"කැනාස් මල් පෙති වල - ක්‍රෝටන් කොළ වල 'මට මැරෙන්න ඕනා' යැයි ලියූ පුන්සරා නම් ලාංකේය ගම්බද දැරිය ඇල්බේනියාවේ, ඉතාලියේ, සර්බියාවේ, කියුබාවේ, කුර්දිස්ථානයේ හා ඇමෙරිකාවේ ගැහැණුන් හා එක්ව සිනා නැගිය හැකි තරම් බෝ දුරක් පැමිණියාය.
පුන්සරා හා එක්ව ඒ ගමන් මග යන අපට අවබෝධ වන්නේ හෘදයාංගම මිනිස් සබඳතා පිළිබඳ අපම වියාගෙන ඇති මිථ්‍යා කඩතුරා ඉවත් කළ කල්හි දක්නට ලැබෙන සත්‍යයයි.
මේ නිරුවත් යථාර්ථය ඔස්සේ මූල බන්ධන ඉක්මවන ආනන්දනීය විශ්ව ශාන්තියක් උදාකර ගත හැකි සූත්‍රයක් සොයා ගත නොහැකිද?"
ඒ හර්ද සූත්‍රය නවකතාවේ පසු කවරයේ සටහනකි.
නවකතා කලාවේ මගේ ලෝකයේ වීරවරිය සුනේත්‍රා රාජකරුණානායකයි. ඈ සැමවිටම හදවතේ ලේ මස් නහර පසා කරගෙන යන හැඟීමක් වදන් වලට පෙරලන්නීය. මෙයැයි කියා පෙන්වන්නට නොහැකි අමුතු දුකක් ඇගේ වදන් වලින් පෙරී විත් දෙනෙත් කඳුළින් පුරවා දමයි. ඉදින්, දන්නා කාලයේ පටන් මම 'සුනේත්‍රා රාජකරුණානායක සින්ඩ්‍රෝමයෙන්' පෙළෙමි.
හර්ද සූත්‍රය වූ කලී සුනේත්‍රා රාජකරුණානායකගේ සහ සමන් ආතාවුදහෙට්ටිගේ යුග ගීයක් වැනිය. මෙය ඔවුන් දෙදෙනා එක්ව බිහිකල නිර්මානයකි. මා මෙසේ කතුවරුන් දෙදෙනෙකු එක්ව ලියූ නවකතාවක් කියවූ පළමු අවස්ථාව මෙයයි. එය සැබවින්ම අපූර්ව අත්දැකීමකි. ගැහැණිය හා පුරුෂයා නිරන්තරයෙන්ම සිතන පතන ආකාරය දෙවිදියකි. ඔවුන් දෙදෙනාගේ හැඟීම් එක් පුද්ගලයෙකු අතින් ලියවුණානම් මෙය මෙතරම් රසවත් නොවන්නට තිබුණි. කෙසේ කීවද එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් ඒ දීර්ඝ වෙහෙසකාරී අභියොගාත්මක උත්සාහයේ ප්‍රතිඵලයයි 'හර්ද සූත්‍රය'.
පුන්සරා, මවුපියන් මැද තනිවූ දැරියක්. පියාගෙ ආදරේ දෝරෙ ගලන්නට ලැබුණත් ඈට හැමදාම මවගෙ ආදරේ දැනුනෙ අඩුවක්. වයසින් වැඩෙත්ම ඈ අවට දෑ ගැන ඇයට දැනුනෙ නොගැලපෙන බවක්. පෙම්වතෙක්, විශ්ව විද්‍යාලය, රස්සාවක්, විවාහයක් වැනි ඒ වයසේ ගැහැණු ළමයෙකු පතන දේ වෙනුවට ඈ මරණය ප්‍රාර්ථනා කළේ ඇයි? ඇය මරණය අමතනුයේ ඇගේ ජීවිතයේ එක් ජීවමාන චරිතයක් ලෙසටයි.
පුංචි අවදියේ පටන් පුන්සරාගේ මවට පුන්සරා පිළිබඳ තිබුණේ නොරිස්සුමක්. හේතුවක් නොදන්න තරහක්. පුන්සරාගේ ප්‍රාර්ථනය වූයේ කෙදිනක හෝ මේ සිරගෙයින් නික්මීමයි. එහෙත් අවසන මව මානසික රොගියෙකු විය. ඈ රොහල් ගත කර පැමිණි පුන්සරාගේ හිතේ සන්සුන්කම සටහන් වූයේ මෙලෙසය.
ඇගේ හිතේ සක්මන් කළ මහා පුරුෂයා, මුදිත. කෙළි බඩුවකට එහා යුවතියක් ගැන නොසිතූ මුදිතගේ නොසන්සුන් හිත අසල දැහැන්ගතවූ භාවනාව, පුන්සරා. ඒ ආදරය ඇගේ කෝල සිත තුළ ඇතිකළ තිගැස්මක් වගේ.
ආදරය යනු යහන් ගත වීමම නොව, ආදරය යනු කල්පයක් ගියද ආදරයම වග 'හර්ද සූත්‍රය' පසක් කරවයි. ඉදින්, සටහන තවත් දිගුකර හර්ද සූත්‍රයේ ඔබේ කුතුහලය සංසිඳුවන්නට මට නුවමනාය.
එහෙත්, මගේ හිත සුවපත් කළ 'හර්ද සූත්‍රය' ඔබේ හිත ගිලන් නොකරන වග නම් මා අවිවාදයෙන්ම දනිමි.

"මරණය පෙම්වතෙක් වාගේ අවුදින්
කැන්දන් යනකල් බලා සිටිමි.
ජීවිතය, අලුතින් පටන් ගන්න
තුන් කල් බලා උපදින්න
පින් මදි නං
ඔහේ සැරිසරමි.
පවන් පොදක් වී
ගඟේ දිය රැළි කවි කරමි.
නා මලක් වී ගඟ දිගේ පාවෙමි.
චූටි සුදු නාරිලතා මලක් වී
පොත්ගුල් කඳු බෑවුමේ
නැලැවී නැලැවී සිටිමි.
සිංහරාජේ දිය කඳුරක් වී
වනමල් මීවන පඳුරු අතරින්
ගීතවත් වී ගලා හැලෙමි.
මට උවමනා මම
මා ළඟ නැති නියායෙන්
ජීවිතය දුකක් වගද දනිමි.
මට මේ සිර ගෙදර
මා හමු වේදැයි නොදනිමි.
ඉදින්, මට මරණය නම්
කෙසේ වත් දුකක් විය නොහැක
පෙම්වතෙකු මිසක..."

"අම්මේ ඔබ රෝගී බව නොදැන
මම බෝ රෝගීව සිටියෙමි.
ඔබ රෝගී වග සැක හැර දැනගත් මෙදින
මා බෝ නිරෝගීය."
මම බෝ රෝගීව සිටියෙමි.
ඔබ රෝගී වග සැක හැර දැනගත් මෙදින
මා බෝ නිරෝගීය."
ඇගේ හිතේ සක්මන් කළ මහා පුරුෂයා, මුදිත. කෙළි බඩුවකට එහා යුවතියක් ගැන නොසිතූ මුදිතගේ නොසන්සුන් හිත අසල දැහැන්ගතවූ භාවනාව, පුන්සරා. ඒ ආදරය ඇගේ කෝල සිත තුළ ඇතිකළ තිගැස්මක් වගේ.
"ප්‍රථම හාදුවේ
උන්මාදනීය තිගැස්ම
මා හැර නොයයි.
ඔබ මා අසල නැති විටත්
රැයේ නිවසට නාවත්
ඒ හාදුව මගේ නළලෙමයි."
උන්මාදනීය තිගැස්ම
මා හැර නොයයි.
ඔබ මා අසල නැති විටත්
රැයේ නිවසට නාවත්
ඒ හාදුව මගේ නළලෙමයි."
ආදරය යනු යහන් ගත වීමම නොව, ආදරය යනු කල්පයක් ගියද ආදරයම වග 'හර්ද සූත්‍රය' පසක් කරවයි. ඉදින්, සටහන තවත් දිගුකර හර්ද සූත්‍රයේ ඔබේ කුතුහලය සංසිඳුවන්නට මට නුවමනාය.
එහෙත්, මගේ හිත සුවපත් කළ 'හර්ද සූත්‍රය' ඔබේ හිත ගිලන් නොකරන වග නම් මා අවිවාදයෙන්ම දනිමි.
හර්ද සූත්‍රය කියලා පොතක් ගැන නම් අහලා තියෙනවා. ඒ පොත අපේ ප්‍රධාන පුස්තකාලෙත් තියෙනවා දැක්කා. ඒත් කියවන ලැබුනේ නෑ. මේ නිවාඩු කාලයේවත් කියවන්න ගන්න ඕනේ.
ReplyDeleteගොඩක් ස්තුතියි පිණිබිදු මේ පොත ගැන අපිව දැනුවත් කලාට. ඔයත් අපේ නදී අක්කා වගේ පොත් ම කියවන කෙනෙක් නේ. නියමයි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කතාවකුත් තියෙනවනේ.
හොඳ පොතක්ය කියල හිතෙනව . . . ඒත් කනගාටුයි කියවන්න වෙන්නෙ නෑ . . දැනට කියවමින් ඉන්න පොතේ තව බාගයකට කිට්‍ටුව ඉතිරි වෙලා තියනව . . . අලුතින් මිලදීගත්ත පිටු 600ක්ට වඩා තියන පොතක් තියනව ඊට පස්සෙ කියවන්න . . . . ඊටත් පස්සෙ කියවන්න තව පොතකට මුදල් ගෙවල තියෙන්නෙ . . . .
ReplyDeleteමම හෙන සංකීර්ණ පොත් කියවීමෙන් ඈත් වෙලා හෙනම කල්..අම්ගේ චූටි මොලේට ඔව්ව දරාගන්න බෑ නේ අක්කේ...
ReplyDeleteඔන්න ෂර්ලොක් හෝල්ම්ස් වගේ එකක් නම් කමක් නෑ
@ මධුරංග - නිවාඩු වෙලාවක කියවල බලන්නකො. ඇත්තටම වෙනස් පොතක්.
ReplyDelete@ ඕනයා - අනේ අනේ. ගිය පාර පොතක් ගැන පෝස්ට් එක දාද්දිත් ඔය පොත නේද කියව කියව හිටියේ. අනේ අප්පා මට දෙනවකො ඔය පොත් ටික මම දවස් දෙකෙන් කියවලා දෙන්නම්. අපෝ අපරාදෙ පොත් ටිකක් දුක් විඳිනවා. මට ඉරී.......සියයි.
ReplyDelete@ රත්ගමයා - "මම හෙන සංකීර්ණ පොත් කියවීමෙන් ඈත් වෙලා හෙනම කල්.." අනේ බං ඇත්තම කියපන් එහෙම පොත් කියවලා නෑ නේද. හරි හරි මම අනිත් දවසෙ හිමකුමාරි හරි පිනෝකියෝ කතාව ගැන හරි ලියන්නම්කො හොඳේ. නාඬා ඉඳින්.
ReplyDeleteniyama pothak, bt kalayak me wage pothma kiyawala mata nam nikan ....
ReplyDeleteනියම පොතක්, මම කියවල අවුරුද්දක් විතර වෙනව. පිණි ට බොහොම රසවින්දනීය හිතක්නෙ තියෙන්නෙ.
ReplyDelete@ Helping To People - ඔව් එකම වගේ පොතුත් එක දිගට කියවන්න බෑ තමා.
ReplyDelete@ nawammawatha - මෙක මම කියවපු වෙනස්ම කතාවක්. මේක ගැන පෝස්ට් එකක් ලියන්නම ඕනෙ කියල හිත බල කරා. ස්තූතියි නවම් අයියා.
ReplyDeleteහොද පොතක් කියලා හිතෙනවා.. ඒත් ඉතින් ලංකාවේ හිටියනම් හොයාගන්න තිබුනා..
ReplyDeleteයන්ත්‍ර සූත්‍රයක් ගැනවත් තිබ්බ නම් කියවන්න හිතෙනව...
ReplyDeleteහෘද සූත්‍රය මම කියවල හුඟක් කල්. මගෙත් තියෙනව සුනේත්‍රා නෝන එක්ක බොහොම දිගු ආස්සරයක්, ඒක එයා විදර්ශී කියල සඟරාවක් කරන කාලෙ පටන් ගත්තු එකක්. සඳුන් ගිරේ ඉඳම්ම අපි යාලුවො......හෙහ්, හෙහ්,
ReplyDeleteනංගිගෙ විවරණය හරිම අපූරුයි.ආයෙම පාරක් හෘද සූත්‍රය කියවන්නම හිතුනා.
අපූරුයි...
ReplyDeleteමේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ හර්ද සූත්‍රය මර වැස්සෙ කියවද්දි මම ලියපු විකාරයක්
http://pandaslif.blogspot.com/2010/09/blog-post_23.html
මෙහෙම එකක් ගැන අහලාවත් තිබේ නෑ මීට කලින්.. බලමු හොයාගෙන ඒත් කියවන්න හිතෙයිද මන්දා ? මම මේ වගේ ස්ලෝ නම්බර් වලට අකමැතියි .
ReplyDeleteවිචාරය බැලුවාම නම් පොත කියවන්න හිතුනා .
මාත් ගොඩක් කැමති පොතක්
ReplyDelete@ Dinesh - ලංකාවට ආපු වෙලාවක කියවල බලන්නකො එහෙනම්.
ReplyDelete@ ටී.බී. හේරත් - හික්ස්. එහෙනම් සොරි තමා.
ReplyDelete@ Ravi - සඳුන් ගිර ගිනි ගනී පොතත් මාර ආසාවෙන් කියවපු එකක්. මේ දවස් වල මම එයාගෙ 'නන්දිතය' කියවනවා.
ReplyDelete@ පැන්ඩා - හ්ම්ම්ම්... කියෙව්වා. ඔයා වැස්සයි පොතයි එකට රස විඳල වගේ.
ReplyDelete@ හිස් අහස - ස්ලෝ නම්බර්. අනේ මුන්ට හිතෙන එව්වා. ස්ලෝ නම්බර් එකක් නම් තමා මේක.
ReplyDelete@ ම - හුඟක් වෙනස් නේද.
ReplyDeleteමේ පොත මම කියවල නැහැ. ඒත් ඔයාගේ ලිපිය නිසා මට මේක කියවන්න ආස හිතුනා. අද හෙටම හොයාගෙන කියවන්න ඕනා.
ReplyDeleteකියවන්න තමා වෙලාව හොයා ගන්න අමාරු ........
ReplyDeleteබලමු ට්‍රයි එකක් දීලා ......
මරු අක්කේ....
ReplyDelete@ කොට ජීවිතේ - හොයාගෙන කියවල බලන්නකො කොජී. මට ෂුවර් ඔයා කැමති වෙනවා.
ReplyDelete@ කල්හාර දිසානායක - මට නම් පොතක් හම්බුනොත් මම කොහොම හරි වෙලාව නම් හොයාගන්නවා.
ReplyDelete@ prasanna86k - ස්තූතියි මාලු.
ReplyDeleteනෑ . . . කලිං කොමෙන්ට් එක දාද්දි කියෙවුවෙ විල්බර් ස්මිත් ගෙ "River God" පොත. දැන් කියවන්නෙ එයාගෙම "When the Lions feed" පොත. කියවන්න තියෙන්නෙ . . . විල්බර් ස්මිත්ගෙම "Warlock" පොත . . . .
ReplyDelete@ ඕනයා,
ReplyDeleteWilber Smithගෙ "River God" සහ " War Lock" පොත් දෙක අතරෙ තව පොතක් තියෙනව," The Seventh Scroll ".ඊගාවට ඒ කතා මාලාවෙ අවසන් කොටස "The Quest"
මමමේ දවස්වල කියවන්නෙ Wilber Smithගෙ අලුත්ම පොත " Assegai"
බොහොම සන්තෝසයි Wiber Smith ගෙ තවත් රසිකයෙක් හමුවීම ගැන,
@ පිණිබිඳු,
ReplyDeleteනංගි, නන්දිතයත් කියල වැඩක් නෑ. හෙහ්....හෙහ්,
ඊට පස්සෙ ආපු, " පොදු පුරුෂයා", " පූර්ව ජන්ම අපූර්වය" , " බුද්ධ දාසි" සහ අන්තිම එක " කවි කඳුර" ඔයා කියෙව්වෙ නැද්ද?
ඔන්න ලංකාවේ නැති එකේ පාඩුව. හොඳ පොතක්වත් කියවන්න ලැබෙන්නේ නැහැ. අන්තිමට කියෙවුවෙ බාල්හ ගිලානෝ..ලැජ්ජයි තමයි ..
ReplyDelete@ පිණිබිඳු,
ReplyDeleteපොදු පුරුෂයා, පූර්ව ජන්ම අපූර්වය , බුද්ධ දාසි, බත් තරන්ග නියමයි