දඟ කරන ඇස් වලින්
හිත ළඟම දැවටෙමින්
සිත සඳුන් තවරමින්
සෙවණ දෙයි ගසක් මෙන්..
නුඹේ ඔය හිත් අගින්
දෝරෙ යන ආදරෙන්
හිත නිවෙන අපූරුව
සෙනෙහසින් සිහිකරම්..
නො එන මුත් නුඹේ රුව
නෙතේ අභියසට නම්
නුඹ හිඳියි හැමදාම
හිත් අහසෙ ඉඩ අරන්..
කවි මවන හිත දරන්
දඟයො, මේ අහගනින්
නුඹ මගේ ළඟින් නම්
කඳුළු කුමකට ඉතින්..
හිත ළඟම දැවටෙමින්
සිත සඳුන් තවරමින්
සෙවණ දෙයි ගසක් මෙන්..
නුඹේ ඔය හිත් අගින්
දෝරෙ යන ආදරෙන්
හිත නිවෙන අපූරුව
සෙනෙහසින් සිහිකරම්..
නො එන මුත් නුඹේ රුව
නෙතේ අභියසට නම්
නුඹ හිඳියි හැමදාම
හිත් අහසෙ ඉඩ අරන්..
කවි මවන හිත දරන්
දඟයො, මේ අහගනින්
නුඹ මගේ ළඟින් නම්
කඳුළු කුමකට ඉතින්..
ලස්සනයි අක්කේ....
ReplyDeleteඊට වඩා දෙයක් කියාගන්න බෑ....
ආදරේ කරන කෙනා ලගින් ඉන්නවා නම් කදුල කුමකට ද ? හරිම ලස්සනට පද ගලපලා ලියලා.ආදරේ කරන කෙනා ලග හිත රදන්න කොයි කෙනාද ඉතින් අකමැති.
ReplyDelete"කදුල ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට"
ඔහොම කියන්නේ ආදරේ කරන කෙනා ලග කදුලට ඉඩක් නැති හන්දා වෙන්ටැ. එහෙම නේද පිණිබිදු !!!!!
(අත්දැකීම් තියෙන කට්ටිය කියන්ටකෝ)
අනේ මන්දා..අපිට නම් අත්දැකීම් නෑ ඔන්න...
ReplyDeleteඒ වුණාට ලස්සනට ලියලා තියෙනවා අක්කේ....
ලස්සනට ගලපන්න කවි
ReplyDeleteහිත මහ පුදුම විදියට
පෙලගස්සනවා සිතුවිලි..
ලස්සනයි පිණිබිඳු...
හරිම ලස්සනයි......
ReplyDeleteමා සිත් වටා ආදරෙන්
වෙලී ගිය ලතාවයි ඔබ
සමන් පෙති විහිඳමින්
සුවඳ කරවයි මා දිවිය
උතුරනා දෑසින් ආදරය දැක ගන්න
සිහින මැවු ආදරය සිත් පුරා විඳගන්න
ඔබේ සිත් අහසට නොකියාම වඩින මා
පමා නොව විගසින්ම එමි ඔබව හමුවන්න....
කාලෙකින් ලිව්‍වේ. චොස් කිරිකොස් වගේ. කමක්නෑ. අක්කටනේ.
"දඟයො, මේ අහගනින්" මම නම් කැමතිම ඔය කෑල්ලට... මරු..
ReplyDeleteමම පොඩි එකා හරිය
ReplyDeleteෂා..... මේක නම් හරිම ලස්සනයි...
ReplyDelete"නුඹේ ඔය හිත් අගින්
ReplyDeleteදෝරෙ යන ආදරෙන්
හිත නිවෙන අපූරුව
සෙනෙහසින් සිහිකරම්.."
හරිම ලස්සනයි පිණිබිදු කවි පෙල...
නියම රිද්මයක් තියන නිසදැසක්...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපිණිබිඳු අක්කට මල්සරාගේ බුලට් එකක් වැදිලා වගේ.....
ReplyDeleteමොනවා වුනත් කවි ටික නම් ලස්සනයි අක්කේ.....
දඟයා කව්ද දන්නේ නෑ ඕං.... ;) :D
ලස්සන කවිය . පිනි බින්දුට දැන් කවි ලියන්න කෙනෙකුත් ලැබිලා වාගේ . අපිට සතුටුයි .
ReplyDeleteපිණි බිඳුට ලස්සනට කවි ලියන්ටත් පුලුවන්නේ. කවි ලියැවෙන්නේ ආදර හිත් පහල උනාම ලූ.
ReplyDeleteලස්සනයි අක්කා..
ReplyDeleteඒකත් ජයසිරි මන්ගලම්............ :D
ReplyDelete(පාල)
නුඹ මගේ ළඟින් නම්
ReplyDeleteකඳුළු කුමකට ඉතින්..
වෙලාවකට ඕක බොරු . . . . .
හරිම ලස්සනයි... මමනම් ඉතින් කවිකාරියක් නැමෙයි... මෙහෙම ලස්සනට ලියන්න බැහැ.... :)
ReplyDeleteකවි රස විදින්න තරම් හෑකියාවක් මට නෑ. අනේ මාත් ආසයි ලියන්න එකත් බෑ
ReplyDeleteලස්සන කවි ටික අක්කියා
ReplyDeleteකවි මවන හිත දරන්
දඟකාරි, මේ අහගනින්
නුඹ මගේ ළඟින් නම්
කඳුළු කුමකට ඉතින්..
@ prasanna86k - ස්තූතියි මාලු.
ReplyDelete@ මධුරංග - ආදරේදි කඳුළු නෑ කිව්වොත් ඒක බොරු.
ReplyDelete@ පිසාචයා - හා හා එහෙනම් කට්ටිය අත්දැකීම් ලැබුනාම ලියන්නකො.
ReplyDelete@ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - ස්තූතියි. අනේ අප්පා මේ නම කියන්නෙ කොහොමද. මට දිව පැටලෙනවා.
ReplyDelete@ හා පැටික්කි (MS) - මෙන්න හා කවි. ලස්සනයි නංගි.
ReplyDelete@ සාතන් - ඒ දඟකාර කමට මම කැමතියි වෙලාවකට.
ReplyDelete@ රත්ගමයා - අනේ පව් පොඩි එකා. ඒ හන්ද වෙන්න අති අර පණ දාගෙන මෙගා සීරීස් ලියන්නෙ. ඉකේයියා.
ReplyDelete@ StArry aNgeL - ස්තූතියි තරු සුරංගනාවි...
ReplyDelete@ Dinesh - ස්තූතියි දිනේශ්.
ReplyDelete@ ටී.බී. හේරත් - තැන්කූ තැන්කූ..
ReplyDelete@ ශාන්..... - දඟයා අරයා තමා. හික්ස්.
ReplyDelete@ හිස් අහස - කාලෙකට කලින් ලැබිච්ච කෙනාම තමා ඉතින්.
ReplyDelete@ Podi Kumarihami - ආදරේ දිහා බලාගෙන කවි ලියන්නත් පුලුවන්
ReplyDelete@ නිම්ශා - ස්තූතියි නිම්ශා.
ReplyDelete@ පාල - හාකො හාකො ඉතින්.
ReplyDelete@ ඕනයා - ඔව් වෙලාවකට නම් ඉතින් ළඟින් හිටියත් කඳුළුත් ඕනෙ වෙන වෙලාවල් තියෙනවා.
ReplyDelete@ කොට ජීවිතේ - අච්චර ලස්සනට කතා ලියන ඔයාට කවි ලියන්න බෑ කියල නම් මම විශ්වාස කරන්නෙ නෑ.
ReplyDelete@ පිස්සු පුසා - වෙලාවක ට්‍රයි එකක් දාල බලන්නකො.
ReplyDelete@ බීටා - දඟකාරිටත් ඒක ගැලපෙනවා.
ReplyDeleteකවි මවන හිත දරන්
ReplyDeleteදඟයො, මේ අහගනින්
නුඹ මගේ ළඟින් නම්
කඳුළු කුමකට ඉතින්..
හිතට අල්ලලා ගියා .......
ලස්සනයි ........
කඳුළු නැති ආදරය පරිප්පු නැති හෝටලයට සමානයි.. මේ බැඳලා ළමයිත් ඉන්න අපිටත් එහෙමමයි..
ReplyDelete