අපේ සීයා තමා අපේ ඔංචිල්ලා චක්‍රවර්තී. ඉස්සර අක්කයි මායි නාහෙන් අඬලා අඬලා කොහොම හරි සීයට කියල ඔංචිල්ලාවක් බැඳ ගන්නවා. ඔය ඔංචිල්ලා වලටම වෙන් වෙච්ච අඹ ගහක් අපේ ගේ පිටිපස්සෙ තිබුණා. ගානට හරහට හැදිච්ච ශක්තිමත් අත්තකුත් එක්ක ඒ අවට හොඳට ඔංචිල්ලා පදින්න ඉඩත් තිබුණා.
කොහොම හරි ඔංචිල්ලාවක් හම්බුණා කියමුකො. පුහ්. අපේ අක්කා එක්ක කොහෙද. එයා තමා ඔංචිල්ලා ඔපරේටර් හෙවත් පයිලට්.
ඔංචිල්ලා පදිද්දි විතරක් නෙමේ මොන සෙල්ලම කරන්න ගියත් බාලයා වීමේ අවාසිය මට තියෙනවා. ඉස්කෝලයක් දැම්මොත් මම අනිවාර්යයෙන්ම ගෝලයා විය යුතුමයි. එයා අම්මා උනොත් අනිවාර්යයෙන්ම මම දරුවා විය යුතුමයි. මේකෙදිත් මට එයාගෙ අවසරය නැතුව ඔංචිල්ලාව අල්ලන්නවත් බෑ.
"හා හා තමුසෙට බෑ ඕක තනියම පදින්න"
"ඉන්නවකො මම අම්මට කියන්නම්."
"තමුසෙ උසත් නෑ. නැගල වැටෙනවකො."
අක්කා ලොක්කි විදිහට එයාගෙ නිෂේධ බලය අහිංසක මම කරා පතුරවනවා. ඔය ඉතින් මම බටු ඇට දෙකක් වත් උස නැති කාලෙ වෙච්ච දේවල්නෙ. දැං නම් ඔහොම කිව්වොත් බලා ගන්න පුලුවන්. (හික්ස්. දැනුත් මම එයාට බයයි තමා ඉතින්).
ඔය නිෂේධ බලය කියන අසාධාරණ අවිය නිසා ඔංචිල්ලාවෙදි නිතරඟයෙන්ම අක්කා පයිලට් බවටත් මම ගුවන් නැවියා බවටත් පත් වෙනවා.
මම අමාරුවෙන් ඉස්සිලා උඩ පැනලා ඔංචිල්ලාවෙ වාඩි උනාට පස්සෙ අක්කා ඔංචිල්ලාව පිටි පස්සට තල්ලු කරගෙන ඇවිත් ගැම්ම අරන් ඉස්සරහට තල්ලු කරන ගමන් ඔංචිල්ලාවට පැනලා හිටගන්නවා. ඊට පස්සෙ එයා තමා ඔංචිල්ලාව පදවන්නෙ.
සුළඟේ වේගය, සුළඟේ දිශාව, ආර්ද්‍රතාවය, ඔංචිල්ලාව ඉහළ නැගිය යුතු කෝණය ආදී මෙකී නොකී කරුණු අපේ පයිලට් උන්දෑ පරික්සා කොරද්දි ගුවන් මගියා වෙච්ච මම ඉතින් අවට පරිසරය පරික්සා කොරන්ට එපැයි.
අපේ යානය පොලව මට්ටමට කිට්ටුවෙන් යද්දි කකුල් බිම වද්දගෙන දූවිලි නග්ගන්නයි, තණකොළ ගස්වල මල් කඩන්නයි, අපි ඉහල පහල යනකොට බිම ඉන්න කූඹි, දළකඩියො, ගොලුබෙල්ලන්ගෙ ශරීර ප්‍රමාණය වෙනස් වෙන හැටි නිරීක්ෂණය කරන්නයි මට කොච්චර වැඩද.
අක්කයි මායි අපි දෙන්නගෙ රාජකාරි වෙන වෙනම කරද්දි ඔංචිල්ලාව ඉස්සරහට යනවා පස්සට එනවා. ආයෙත් ඉස්සරහට යනවා ආපහු පිටිපස්සට....
අපේ පයිලට්ට යානයේ වේගය පාලනය කරගත නොහැකිව ඉතා වේගයෙන් ඉදිරියට ඇදී එන අතර අක්කගෙ කෑ ගැහිල්ල ඇහෙනවා..
"අයින් වෙනවා ඕයි....."
"නංගි නංගි කතා කරනවකො. මොනා හරි කියනවකො".
අපෙ අක්කගෙ කටේ පවර් එක අඩුවෙලා.
හපොයි මට මොනාද මේ වෙලා තියෙන්නෙ. ගව් ගානක් ඈත ඉඳන් කතා කරනවා වගේ ඇහෙන්නෙ.
ටක් ටක් ගාලා අත උඩට මොනාද වැටෙනවා. නහයෙන් ලේ ගලනවා. ඒ පාර නං අක්කා හොඳටම බය වෙලා. අම්මලත් ඇවිත් අයිස් තියල තමා ලේ නවත්ත ගත්තෙ.
නහයෙන් ලේ ගැලීම කෙසේ වෙතත් අක්ක නම් ගුටි කෑවා. පව් වැඩේ ඒක නං. ගුවන් මගියා බිම තියෙන දේ නිරීක්ෂණය කරන්න ගියපු එක පයිලට්ගෙ වැරැද්දක් නෙමේනෙ.
ඒ සිද්දිය වෙලා ටික දවසක් යනකල් නං අක්කගෙ සෙල්ලම් ගෙදර මට හෙන සැලකිලි. කාලෙත් එක්ක සිද්ධියේ උණුසුම අඩු වේගෙන යද්දි අපෝ ආයෙත් අර නිෂේධ බලයට යටත් වෙන්න උනා.
දැන් කියලත් ඕකෙ වෙනසක් තියෙනවයැ. මේක කවද හරි අක්කා කියෙව්වොත් එයාගෙ කටින් පිට වෙන පළවෙනි වචන සෙට් එකත් මට කියන්න පුලුවන්.
"තමුසෙට පිස්සුද ඕයි. මොනාද අර ලියල තියෙන්නෙ."
කොහොම හරි ඔංචිල්ලාවක් හම්බුණා කියමුකො. පුහ්. අපේ අක්කා එක්ක කොහෙද. එයා තමා ඔංචිල්ලා ඔපරේටර් හෙවත් පයිලට්.
ඔංචිල්ලා පදිද්දි විතරක් නෙමේ මොන සෙල්ලම කරන්න ගියත් බාලයා වීමේ අවාසිය මට තියෙනවා. ඉස්කෝලයක් දැම්මොත් මම අනිවාර්යයෙන්ම ගෝලයා විය යුතුමයි. එයා අම්මා උනොත් අනිවාර්යයෙන්ම මම දරුවා විය යුතුමයි. මේකෙදිත් මට එයාගෙ අවසරය නැතුව ඔංචිල්ලාව අල්ලන්නවත් බෑ.
"හා හා තමුසෙට බෑ ඕක තනියම පදින්න"
"ඉන්නවකො මම අම්මට කියන්නම්."
"තමුසෙ උසත් නෑ. නැගල වැටෙනවකො."
අක්කා ලොක්කි විදිහට එයාගෙ නිෂේධ බලය අහිංසක මම කරා පතුරවනවා. ඔය ඉතින් මම බටු ඇට දෙකක් වත් උස නැති කාලෙ වෙච්ච දේවල්නෙ. දැං නම් ඔහොම කිව්වොත් බලා ගන්න පුලුවන්. (හික්ස්. දැනුත් මම එයාට බයයි තමා ඉතින්).
ඔය නිෂේධ බලය කියන අසාධාරණ අවිය නිසා ඔංචිල්ලාවෙදි නිතරඟයෙන්ම අක්කා පයිලට් බවටත් මම ගුවන් නැවියා බවටත් පත් වෙනවා.
මම අමාරුවෙන් ඉස්සිලා උඩ පැනලා ඔංචිල්ලාවෙ වාඩි උනාට පස්සෙ අක්කා ඔංචිල්ලාව පිටි පස්සට තල්ලු කරගෙන ඇවිත් ගැම්ම අරන් ඉස්සරහට තල්ලු කරන ගමන් ඔංචිල්ලාවට පැනලා හිටගන්නවා. ඊට පස්සෙ එයා තමා ඔංචිල්ලාව පදවන්නෙ.
සුළඟේ වේගය, සුළඟේ දිශාව, ආර්ද්‍රතාවය, ඔංචිල්ලාව ඉහළ නැගිය යුතු කෝණය ආදී මෙකී නොකී කරුණු අපේ පයිලට් උන්දෑ පරික්සා කොරද්දි ගුවන් මගියා වෙච්ච මම ඉතින් අවට පරිසරය පරික්සා කොරන්ට එපැයි.
අපේ යානය පොලව මට්ටමට කිට්ටුවෙන් යද්දි කකුල් බිම වද්දගෙන දූවිලි නග්ගන්නයි, තණකොළ ගස්වල මල් කඩන්නයි, අපි ඉහල පහල යනකොට බිම ඉන්න කූඹි, දළකඩියො, ගොලුබෙල්ලන්ගෙ ශරීර ප්‍රමාණය වෙනස් වෙන හැටි නිරීක්ෂණය කරන්නයි මට කොච්චර වැඩද.
අක්කයි මායි අපි දෙන්නගෙ රාජකාරි වෙන වෙනම කරද්දි ඔංචිල්ලාව ඉස්සරහට යනවා පස්සට එනවා. ආයෙත් ඉස්සරහට යනවා ආපහු පිටිපස්සට....
ඩොහ්..
කූඹි කඩියො බල බලා හිටපු මගෙ ගුරුත්ව කේන්ද්‍රය අසංතුලිත වෙලා මම බිම. යානයේ මගියා වැටුනට යානය වැටුනෙ නෑනෙ. කෝ බොල අක්කා...අපේ පයිලට්ට යානයේ වේගය පාලනය කරගත නොහැකිව ඉතා වේගයෙන් ඉදිරියට ඇදී එන අතර අක්කගෙ කෑ ගැහිල්ල ඇහෙනවා..
"අයින් වෙනවා ඕයි....."
ඤැහ්...
මෙච්චර වෙලා බිම හිටිය කූඹි දළකඩි ගොලුබෙල්ලො නේද මේ පියාපත් ඇවිත් මගෙ ඔලුව වටේ පියාඹන්නෙ. මම ඔලුව උස්සලා බලද්දි ඔංචිල්ලාව ආපු වේගෙට වැදිලා තියෙන්නෙ මගෙ නහයෙ. අම්මෝ.. ඔලුව ඇතුලෙ බෝම්බයක් පිපිරුවා වගේ."නංගි නංගි කතා කරනවකො. මොනා හරි කියනවකො".
අපෙ අක්කගෙ කටේ පවර් එක අඩුවෙලා.
හපොයි මට මොනාද මේ වෙලා තියෙන්නෙ. ගව් ගානක් ඈත ඉඳන් කතා කරනවා වගේ ඇහෙන්නෙ.
ටක් ටක් ගාලා අත උඩට මොනාද වැටෙනවා. නහයෙන් ලේ ගලනවා. ඒ පාර නං අක්කා හොඳටම බය වෙලා. අම්මලත් ඇවිත් අයිස් තියල තමා ලේ නවත්ත ගත්තෙ.
නහයෙන් ලේ ගැලීම කෙසේ වෙතත් අක්ක නම් ගුටි කෑවා. පව් වැඩේ ඒක නං. ගුවන් මගියා බිම තියෙන දේ නිරීක්ෂණය කරන්න ගියපු එක පයිලට්ගෙ වැරැද්දක් නෙමේනෙ.
ඒ සිද්දිය වෙලා ටික දවසක් යනකල් නං අක්කගෙ සෙල්ලම් ගෙදර මට හෙන සැලකිලි. කාලෙත් එක්ක සිද්ධියේ උණුසුම අඩු වේගෙන යද්දි අපෝ ආයෙත් අර නිෂේධ බලයට යටත් වෙන්න උනා.
දැන් කියලත් ඕකෙ වෙනසක් තියෙනවයැ. මේක කවද හරි අක්කා කියෙව්වොත් එයාගෙ කටින් පිට වෙන පළවෙනි වචන සෙට් එකත් මට කියන්න පුලුවන්.
"තමුසෙට පිස්සුද ඕයි. මොනාද අර ලියල තියෙන්නෙ."
හිහි... එතනින් එහාට මුකුත් නොකියමි....
ReplyDeleteඅනේ පව්...
ReplyDeleteමගේ නහය රිවට් උනේ බයිසිකල් පදින්න ගිහිල්ලා...
වයස අවුරුදු පහක් වත් නෑ මම හිතන්නේ..අමතර රොද දෙකෙන් එකක් බුරුල් වෙලා පාරේ තාර කට්ටක් උඩ දඩෝං...නහයම තමා වැදුනේ.....
මම පව් නේ...
අක්කට හෙන බයයි නේ .......
ReplyDeleteමටත් ඔය වගේ වැඩක් පොඩි කාලෙදි වෙලා මැහුම් දෙකක් දැම්මා නලලේ ...........
මරු අක්ක නගෝ දෙපල..පොඩිකාලෙ ඉතින් ඔහොම තමා. අතක් පයක් කඩාගෙන තුවාලයක් කරගත්තෙ නැති පොඩි එකෙක්ගෙන් වැඩක් තියනවද?
ReplyDeleteමොනව උනත් කතාව ගොඩක් ලස්සනට ලියල තියනව එක හුස්මට කියවගෙන ගියා.
මගේ නංගයි මාත් ඔහොම තමා... මිනූ නංගට නම් දැන් ඉතින් ඔන්චිල්ලා පදින්න බෑනෙ...එයාගෙ තටු කපලා දාලා.... නැත්තම් ඉතින් ලොකුයි කියලා නෑ...තාමත් උන්චිල්ලා පදින්න ආසයි...
ReplyDeleteපුංචි කාලෙ දේවල් මතක් කරන්න වගේ තාමත් ගේ ඉස්සරහා ඔන්චිල්ලාවක් තියෙනවා
අක්කගෙන් බැනුම් නෙමෙයි ගුටිත් කන්න වෙයි කියලයි මම කියන්නේ
ReplyDeleteඅයියලාට ඔංචිලි පිස්සුව නැත්තේ හොඳ වෙලාවට. හික්ස්......
ReplyDeleteමාර ආතල් මේක කියවන එක.. සිරාවට!!! මම දෙපාරක් කියෙව්වා..
ReplyDeleteමගෙනම් නහය බෙරුනා. ඔලුවනම් 3න්4තර පරක් පලගෙන තියනවා (ගුටි කාලා එහෙම නෙමේ ඇ)
ReplyDeleteආයෙ අක්කගෙන් කයි වගේ..
ReplyDeleteඑකනේ මගියා වැටුනම පයිලට් කොහොමද එකපාරම එන්නේ.. ඔයා මොකද ලැන්ඩ් කරන තැනම හිටියේ??
ReplyDeleteමෙයා බොරූ....... කියන්නේ... මෙයා අක්කට හලි ආදලෙයි.... (මට දවසක් කිව්වනේ)
ReplyDeleteමොකද මෙයා දන්නේ නෑනේ අක්කා පිටි පස්සේ ඉඳන් කකුලෙන් කික් කරලයි කියලා... පවු වැඩේ....
"අයින් වෙනවා ඕයි....."
ReplyDeleteඤැහ්...
ඔය ටික ලියල තියෙන විදිහ තමයි මරුම.... මම කල්පනා කලේ ඕක අදුරන අයට කොහොම කියනව ඇද්ද කියල... සවුන්ඩ් දාල රඟපාල කියනව මැවිල පේනව... හු හූ.....
පික්ෂු හැදෙයි.. සද බැබලෙයි කිවුවලු...
ReplyDeleteඔලුව එකපාරක්වත් පැලිලා නෑ .. නාහෙන් එකපාරක් ඇරෙන්න කවදාවත් ලේ ඇවිල්ලා නෑ . කවදාකවත් කලන්තේදාලා වැටිලා නෑ ..දන්නවද ඒ සිංහයා කවුද කියලා ?
ReplyDelete..ඕක තමයි කියන්නේ ඔය ගුවන් ගත වෙනකොට සීට් බෙල්ට් දාගන්න කියලා ..කෝ ඒවා එකක්වත් අනුගමනය කරලා නෑ නේ . අනික පැරෂුට් එකක් ඕලෙවේස් ලඟ තියාගන්න එපෑය ..
අදයි මම මේ පැත්තේ ආවේ..ඇත්තටම කියවන්න කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියනවා...
ReplyDeleteඅක්කා ඒ ටික විතරක් කියවල නතර උනොත් ඇති නේද????????
ඔන්න තවත් හේතුවක් ඒ පැත්තෙ ගොඩවෙන්න . . . දැං මෙහෙමයි ඇජෙන්ඩා එක . . .
ReplyDelete-පිණිබිඳුලයි ගෙදරට යාම.
-තේ හෝ සිසිල් බීම වඩියක් බීම
-තාත්තාගේ එලවලු කොටුව බැලීම
-තාත්තා හදපු "මල් ගෝවා" බයිට් එක සහ පොලොන්නරු ඉස්පැසල් වලින් තාත්තත් එක්ක සෙට් වීම
-දිවා ආහාරය (පවුලේ සියල්ලන්ම සමගින්)
-වෙරි මරගාතෙන් "දර මිටියේ" කතාව අම්මාට කියා දැමීම
-"මේකි ගෙදර දේවල් පිටදි කියනව නේද?" යනුවෙන් මල පනින අක්කාට "ඔන්චිල්ලාවේ කතාව" කියමින් . . . . ඉවසන්න උපදෙස් දීම.
-ආපසු පිටත් වීම
නියමයි නංගි..ඔය ලියලා තියෙන්නේ ලොවෙත් නැති වෙන්න...නිකං විනාඩි 15 වේ චිත්තරපටියක් බැළුවා වගේ..
ReplyDelete@ඕනයා...
මාත් එනවා මචෝ...මටත් බැරියෑ පැත්තක ඉඳන් ඔය කතාවල්වලට පෝර ඇබින්දක් දාන්ට...හැක් හැක්...
රනේ රුව සේ ඇති බාල ලදුන් නේ
ReplyDeleteකණේ තොඩු දෙක දෙපිට වැනෙන් නේ
ඉනේ සළුව තද කර ඇද ගන් නේ
අනේ ළදුනි ඔංචිලි පැදපන් නේ
මේක කියෙව්වහම ඔංචිල්ල පදින්න ගිහින් මට උන ඇබැද්දියක් මතක උනා. මම ඒක ගැන පෝස්ට් එකක් දාන්නම්කෝ.... :)
ReplyDelete@ කිඩෝ - මටත් එතනින් එහාට කියන්නට දෙයක් නැත. හික්ස්.
ReplyDelete@ රත්ගමයා - අම්මෝ.. ඔලුව වටේ කුරුල්ලො ඉගිලුනාද. නාහෙ ඇද උනේ එදා ඉඳන් නේද.
ReplyDelete@ කල්හාර දිසානායක - කට්ටියම එක වගේ එහෙනම්.
ReplyDelete@ කස්සා - ස්තූතියි සහෝ. පුංචි කාලෙ මගෙ නම් එකම මඩ විමානයයි.
ReplyDeleteඔන්චිලි පැදලා වැඩ පෙන්නන්න ගිහින් මම හොම්බෙන් නෙවෙයි පස්සෙන් ගියා.. කාටත් පෙන්නන්න අකමැති පැත්තට බෙහෙත් දාන්න ගිහින් විඳපු තරමේ හැටියට අදත් මට ඔන්චිල්ල දැක්කම පස්ස පැත්තට පොඩි දැනීමක් එනවා..
ReplyDelete@ දිල් - පුංචි කාලෙ කොච්චර සුන්දරද. අනේ දිල් ඔයාගෙ නංගිට ඉක්මන් සුවය පතනවා මම.
ReplyDelete@ මනුසත් - අක්කගෙන් කාල තියෙනවා හැබැයි ඒ පොඩිකාලෙ. හහ්. එව්ව කොහෙද දැන් මාත් එක්ක.
ReplyDelete@ හා පැටික්කි (MS) - අයියලට ඔංචිලි පිස්සුව තිබ්බා නම් මට හපන් දෙයක් ඔයාට වෙන්නෙ.
ReplyDelete@ රවින් - තැන්කූ තැන්කූ...
ReplyDelete@ පිස්සු පුසා - "ගුටි කාලා එහෙම නෙමේ ඇ.." හා හා අපි හිතාගන්න ඕනෙ එක හිතාගන්නම්කො.
ReplyDelete@ තාරක Dilsh@n - දැක්කොත් නම් කෑමක් තමා මට.
ReplyDelete@ Dinesh - මට එක පාරට වැටිච්ච ගමන් නැගිටගන්න සිහියක් තිබ්බෙ නෑ. අනිත් එක ඔංචිල්ලාව මට වැඩිය ඉක්මන් උනා.
ReplyDelete@ prasanna86k - අප්පට සිරි එහෙමත් වෙන්න පුලුවන් නේද. මට ඕක කල්පනා උනේ නෑනෙ. එහෙනම් ඕකි ගුටි කාපු එක හොඳ වැඩේ.. හික්ස්.
ReplyDelete@ සාතන් - සවුන්ඩ් දාලා රඟපාලා මම නෙමෙයි ඕක අපේ ගෙදර කට්ටියමයි කියවන්නෙ. නෑදෑයො එකතු උනාම මම තමා පොදු බයිට් එක. ඒ තරම් මගේ පොඩි කාලෙ එකම මඩ ගොහොරුවක්.
ReplyDelete@ චතූ - සඳ ෂුවර් එකටම බැබලෙයිද?
ReplyDelete@ හිස් අහස - ඒ තමා අපේ නාහෙ ගල්කුඩු ගිය සඳරුවා. හූ හූ.. අනිත් දවසෙ ඔංචිල්ලා බඳිද්දි සීට් බෙල්ට් හයි කරන්න ඕනෙ.
ReplyDelete@ දේවා ගේ අඩවිය - ස්තූතියි දේවා. ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට. අක්කා බැනල නතර උනොත් ඇති අහල පහල බඩු භාණ්ඩ පියාඹවන්නෙ නැතුව.
ReplyDelete@ ඕනයා - ඕනයියේ... ග්ර්ර්... ඔය ඇජෙන්ඩා එකට තව එකක් ලියා ගන්න පිණිබිඳු ගෙදර උන්ගෙන් ගුටි කන සැටි බලා සිට උඩ පැන පැන සිනාසීම කියලා. අහුවෙයන්කෝ....
ReplyDelete@ මාරයාගේ හෝරාව - අපොයි මාරයියෙ මම ජීවිතාවරණයක් අරන් නෑ තාම. ඒක ගන්නකල් හිටපල්ලා අපේ ගෙදර එන්න.
ReplyDelete@ ටී.බී. හේරත් - මෙයා කවි කියනව මෙහෙ.
ReplyDelete@ කොට ජීවිතේ - ලියන්න ලියන්න අපිටත් බලන්න.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - අපොයි. මම කිසිත් නොකියමි.
ReplyDelete@ පිණිබිඳු,
ReplyDeleteහික්// :D
(ඕං හිනාඋනේ ඔයා වැටුන එකට එහෙම නෙවේ, දාල තිබුන ටීකාවට )
මෙන්න පිණිබිදු නාහේ කඩාගෙන.පව් අප්පා. අහිංසක අක්කා ගුටිත් කෑවා. කොහෙද හයියෙන් අලගන්න කියලා කිව්වට අහන්නේ නෑනේ. ඔයා සීට් බෙල්ට් දාගත්තේ නැද්ද ?
ReplyDeleteඒක තමා මේ.
"ඔංචිලි චිලි චිල්ල නගේ
වැල්ල දිගට නාහේ කැඩේ"
මම ගොඩක් පරක්කු වෙලා නේ. මේ වෙනකොට පිණිබිදුවාව ඉස්පිරිතාලෙත් අරං ගිහින් වෙන්ටෑ...
@ මධුරංග - ඔයා එනකොට අපි ඉස්පිරිතාලෙන් ටිකට් කපලා ගෙදර ඇවිල්ලා රෙස්ටුත් කරනවා.
ReplyDeleteමගේ නහයට බඩු හම්බවුණේ බැට් පාරක් වැදිලා..එදා ඉඳන් මම පිතිකරුවා අසල සිලි පොයින්ට් හි පන්දු රැකීමෙන් වලකිනවා..ලස්සන කතාවක් පිණිබිඳ
ReplyDeleteනඟා මෝල්ටඩ් මිල්ක් බොනවනං ඕං මං කුස්සියෙන් තියල ඇති. ඔයි නාහෙ කැඩිච්ච ලෙඩ්ඩුන්ට ඕව හොඳෙයි කියල මක් අහගෙන කවුද කියනව.
ReplyDelete@පිණිබිදු: ආයෙත් අහලා.. බැබලෙයි බැබලෙයි... ඔහොම අද්දෑකීම් ගන්න මා පින් කර නැති හැටි..
ReplyDelete@ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - අපෝ මට හිතාගන්න පුලුවන් කොහොම රිදෙන්න ඇත්ද කියලා.
ReplyDelete@ nawammawatha - අන්න යුතුකම් දන්න අයියලා. තැන්කූ තැන්කූ. ඔය මොල්ටඩ් මිල්ක් නාහෙ කැඩුනට පස්සෙ බොනකොට ඉස්පොල්ලෙ යයිද දන්නෙ නෑ.
ReplyDelete@ චතූ - අපරාදෙ ඔයා පින් කරලා මදි මෙහෙම නහය කඩා ගන්න. පමා නොවී කුසලෙහිම යෙදෙන්න.
ReplyDeleteමේ දැං ඔයිට කිට්ටු ලයිව් ෂෝ එකක් බලල ආවෙ, හැබැයි ඔයිතරංම ඉල ඇදෙන සටන් නෙමෙයි. අපේ සිංහබාහුව ඔන්චිල්ලාවට වැඩිය හයියෙන් ගිහින් තනකොලබිස්සට ලෑන්ඩ් කරපු හැටි දැකල උන්දැගෙ අම්ම කෑ ගහපු විදියට මං උන්න එතනම බබා ලැබුන තමයි කියල අඩු සතියකින්ම...
ReplyDeleteමේක කියවද්දි මතක් වුණේ..අම්මට හොරෙන් අඹ ගහට නැගලා අඹ කඩන්න ගිහින් මකුළු පැංචි ඔංචිල්ලාවක් හන්දා යාන්තං අතක් පයක් කඩානන්නෙ නැතුව බේරුනු හැටි... හිකිස්.. එ ගැනත් පෝස්ට් එකක් දාන්ට ඕනෙ පස්සෙ වෙලාවක.. :))
ReplyDeleteමේවා ජීවිත කාලයක්ම පවතින සුන්දර අත්දැකීම්!
ReplyDelete@ ඉන්දික උපශාන්ත - අප්පොච්චියේ සිංහබාහුට තුවාලයක් නෑ නේද. අම්මලා ඉතින් දරුවො ගැන බය වෙනව තමා. ඕකට කෝචොක් කරල හරියනවද.
ReplyDelete@ මකුළු පැංචි - දාන්නකො දාන්නකො. තව ඔංචිල්ලා සීරීස් එකක් පටන් ගමු එහෙනම්.
ReplyDelete@ කතන්දර Kathandara - ඒක ඇත්ත අයියෙ. පුංචි කාලෙ කොච්චර දේවල් අපි දැන් මතක් කරලා විඳිනවද.
ReplyDeleteඇති යන්තම් ඔයින් බේරුනා.....
ReplyDelete@ StArry aNgeL - හික්ස්. මේක මොකද්ද. මම ටිකක් ලොකු කාලෙ මෝටර් සයිකලයක් පදින්න ගිහින් පූරුවෙ කරපු පිනකට නොමැරී බේරුණා. ඒක ගැනත් පස්සෙ පෝස්ට් එකක් දාන්නම්කො. දශමයක් එහෙ මෙහෙ උනා නම් මෙහෙම ලියන්න අද මම නෑ.
ReplyDeleteදැන් තියෙන්නේ ප්ලාස්ටික් නහයක්ද නගේ . . හික්ස්
ReplyDelete@ දුකා - හරි නම් මම යකඩ වලින් නහයක් තමයි දාගන්න තිබුනෙ. ඔය සිද්දිය නිසා දැනුත් මගෙ නහය පොඩ්ඩක් හරි කොහෙ හරි වැදුනොත් ලේ එනවා.
ReplyDeleteහෆොයි.. කියවනකොට මටත් නහය රිදෙන්න ගත්ත.. ලෙසටම ලියල තියනවා..
ReplyDeleteඅපිත් පොඩි කාලෙ ඔංචිලි පැදපු හැටි මතක් වෙනවා. අවුරුද්දට ගමේ ගියහම (මතුගම ) අපේ සීයා තමයි කොස් ගහේ අතු දෙකක් අතරට ලොකු පරාලයක් දාලා ඔංචිල්ලාව බැඳලා දෙන්නෙ. අයේ ඉතින් කැරකිල්ල හැදෙනකං ඔංචිලි පැදලා සමහර වෙලාවට වමනෙත් යනවා....! අපි ඉස්සර කරපු සෙල්ලම් තමයි පුළුවන් තරම් උඩට රුකුල් අරගෙන, ඒ ලඟ ජම්ඹු ගහේ උඩම තියෙන ජම්බු කඩන එක....! හප්පා.... මතක් වෙනකොට ඒ කාලෙට පියාඹලා යන්න හිතෙනවා....! අපේ ගෙදරත් ඉතින් අක්කා තමයි බොස්.
ReplyDelete@ ADK කොලුවා - ලෙසටම ස්තූතියි. හික්ස්.
ReplyDelete@ දුමී - අපිත් ඔය ඔංචිල්ලාවෙ කැරකෙන එක නම් කරනවා තමා. එක පැත්තකට ඔන්චිල්ලාව ඇඹරෙන විදිහට කැරකිලා කකුල් දෙක උඩට ගත්තම අපෝ අනිත් පැත්තට කැරකෙනවා හයියෙන්. නැවතුනාම ඇවිදගන්න බෑ පැත්තට විසි වෙනවා.
ReplyDeleteඔය ඔන්චිල්ලාවෙ කැරකෙන එක අවස්තිථි ඝූර්ණයටත් සම්භන්ධයි නේද?
ReplyDeleteආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අන්තිමයි....සීට් බෙල්ට් නෑ.හැබැයි අක්කේ දැන් ඉන්න පොඩි උන්ට ඔහොම අත්දැකීම් නෑ.අවාසනාව තමා....හිහි...
ReplyDelete