මෙහෙන්දි.. මාව පිස්සු වට්ටපු කලාවක්.
මෙහෙන්දි මෝස්තරයේ තියෙන සියුම් බව එහි කලාත්මක භාවය වැඩි කරනවා. Extremely creative art.
මෙහෙන්දි ගැන මතකය අලුත් උනා අපේ ප්‍රසන්න මලයගෙ මේ ලිපිය හින්දා. අනිත් එක ගිය සති අන්තෙ මටත් කාලෙකින් ඒ අත්දැකීම ලබාගන්න පුලුවන් උනා.
මෙහෙන්දි කියන්නෙ තාවකාලිකව සමට කරන සැරසිල්ලක්. (Temporary form of skin decoration). මේකට ඉතින් ඕනෙම නම් තාවකාලික පච්චයක් කියල කියන්නත් පුලුවන්.
අපි කවුරුත් දන්න මරතොණ්ඩි වලට දෙහි යුෂ සහ ඉයුකැලිප්ටස් තෙල් එකතු කිරීමෙන් මෙහෙන්දි පේස්ට් එක හදා ගන්න පුලුවන්.
ඉන්දියාගෙ හුඟක් ජන කොට්ටාශ අතර මේ කලාව ප්‍රචලිත උනත් ලංකාවෙ නම් මෙහෙන්දි කලාවට දක්ෂ මුස්ලිම් අය. එක අතක මෙහෙන්දි මෝස්තරයක් දාන්න එයාලට යන්නෙ විනාඩියකටත් අඩු කාලයක්. බ්ලොක් එකක් හරි බලාගෙන අඳින්න පින්තූරයක් වත් නැතුව අතේ හුරුවෙන් පටස් ගාලා මෝස්තරේ අඳින හැටි බලාගෙන ඉන්න ආසයි. ඒ තරම් ඉක්මනට එහෙම සියුම් මෝස්තරයක් අඳිනවද කියන එකත් පුදුමයක්.
මෙහෙන්දි මෝස්තරය අඳින්න පාවිච්චි කරන්නෙ කෝන් එකක්. මෝස්තරය ඇඳලා පැයකින් විතර ඒක වේලෙනවා. එතකොට ගලවන්න පුලුවන්. කුඩු ටික අයින් කරපු ගමන් ලා තැඹිලි පාටට පේන්නෙ. ඒත් පුරා රැයක් වගේ ගියාම ඔක්සිජනීකරණය නිසා මෝස්තරය තද රතු දුඹුරු පාටට හැරෙනවා.
සාමාන්‍යයෙන් මෙහෙන්දි මෝස්තරයක් සතියක් දෙකක් තියෙනවා. ඒක තීරණය වෙන්නෙ මෙහෙන්දි පේස්ට් එකේ තත්වය අනුව. ඒත් ටික කාලයක් තියාගන්න ඕනෙ නම් මෙහෙන්දි මෝස්තරය අතේ අඳින්න කලින් දෙහි යුෂ ටිකක් ගාලා තියන්න. ඒවගේම මෝස්තරය වේලුණාට පස්සෙ කුඩු අයින් කරාමත් දෙහි යුෂ ටිකක් ගාන්න. පොල්තෙල් ගාපුවාමත් වැඩි කාලයක් තියෙනවලු.
මම කලින් කිව්ව වගේ ඔන්න ගිය සති අන්තෙ මට මෙහෙන්දි ආට් එකක් ඇඳගන්න අවස්ථාවක් හම්බුණා. BMICH එකේ වෙඩින් ෂෝ එකට ගිය වෙලාවෙ. ඕක ඇඳගන්නකල් සිහියක් තිබ්බෙ නෑ. අනිත් එක මෙහෙන්දි එකෙන් එන සුවඳ. මම නම් මාර ආසයි අප්පා.
මෙහෙන්දි ඇන්ද ගමන් ඒ අත පැයක් විතර වේලෙන්න දෙන්න ඕනෙ. අත නවලා දිග අරින්න ගියොත් වෙන වෙන මෝස්තර හැදිලා තියෙයි නැත්තන්. ඒ නිසා තමාගේ බඩු බාහිරාදිය අරන් යන්න වෙන කෙනෙකුත් ඕනෙ. හික්ස්.
මොනා උනත් කාලෙකින් හිතේ තිබුණු ආශාවක් ඉෂ්ඨ කරගත්තා.
ඉතින් මගේ හැමදේකටම චුරු චුරු ගගා හරි තනියට එන, මළ වාතෙ කියල බැන බැන හරි හැමදේම කරල දෙන 'ඔයාට' තැන්කූ ඈ...

මගේ එහා පැත්තේ ඉන්න එක්කනත් මෙහෙන්දි වලට පිස්සු වැටිලා ඉන්නේ ;) ;)..ඇදගන්න තැනක් නැතිවනේ ඉන්නේ..අක්කා දන්න තැනක්වත් නැද්ද අප්පා ඕවා ඇදගන්න.. :)
ReplyDeleteමේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs...
Deleteහැබැයි අපි මුස්ලිම් අය නම් නෙමෙයි. අපි සිංහල....
මෙහෙන්දි වලට කැමති අය එන්න අපිත් එක්ක එකතු වෙන්න...
-මල්ෂි සහ අනුෂ්කා-
https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%C3%ABh%C3%ABnd%C3%AF-%C3%84rts/1539943892929314?ref=hl
අහ් මමත් ගොඩක් ආසයි.මෙහෙන්දි වල ලස්සන රටා ගොඩක් තියනව.අපි මුල්ම හොස්ටල් ඉද්දි එකම එක මුස්ලිම් ලමයෙක් අපිත් එක්ක හිටිය.එයා ලස්සනට මෙහෙන්දි අදිනව,ඒ දවස් වල පෝලිම සෑහෙන්න එයාගෙන් මෙහෙන්දි ඇදගන්න.වෙන හොස්ටල් වල ලමයිනුත් ඇවිත් ඇදන් යනව.ගොඩක් ගෑණු ලමයි මෙහෙන්දි වලට ආසයි මම් හිතන්නෙ.කාලයක් තිබ්බ මෙහෙන්දි උන්මාදයක්!ලගදිනම් අදින්න වුනේ නෑ මෙහෙන්දි,:(
ReplyDeleteම්ම්....මමත් ඔයා වගේම ආසයි...හෝම් කමින් එකට ඉන්ඩියන් ඇදලා(චෝලී)..මෙහෙන්දි.. දැම්මම කොහොමද...නේ...? ඕක මගේ හීනයක් අනේ.. ඉන්දියා වලනන් ඕක ඇදෙන විදියෙනුත් අනාවැකි කියනවා..ඔයාගේ අත් දෙකේ ගාපු මෙහෙන්දි තදට ගොඩක් කල් තියෙන්න පතනවා..
ReplyDeleteආපෝ අක්කෙ එයැයි ඔයාට ආදරේට කියන්නෙ "මල වාතෙ" කියලද? ලොල්ය!!!
ReplyDeleteහ්ම්.....දැක්ක දැක්ක ගිහින් තියෙන බව නම්. :))
ReplyDeleteමාත් හරි ආසා වැඩක් ඒත් තාම ඇදගන්න නම් අවස්තාවක් ඇවිත් නෑ. අපේ ගෙදරට අල්ලපු ගෙදරත් මුස්ලිම් ගෙදරක්. ඒත් එයාලා මෝස්තර අඳින්න දන්නේ නෑ. :(
ඉන්දියාවේ අයගෙ විස්වාසයක් තියෙනවලු මනමාලිගෙ අතේ ගාපු මෙහෙන්දි වල පාට තද වෙන තරමට විවාහය සාර්ථකයි හරි, හස්බන්ඩ් ට තියෙන ආදරේ වැඩියි හරි වගේ මොකද්ද එකක්. මම අඳුරන සුදු ගෑනු ළමයෙක් එයාගෙ යාලුවෙක් ගේ වෙඩින් එකට ඉන්දියාවට ගිහින්. යාලුව මෙහෙ හැදුනු ඉන්දියන් කෙල්ලෙක්. කෙල්ලගේ අතේ ගාපු මෙහෙන්දි මොනවා කලත් තද පාටක් ගත්තෙ නෑලු . පව් වැඩේ. ඒ කෙල්ල මුළු වෙඩින් සතිය පුරාම අම්බානක අවුලෙන් ලු හිටියෙ නැන්දම්මගෙන් මොනව අහගන්න වෙයි ද කියල.
ReplyDeleteහික් හික්!! අපිටනං ඔය මෙහෙන්දි ගැන කිසිම ආසාවක් නැත.
ReplyDeleteමාලුව තමයි වග කියන්න ඕන... පව් අර අසරණ සජිත් ගොයිය...
ReplyDelete@ ChammA - මම නම් ඔය වෙඩින් ෂෝ වලට ගියොත් තමා ඇඳගන්නෙ. හැබැයි ඒවා අඳින අයගෙ ශොප් එකක් තියෙනවා බම්බලපිටියෙ.
ReplyDeleteඅසරන අයියාට පවුය....
ReplyDelete@ නදී - මගෙත් මුස්ලිම් යාලුවෙක් හිටියා මෙහෙන්දි අඳින. ඒ අයට මාර හැකියාවක් නේද තියෙන්නෙ.
ReplyDelete@ අසනි - කට්ටියටම මෙහෙන්දි උන්මාදය නේ බලාගෙන යද්දි.
ReplyDelete@ ආගන්තුකයා - ඔව් අප්පා. නිකන් නෙමෙයි. කියන්නෙ අපෝ තමුසෙ නම් මල වාතයක් ඕයි කියලා.
ReplyDelete@ Nisupa - ආයෙ කොහෙහරි තිබ්බොත් මම ඔයාට කියන්නම්කො එහෙනම් හොඳේ.
ReplyDelete@ මුහුදු කොල්ලකාරයා - ආ මාත් ඒ කතාව නම් අහල තියෙනවා. ඕකෙ පාට තීරණය වෙන්නෙ මෙහෙන්දි පේස්ට් එකේ කොලිටි එක මතලු. අලුත් එකක් නම් පාට රැදෙනවා වැඩිලු.
ReplyDelete@ blog gadol - අපොයි එහෙනම් යාලු වෙන කෙල්ල පව්. ඒ කෙල්ල වෙනුවෙන්වත් ඕකට කැමති වෙනවකො.
ReplyDelete@ සාතන් - එයා නම් පව් තමා අප්පා.
ReplyDeleteමමත් හරිම ආසා දෙයක් තමයි මෙහෙන්දි කලාව කියන්නේ, මාත් හිටපු ගමන් ඔය මෙහෙන්දි කෝන් එකක් අරගෙන ඇවිත් තනියමම ගාගන්නවා.. හී හී... මුස්ලිම් යාළුවෙක් අහු වුන දවසට ඉතින් එයාට කියලා මෙහෙන්දි රටාවක් අන්දවගන්න එක අනිවාර්යයි.,
ReplyDeleteතව ටිකක් වැඩිපුර වියදම් කරල පච්චයක්ම කොටාගත්ත නං ඉවරයි නොවැ . . . .
ReplyDeleteකොහොම හරි අක්කා මෙහෙන්දි පාරක් ඈඳගත්තනේ. ඔයා ෆොටෝ කෑල්ලක් ගත්තේ නැද්ද ඉතිං?
ReplyDeleteඋන්මාදයක් නැතත්... කලාවක් වශයෙන් ප්‍රිය කරනවා..
ReplyDeleteඔයා දාපු පින්තූරේ දැක්කම මට මතක් වුනේ මෙන්න මේ වීඩියෝ එක..
ReplyDeletehttp://goo.gl/iIkh6
එක පාරට කලන්තේ හැදෙන අය බලන්නෙපා.... :D
අපේ නංගිත් ඕවට හරි ආසයි. එයානම් හිටි ගමන් තනියමත් ඕවා අතේ ඇඳ ගන්නවා. එයත් දන්නවා ඕවා එක එක විච්චූරණ දාලා අඳින්න....
ReplyDeleteඅර පේන අත්දෙක පිණිබිදුවාගේද ??? හරි චෝයි.....
ReplyDeleteඔය මෙහෙන්දි කිව්වම තමයි මතක් උනේ. මම් යාලුවෙලා හිටපු කෙල්ලත් මාත් එක්ක කැළණි කැම්පස් එකේ ප්‍රදර්ශනයකට ගිහින් රුපියල් 150කටද මන්දා මෙහෙන්දි ගාගත්තා.
ගාලා මට පෙන්නුවාම මම් එකපාරටම ගාන කීයද කියලා ඇහුවා. රු 150ක් කිව්වම "අපරාදේ බඩට මොනාහරි කෑවනම් ඉවරයි !!!!" කියලා කියවුනා. කෙල්ලගේ මූන හතරැස් උනා :)
අයියට ගානට බටර් පාර ගාලා හදාගෙන වගේ නේද ඉන්නේ අක්කේ?අපි කැමති අයියගේ ප්‍රතිචාර දැනගන්න.....:D
ReplyDeleteමමත් හරි ආසයි ඔය වැඩේට... අපිත් කෝන් එකක් අරන් ඇවිත් ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ එකක ඩිසයින් බලාගෙන අඳිනවා... පිනිබිඳු අක්කත් හොඳ අදහසක් දුන්නෙ... ආයෙමත් වැඩේ පටන් ගන්න ඕනෙ... හි හි..
ReplyDeleteමාත් ඇන්දා 10දි. ඒ නම් ඉතින් ආසාවට නොම්බි ඉවර උනාම මුස්ලිම් යාළුවා ගාද්දි මටත් ගෑවා. මගේ නම් ගොඩක් කල් තිබ්බා. නොතිවේවියැ. හොඳට පරිස්සම් කලා ගාපු දවසේ වේලෙන්ට නොදී. හැබැයි ඔය කෝන් වල තියන ඒවට වඩා මරතොන්ඩි ගස් වලින්ම හදලා ගන්න ඒවා ගොඩක් කල් තියනවා.
ReplyDeleteඕව ගාන්නෙ අතේ කැත මැකෙන්න!
ReplyDeleteපිස්සු නැත්තං ෂෝක්...අර ඕනය කිව්වත් වගේ පච්චයක් කොටා ගත්තනං ඔයිට වඩා හොඳයිනේ..
ReplyDeleteසිරාවට අක්කේ පච්චයක් කොටාගත්තානම් අහවරයි ඕනයා හරි ..
ReplyDeleteඅපෙත් ඔෆීස් එකේ හිටියා ඔය මෙහෙන්දි උණ තියන කෙල්ලො දෙතුන් දෙනෙක් ........
ReplyDeleteනරකම නැහැ වැඩේ, ඒත් මගේ වයිෆ් නම් කවදාවත් අහලා නැහැ ඔය ගැන .........
ලස්සන කලාවක් නේද..මම හිතන්නෙ මේවා කරන්නෙ ඇස්වහ දෝස දුරුවෙන්න කියල..ඇයි මූණට වඩා අත් දිහා නේ බැලෙන්නෙ..
ReplyDeleteදැන් ඔය අතදිගට ගාල...වයසට ගියාම සුදු වෙච්ච කොන්ඩේ ගන්නත් හොදයි කියල මම අහල තියෙනවා...
ReplyDelete@ MaRLaN - අපෝ ඒකට කමක් නෑ. මම ඔය ඕනෙ තරම් එයා හන්දා කටු කාලා තියෙනවා.
ReplyDelete@ ප්‍රාර්ථනා - කෙල්ලො කැමතිම කැමති කොල්ලො අකමැතිම අකමැති කලාව මෙහෙන්දිද කොහෙද.
ReplyDelete@ ඕනයා - අපෝ ඕනෙ නෑ. මේක නම් සතියකින් දෙකකින් මැකිල යයි. අපෝ පච්චයක් මකන්න හිතුනාම සේසතම වැය කරන්න වෙයි.
ReplyDelete@ prasanna86k - ඕක ඉතින් ඇඳගත්තු වෙලාවෙ ඉඳන් කරේ එහෙට මෙහෙට හරව හරව ෆොටෝ ගත්තු එක තමා.
ReplyDelete@ sansarasidu - ඒ සියුම් කලාව කරන්න නම් අනිවාර්යයෙන්ම අතේ හුරුව තියෙන්න ඕනෙ.
ReplyDelete@ සෝරෝ - අයියෝ..
ReplyDelete@ පූසා - නංගිට කියලා මෙහෙන්දි රටාවක් දාගත්ත නම් මෙහෙන්දි පූසෙක් වෙන්න තිබ්බා.
ReplyDelete@ මධුරංග - බලනවකො ඉතින් කරපු වැඩේ. පව් ඒ කෙල්ල. කෑම නම් කවද කන්න බැරිද.
ReplyDelete@ මකුළුවා..... - අනෙ අම්මෝ අයියගෙ ප්‍රතිචාරෙ මෙතන නති තරමට හොඳා.
ReplyDelete@ තාරා - ආ අයෙත් පටන් ගන්නකො වැඩේ එහෙනම්. ආස හිතෙනවා.
ReplyDelete@ හා පැටික්කි (MS) - රෙදි හෝදනකොට සබන් වලට තමා ඕක වැඩිපුරම මැකෙන්නෙ. එහෙම කියලා රෙදි නොහෝදා ඉන්නයැ.
ReplyDelete@ ඉන්දික උපශාන්ත - යන්ඩ අයියා. ඕවා ඉරිසියාවට කියන කතා.
ReplyDelete@ මාරයාගේ හෝරාව - මාරයියේ අර රුසියාවටත් වඩා ලොකු එක මොකද්ද. අන්න ඒක.
ReplyDelete@ හිස් අහස - පච්ච නම් මොනාද මලේ. වරෙන්කො අනිත් අතේ මෙහෙන්දියක් ඇඳල දෙන්ඩ.
ReplyDelete@ පන්සල් හංදිය - වයිෆ්ව එක්ක යන්නකො දවසක ඇඳගන්න. බලන්නකො අකමැති වෙයිද කියලා.
ReplyDelete@ ප්‍රසංග - හික්ස්. ඒක දැනගත්තෙ දැන්නෙ.
ReplyDelete@ රතු මුහුද - ඔව් ඔව්. ඔය හෙනා කියන්නෙත් මරතොණ්ඩි වලින් හදන එකක් තමයි මම හිතන්නෙ.
ReplyDelete:D
ReplyDeleteමමත් ලංකාවට ගිය වෙලාවක අතේ මෙහෙන්දි මෝස්තරයක් අන්ඳගත්තා. ආපහු ගෙදර ඇවිත් වැඩට ගිය මුල් දවසෙම සුදු ජාතික යෙහෙලියක් අත අල්ලගෙන සමට මොකද වෙලා තියෙන්නේ කියලා කම්පා උනා. දොස්තර කෙනෙක් ගාවට යන්ටත් උපදෙස් ලැබුනා.
ReplyDeleteඑදායින් පස්සේ මෙහෙන්දි මෝස්තරයක් දිහා අදවෙනකල් ඇහැක් ඇරලා බලලා නෑ.
අලේ මරු පිණිබිදු අක්කේ..මටත් නම් ආසයි...මමත් කවදාහරි ඇඳ ගන්න ඕනේ..ඔයාගේ එක මාසයක්ම තිබේවා...
ReplyDelete@ Podi Kumarihami - අයියෝ ඔයා පැහැදිලි කරලා දෙන්න එපැයි මේ හමේ ලෙඩක් නෙමෙයි ආට් එකක් කියලා. හික්ස්.
ReplyDelete@ නිම්ශා - අනේ නංගො මේ පාර මෙහෙන්දි එක නම් ඉක්මනට මැකෙයි වගේ. යන්තම් සතියයි ගියේ. දැම්මම මැකෙන්න අරන්.
ReplyDelete"මරතෝන්ඩිය රටා ඇදී අතේ කැකුළු හිතේ - මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතී..."
ReplyDeleteමම කිව්වොත් සජිත් පව් කියලා... මෙයා මාත් එක්ක රණ්ඩුවට එයිද?..... ඔන්න ඔහෙ කමක් නෑ... ඇත්ත කියලා පැත්තක් ගියත් මොකෝ...
ReplyDeleteසජිත් පව්! :)
https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%C3%ABh%C3%ABnd%C3%AF-%C3%84rts/1539943892929314?ref=hl
ReplyDeleteමේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs...
හැබැයි අපි මුස්ලිම් අය නම් නෙමෙයි. අපි සිංහල....
මෙහෙන්දි වලට කැමති අය එන්න අපිත් එක්ක එකතු වෙන්න...
-මල්ෂි සහ අනුෂ්කා-
මේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs...
ReplyDeleteහැබැයි අපි මුස්ලිම් අය නම් නෙමෙයි. අපි සිංහල....
මෙහෙන්දි වලට කැමති අය එන්න අපිත් එක්ක එකතු වෙන්න...
-මල්ෂි සහ අනුෂ්කා-
https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%C3%ABh%C3%ABnd%C3%AF-%C3%84rts/1539943892929314?ref=hl