පොඩි එකා
කිරි කඳුළකට
රැහැයියෙක් වගේ
හුස්ම අල්ලන්
අඬනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..
මහ මිනිහා
කට ගොන්නක්
බීගෙන ඇවිත්
හැලිවලං
පොළවෙ ගහනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..
මැසිම පාගලා
හම්බුකොරන
තුට්ටු දෙකෙන්
දවස ගෙවාගන්න
දඟලනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..
කිරි කඳුළකට
රැහැයියෙක් වගේ
හුස්ම අල්ලන්
අඬනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..
මහ මිනිහා
කට ගොන්නක්
බීගෙන ඇවිත්
හැලිවලං
පොළවෙ ගහනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..
මැසිම පාගලා
හම්බුකොරන
තුට්ටු දෙකෙන්
දවස ගෙවාගන්න
දඟලනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..
මරු මරු...
ReplyDeleteවිප්ලව නම් කරන්න බැරි කමක් නෑ අක්කෙ... අපේ හරක් විප්ලවයක් කියන්නෙ බෝඩ් ලෑල්ලක් අරන් හරි ආයුදයක් අරන් හරි මෝඩපාට් දානව කියන එකටනෙ...
ඒක හරි විප්ලව නොකරන හඩක් නගන්නේ නැති මිනිස්සු කොච්චර නම් ඉන්නවද අසාධාරන වලට අහුවෙලා.
ReplyDeleteකාන්තා විමුක්තිය, විප්ලව ගැන සීතල කාමර වල ඉදලා කතා කරන කාටවත් ගම්වල මේ අයගේ දුක තේරෙන්නේ නෑ.
මොන විප්ලවද අක්කේ අපිට... ගෙදට්ට වෙලා කාලා බුදියගන්නවා මිසක්...
ReplyDeleteදැං කොහේද පිණි විප්ලව. මං උපන්තේකට දැකල නෑ නෙව එහෙම එකක්, ඔය පොතකින් පත්තරයකින් කියෙව්වොත් මිසක්. වර්තමාන කම්මරුවන් [මේ ලියන මාත් එක්කම] තමන්ගෙ අයිතිවාසිකම් ගැන සතපහක අවබෝධයක් නෑ. අඩුම ගානෙ එකෙක් හරියකට දන්නවද දැන් ඔය ආණ්ඩුවෙන් කරන්න යන විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන. ඒ ගැන සංවාදයක් ඇති කරන්න ඔය මහ ලොකු කම්කරු නායකයො පොඩි හරි උත්සාහයක් දරණවද. ඉතිං එහෙව් මිනිස්සු ඉන්න රටේ මොන මැයි දිනද?
ReplyDeleteඇට්ලස් යෝදයටවත් නුඹලා උසුලන බර උසුලන්න බැරි වෙයි අක්කෙ..... මොන විප්ලවද...?
ReplyDelete@ සාතන් - ඒක නම් ඇත්ත. මිනිස්සුන්ගෙ දුක විකුණන් කනවා.
ReplyDelete@ මධුරංග - බත් පැකට් එකටත් බෝඩ් එකක් උස්සගෙන එන මිනිස්සු ඉන්නවා. ලොකු ලොක්කොන්ට පල්ලෙහා මිනිස්සුන්ගෙ දුක දකින්න ඇස් නෑ.
ReplyDelete@ prasanna86k - අන්න මාලුවට විතරයි මොලේ ඇති දෙයක් මතක් උනේ.
ReplyDelete@ nawammawatha - ඒක ඇත්ත අයියෙ. මැයි දිනයත් මාකට් වෙන එකේ ආයෙ මොන කතාද කම්කරු අයිතිවාසිකම් ගැන.
ReplyDelete@ මම ඩුමාංජරිය - පාරෙ විප්ලව නොකලට ඒ අය ජීවිතය ඇතුලෙ කරන විප්ලවයම ඇති.
ReplyDelete@ ටී.බී. හේරත් - හුඟක් සංවේදී කවියක් ඒක.
ReplyDelete@ පිණිබිඳු,
ReplyDeleteඒ උනත් මේකනෙ කාරනේ...
මොන විප්ලවද අක්කේ බීටා තවම පොඩි එකා නොවැ
ReplyDeleteඅහස උසට නැග යද්දි බඩු මිල
ReplyDeleteඑක වේලාක් යන්තමින් කනකොට
පාර දිගේ කෑ මොර දිදි යන
මොන විප්ලවද අක්කේ මට..
ඕං ආය කිරිපිටිත් වැඩි කරනවලු පැකට් එකක් රුපියල් 20 කින්.
ReplyDeleteබිල්ලාඩනුත් මැරිල ලු නෙ.
ReplyDeleteඅපි ඉතින් විප්ලව කරන්න ඕනේ ඔය සමාජ ක්‍රමය වෙනස් කරන්නනේ.නැතුව බලන්හිටියා කියලා ලෝකෙ වෙනස් වෙන්නේ නෑනේ...(අවිසිoසාවාදී විප්ලවයක් අරබමු මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ලේ හැලීමකින් තොරව............)
ReplyDeleteවිප්ලව කරනවා කියලා අපි ඔයාල පාරට බැහැලා කෑ ගැහුවට අපිව අරයලා තුට්ටුවකට වත් මායිම් කරනවද ? අපිත් ඉතින් මාර විප්ලවේ නියමෙට ගියා කියලා කෑගහලා නැහිලා නැහිලා ගෙදර එනවා .. ඒත් වෙච්ච දෙයක් නෑ
ReplyDeleteජේ වී පී එකෙන් සමහර දේවල් ඉගෙන ගෙන අපිට අයිතිවාසිකන් හොයාගෙන යනවානම් මම නම් හිතන්නේ රට මීට වඩා ඉස්සරහට යාවි
ReplyDeleteඅයිතිවාසිකම් ඉල්ලනවට වඩා, හැමෝම තමන්ගෙ යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කිරීම තමා වැදගත් වෙන්නෙ.
ReplyDelete@ බීටා - අනේ පව් පොඩි එකා.
ReplyDelete@ Dinesh - කියලා වැඩක් නෑ.
ReplyDelete@ නදී...- අපෝ කිරි බීලත් ඉවරයි එහෙනම්.
ReplyDelete@ ටී.බී. හේරත් - අපෝ මම නම් වචනයක් වත් කියන්නෙ නෑ. මොන පැත්තට ඔය කියන එක වැටෙයිද දන්නෑනෙ. මට නම් බෑ ද්‍රෝහියෙක් වෙන්න හික්ස්.
ReplyDelete@ rajith - අනේ මොන විප්ලවද මල්ලියෙ අපිට.
ReplyDelete@ හිස් අහස - ඒක නම් ඇත්ත. හැමදේම මාකට් වෙන ලෝකයක් මේක.
ReplyDelete@ යසියා - ඒකට නම් මම එකඟ නෑ. කාගෙ කාගෙත් හැටි දැන් එලි වෙලා තියෙන්නෙ.
ReplyDelete@ ටී.බී. හේරත් - ඒක නම් ඇත්ත.
ReplyDeleteමම කිව්වේ එයාලගේ හැම දෙයක්ම ආදර්ශ්‍යට ගන්න එක නෙමෙයි සහෝ. ඉල්ලීම් වෙනුවෙන් හඩනැගීම වගේ ඒවා..
ReplyDelete@පිණිබිඳු...-මාතෘකාවෙන්ම මූනට දමලා ගැහුවා නේද?.:D
ReplyDeleteඔය හෑම දුකක්ම වෙනස්කරගන්න විප්ලවයක් ඔනෙමයි අක්කෙ.....
ReplyDelete