෙන්නෙ නැතුව මැදට යන්න කියලා. මිනිස්සුන්ට කණ් නෑ වගේ ඔහේ ඉන්නවා. අඟලක්වත් හෙලවෙන්නෙ නෑ.

බොරු කියන්නෙ මොකටද ඉතින් මමත් හිටපු තැනින් හෙලවුනේවත් නෑ.

අන්තිමට හොඳටම තරහ ගිහින් කොන්දොස්තර කෑ ගහන්න ගත්තා මෙහෙම.

"ඇයි හත් දෙයියනේ මේ මිනිස්සු හිතන්නෙ බස් එකේ යන්නෙ දොරවල් දෙක විතරයි කියලද? ඇයි බස් එකේ මැද යන්නෙ නැද්ද? බස් එකේ මැදත් එක්කම තමා බොලව් යන්නෙ."


අපොයි එතකොටයි හිනා කාගෙන ගල් වෙච්ච මිනිස්සු ටික ටික හෙලවෙන්න පටන් ගත්තෙ. කොන්දොස්තර මහත්තයාට ආයෙ කෑ ගහන්න උවමනා උනේ නෑ.

31 comments:

  1. මේ පිළිබඳව උපදෙස් ගන්න ඕනෙ මාරයගෙන්

    ReplyDelete
  2. හික් හික් 255 බස් ගැන නම් කතා කරලා වැඩක් නෑ චාටර්

    ReplyDelete
  3. හි හි. දොරවල් දෙක ගාව ත‍රම් ගතියක් කොහේද මැද යද්දි... :D

    ReplyDelete
  4. ඔහොම සීන් එකක් වෙලා අපේ සෙට් එකකට කොන්ද හොඳට අහගත්ත.
    "මැදත් ගියාට දොර තියෙන්නෙ මෙතන ඕයි" කියල..
    බස් එකේ සෙනග හිනා වුනා. කොන්ද අම්බානක නොන්ඩි... :D

    ReplyDelete
  5. ඔය කියන්නේ කැම්පස් එක ළඟ ඉඳන් කටුබැද්දට යනකම් වෙන්න ඇතිනේ... අපේ ගෙවල් පැත්ත ගැන මම දන්නේ නැද්ද :D

    ReplyDelete
  6. දොරවල් දෙක ලඟ වගේද මැද...හික්:)
    මම නම් ඔය කොහෙවත් යන්නේ නෑ....පිටිපස්සේ දොරට ඉස්සරහ තියන සීට් එකේ තමා හැමදාම.......

    ReplyDelete
  7. 255 gana kata karala wedek ne. amu charter.kata wediunoth apita wenne gahaganna tamai

    ReplyDelete
  8. මොකද දන්නේ නෑ දොරවල් දෙක ගාවම යන්නේ...? අනේ මට හිතෙන එව්වා මේකෙ ලියන්න බැහැනේ... :(

    ReplyDelete
  9. පොර කොන්දොස්තර උනත් නියම ඩයල් එකක්....... වෙලාවට හරියන ටෝකක් දීලා තියනවා.........

    ReplyDelete
  10. ලංකාවේ තියෙන චාටර්ම bus එක ඕක වෙන්න ඇති .
    අපිත් ඉතින් සතියකට දෙපාරක් ඔය කට්ට කනවනේ .

    ReplyDelete
  11. නියම කොන්දෝස්තර කෙනෙක්. අපෝ බස් ගැන නම් කතා කරල වැඩක් නෑ. බස් ගමන් මහ එපාම වෙනවා. අනිත් එක තමා කොළඹ මගින් මගට ට්‍රැෆික් ජෑම්.

    ReplyDelete
  12. නියම සිද්ධිය. ඒත් ඉතිං 255 හේ රුපියල් හයේ දුරකට බස් එක මැද යන්න උනොත් බඩුම තමා. අත පය තියල තමයි බහින්න වෙන්නෙ...

    ReplyDelete
  13. මැදට යන්න කියන්නේ නම් එහෙම තමා. ඒත් ඉතින් චප්ප වෙවී බහින්න එද්දි මොකටද එහාට ගියේ ළඟින් ඉන් එපාද අරවද මේවද....... අනේ මංදා බස් පළුවෝ........

    ReplyDelete
  14. හැබැයි ඉතිං 255 කොට්ටාවෙ ඉඳල පිලියන්දලට එනකං නං එච්චර අවුලක් නෑ නේද ???

    ReplyDelete
  15. ඕව බස් වල වෙන පොඩි සිද්ධි, ඔය වගේ ද, 15, 57, 48, 49, 17 රූට් වල බස් වල වෙන සිද්ධි! ඒව ඉතින් මේ තැන් වල ලියන්න බෑ, ගිහිල්ලම බල්න්න ඕනෙ!

    ReplyDelete
  16. කොන්දොස්තර මහත්තය එල කොල්ලෙක්නෙ...

    ReplyDelete
  17. ඒක ඇත්ත.. හැබැයි මැද හිරවෙලා බහින්න පරක්කු උනත් බනින්නෙත් ඔහොමම තමයි..

    ReplyDelete
  18. අප්ප බස් නම් මරු...

    ReplyDelete
  19. කොන්දොස්තරලා කියන්නේ අමුතුම ජාතියේ මානසිකත්වයක් තියෙන මිනිස්සු වගයක්.අපි ඒ මිනිස්සු කියන විදිහට ඉන්න එක තමයි හොදම වැඩේ.බයකට එහෙම නෙමේ.(අපිත් වලිමුනි ගාව කෝස් කරලා තියෙනවා).මතකනේ එක පාරක් මිනිහෙකුට කුඩෙන් ඇන්නා මැරෙන්නම.

    ReplyDelete
  20. මම නම් තාම ඔය බස් එකේ ගිහින් නෑ. මට නම් සාමාන්‍යෙයන් කරදර අඩු බස් තමා සෙට් වෙන්නේ 120 138 139 150 176 ඕවා තමා. වැඩිපුර යන බස් ඒවා නම් කරදර අඩු බස්...

    ReplyDelete
  21. මරු කොන්දොස්තර!
    @ආගන්තුකයා | Stranger - 176 කොහෙද අනේ කරදර අඩු.මටනම් එපා වෙලා ඉන්නෙ.සමහර වෙලාවට මගින් බැහැල පයින් යන්න හිතෙනව.

    ReplyDelete
  22. mona kiyannada kiyala hitaganna ba ne.. kiyanna one okkoma kiyalane...
    ╔══╗─╔═════╦══╗
    ║──║─║──║──║──║
    ║──║─║──║──║──║
    ║──╚═╣──║──║──╚═╗
    ║────║─────║────║
    ╚════╩═════╩════╝

    ReplyDelete
  23. මම ඉතින් ඔය පලාත් වල බස් එකේ නම් ගිහිල්ලා නෑ . ඉස්කෝලේ යනකාලේනම් අපි හරිම ආසාවෙන් තමයි බස් එක එනකම් බලා ගෙන ඉන්නේ . බස් එකේ ලෝඩ් එක ගොඩාක් හිටියොත් අනේ අපිට හරි සන්තෝසයි .! ඒකාලේ මම හරිම ආසයි බස් වල යන්න .

    ReplyDelete
  24. @ rajith,

    දොසක් මිස හොඳක් නැති මේ බස් රස්සා   ව
    දුප්පත් නිසා ගෙන කරනෙමු පිරියා            ව
    හැකි හැමවිටම පෙන්වමු මුව සිරියා            ව
    එය වෙයි දිරිය වැඩිවන්නට මුව සිරියා         ව
                                                            -විල්බට් අඹතලාව-

    ReplyDelete
  25. අප හට සිදුවේය ලොකු ලොකු දඩ කන්             න
    සෙසු හැමදෙනා හට සිදුවෙයි තෙරපෙන්             න
    ඔබගේ පොකට්ටුව ඉඩ ඇත නැතිවෙන්               න
    පා පුවරුවේ නොසිට කරුණාකර ඇතුලට යන්    න

    ජීවිත රකී රියදුරු ගිනි ගොඩක් මැ             ද
    මුදලත් මගියොනුත් සමඟින් තරඟ වැ       ද
    දහ දුක් විඳී කොන්දොස්තර රථය මැ         ද
    සුළු වරදකට දොස් පැවරුම වටිනව           ද
                                                   -විල්බට් අඹතලාව-

    ReplyDelete
  26. @ටී.බී. හේරත්- මම කොන්දොස්තරලට ඩ්‍රයිවර්ලට වැ‍රැද්දක් කිව්වා නෙමේ.ගොඩක් හොද මිනිස්සුත් ඒ අතර ඉන්නවා.(ඉස්සර ලoගමේ හිටියාවගේ)මම කිව්වේ ඒ මිනිස්සු කරන රස්සාවේ හැටියට ඒ මිනිස්සු දවසෙම කෑ ගහලා,තෙරපිලා,පොඩිවෙලා,අපෙනුත් බැනුම් අහගෙන,පොලිස්නිලධාරීන්ගෙනුත් හිටපු ගමන් බැනුම් අහගෙන (දඩ කොලයක් එහෙමත් කාලා) ඉන්නේ හොද මානසිකත්වයකින් නෙමේ කියලා.(අපිත් එක්ක හිනාවෙලා කතාකරන්න පුලුවන් මානසිකත්වයකින් නෙමේ)

    එහෙව් එකේ ඇතුලට යන්න කිව්වම ඇතුලට නොගිහින් හිටියොත් ඒ මිනිස්සුන්ට අම්බානකට කේන්ති යනවා.ඉතින් ඒ වෙලාවට ඇතුලටම නොගියත් ඇතුලට යන්න උත්සහ කරන බව වත් පෙන්නුවොත් වැඩේ ශේප්.

    ReplyDelete
  27. කො.දො මාම: ඔය ඔතන ඉන්න ඉස්කොලෙ මල්ලි පොඩ්ඩක් ඉස්සරහට යන්න
    එතන ඉන්න මල්ලි : නො අන්ස්වර්
    කො.දො : ඔය සුදු මල්ලි, පොඩිඩක් ඉස්සරහට යන්න, තව ඉඩ තියෙනවනේ.
    එතන ඉන්න මල්ලි : නො අන්ස්වර් අගේන්
    කො.දො මාම: ඔය කණ්නාඩි පොලඟා, කරුණාකරල ඉස්සරහට යනවාද?
    එතන ඉන්න මල්ලි : එතන මල්ලි නෑ, මල්ලි ගිහින් ඉස්සරහටම

    ඔය කොන්දොස්තර තැන මින්ස්සු ඔක්කොටම මාර ආදරෙන් කතා කලා. එහෙම කරල බැරිම තැන කිව්ව "දැන් එහෙනම් මාත් වස වෙනවා" කියල එතන ඉඳන්ම පටන් ගත්තා දෙසන්න.

    ReplyDelete
  28. මරු කොමිටෙල් කොන්දෙක් තමා !

    ReplyDelete
  29. සික්.... ඔයා හිතුවේ යන්නේ බස් එකේ ඉස්සරහා දොර විතරයි කියල ද..... :D

    ReplyDelete
  30. adee!!!පට්ට බුවෙක් නේ කොන්දා .....හිහි ...මැද ගියොත් ඉතින් රෙද්ද නැතුව ටම බහින්න වෙන්නේ එත් බස් 1 නවත්තන තැනින් .......buhahaha

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...