කම්මලේ බල්ලගේ තියරිය හෙවත් බෝඩිං ජීවිතය පෝස්ට් එකේදි මම කිව්වනෙ අපිට ඒ බෝඩිමේ තිබිච්ච ප්‍රශ්නය. ඒක මතක නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න.
මම අන්තිමට කිව්වා තමා ආයෙ කාලෙකට බෝඩිං නම් හොයන්නෙ නෑ කියලා. ඒත් එන්න එන්නම එහෙ ජෝඩුවගෙ රණ්ඩු වැඩියි. ඔතන හිටියා නම් එකෙක්ගෙ මරණෙකට සාක්ෂි දෙන්නත් වෙනවා.
අන්තිමෙදි කම්මලේ බල්ලගෙ තියරිය කැලේ. ඕනෙ මගුලක් කියලා අපි ආයෙ බෝඩිං වන්දනාවෙ ගියා.
හිස්ට්‍රි රිපීට්ස් ඕල්වේස්. කකුල් කැඩෙනකල් හැමතැනම ඇවිද්දත් හිතට හරියන බෝඩිමක් අහු උනේම නෑ. එක්කො දුර වැඩියි. එක්කො බෝඩිමේ ළමයි වැඩියි. අපිරිසිදුයි. බෝඩිං අයිතිකාරයන්ගෙ වාසනාවද අපේ අවාසනාවද මන්දා බලපු කිසි තැනක් ෆිට් නෑ හිතට.
බලාපොරොත්තු කඩවූ සිතින් අපි පාරක් පාරක් ගානෙ යනවා. අපි කිව්වෙ මායි මගෙ යාලුවො දෙන්නයි. පාර දෙපැත්තෙන් කුණු වතුර කාණුවක් තියෙනවා. කුණු ගඳ අපේ නහය සිසාරා යනවා. බෝඩිං නැතුව බිඳුණු සිත් ඇති අපිට කුණු ගඳක් දැනෙන්නෙ නෑ.
එක පාරටම අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක් අඩුයි කියලා මට දැනුනා. එකියක් කුණු කාණුවට එබීගෙන මේං මේං කියල කෑ ගහනවා. අපිට බයත් හිතුනා හිත් බිඳීම නිසා ඇති වන මානසික අවපීඩනය මතක් වෙලා.
අම්මපා මේකිට පිස්සු හැදීගෙන එනවද කුණු වතුර කාණුවකට පනින්න හදන්නෙ. අපිත් "ඔහොම හිටපාං........" කියාගෙන දුවගෙන ගියා.
පැන්නොත් එහෙම කාණුවෙම ගහගෙන යන්න ඉඩ දෙනවා මිසක් අතිජාත මිත්‍රයො විදිහට අපි ඕකට පනින්නයැ.
කොහොම හරි යන්තම් දුවගෙන ගිහින් කාණුවට බහින්න හදන අරකිව අල්ල ගත්තා.
"මොකද බොල මොලේ විකාරද. බෝඩිමක් නෑ තමා ඒ උනාට කාණුවෙ ඉන්න බෑනෙ බං. අපි පණුවො නෙමෙයිනෙ."
"නෑ නෑ බං අර බලපංකො"
අරකි පුංචි එකෙක්ට ජිල් බෝලයක් හම්බුනා වගේ සතුටකින් කාණුවට අත දික් කරනවා.
එතකොට තමා මම මේ දවස් ගාණටම දැකපු ලස්සනම සුන්දරම මන මෝහනීය හද පොපියන දර්ශනය දැක්කෙ.
කාණුවෙ කළුම කළු පාට කුණු ජරාව මඩ වතුර එක්ක සුදු පාට සිලි සිලි ගාලා දඟලන පණුවො අතර හතරැස් ලැමිනේට් කරපු කොළයක කලු පාට බෝල අකුරු ටිකක් අපි දිහා බලලා අත වනනවා.
මට නං ඒ වෙලාවෙ දැනුනෙ අවුරුදු ගාණක් වැස්ස නැතුව ඉඳලා එක පාරටම හෙණ ගගහා වහින්න ගත්තා වගේ. කොහෙ හරි තාප්පෙක ගහලා තිබ්බ දැන්වීමක් කාණුවට වැටිලා.
අපි වහ වහා ටෙලිෆෝන් අංක ලියාගෙන අතර මගදිම කෝල් කරා. මං සලකුණු අහගෙන (කීප පාරක් වැරදි පාරවල් වල ගිහින්, චාටර් වෙලා, බල්ලොන්ගෙන් බේරිලා) අදාල බෝඩිම හොයා ගත්තා.
තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවෙ කාමරයක්. අප්පේ දිලිහි දිලිහි තියෙනවා. අලුත්ම අලුත්. මේක මෙහෙමවත් බේරිලා තියෙන්න ඇත්තෙ නෝටිස් එක කාණුවට වැටිච්ච හින්දම වෙන්න ඇති.
ඒ ගෙදරත් කපල් එකක් පොඩි බබෙකුත් එක්ක. වෙනදා අහන ප්‍රශ්න වලට අමතරව තව එක ප්‍රශ්නයක් කට ඇතුලෙ නලියනවා.
"ඔයාලා රණ්ඩු වෙනවද?"
යන්තම් ඒ ප්‍රශ්නෙ එලියට දැම්මෙ නැතුව නවත්ත ගත්තා. මොනා උනත් මූණ බලාගෙන ඔහොම දෙයක් අහන්න පුලුවන්ද.
ඉතින් කොහොම කොහොම හරි අපි තුන්දෙනාටම බෝඩිම නම් හිතට ඇල්ලුවා. අපි කාපු කට්ට හන්දම ආයෙ බෝඩිං හොයන්නෙ නැතුව අපි මේ බෝඩිමට මාරු වෙන්න තීරණය කරා.
ඉතින් ඔය තමා මගේ අටවෙනි බෝඩිම හෙවත් කුණු කාණුවෙන් හමුවූ බෝඩිම.
පෝස්ට් එක දිග වැඩි වේගෙන එන නිසා මේ බෝඩිමේදි මූණ දීපු අනපේක්ෂිත තත්වය මම වෙන දවසක කියන්නම්කො.

දැන්වීමයි
ගැහැණු ළමුන් තිදෙනෙකු සඳහා නවාතැන් පහසුකම්. නාන කාමරද සහිතයි. මට නං ඒ වෙලාවෙ දැනුනෙ අවුරුදු ගාණක් වැස්ස නැතුව ඉඳලා එක පාරටම හෙණ ගගහා වහින්න ගත්තා වගේ. කොහෙ හරි තාප්පෙක ගහලා තිබ්බ දැන්වීමක් කාණුවට වැටිලා.
අපි වහ වහා ටෙලිෆෝන් අංක ලියාගෙන අතර මගදිම කෝල් කරා. මං සලකුණු අහගෙන (කීප පාරක් වැරදි පාරවල් වල ගිහින්, චාටර් වෙලා, බල්ලොන්ගෙන් බේරිලා) අදාල බෝඩිම හොයා ගත්තා.
තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවෙ කාමරයක්. අප්පේ දිලිහි දිලිහි තියෙනවා. අලුත්ම අලුත්. මේක මෙහෙමවත් බේරිලා තියෙන්න ඇත්තෙ නෝටිස් එක කාණුවට වැටිච්ච හින්දම වෙන්න ඇති.
ඒ ගෙදරත් කපල් එකක් පොඩි බබෙකුත් එක්ක. වෙනදා අහන ප්‍රශ්න වලට අමතරව තව එක ප්‍රශ්නයක් කට ඇතුලෙ නලියනවා.
"ඔයාලා රණ්ඩු වෙනවද?"
යන්තම් ඒ ප්‍රශ්නෙ එලියට දැම්මෙ නැතුව නවත්ත ගත්තා. මොනා උනත් මූණ බලාගෙන ඔහොම දෙයක් අහන්න පුලුවන්ද.
ඉතින් කොහොම කොහොම හරි අපි තුන්දෙනාටම බෝඩිම නම් හිතට ඇල්ලුවා. අපි කාපු කට්ට හන්දම ආයෙ බෝඩිං හොයන්නෙ නැතුව අපි මේ බෝඩිමට මාරු වෙන්න තීරණය කරා.
ඉතින් ඔය තමා මගේ අටවෙනි බෝඩිම හෙවත් කුණු කාණුවෙන් හමුවූ බෝඩිම.
පෝස්ට් එක දිග වැඩි වේගෙන එන නිසා මේ බෝඩිමේදි මූණ දීපු අනපේක්ෂිත තත්වය මම වෙන දවසක කියන්නම්කො.
බෝඩින් හම්බවෙන්නෙත් මරු මරු තැන් වලින් තමා.....
ReplyDeleteකුණු කානුවෙන් උනත් හොද දේවල් හම්බ වෙනවා එහෙනම්. පිණිබිඳු මටත් එහෙනම් කියන්නකෝ ඔය කානුව කොහෙද තියෙන්නේ කියලා.අම්මෝ ඇති යන්තන් පරණ බෝඩිමෙන් මාරු උනා. නැත්නම් අර අයියයි අක්කයි රණ්ඩු කරන විදිහ දැක්කම බය හිතෙනවා.
ReplyDeleteවර්තමානයේ ඉන්නේ මේ බෝඩිමේද අක්කා ?
කුණු ගොඩෙන් උනත් මැණික් හම්බවෙනවා නෙ,පිණි බිඳු අක්කලටත් ඒක තමා වෙලා තියෙන්නෙ,හි හී ඇත්තටම තාම ඉන්නෙත් ඒකෙමද නැත්තම් දැන් වෙන එකකට ගියාද.අපේ අක්ක කෙනෙක් ඉන්නවා මොරටු කැම්පස්,එයාගෙ වැඩෙත් බෝඩිම් මාරු කරන එකම තමා
ReplyDeleteඅපි හිටපු බෝඩිමනං කුණුගොඩක් වුණේ අපි ගියාට පස්සෙ.
ReplyDeleteහෙහෙ අනිත් ටිකක් ලියන්නකො ඉක්මනටම.කියවන්න ආසයි.
ReplyDeleteකුණුගොඩෙන් උනත් මොකෑ අර කීවා වගේ හොද දෙයක් හම්බෙනව නම්.
මම් නම් හිට්යේ බෝඩින් 4ක විතරයි මුලු අවුරුදු 4ටම.මරු මරු සීන් තියනව,වෙලාවක ලියන්න ඕනේ.
ගෑණුන්ගේ පින තියෙන්නෙ කුණු කානුවේ කියලා ඒ ප්‍රස්ථාව වෙනස් කරන්න වේවිද ?
ReplyDeleteඅනික ඔය කුණු කාණු දිහා බලාගෙන යන කෙල්ලෙක් ගැන මම ඇහුවමයි. අපි නම් ඉස්සර ඔය වගේ කුණු කාණුවලට බැල්ම දානව අර රතු පාට පණුවො ඉන්නවද කියලා බලන්න මොකද ඒ කාලේ මාළු ඇති කරනකාලේ මාළුන්ට කන්න දෙන්න.
එලනෙ!!
ReplyDeleteඅර ප්‍රශ්නෙත් අහුවනම් මේ පෝස්ට් එක මෙයිට වඩා වෙනස් වෙන්න ගියා... අපරාදේ... :D
ReplyDeleteඔන්න බෝඩිං හොයන කෙල්ලො කොල්ලො මීට පස්සෙ අනිවා කුණු කාණු චෙක් කරපල්ලා ........
ReplyDeleteමේක කාගෙවත් නෙමේ පිණිබිඳුගේ ඔපීනියන් එකක් ......
anee manda monada mw kiyala.
ReplyDelete@ රත්ගමයා - ඒකනෙ කියන්නෙ මීට පස්සෙ බෝඩිමක් ඕනෙ නම් කාණුවට බහින එක තමා කරන්න තියෙන්නෙ.
ReplyDelete@ මධුරංග - ඇත්තමයි ඒක නම් මහ මානසික වධයක් ඒ බෝඩිමේ ඉන්න එක. අපිට නොබැන්නා උනත් තව කෙනෙක්ට සුද්ද සිංහලෙන් බනින එක අහගෙන ඉන්නෙ කොහොමද. මේ අලුත් බෝඩිමේ තමා තාම ඉන්නෙ.
ReplyDelete@ කඩේ හාමිනේ - එහෙනම් මේක මොරටුවෙ වැරැද්දක්ද දන්නෙ නෑ. තාම මේ බෝඩිමේ තමා ඉන්නෙ. බලමු සමහරවිට තව ටික කාලෙකින් ආයෙ බෝඩිං වන්දනාව පටන් ගන්න වෙයිද දන්නෙ නෑ. අනිත් කොටසත් බලන්නකො.
ReplyDelete@ blog gadol - කාලෙකින් පූස් සෙට් එක ඇවිත් තියෙන්නෙ මේ පැත්තෙ. ඔය කොල්ලොන්ගෙ බෝඩිං ගැන නම් වෙන කතා කුමටද. උන්ට ගානක් දෙන්න ඕනෙ ඕවගෙ ඉන්නවට.
ReplyDelete@ ගලායන ජීවිතය - ලියන්නකො ලියන්නකො මරු සීන් වෙලා ඇති ෂුවර් එකටම.
ReplyDelete@ දුමී - එහෙමත් වෙනස් කරන්න පුලුවන් වෙයි වගේ. තව ටිකක් වෙලා කාණුව දිහා බලන් හිටියා නම් අපිව කෑමට ගන්නවා පණුවො ටික.
ReplyDelete@ Chinthana Fakedeath - ස්තූතියි මිත්‍රයා..
ReplyDelete@ MaRLaN - ඒ ප්‍රශ්නෙත් ඇහුවානම් මේ පෝස්ට් එක ලියන්න මම ඉතුරු වෙන එකක් නා බොල.
ReplyDelete@ පන්සල් හංදිය - නගර සභාවෙන් හරි නම් මට දීමනාවක් ගෙවන්න ඕනෙ මම මේ කරන සමාජ සත්කාරයට
ReplyDelete@ Anonymous - මොකෝ ඇනෝ...
ReplyDelete\ඇත්තටම අර අක්කා කාණුවට වැටුන නම් පිණිබිඳු අක්කා කාණුවට බහිනවද....?
ReplyDeleteඈක්කා මම නම් බහින්නේ නෑ.... ඒත් කෙලි පොඩ්ඩක් එහෙම වැටුනොත් දිවි (පර)දුවට තියලා බැහැලා බේර ගන්නවා.
අනේ මන්දා මම හිතුවේ අර ෆොටෝ එක වගේ පොට් එකක් හම්බවෙලා කියලා :P
ReplyDeleteබෝඩිං ගැන නම් කතා කරන්න ගියොත් වෙන්න ඇඟේ ලේ කෝප වෙන එක විතරයි. ඒ තරම්ම අප්‍රසන්න මාතෘකාවක් තමා බෝඩිං කියන්නෙ
ReplyDeleteමම හිතුවේ කුණු කානුවක් මැද්දෙන් මාලිගාවක් වත් හම්බවෙලාද කියලා ...කොහොම උනත් එ ජොඩුව ගේ අවුල මොකක්ද දන්නේ නැහැ...හෙහේ....
ReplyDeleteකුණු කානුවෙන් හරි කමක් නෑ බෝඩිමක් හම්බවුනා නෙ.
ReplyDeleteකාණුවේ බෝඩිමේ....... :D
ReplyDeleteදැන් ඉතින් ඔය ලස්සන බෝඩිමේදී වෙච්ච ගැටලුව මොකද්ද අප්පා . ඔයා කීවාරයක්නම් බෝඩිං වටවන්දනාවේ ගියාද . දැනටනම් අටපාරයි ! මම එක පාරින් බෝඩිමක් හොයාගත්තා .
ReplyDeleteහ්ම් ... අනේ ඒ ජීවිතය බෝඩිං ජීවිතය මම ඒක මාර ආසයි !
@ බීටා - හෙහ් පිස්සුද මල්ලි. අපි බහියි කාණුවට.
ReplyDelete@ කිඩෝ - අම්මෝ ඒ වගේ තැනක් නම් නෙමෙයි...
ReplyDelete@ දිල් - දැන්නම් ඇත්තටම බෝඩිං එපා වෙලා ඉන්නෙ දිල්. අවුරුදු කීයක් තිස්සෙ තැනින් තැනට ජීවිතේද.
ReplyDelete@ නිම්ශා - බලන්නකො අනිත් කොටසත් එහෙනම්..
ReplyDelete@ Kasun - ඒ තරම් ඩෙස්පරේට් වෙලා හිටියෙ අපි. බෝඩිමක් නැත්තම් කානුව හරි කමක් නැති ගානට.
ReplyDelete@ සෝරෝ - උඹලට හිනා...
ReplyDelete@ හිස් අහස - අනේ සඳරු මට නම් බෝඩිං ඇති වෙලා ඉන්නෙ දැන්. මේක මගෙ අන්තිම බෝඩිම උනොත් හොඳයි.
ReplyDeleteමමත් බෝඩිමක් හොයන කාලෙක ආයි ඔයා වගේ චාටර් වෙන්නේ නෑ ඕං.. මම කුණුකානු බල බලා යනවා.. හික් හික්
ReplyDelete"ඔයාලා රණ්ඩු වෙනවද?" ඔය වගේ මට කතාවක් මතක් උනා...,
ReplyDeleteඔන්න දවසක් යාළුවො තුන්දෙනෙක් ගමනක් ගිහින් රෑ උන නිසා නවතින්න තැනක් හෙව්වලු. ලඟ පාත තියන ගමකට ගිහින් එක ගෙදරකින් ඇහුවලු නවාතැන් දෙන්න පුලුවන් ද කියල. ඒ ගෙදරින් කීවලු මෙහෙ තරුණ ගෑණු ළමයින් ඉන්නව ඒ නිසා නවාතැන් දෙන්න විදියක් නෑ කියල. ඊටපස්සෙ මෙයාල වෙන ගෙදරකට ගිහින් ඇහුවලු, ඒ ගෙදරිනුත් අර උත්තරේමලු ලැබුනෙ. ඉතින් මෙයාල වෙන වෙන තැන් වලින් ඇහුවත් ඔය උත්තරේමලු ලැබුනෙ. ඉතින් ඒ නිසා මෙයාල ආයෙත් වෙන ගෙදරකට ගිහින් ඇහුවලු, මෙහෙ තරුණ ගෑණු ළමයි ඉන්නවද කියල, ගෙදර මිනිස්සු ඇහුවලු ඇයි කියල, යාලුවො තුන්දෙනා කීවලු අපට රෑට මෙහෙ නතර වෙන්න කියල...
@ චතුවා (ළමයා) - ඔන්න කාණුවකට වැටිලා අතක් පයක් කැඩුනොත් එහෙම මම නෑ ඕන්..
ReplyDelete@ ටී.බී. හේරත් - හාවා සහ ලණු කතන්දරේ වගේ තමා. අපිටත් ඔය කතාව අහන්න වෙයිද දන්නෙ නෑ අනිත් බෝඩිං වලින්.
ReplyDeleteහික් හික්... :D
ReplyDeleteඅද කතාව ජනප්‍රිය ටෙලි ඩ්‍රාමා එකක කොටසක් වගේ....:D
ReplyDeleteඔයාල රණ්ඩු වෙනවද කියල ඇහුවනම් ඒ ගොල්ල අහයි ඔයාල ආවේ නඩු අහන්නද නැත්නම් බෝඩින් වෙන්නද කියල.. මුදලාලි ලෑලි ගන්න ගිහින් ලේලි ගැන ඇහුව වගේ..
ReplyDelete